Friday, June 19, 2015

තණ්හා ආශා

කාස්ටකේට ඉර අව්ව..

ඉස්කෝලේ ඇරිලා වෙලේ පාරෙන් ආවේ අම්මාගෙන් කයි බත් කටක් කවෝගෙනම යන්න.බැත නැවිලා, හංසයොත් නැවිලා..රටාවට කපාගෙන කපාගෙන යන ගොයම් බරෙන් මිදුණම කෙතකට වුණත් නිස්කාංසුවක් ඇති නේද?

"ආ..මොකෝ පුතේ?" කොරටුවේ ගෙදර නැන්දා කාටත් කරුණාවයි.මම හිනාවෙලා කර දික් කරකර හෙව්වේ අම්මව..

"උඹ අම්මවද හොයන්නේ? අම්මා ගෙදර ගියා පුතේ..හිටිං ඒකිගේ කයි බත් පංගුව ඔතලා දෙන්න" නැන්දා දඩිබිඩියේ අනික් පැත්තේ නියරට ගොඩ උණා..

"ඇයි නැන්දේ අම්මා..හදිස්සියේම..ගෙදර?" මට අහේතුක බයක් දැනුණා.ගොයම් කැපිල්ලෙන් ලැබෙන වී මල්ල ගැන අම්මා හිටියේ සෑහෙන්න බලාපොරොත්තු පුරවන්..එහෙම එකේ ආ පයින් ගෙදර ගියේ..

"හදිස්සියක්ම නෙවෙයි කොලුවෝ..උඹලගේ ගහේ තව වැල වරක හැදෙන්න ඉඩ තියෙනවායි කියන්නේ" කොහොමත් බෝක්කු කටක් තිබ්බ හාමිනා නැන්දගේ කතාවට අනික් නැවිච්ච හංසයෝ සමහරක් නැවිලාමත් අනික් උන් ඉද්ද ගැහුවා හේ කෙලින් වෙලත් කැකිරි පලන්න තියාගත්ත හැටියට නම් මට හිතුණෙම උන්දැගේ බොල්ලෑව බඩට යන්න අනින්න..!

"මොනවද බං මේ කිරි සප්පයන්ට කියන නොසණ්ඩාල කතා..ආ පුතේ අරන් පලයන් මේක..අම්මට කියපන් ගොයම් කැපිල්ලට නාවට කමක් නෑ වී ඩිංගක් එවන්න ඇහැකියි කියලා" කොරටුවේ ගෙදර නැන්දා අන්තිමට ටික කිව්වේ නම් හඬ හොඳටම බාල කරලා..උන්දැ එහෙමයි..


*******************************
අපේ පවුලේ දරුවෝ 7යි..8 වෙනියෙකුත් එන ලකුණු පහළ වෙලා තිබ්බත් අම්මා නෙවෙයි කම්මැලිකමට තැක් ගැහිලා හිටියේ..තාත්තා කළේ වඩුවැඩ..ඒත් ඒ කරුමාන්තේ වුණත් එහෙමට උගත්තේ අයියා විතරයි..අපි හැමෝම ඇහැක් හැටියකට ඉස්කෝලේ යවන්නයි උන්දැලා දෙන්නම මහන්සි වුණේ..අයියාට වුණත් තාත්තා කිව්වේ ලී කුඩු නාගෙන දුක් නොවිඳ ඉගෙන ගං කියලා..ඒත් අයියා අන්තිමට නැවතුණේ අභ්‍යාසේ ඩිප්ලෝමාවකට ගිහිල්ලයි..ඒ අතරේ පොඩි පොඩි ජොබ් කරලා රැකුණත් උන්දැට අපට එවන්න තරම් යමක් තිබ්බේ නෑ..

ඒ අස්සේ ලොකු අක්කා ඉස්කෝල ගමනත් නතර කරලා හිතුවක්කාරේට කසාදයක් කරගත්තා..මද්දු අක්කට කෑලි මහන තැනක වැඩක් ලැබුණේ පූරුවේ වාසනාවකට වගේ..මායි අනික් එව්වෝයි තියෙන දෙයක් කාල ලැබුණු දෙයක් ඇඳගෙන ඉස්කෝලේ ගියා..

*************************************
"අද විල්බට් එනවැයි කිව්වනේ හවහට" තාත්තා ගෙට ගොඩ උණේම කළු සුරුට්ටුවක් කටේ කොණක එල්ලන් සතුටු හිනාවකින්..නිකං ලැබුණොත් බිව්වොත් මිසක්ක උන්දැට ඕවට වියදං දරන්න ඇහැක්කමක් තිබ්බේ නැති බව දන්න නිසා අපිට දැනුණේ විල්බට් මාමා එන්නේ සතුටක් අරන් කියලමයි...

************************************
"මේ හිච්චි එකා කොහොමෙයි බං ඔහොම දුකක් විඳින්නේ? අනෙක දැන් මං නැති උණත් ගෙදරට ඉන්න හයියක් ඇති එකම පිරිමි සතා මූ වෙච්චිකොට...අනේ මන්දා.."

විල්බට් මාමා ඇවිත් උන්නේ මාව කොළඹ කඩේක අත් උදව්වට එක්ක යන්න අහන්නයි..උන්දැ හිටියේ කොළඹ බංගලාවක වත්ත බලාගන්න..ඒ අතරේ කඩේ යන බෝයියා වැඩේත් කොරනවලු.උන්දැ නිතරෝම යන තොග කඩේක වැඩට තමයි ඔය මාව පංගාර්තුකරන්න හදනවයි කියන්නේ..කෑම්බීම්, ඉඳුම් හිටුමුත් දීලා පඩියකුත් දෙනවයි කියන නිසා මම නම් උන්නේ එක පයින්..ඒත් අම්මගෙයි තාත්තාගෙයි වැඩි මනාපයක් නැති හන්දා මැද්දට පැනලා කතා කොරන එකත් හරි මදි..

