Tuesday, May 29, 2018

ප්‍රස්න..!

නින්දක් නැතිය
මට ඉන්සොම්නියාවය
ඇහැ වසන්නට ගිය තැන
දහසකුත් ප්‍රස්නය
රටේ ලොවේ ඒවාය
එව්වා විසඳන විට
කෝපි තිබහය
බඩගිනිය
සාලේ මැද මේසෙක
තුනීවට වැඩ හිඳන්
උකුල්-උඩ තුමෝ
මට අඬගසනවාය
චිත්‍රපටියක් බලමුදැයි
පුරුෂයෙක්වත් නැති තරම්
ආදරෙන් අහනවය
හුස්මක් හෙලාවත්
හැරෙන්නට බැරිය
මටත් ඇත්තේ 
ගෑණු හිතමය
ඒ අතරපතරින්
හිතුවිලිත් මැවෙනවය
ලියාපියකෝ කියා
හිත බැණ අඬනවය
කොටන්නට මැලිකමට
අලගු තියතියා මං
කළුම කළු කෝපිවල
කිඹුල් තඩි හොයනවය!