Friday, May 29, 2020

අන්තිමයා

සුන්දර පුත්‍රයා, උඹට සුභ ගමන්!
අපේ වගේ කාලකණ්ණි ලෝකෙකට උඹලා වගේ වටිනා උන් බර වැඩියි.
📸 අයිතිය: Facebook

සැබෑ මුහුණු

Saturday, May 9, 2020

තවම

Turn of Mind by Alice LaPlante


අල්සයිමර් රෝගය (Alzheimer's disease) පිළිබඳව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. මොළයේ සෛල මියයාම නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙසයි එය සැලකන්නේ. ඩිමෙන්ෂියාවට ප්‍රධානම හේතුව විදිහට ගැනෙනවා. මෙහිදී මොළයේ සෛල මියයාම නිසා ක්‍රම ක්‍රමයෙන් රෝගියාගේ මතකය අහිමිවීම සහ පාලනයෙන් තොර වීම නිසා අල්සයිමර් රෝගියෙකුට ස්වාධීනව ජීවත් වීම අපහසු වෙනවා. සාමාන්‍යයෙන් ඔවුන්ට දීර්ඝ ආයු කාලයක් අපේක්ෂා කෙරෙන්නේ නැහැ.

මේ කතාව ලියැවී ඇත්තේ අල්සයිමර් රෝගයට ගොදුරු වන ජෙනිෆර් වයිට් නම් වෛද්‍යවරියක් සහ ඇගේ හොඳම මිතුරියගේ ඝාතනය වටායි. රෝගියෙකුගේ කෝණයෙන් කියැවෙන නිසා කතාව සමහර අවස්ථාවල ඒකාකාරී ස්වභාවයක් ගත්තත් සමහර අවස්ථා සෑහෙන සංවේදීයි. මේ නවකතාව වර්ගීකරණය කර ඇත්තේ thriller කැටගරියට අදාලව. අවසානයේ ඝාතකයා සොයාගන්නවාද ඒ කවුද යන්න කුතුහලය අවසානය තෙක් පාඨකයා තුළ රඳවා ගන්න කතුවරිය සමත් වෙලා තියෙනවා.
මේ කතාව චිත්‍රපටයකට නගන්නත් කටයුතු සිදු කෙරෙන බව තමයි කියවෙන්නේ. තවම දින වකවානු ගැන තොරතුරක් නැහැ.
පොත බාගත කලේ anybooks මගින්.