********************************
සෑහෙන්න වෙහෙසකින් පස්සෙයි විල්බට් මාමාට මාව කොළඹ එක්ක එන්න ඇහැක් වුණේ..උන්දැ මාව මුදලාලිට භාරදීලා ගියේ හොඳින් බලගන්න බවට හතර අතේ පොරොන්දු කරවාගෙනයි..

"බයවෙන්න එපා විල්බට් උන්නැහේ මම කොලුවව බලාගන්නම්..අනික මහ දුරක්යැ ඔහෙත් නිතර එන යන තැන නේ"

"පුතේ එහෙනං මුදලාලි මහත්තයා කියන විදියකට හොඳින් ඉන්න එකයි එහෙනම්."

එදා ඉඳන් ඉතින් මගේ ජීවිතේ ගෙවුණේ හාල්, අල, ළුෑණු, සීනි, පිටි, පොල්තෙල් එක්කම තමා..තොගයි කිව්වට සිල්ලර වෙළඳාමත් හරිහරියට කෙරුණ නිසා හොඳ ලාබෙකුත් ලැබුණා..සේවකයන්ට ඉන්න කඩේ පිටිපස්සේ සිමෙන්තියෙන් තැනූ පොඩි සාලාවකුයි නාන ලොකු ටැංකියකුයි කක්කුස්සි 2කුයිත් තිබුණා..කෑම්බීම් නම් මහ සිරියාවකට නැතත් යන්තම් බඩ පුරවන්න ඒ මට නම් වැඩිත්තෙක්ක ඇති වුණා..

ඉහඳ පණුවෙක්ට උපන්නේ කුණුකන්දක වුණත් එතැන මිස කොහේ සැපක් වෙයිද?මටත් එහෙමයි.ආ දා ඉඳන් මම හිතෙන් ගණන් හැදුවේ පඩි සල්ලි ටිකක් එක්කහු කොරන් ගෙදර දුවන දවස ගැන..ඒත් තාම මම මෙහේ ටැම්පරි..පුහුණුව අන්තිමේ තමා ඉතින් නිවාඩුවක් හරි ඉල්ලාගන්න වෙන්නේ..ඒකත් විල්බට් මාමා නම් කීවේ හය මාසක්වත් යනකල් නිවාඩු ගැන කතා නොකර හිටහන් කියලා...

උගුරු ඇටේ පැන්නට මොකෝ තාම ඇඟ නිකං බට පතුරක් වාගේ..ඒ වුණාට ගම ඉන්න කාලේට වඩා නම් පොඩි ඉලන්දාරි පාටක් ඇවිත් තියෙන බව රැවුල් ගස් මතුවෙච්චි මූණ දිහා බැලුවම පේනවා..තාම ලාවට රෝම මෝදුවෙන පැතලි පපුවේ සබන් පිරුණු ඇඟිලි ගෙනියන එක සනීපයක්..විශේෂයෙන්ම මුළු දවසක් තිස්සේ පිටි,සීනි, ලුණු, කරවල ගෝනි අස්සේ තැක් ගැහි ගැහි හිටියට පස්සේ..

"මොකෝ බං උඹ නාන්නේ නැත?" මුදලාලිගේ හඬට මම උඩ විසික් නොවිච්චි ටික විතරයි..! සබන් පෙණ ඇඟේම මිදිලා..එච්චර බර කල්පනාවක් දිගේ මම ගමේම ගොහිල්ලා වගේ..

"න්නෑ..මේ..නානවා මුදලාලි.."

"හ්ම්ම්..උඹ නාලා ගිහින් බතීගෙන් කෑම අරන් වරෙන්..මට වෙනම කරවල කෑලි කීපෙකුත් බැදන් වරෙන්"

මුදලාලි මා දිහා බැල්මක් හෙලලා වතුර බාල්දියකුත් ඇන්න කකුස්සියට රිංගා ගත්ත අවසරෙන් මම දඩිබිඩියේ වතුර බාල්දි 10ක් විතර ඇඟට හලාගත්තා..බතී අක්කා මට කොහොමත් කරුණාවයි..මුළු දවස තිස්සෙම දුම් ගැහි ගැහි උයන හින්දමද කොහෙද උන්දැ ඇන්දේ රතු පාට අත් නැති කර ගැඹුරු හැට්ටෙකුයි, මල් රෙද්දකුයි..කෑම ගේන්න යන අනික් එව්වෝ නම් ඇවිත් රහ කරකර කිව්වේ බතී අක්කාගේ කෑම දිවට රහ තරම්මයි කර පළල් හැට්ටේ ඇහැට රහ කියලා..ඉලන්දාරිකමට මාත් හොරැහින් බැලුවට මොකෝ ඕවා ප්‍රසිද්ධියේ කියන්න ඇහැක් කතා ය?ඒ හින්දම මම ගොළුවා බීරා වගේ උන්නට මොකෝ ඉතින් දැන් මුදලාලි බත් ගේන්නයි කිව්වම දියේ දැම්ම ඉබ්බා වගේ තමා..

**********************************************'
මුදලාලිගේ ලෑලි කාමරේ සමහරක් තැන්වලින් බේරිච්ච එළිය තීරු මිදුලට වැටිලා රටාවට..හොඳටම බිස්නස් සරු දවසට හවසට බැදපු කරවල කෑල්ලක් එක්ක පොඩි අඩියක් ගහන එක මිනිහගේ පුරුද්ද බව මේ ටික දවසට මම දැනගෙන හිටි හන්දා බැදපු කරවල කෑලි පාර්සලේ බත් එකට උඩින් තියන් ආවේ ඉස්සෙල්ලම උවමනාව ඒක හන්දා...

ඇතුළ පේන තීරුවක් දොර ලඟම තිබුණත් නොසණ්ඩාලකමට ඒකෙන් එබෙන්නෙ නැතුව දොරට තට්ටුවක් දැම්මා..

"කවුද?"

"මුදලාලි, මම..බත් ගෙනාවා.."

"ආ..උඹද වරෙන් ඇතුළට.." නිකං වහලා තිබ්බ දොර තල්ලු කරන් ඇතුලට ගියහම තියෙන්නේ තැඹිලි පාට ඉටි කොළයක් එලුව පොඩි මේසෙකුයි, වැල් පුටුවකුයි, පැත්තකින් මුදලාලිගේ ඇඳයි..මේසෙ උඩ කාලේ වීදුරුවකුයි, මුදලාලිගේ අරක්කු බෝතලෙයි, බීඩි දෙකකුයි ඇරුණම තියෙන්නේ පැත්තක් කළු ගැහෙන තරමට ඉදිච්චි කෙසෙල් ඇවරියකින් ඉතිරි බාගෙකුයි..මම කෑම පිඟාන මේසේ උඩින් තියලා කරවල පාර්සලේ බෝතලේ ලඟින් තිබ්බා..

"මොකෝ බතී කිව්වේ..?"

"ම්ම්..මොකුත් නෑ මුදලාලි.."

"මොකෝ උඹ නිකං බිරන්තට්ටු වෙලා වගේ..?" මුදලාලි ඇඳන් උන්නු අවපාට ගැහිච්ච කහ තුවාය පිටින් ඇඳ උඩ වාඩිවෙන ගමන් මගේ ඉහේ හිටං දෙපතුලට යනකං බැලුවේ හරියට බතී අක්කාගෙන් මට අතවරයක් උණු ගාණටයි..උන්දැ කීප දවසක් බත් ටික අතට දුන්නේ අතින් නොවෙයි පපුවෙන් බව නම් ඇත්තයි..ඒත් ඉතින් ඒක මට බිරන්තට්ටු වෙන්න තරම් දෙයක් නොවෙයි නේ, සන්තෝසෙට කාරණාවක් මිසක්ක..

"නෑ මුදලාලි.."

"හ්ම්ම්..ඔන්න ඔය වීදුරුවට ටිකක් වක් කරල දියන්"

මම වීදුරුව මුදලාලි අතට දීලා යන්න හැරුණා..

"ඔහොම හිටිං පොඩ්ඩක්..මට තියෙනව උඹෙන් කාරණාවක් දැනගන්න.."

"කා..කාරණාවක්..?" මගේ ඇඟ සීතල වෙලා ගියා වගේ..හොරකමක් ගැනවත් සැකක් ඇතිවෙලාද? දෙයි හාමුදුරුවන් පල්ලා එහෙම දෙයක් නම් මම කොරලා නෑ..ගෙදරින් එළියට බහිද්දිත් තාත්තා කිව්වේ පුතේ දෙන දෙයක් මිස නුදුන් දෙයකට නම් අතවත් තියනවා නෙවෙයි ඔන්න කියලා..

"මොකද උඹ ඒ ගමන මහසෝනා දැක්කා වගේ..? වාඩිවෙයන් මෙතනින්.."

මම නිස්සද්දවම වාඩිවුණා..වෙළඳාමටම හුරුවුණු මුදලාලිගේ රතු හීනි ඇස් මාව පරීක්ෂා කොරන හැටි බිම බලන් හිටියත් මට දැනුණේ හරියට මේ දැන් මම මිනියක් මැරුවා හේ..

"හ්ම්ම්.." මගේ දිහාට දික් වෙච්චි වීදුරුවවත් අතට නොගෙන මම මුදලාලි දිහා බැලුවේ අසරණ විදියට..කවදාවත් බීලා නෑ මුදලාලි, මට එපා..ඒක කිව්වේ හිතෙන්..

"මොකද්ද බං...කීයද උඹේ වයස..?"

"දා..දාසයයි.."

"හ්ම්ම්..අපූරු වයසක් නෙව..බීපන් යෝධයෝ මේක.."

ඒ කිව්ව ගොරෝසු තාලෙටම මට වීදුරුව අතට ගැනුණා..ප්ලේන්ටියක් වගේ කියලා හිතා උන්න ටික උගුර පුච්චන් යද්දි මුදලාලි මහ හයියෙන් හිනැහුණා, හරියට අනේ යකෝ කියන්නා වගේ..

උගුර පිච්චුණේ කී සැරේද කියලා නම් මතකක් නැතුවම ගියා..මට අන්තිම වතාවේ පෙනුණා මුදලාලිගේ රතු ඇස් මගේ මූණට පාත්වෙද්දිම අනෙක් අතෙන් අර කහ තුවාය වැල් පුටුවට විසිවෙනවා...

හතර වටින් එළිය වැටිලා ඇහැරෙද්දි වැල් පුටුවේ අවපාට කහ තුවාය උඩ මගේ කොටු කලිසමත් බැනියමත් ඔහේ වැටිලා තිබුණා..

*******************************************
එදා ඉඳන් වැඩිමනක් දවස් ගෙවුණේ ඔහොම තමා..

උගුර පුච්චා නොගෙන ඒ අවස්ථාවට මුහුණ දෙන්න තරම් මම ඒකට හුරු වුණා මගේ හිතේ..මුදලාලිත් ආයේ බොන්න බල නොකරම ආදරේ පෑවා..අසිහියට වඩා පියවියෙන් එහෙම විඳින්න ඇබ්බැහිවුණාට මට නිතරම මහ බයක් දැනුණා..ඒ වගේ මොහොතක මැවෙන අම්මා තාත්තා නොපෙනෙන්න මම ලෑලි බිත්ති බදාගත්තේ හූනෙක් වාගේ..හැබැයි බයවෙච්චි හූනන්ට වගේ වලිගේ කඩා දාලා දුවාගන්න පුළුවන්කමක් මට තිබ්බේ නෑ...

