Wednesday, June 14, 2023
Mini මිනී කතා
Monday, May 29, 2023
හනුමා වන්නම
Saturday, May 27, 2023
පට්ට පොරවල්
Sunday, May 21, 2023
ඇඳුම් මැනුම්
Saturday, May 13, 2023
මාරක අපල
කාන්තා පාර්ශවයට මාරක අපල කාලයක්. එක දිගට විකල් කතන්දරම අහන්න ලැබෙද්දි ලියන්න හිතෙන දේවල් වේගයෙන් යාවත්කාලීන වෙනවා. ඒ වේගයට මගේ කාලය සමපාත කරගන්න අපහසු හින්දා ටිකක් නිහඬයි.
අද මිත්රයන් කීපදෙනෙක් නිහඬකම ප්රශ්න කළ නිසා පොඩි ලියැවිල්ලක් හරි ලියලා තියන්න හිතුණා. (ඒ දුන්න තල්ලු-ස්ටාට් එකට ස්තූතියි 😇❤️)
අත්යවශ්ය කාරණයකට එළියට ගිහින් එද්දි පොඩි බයිට් එකකට ලක්වුණා. ඒත් ඒ එක්කම එක මිත්රයෙක් කිව්වා 'මේ දවස්වල ගැහැණුන්ට තියෙන තත්ත්වය නිසා යනෙන ගමන් ගැන කව්රුහරි දැනගෙන ඉන්නත් ඕන' කියලා. ඒ හිතවත්කමේ වත්කමට🌼🌼
මේ සංවාදය ඈඳුණේ ඒකෙන් තමයි.
කතාව ඇත්ත. සාමාන්යකරණය වුණ කාන්තා හිංසනයට, පීඩාවන්ට එහා ගිය ඛේදවාචක ගණනාවකින් කම්පනයට පත්වෙලා ඉන්න වෙලාවක තමන් දන්නා අඳුනන විතරක් නෙවෙයි නන්නාඳුනන ගැහැණුන්ගේ ආරක්ෂාව ගැන පවා ගැහැණු පිරිමි භේදයකින් තොරව විචිකිච්ඡාවකින් අපි අද පෙළෙනවා (රෝගීන් කොටසක් ඇරුණම සාමාන්ය මානුෂික සමාජය).
මොනවද මේකට කියන්නේ, මොකද්ද මගේ කියැවීමේ සත දෙක කියලා දීර්ඝව ලියන්න අපහසු වෙලාවක කෙටියෙන් කිව්වොත් පරිස්සමින්! මොන මොන අපල විපල කැරකීගෙන ආවත් සිහි කල්පනාවෙන්, විශේෂයෙන්ම තරුණ ගැහැණු ළමයි🙏
මොන මතය දැරුවත්, මොන සමාජ තලයේ හිටියත්, මොන කඳවුරේ හිටගත්තත් තමන්ගේ ආරක්ෂාව ගැන කල්පනාවෙන් වැඩ කරන්න. තමන්ගේ ජීවිත අයිතිය වෙන කාටවත් බලෙන් ගන්න ඉඩ තියන්න එපා.
දැනට ඒ ඇති නේද? ☺️
~✏️ Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow