Saturday, January 10, 2015

යහපාලනය සහ අපි

හුදී ජන පහන් සංවේගය උදෙසා නව යුගයක් මෛත්‍රී හෙටක් ඇරඹ ඇත.ජනතාව ඉල්ලු වෙනස ලැබී ඇත.

මෛත්‍රී යුගයේ ප්‍රධානතම සටන් පාඨය හෙවත් අරමුණ යහපාලනයකි.අපිත් යහපාලනයට කැමති වෙමු.මන්දයත් ලංකා ඉතිහාසයේ යහපාලනය තිබී ඇත්තේ පෙර රජ දවස පමණක්ම නිසාය.ඒවාත් බොරුයැයි සමහරෙකුට කිව හැකිය.එහෙම නොකිවහොත් රැඩිකල් නොවන නිසා, සර්වජන ප්‍රේමී නොවන නිසා අපි එසේ අසන්නන්ට අනුකම්පා කරමු.

යහපාලනයක් ඇතිවන්නට නම් යහපත් සමාජයක් ඇතිවියයුතුය.යහපාලනයක් ඇතිවීමට නම් පාලකයාගේ සිට පාලිතයා දක්වා විනයානුකූල විය යුතුය, යහපත් ඇවතුම පැවතුම් ඇතිවිය යුතුය, නීතිගරුක වියයුතුය, ධාර්මික වියයුතුය, සාධාරණ වියයුතුය.පාලකයාගේ දැක්මෙන් ඒ වනාහී අවවාදයට වඩා ආදර්ශය උතුම්බව පෙන්වීමයි.පාලිතයාගේ දැක්මෙන් ඒ වනාහී නිවැරදිදෙය අනුගමනයයි.

මිනිසුන් විවිධාකරය.මානසික මට්ටම්, අධ්‍යාපනික මට්ටම්, බුද්ධි මට්ටම්, ආකල්ප, ඇවතුම් පැවතුම් එකිනෙකාගෙන් වෙනස් වේ.එවන් විවිධාකර මිනිසුන්ගෙන් සැදි සමාජය තුළද විවිධත්වයක් ඇත.සමාජයක සියලුදෙනාම උපසකයෝ නොවෙති, සියලුදෙනාම මිනීමරුවෝ නොවෙති.අවශ්‍යතාව මේ විවිධාකාර පුද්ගලයන් තුළ එකම යහපැවැත්ම ස්ථාපනය කිරීමය.

මෙය සිදුකළ යුතු අන්දම ගැන විවිධ පුද්ගලයන්ට විවිධාකර මතවාදයන් තිබිය හැක.මගේ අරමුණ සරලව කළ හැකි අන්දමක් සොයා බැලීමයි.කියවන ඔබට යම් අදහසක් ඇත්නම් කිව හැකිය.

ගසක් පැලවන බීජය පළමුව වැටෙන්නේ පොළොවටය.එතැනින් සූර්යාලෝකය සහ ජලය ලැබීමෙන් එය ගසක් දක්වා වර්ධනය වේ.හිරුඑළිය සහ ජලය පාලකයා නම්, චණ්ඩ හිරු රශ්මිය බීජය මරා දමනු ඇත, හිඟ ජලය වැඩීමට බාධා ගෙනදෙනු ඇත, ඒ නිසාවෙන සියල්ල සමබර වියයුතුය. බීජයට වැඩෙන්නට දිරි දිය යුතුය.එසේම යහපාලන ආකල්පය සමාජය තුළ වැඩෙන්නට පළමු දිරිදීම ලැබිය යුත්තේ යහපාලනය හඳුන්වාදෙන පාලකයාගෙන්ය.

දැන් අපේ සමහරක් පෙර සහ පසු සංසන්දනය කරනා ඊනියා බොන්ලැක් ප්‍රචාරණයක යෙදී සිටින්නෝය.පොදු මතය පෙර යහපාලනයක් නොපැවති බවයි.ඒ සත්‍ය බවට අපි උපකල්පනය කරමු.එසේනම් අප බලාපොරොත්තුව ස්ථානයට ලඟා වන්නේ කෙසේද?

මෙය වනාහි Strategic ප්ලෑනකි.