ඒකත් ඇබ්බැහියක් තමා..
සමහර දාට මුදලාලි අඬ නොගැහුවත් මම ගියා නේ..එහෙම දවසට උන්දැගේ මූණ තොරණ වගේ සන්තෝසෙට..මොනා වුණත් උන්දැ මට යහමින් සැලකුවා..ගෙදරට සල්ලි යවන්න කියන පරක්කුවෙන් සල්ලිත් ලැබුණා..කොටින්ම කඩේ දෙවෙනියා තරමට බලයක් තිබුණේ මට නිසා ගෙදර යන්න මුලින් තිබුණු ඕනෑකමත් නැතිවේගෙන ගියා..

************************************
"කොල්ලෝ මේ පැත්ත පොඩ්ඩක් බලපන්..." මුදලාලි කවදාවත් නැතුව පාන්දරම කැෂියර් කූඩුව මට භාර දුන්නා..හවස් අතේ වගේ නම් ඔතන වාඩිවෙන්න ලැබුණට මේ පාන්දරක මොකෝ.. 

"ඇයි මුදලාලි..කොහෙවත් යන්නද?" මම පුළුවන්තරම් සාමාන්‍ය තාලෙට අහගත්තේ..

"නෑ බං හිස කැක්කුමයි..මම පොඩිත්තක් ඇලවෙලා ඉන්නම්..උඹ කොහෙටවත් යනවා නම් හින්නට මිසක් දෙන්න එපා ඔතන කාටවත්.."

හින්නා කියන්නේ අළුතෙන් ආව හීනි කොලුවෙක්..ඌගේ ඇඟේ තරම නිසාමයි ඌට අපි හින්නා කියලා කතා කොරන්න පටන් ගත්තේ..ඌ තාම ආවා විතරයි..හින්නට මුදලාලිගේ පොඩි පහේ ලෙංගතුකමක් මෝදුවේගෙන එන බව දැනිලා තිබ්බ නිසාම මට ඇතිවුණේ නුරුස්නාවක්..හොඳයි බලමුකෝ...

මම සද්ද නැතුව කඩේ බලන් හිටියට මොකද හැමතිස්සෙම ඇහැ තිබුණේ හින්නා ගාවමයි..මුදලාලිගේ අසනීපේ ඇත්තම එකක්ද නැත්නම් හින්නා එක්ක කෝලමකට ලෑස්තිවෙනවද කියන සැකෙන් මම හිටියේ පිච්චි පිච්චි..

"හින්නා..මෙහේ වරෙන්.." 

"ඇයි අයියේ..?"

"මෙතන පොඩ්ඩක් බලපන්..මම පිටිපස්සට ගිහින් එනකල්..සිහියෙන් හිටපන් ඇහුණය?"

හින්නා සුවච කීකරු බල්ලෙක් වගේ ඔළුව වනලා වැඩේ භාරගත්තා..

මම යද්දි මුදලාලි වකුටුවෙලා බුදි..
"මුදලාලි මුදලාලි, මොකෝ මේ..?" නළල ලාවට රස්නේ ගතියක් එක්ක මට හිතුණෙම උණ ගන්න වෙන්නැති කියලා..අර නුරුස්නා ගතිය යට කරන් ලෙංගතුකම එළියට පැන්නා..

"දැන් බෑ කොල්ලෝ දැන් බෑ.." 

"හරි මම බතී අක්කටවත් කියලා කොත්තමල්ලි ටිකක් තම්බන් එන්නම්..එතකල් ඔතනින් බහින්නේ එහෙම නෑ ඔන්න.."

****************************************
"බතී අක්කේ...බතී අක්කේ..."

ලෑලි දොර හායි ගාලා ඇර දාලා මේ ගෑණි කොහේ මකබෑවුනාද මන්දා...

"බතී අක්කේ..ඒ..ඒ.."

මම දොරෙන් ඇතුළට පය තියනවත් එක්කමයි රාණි සබන් සුවඳක් වටේටම ඉහගෙන බතී අක්කා දොර රෙද්දක් අතරෙන් මතුවුණේ..

"අම්මේ...සුවඳ..." මගේ කටින් පැන්නේ හිතන්නත් කලින්...

"ම්ම්..මේ උඹ ද? මම ඒත් බැලුවා කවුද මේ තනේ කටින් ගිලිහෙච්චා වගේ විලාප ගහන්නේ කියලා.." කොමළම නොවෙන අමුතුම තාලෙකට ගස්සන් කියාගෙන උන්දැ සාලේ මැද්දට ඇවිත් පුටු කබලකට නිකට දික් කොලා..

"මොකෝ මේ ජාමේ කවදක්කත් නැතුව?" තාම තෙත කොණ්ඩේ පිහ පිහ උන්දැ අහන්නේ හරියට මම වරදක් කෙරුවා වගේ..

"මුදලාලිට අසනීපෙන් අක්කේ..මේ..කොත්තමල්ලි ඩිංගක්වත් තම්බගන්න ඇහැක්වෙයිද කියලා..."

"ඉඳා..උන්දැට තම්බන්නමයි මෙහේ කොත්තමල්ලි තියෙන්නේ..මොකෝ උන්දැට අසනීපේ?" 

"හිස කැක්කුමයි කිව්වා..දැන් නම් උණ වගේ.."

"මම හිතුවා උන්දැට ඉහෙන් බහින රෝගයක් නම් නැතුව ඇති කියලා ඉන්න හැටියට..එහෙනම් තම්බලා දෙන්නම්, හිටලා අරන්ම පලයන්..මට බෑ ඔව්වා කරපින්නන් කඩවල් ගාණේ රස්තියාදුවෙන්න..." බතී කරන්නේ බත් තම්බන එක තමයි..හැබැයි ඒකි හිටියේ අමුතුම විදියකට..බත් ගන්න කවුරු වුණත් ඇවිත් ගන්නවා මිසක්ක උන්ට දෙපතුල ලඟට බත් අඳින්න නම් බතී කවදාවත් ලෑස්ති වෙලා උන්නේ නෑ..

"හරි" කියලා මම කබල් පුටුවෙ හරිබරි ගැහුණේ බතී කුස්සිය දිහාට යන්න හැරෙද්දි..උන්දැ ආයෙත් හැරුණා..

