Tuesday, May 29, 2018

ප්‍රස්න..!

නින්දක් නැතිය
මට ඉන්සොම්නියාවය
ඇහැ වසන්නට ගිය තැන
දහසකුත් ප්‍රස්නය
රටේ ලොවේ ඒවාය
එව්වා විසඳන විට
කෝපි තිබහය
බඩගිනිය
සාලේ මැද මේසෙක
තුනීවට වැඩ හිඳන්
උකුල්-උඩ තුමෝ
මට අඬගසනවාය
චිත්‍රපටියක් බලමුදැයි
පුරුෂයෙක්වත් නැති තරම්
ආදරෙන් අහනවය
හුස්මක් හෙලාවත්
හැරෙන්නට බැරිය
මටත් ඇත්තේ 
ගෑණු හිතමය
ඒ අතරපතරින්
හිතුවිලිත් මැවෙනවය
ලියාපියකෝ කියා
හිත බැණ අඬනවය
කොටන්නට මැලිකමට
අලගු තියතියා මං
කළුම කළු කෝපිවල
කිඹුල් තඩි හොයනවය!

6 comments:

  1. තනි තමයි ඔහොම...තව ලිව්වා නම්, හොඳයි කියා හිතුනා

    ReplyDelete
    Replies
    1. අරූ, බොහොම කාලෙකින්. මම හිතුවා මේකත් දිග වැඩිදෝ කියලා. :D

      Delete
  2. ආ පොහොට්ටු කුමාරි , උඹ ලියනකොට අපි ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

    ReplyDelete
    Replies
    1. සහෘදය, ඔබට සුදු වෑන් රථයකින් ප්‍රවාහන පහසුකම් සපයන්නට ද? :P

      Delete
  3. උකුල් උඩ තුමෝ.. තව බැන අඬ ගහපිය ඔ'උන්දැට.. ලියපිය ලියාපිය.. කිය කිය..

    ReplyDelete
    Replies
    1. ඕන් බලහන් කමියා කොච්චර අවධානයෙන් මේක කියෝලද කියලා. ලියාපිය උඹත් අපිට මක්කවත් කියවන්ට.

      Delete