පළමුවැන්න පාලකයාගේ යහපැවැත්ම රටට දැකගැනීමට සැලැස්වීමයි.නමුත් එය තිරයෙන් ඉදිරිපස පිටුපස කියා වෙනස් නොවිය යුතුය.පොෂ් කෙල්ලන් දානේ ගෙදරදි බත් හැන්දක් කා අලි මුලක් ඔතාගෙන ගෙදර ගොස් බඩපැලෙන්න කනවා වාගේ නොවිය යුතුය.අනවශ්‍ය වියදම් නොකරන බව ඔප්පු කළායැයි දැන් සමහර සියල්ල දත්ලා කියන නිසා අපි පිළිගනිමු.අවශ්‍ය එය දිගටම පවත්වා ගැනීමයි.අනවශ්‍ය උත්සව, ප්‍රිය සම්භාෂණ,පාටි-බාටි-කිරිබර්ටි අවශ්‍ය නැත.හයිෆයි වාහන, ඇඳුම් පැලඳුම් අවශ්‍ය නැත.ලැම්බෝගිනි පෙන්වා අහිංසක කොල්ලන්ට දුක්දෙන්ට අවශ්‍ය නැත, දරුවෝ රජසැප විඳින්නට රේස් පදින්නට අවශ්‍ය නැත.පාලකයාගේ දරුවනුත් භාර්යාවනුත් ඒ අනුගමනය කළ යුතුය.එය ආදර්ශමත්වීමයි.

නමුත්, වැඩිවියදම් කප්පාදුව පිටින් යවා ජාතික සම්ප්‍රදායන් බල්ලාට නොදැමිය යුතුය.ජාතියක් ජම්මයක් නැති හිපියන්ට අවැදගත්වූවාට කමක් නැත.පාලකයා දරන්නේ ශ්‍රී ලාංකීය සමාජයේ අග්‍රස්ථානයයි.එම නිසා සම්ප්‍රදායන්ට, සභ්‍යත්වයට, ආගමික පිළිවෙත්වලට නිසි තැන දිය යුතුය.
මෙය පාලක පාර්ශ්වයේ සියළු දෙනාටම අදාළ වේ.

දෙවැන්න බොරුව වංචාව දූෂණය දිරිමත් නොකිරීමයි.පාලකයා සත්‍ය ඇතිසැටියෙන් දැකිය යුතු අතර එය නොබියව ප්‍රකාශ කළ යුතුය.වංචාව සහ දූෂණය පිටු දැකිය යුතු අතර තරාතිරම සහ පක්ෂපාතීත්ව නොසලකා ඊට එරෙහි විය යුතුය.විනිවිද භාවය ඇති කළ යුතුය.

තෙවැන්න ජනතාව අතරට යා යුතුය.ජනතාවට ඇහුම්කන් දිය යුතුය.තනි මතයට කටයුතු නොකළ යුතුය.වටපඩයින්ගේ කීම්බස්වලට නොනැමිය යුතුය.ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස තම පෞර්ෂය කෙරෙහි සැලකිලිමත් විය යුතුය.නිර්භීත විය යුතුය.යමක් ඇති සැටියෙන් දකින්නට හුරු වියයුතුය.පෞද්ගලිකත්වය පසෙක තබා පොදු අපේක්ෂකයා වූවා සේම පොදු නායකයා ලෙස ද කටයුතු කළ යුතුය.පෞද්ගලිකත්වය සහ වගකීම් පටලවා නොගත යුතුය.

කිසිවෙකුට අනිසි ලෙස බලතල භාවිතා කිරීමට ඉඩ නොදිය යුතුය.දරුවන්ට සාමාන්‍ය ජීවිතය හුරු කළ යුතුය.නිහතමානීත්වය අගය කළ යුතුය.සාධාරණත්වය අගය කළ යුතුය.කිසිදු ආගමික හෝ වාර්ගික අපහාසයක් සිදු නොකළ යුතුය, සිදුකිරීමට ඉඩ නොදිය යුතුය.කිසිදු බෙදීමක් නොකළ යුතුය.සහජීවනය ඇති කළ යුතුය. පක්ෂග්‍රාහී නොවිය යුතුය.

පාලක පක්ෂයෙන් ප්‍රකෝපකාරී හැසිරීම ජනතාව නොදැකිය යුතුය.අපහාස උසුළුවිසුළු නින්දා සමච්චල් පිරි සුපුරුදු දේශපාලනික මුහුණුවර වඩාත් සදාචාරාත්මක සහ වෘත්තීය මට්ටමේ එකක් බවට වෙනස් විය යුතුය. එය ආරම්භ කිරීමේත් පවත්වාගැනීමෙත් වගකීම අභිනව ජනාධිපතිවරයා සතුවේ.නැවතත් අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ..

තමාට හිමි වරප්‍රසාද පමණක් භාවිතා කළ යුතුය.තමාට හිමිකමක් නොවන යමකදි අයිතිය ප්‍රශ්න කිරීමේ නිදහස ජනතාවට තිබිය යුතුය.විනිවිදභාවය සුරැකිය යුතුය.