"ආ...උඹ ආවේ මෙතන පුටුව රත් කොරන්නද? වරෙන් ඇවිත් උදව් වෙයන්..මට බෑ ලෙඩ්ඩුන්ට බෙහෙත් හදන්න තනියම.." උන්දැ මං දිහා බැලුවේ හරියට උන්දැටත් උණ ගැනීගෙන එන්නැහේ..මම නිකංම උන්දැ පස්සෙන් වැටුණා..

*******************************
බතී අක්කා කෑම වියන්නේ පිළිකන්නේ ලිපක් බැඳලා ලොකු කල්දේරම්වල..එයින් ටිකක් පොඩි භාජනේකට කොත්තමල්ලි තැම්බෙන්න තියලා කොට යකඩ බටේකින් ලිපට පිඹින්න ඕන..පොඩි බංකු පොඩිත්තක් තියන් සැරෙන් සැරේ නැවි නැවි ලිපට පිඹිද්දි අළුධූලි සේරම ඇවිස්සිලා බතී අක්කගේ තෙත කොණ්ඩේ රැඳෙනවා..දාඩිය නළල පුරාවත්, බෙල්ලෙන් පටන් ගෙන කර පළල් හැට්ටෙන් ඇතුළටත් පෙරහැරක් වගේ ඇදෙනවා..අනේ මටත් ඒ පෙරහැරේ යන්න ඇත්නම්...

පොඩි පුටු කෑල්ලක් වාඩිවෙලා බතී අක්කගේ මූණ ඉස්සරහා උන්නු මම උන්දැ නැවෙන නැවෙන තාලෙට කැලඹෙන හංස විල හින්දා හිටියේ මත්ගතියෙන් වගේ..ඇස් අහකට ගන්න ගන්න එහෙටම ඇදුණා..මේ මත්ගතියට මට බයක් ඇතිවුණා..හරියට අර මුදලාලිගේ වීදුරුවෙන් බිව්ව පළවෙනි දවස වගේ...

"මොකෝ..උඹ දැකලා නැතුව වගේ.." බතී අක්කා ලිපට පිඹින ගමන්ම කියලා ඇස් උස්සලා ඔරවලා, පපුවේ දාදිය පිහගත්ත හැටියට නම් මට හිතුණෙම..
නෑ නෑ..

"උඹ ගෑණු දැකලම නැතෙයි බං?"

"නෑ., මුදලාලි බලන් ඇති අක්කේ ඕක දැන් හරිය?" මම ඇහුවේ පුටුවෙන් නැගිටලා ගිහින් භාජනෙට එබෙන ගමන්..
ඊට එහා පැත්තේ බංකු පොඩිත්තේ වාඩිවෙලා උන්නු බතී අක්කත් මට සමාන්තරවම නැගිට්ටේ කලින් කතා වෙලා වගේ..

"නෑ..ඔහොම ටිකක් තැම්බෙන්න තිබ්බදෙන්" භාජනේ පියනකින් වහලා ගෙට ඇදිච්ච උන්දැ පස්සෙන් මාත් ඇදුණේ මෙතන ඉඳලා මක් කොරන්නද වගේ..ඒ ඇදිච්ච ගමන බතී අක්කගේ ඇඳ උඩින් නවතීයි කියලා කවුදැ හිතුවේ..?

****************************************
මම හිතන් උන්නේ ගමෙන් කොළඹ ඇවිත් ඕන සේරම මට ලබාගත්තා කියලා..ඒත් මට නොදැනී තව දේවල් තිබිලා තිබුණා..එදා මුදලාලිට අසනීප නොවුණා නම්, බතී අක්කාගෙන් සැනසෙන හැටි ඉගෙන නොගත්තා නම් ඒ හිටි විදියටම ඉන්න තිබුණා..ඒත් මම වෙනස් උණා..මුදලාලිගේ රළු ස්පර්ශයෙන් බතීගේ මුදු ඇඟට, සුවඳට, ස්පර්ශයට, උණුහුමට මගේ හිත හැමනිතරම දිව්වා..මුදලාලි මගේ වෙනස නොදත්තාමත් නොවෙයි...උන්දැ එක්ක ගැවසෙන හැන්දෑවල් එන්න එන්නම් නීරස වුණත් මම හිතෙන් හිටියේ බතී එක්ක මිසක් උන්දැ එක්ක නොවෙයි..ඒත් මුදලාලි වෙන කෙනෙක්ට ලෙංගතුකම් පානවටත් මගේ හිතේ ලොකු ඉරිසියාවක් ඇතිවුණා..හින්නා නිස්කාරණේ මගෙන් බැණුම් ඇහුවා..මුදලාලි ඒවා නොඇහුණා වගේ අහක බලන් උන්නා..

මොනා වුණත් මමයි මෙතනට කලින් ආවේ...මුදලාලි ලෙංගතුවුණ පළියට එයැයිට ඕන ඕන විදියට නටන්න ඉඩක් ලැබෙන්නෙ නෑ මගෙන්!

************************************
බතීගේ බත් කඩේ රෑ 9 විතර වෙනකොට වැඩ ඉවරයි..මම හැමදාම ඒ වෙලාව අල්ලලා බත් ගන්න යන්න පුරුදු වුණා..එතකොට කඩ කෑල්ල වැහුවට පස්සේ ඇතුල් කාමරේ මේසේ ඉඳන් බත් ඩිංගක් කාලා, හංස විලේ පීනලා සැහැල්ලුවෙන් කඩේ නවාතැනට එන එකයි...අනික් අතට මුදලාලි බලන්න යන්න කලින් බතී එක්ක සැනසීම හරි ප්‍රියයි..මං වීණාවක් වුණා නම් තත් සුසර කලේ බතී, ඔව් ඉතින් වැයුවේ මුදලාලි තමයි..

"මේ..ඔයැයි දිගටම කඩේම ඉන්න ද ඉතින් කල්පනාව.." අතුරුපසෙනුත් පස්සේ බතීගේ ඇඟිලි කාලෙක බටපොත්තක් වෙලා තිබ්බ මගේ පපුවේ රෝමකූප පෙරන් ඇදුණා..

"ඔව් ඉතින්.."

"එහෙම නෙවෙයි..නරකද ඔයැයිත් මගේ කඩ කෑල්ලට උදව්වක් වුණා නම්..මෙහෙම නවතින්නත් ඇහැකි නේ.."

"එතකොට මුදලාලි..?" මම තිගැස්මෙන් බතීගේ මූණ බැලුවේ මට වැරදිච්ච බව දන්න නිසා..

අඬ අඳුරේ වුණත් ඒ ඇස්වල දිලිසිච්චි ප්‍රශ්නාර්ථෙ මට හොඳහැටි පෙනුණා..

"මොකෝ මුදලාලි මක්කවත් හිතන්නේ..හැමදාම ඔයැයි උන්දැට මෙහෙවර කරන්න ඕනෙයි..?"

"හ්ම්ම්...බලමුකෝ.."
නොකිව්වට මොකද මට ඕන වුණෙත් ඉක්මණින් එතනින් ගැලවෙන්න..නොදත් කාලේ කල දේවල් ඕනවට වඩා දුරදිග ගිහින් මම හති වැටිලයි උන්නේ...

*************************************
දැන් දවස් ගාණක් තිස්සෙම මුදලාලිගෙන් කිසි කැඳවීමකුත් නෑ..සාලාවේ අනික් කොණක නිදාගත්තු හින්නා ඉන්නවද බලන්න රෑ දෙගොඩහරි ජාමේ කීපවිටක්ම හිතුණු දවස් තිබුණත් ඔන්නොහේ ඕන මඟුලක් කියලා අතෑරලා දාලා බුදියගත්තේ නැගිටින්න කම්මැලිකමට..

එදා රෑ බතීලගේ ගෙදර ඉඳන් එද්දි මට හිතුණේ මුදලාලිගේ කාමරෙන් කසුකුසුවක් ඇහුණා කියලා..කෝකටත් කියලා එළිය තීරුවක් කපාගෙන කාමරේට එබුණේ කළුවරටත් වඩා තදට දැනිච්ච සැකේට..අඩ අඳුරේ ඉඳන් ලා එළියට ඇහැ හුරුවෙන්න මොහොතක් ගත වුණත් ඉස්සෙල්ලාම මගේ ඇහැට අහුවුණේ වැල් පුටුව උඩ ඔහේ වැටිලා තිබ්බ අවපාට තුවායයි, ඊට උඩින් වලල්ලක් වෙලා වැතිරිලා තිබ්බ හින්නගේ සරමයි..!

"ප..ර..බ..ල්.ලා..!!" කාමරේ ඇතුලෙන් නැගෙන හීන් හතිය යටපත් කරන් මගේ යක්ෂාරූඪ හතිය කණ් දෙක පුරවලා දැම්මා..

"තෝ..තෝ මොකද්ද පරයෝ ඔය කරන්නේ..." දොර ඇරුණද කැඩුණද කියලා මම දන්නේ නෑ...තප්පරේකින් මම උන්නේ උන්ගේ ඇඳ ලඟ..! කලබලේ තරමට කතා කරගන්නවත් බැරිතරම් උන්ට..සේරම මගුල් නටලා දැන් ගොළුවෙලාද තොපි!!

"ක්..කෑ ගහන්න එපා යකෝ..ක්කෑගහන්න එපා.." මුදලාලියා අමු නිර්වස්ත්‍රෙන් මගේ ඇඟේ එල්ලුණා..දැනිච්ච අප්පිරියාවේ තරමටම මම ඌව තල්ලු කරලා දැම්මා අහකට..ඊලඟට මම පැන්නේ හින්නා උඩට..

"තෝ..තෝ හිතුවද යකෝ මගේ තැන ගන්න? ආ..කියපිය..පරයා.." හින්නාගේ හීනි ඇඟට මගේ අත්ලවල් වැදුණ වේගේ තරමටම අත් කීස් කීස් ගෑවා..

අපේ කාලගෝටිටිය ඇහිච්ච කඩේ අනික් උන් ටිකත් එතකොට දුවන් ඇවිල්ලා..යාන්තම් දණිපණි ගාලා ඒ වෙද්දි හින්නගේ සරම ද කොහෙද පටලවන් හිටි මුදලාලියා උන්ට බැණලා එලවාගත්තා..

"මොකද?? තොපි මොනවද බලන්න ආවේ..පලයව් යන්න..එකෙක් එන්න එපා මගේ දෑහට පේන්න..!"

*********************************************
"බතී...බතී.."

එළිවෙන ජාමේ රෙදි මල්ලකුත් අරන් බාගෙට ඇරිච්ච දොරෙන් ගෙට රිංග ගත්ත මං දිහා බතී බැලුවේ පුදුමෙන්..

"ඇයි මේ..?"

"මම ගමේ යනවා..උඹ එනවද මා එක්ක යන්න?" ඒ ප්‍රශ්නෙ විසික් වෙච්ච වේගෙට මම දැක්කා බතී තිගැස්සෙනවා..ඒකිවත් තිගැස්සුවා කියන්නේ ඒක සෑහෙන්නම වේගයක් වෙන්න ඕන...

"ඇයි..ඇයි මේ තකහනියක්..ගමේ යන්නේ..?"

එතකොට නම් මගේ ඇස්වලින් කඳුළු පැන්නා..බතීට කියනවද නොකියනවද දෙගිඩියාව කළුගලක් වගේ පපුව පතුලට දැනුණා..අන්තිමට මම සේරම කිව්වා..ඔව් සේරම...හැබැයි බතීගේ මූණට නෙවෙයි පපුවට..ඒ හුස්ම ඉහළ ගිය පහළ ගිය හැටියට මම දැනගත්තා බතී තීරණයක් ගන්න බව..

"විශ්වාස ද ආයෙ එහෙම වෙන්නෙ නැතෙයි කියලා?" ඒ ඇඟිලි මගේ කොණ්ඩේ පුරා ගියේ හරියට වෙනදා වගේමයි..

"මමත් කිරෙන් නෑව ගෑණියෙක් නෙවෙයි ජයේ..හැබැයි මම ගෑණු එක්ක පටලැවුණු ගෑණියෙකුත් නෙවෙයි..ජයේ යන්න...මම හිතලා බලලා ලියමනක් එවන්නම්.."

"කමක් නෑ බතී..කමක් නෑ...මම යන්නම්.."




26 comments:

  1. අඩේ පස්ට කතාව මචං ලෙසටම ගලපල ලියල තියෙනව. උඹෙ කතාවක් කියෙව්වෙත් සෑහෙන දවසකින්. තැනින් තැන වචන වල තේරුම වෙනස් කරණ අකුරු ඇමිණිල තියෙයි. කියවල එඩිට් එකක් දාහං.
    බත් වියනව බත් උයනව වගේ

    සමරිසි වෙච්ච ඩයල් අනික් පැත්තට හැරෙන එකත් දෙගොල්ලත් එක්කම ඉන්න එකත් බෝම කලාතුරකින් සිද්ධ වෙන දෙයක් නේ. මං දන්න එකම එක ඩයල් එකක් ඉන්නව එහෙම.

    මුදලාලි බතී හින්න ජයේ කොං හතරට වඩා මේ සම්බන්ධෙ නිසා ඇතිවන විපරියාස මංකීවෙ මඩ එතකොට හින්ට් අනං මංනං එකතු වුණා නං කතාව පර්ෆෙක්ට් වෙන්න තිබ්බ. මොකද මේ වගේ කතාවක් අර සාම්ප්‍රදායිකත්ව යෙන් පිට පැනපු හන්ද රහට දැනුනට වට පිට කතා සාමාජීය පැතිකඩ විදහාපෑම දුර්වල හන්ද පොඩි ආාකස්මික ගතියක් තියෙනව

    ඒ කියන්නෙ මචෝ උදාැවිදියට බතීට ජයේ තමං මුදලාලියත් එක්ක හිටිය කියල කිව්ව වෙලෙත් බතීගෙ ස්වභාවය අධි තාත්විකයි කියල මට හිතුනෙ. ඇත්තටම ලංකාව වගේ රටක ඒක ටිකක් අසාමාන්‍ය හන්ද ඒ ගතිය ටිකක් හර් ඔප් නැංවව නං වටිනව

    කෝක වුණත් මට කතාව හොදයි කියන්නපුලුවං මට්ටමේ තියෙනව
    ආයෙත් එකක් කියවන්න මග බලං ඉන්නව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. උයනවා කියන එකටම තමයි වියනවා කියන්නෙ.. දකුණුකරේ භාශාව.

      Delete
    2. හුටා දන්නෙ නෑ සිරාවටම...
      ඒක එහෙමම නං සොරි තරුවො

      Delete
    3. අඩේ දැකුළු මල් මලයා..තැන්කූ තැන්කූ මචෝ..අපේ ලබු සහෝදරයා කිව්වා වගේ උයනවට දකුණුකරේ කියන්නේ වියනවා කියලා..

      //මුදලාලි බතී හින්න ජයේ කොං හතරට වඩා මේ සම්බන්ධෙ නිසා ඇතිවන විපරියාස මංකීවෙ මඩ එතකොට හින්ට් අනං මංනං එකතු වුණා නං කතාව පර්ෆෙක්ට් වෙන්න තිබ්බ. මොකද මේ වගේ කතාවක් අර සාම්ප්‍රදායිකත්ව යෙන් පිට පැනපු හන්ද රහට දැනුනට වට පිට කතා සාමාජීය පැතිකඩ විදහාපෑම දුර්වල හන්ද පොඩි ආාකස්මික ගතියක් තියෙනව//
      අඩෝ අපි මඩ ගහන්වද? මොනවද බ\බ් මඩ කියන්නේ? හැක් හැක්..
      චෝදනාව පිළිගන්නවා..කම්මැලිකමක් දැනෙනවා බං ලියන්න.. :(

      මට හිතුණේ බතී කියන්නේ හොඳට තැලිලා පොඩිවෙලා තෙම්පරාදුවෙච්චි ගෑණියෙක් කියන අදහස ඔය සන්සුන්කමෙන් පෙනෙයි කියලා..හරියට අර 'පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නෑ' කියනවා වගේ..:P

      තැන්කූ ආයෙත්..ජය වේවා!
      මේ සැරේවත් ටෝ බ්ලොගේ දැකුළු මල් කඩලා නැත්නම් ඉතින්.!!!..හ්ම්ම්ම්...
      මක් කොරන්නද මෙහෙම බණිනවා මිසක්ක ඊලඟ පෝස්ට් එකෙන්..:P

      Delete
    4. ඝස් ළභු : තැන්කූ ඈ..අන්න ඒ පැහැදිලි කිරීමට..:D

      Delete
  2. හ්ම්ම්ම්.... දැන් මොකද කරන්නේ.. අල්ලපු අත්තත් නැතුව පය ගහපු අත්තත් නැති උනාද මංදා.. කරුමක්කාරයෝ මතක් උනා යම් තාක් දුරකට.. මොනව උනත් කොර වෙන්න ලියල තියේ..

    අහ්.. අර ෆොටෝ එකත් සුපිරි ඈ!

    ReplyDelete
    Replies
    1. තැන්කූ කමියෝ..
      එලස්..ඔව් මිනිහට අල්ලපු අත්තත් නෑ පය ගහන් හිටි අත්තත් නෑ..
      ෆොටෝ කෑල්ල මැචින් නේ..:D

      Delete

  3. තරු අක්ක ලිව්වා මේ වගේ කතාවක් මම මේ කියෙව්වමයිද කොහෙද තරු අක්කමද ලිව්වේ කියල හිතුන ...නියමයි

    ReplyDelete
    Replies
    1. හප්පේ හංසි නගා..කොහෙදෑ ගොහින් උන්නේ..?
      මම තමා ලිව්වේ ඕ යේෂ්..
      ඔව් මෙහෙම එකක් නම් ලියලම නෑ තමා..අළුතෙන් මොකුත් ලිව්වේ නෑ නේද ඒ පැත්තේ? එන්නත් බැරිවුණා කාලෙකින්..:( නාහෙට උඩින් වැඩ..

      Delete
  4. ඈ බං... චුපිරියටම තියෙනවානෙ.. මරු.. එළ.. පට්ට.
    කාලය ගතවෙනකොට ඕකව හොඳටම බිසී කරල කඩේම ඉන්න බව කිව්ව නම් තවත් හොඳයි...නැත්තං ඕක ඔයිට කලින් පිට යනවා.අන්තිමට යන එන මඟක් නැති උනාම ගෙදර යන එකත් නියමයි.. ඇත්ත ඒක තමයි.සමරිසි සීන් එකට එන්ටර් වෙන ගොඩක් මුලින්ම යම් අසරණ බවක්,බයක් එක්ක සෙට් වෙන එවුන් ඉන්නෙ..මතකෙයි මම "උෂ්ණ ශිරෝමි" පෝස්ට් එකේ කිව්ව..
    කෝ බං අර කෙල්ලෙකුට ට්‍රයි කොරන කොල්ලගෙ කතන්දරේ?? ඒක ඉවර වෙන්නැහ්?? බොලා බොනිකර තරුවක් ම තමයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න උඹට පොයින්ට් එක වැදුණා..යන එන මං නැතිවුණාම ගෙදර තමා යන්න වෙන්නේ..:)
      ඒ කතාව ලියන්න ඕන මචං..වෙලාවක් නැතුව ඉන්නේ මේ ටිකේ පස්ට බිසී..:D

      Delete
  5. අඩේ මරු කතාවනේ බං.. නිකන් කරකවලා අත ඇරියා වගේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මචෝ..:)

      Delete
  6. අහල පුරුදු කතාවක ඡායාවක් පෙනුනා..

    ReplyDelete
    Replies
    1. හපොයි දේශට පොඩි කාලේ වෙලා තියෙන අකරතැබ්බ :P

      Delete
    2. සිරාවට දේශෝ බොටත් එහෙම වුනැයි? හපොයි..! :P

      Delete
  7. මචං මේකනං අතිවිශිෂ්ටයි ,සමහර තැන්වලදී ඇත්තටම ඇඟේ මයිල් කෙලින් වුනා , ශෘංගාර රසය කියන දේ ඉස්මතු කරන්න උඹට තියෙනවා හැබෑම හැකියාවක්.කතාව අන්තිම තාත්විකයි . උපමා උපමේය යොදා ගැනීම ගැලපෙනවා වගේම කුනුරසය මතු නොකර කතාව ගලාගෙන යනවා . නමුත් මට හිතිච්ච දේ තමයි කතාව අන්තිමට මීට වඩා සාහසික කලානම් හොඳයි කියන එක . ඒ කියන්නේ අන්තිමට මුදලාලි හරි හින්නා හරි මුගේ අතින් මැරුම් කනවා වගේ අවසානයක්. .
    එල තනියා
    ප.ලි.
    උඹත් පොඩි කොල්ලා කාලේ වෙලා තියෙන දේවල් අම්මප. දැන් එතකොට උඹ බතීව කරකාර බැන්දද? (තිහ් දෙකයි ඩී)

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්..තැන්කූ මචෝ..:)
      අනේ ඇත්තට බොටත් එන සාහසික අදහස්..! මටත් හිතුණා බං ඒත් දැන් මිනී මරණ එක මෙලෝ රහක් නැති ට්‍රෙන්ඩ් එකක් වෙලා නිසා මම මූව ගෙදර යැව්වා..මුහුදේ පන්නවන්නත් හිතුවා..ආයේ හිතුවා ඔතනින් මේ බඩවැල නවත්තලා බොලාට ඕනෑ අවසානයක් දෙන්න ඉඩ තියන්න..හික් හික්..

      මම පොඩි කොල්ලා කාලේ කර ඒවා උඹ දන්නේ නෑ...හැක් හැක් හැක්..
      බතී බෑ කිව්වා ඕයි..(තිහ් දෙකයි හඳ පලුවයි)

      Delete
  8. නියම කතාව අසම්මත සිදුවීමක්.....හිතට දැනුනා හොඳටම.කුතුහලේකින්ම ඉවර වුනා.අසරණ කොළුවට මොකක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වත්සලා.. :)
      මටත් හිතාගන්න බැරිවුණා..ඒක නිසා ඔහොම නැවැත්තුවා එතකොට ඔයාලට හිතන්න දෙයක් තියන්න..කොහොමද ටිකිරි මොළේ..? :)

      Delete
  9. සුපිරියි ඈ! අකුණක් ගැහුවා වගේ.

    ReplyDelete
    Replies
    1. අඩෝ බස්සි...තැන්කූ තැන්කූ..:)
      ප.ලි. : අකුණු වදින්නේ උස දේවල්වලට නේද බං? :P :P

      Delete
  10. ඉතා හොඳට ලියා තිබෙන කෙටි කතාවක්. අල්ලලා තියෙන ප්‍රශ්නය වැඩිය කතා නොකරන දෙයක් නිසා සම්මානයකට උනත් සුදුසුයි කියලයි මට හිතෙන්නේ.
    http://nelumyaya.com/?p=3239

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියේ.. :)

      Delete
  11. ජයේට නං යන්න ගම හරි තිබ්බ. අර අහිංසක හින්න ට මොකද උනේ ඊළඟට?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හොඳ ප්‍රශ්නයක්..සමහරවිට කඩේ දෙවැනියා වෙයි නේද? අනේ මන්දා...

      Delete