දේශපාලනික පළිගැනීම් නැවත්විය යුතුය.වන්දිභට්ටයන් දිරිමත් නොකළ යුතු අතර තමා ප්‍රශස්ති බලාපොරොත්තු නොවන බව වාචිකව මෙන්ම ක්‍රියාවෙන්ද සනාථ කළ යුතුය.මාධ්‍ය නිදහස යනු මඩ පත්තර නොවන බව තහවුරු කළ යුතුය, නැවතත් වාචික සනාථ කිරීමකින් ඔබ්බට ක්‍රියාවෙන්ද ඔප්පු කළ යුතුය සහ පවත්වා ගත යුතුය.මාධ්‍ය සදාචාරය ඇතිකළ යුතුය.ද්වේෂය පදනම් කරගත් පුවත්, අසත්‍ය පුවත්, පක්ෂග්‍රාහී පුවත් ප්‍රචාරණයට වැට බැඳිය යුතුය.ජනමාධ්‍ය ජඩමාධ්‍ය බවට පත්වීමේ ඉඩකඩ ඇහිසිරිය යුතුය සහ නිසි නීති සම්පාදනය කළ යුතුය.මෙය රාජ්‍ය, පෞද්ගලික මෙන්ම සමාජ මාධ්‍ය සඳහාත් වලංගු විය යුතුය.

රට පිළිබඳව හෝ රටේ වැදගත් කටයුතු සම්බන්ධව තීරණ ගැනීමේදී හදවතින් නොව බුද්ධියෙන් ගත යුතුය.ඒවායේදි උපදේශකයන් සහ විෂය භාර ඇමතිවරු, කැබිනට් මෙන්ම ජනමතයටද සවන් යොමුකළ යුතුය.

ආගමික හා සංකෘතික වටිනාකම් සුරැකිය යුතුය.ඊට නිසි පියවර ගත යුතුය.ඓතිහාසික සහ ආගමික වටිනාකම් සහිත ස්ථානවල අවශ්‍ය නිසි පහසුකම් සහ ආරක්ෂාව ලබා දියයුතුයි.එම වටිනාකම්, තොරතුරු, මූලාශ්‍ර ඉදිරි පරපුර සඳහා නිසිලෙස පවත්වා ගැනීමටත් අරක්ෂා කිරීමටත් ඒ පිළිබඳ අවධානය සහ දැනුවත් කිරීම සඳහා දිරිමත් කළ යුතුයි.

නීතිය සමානව ක්‍රියාත්මක කළ යුතුයි.දේශපාලනික මැදිහත්වීම් නොකළ යුතුයි.දේශපාලනික ක්‍රියාවන් සඳහා නීතිය පලිහක් ලෙස යොදා නොගත යුතුයි.වාසි අවාසි තකා අන්තෝනමතික ප්‍රතිසංවිධාන සහ වෙනස්කම් නොකළ යුතුයි.සමාජ ස්ථරයේ ඉහළ සිට පහළට නීතියේ පිහිට නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුයි.කල්ලිවාදයට යටත් නොවිය යුතුයි.විදේශ බලපෑම්වලදි සෘජුව ක්‍රියා කළ යුතුයි.තම මතය වෙනුවෙන් නොව පොදු මතය සහ යහපත වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

ජනතාවගේ සුවපහසුව සහ පැවැත්ම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.භෞතික සහ අධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව මැදහත් සිතින් ක්‍රියා කළ යුතුයි.ඒ සඳහා කළ හැකි දේත් කළ නොහැකි දේත් පිළිබඳව සෘජු තීරණ තිබිය යුතුයි.

තව ඇති නමුත් ඒවා පසුවට...

-------------------------------------
යහපාලනය සහ යහපැවැත්ම පිළිබඳ වැඩි වගකීමක් ඇත්තේ පාලිතයාටය.

පාලකයාගේ අඬුලුහුඬුකම් පක්ෂග්‍රාහී නොවී ප්‍රශ්න කිරීමේ සෘජුබව පාලිතයා/ජනතාව තුළ තිබිය යුතුය.පක්ෂ පාට භේදයෙන් තොරව ඇත්ත ඇති සැටියෙන් දැකීමේ ධෛර්යය තම තමා තුළ වර්ධනය කර ගත යුතුය.

බොරුව, දූෂණය සහ වංචාවට එරෙහි විය යුතු අතර එය දිරිමත් නොකළ යුතුය.රජයේ කාර්යාලය වැඩක් කරවාගන්නට ගොස් පියන් කොලුවාගේ අතේ කීයක් හෝ මිට මෙලවීම නැවැත්විය යුතුය.වැඩක් කරවාගත් පසු සිගැරැට්ටු, ප්ලේන්ටී, තෝසේ මසල වඩේ වැනි කෘතගුණ දැක්වීමේ ලේබලයෙන් එන පගාව නැවැත්විය යුතුය.අනික් අතට තම රාජකාරිය කිරීමට සල්ලි කොළ, සිගරැට්, බුලත්විටවලින් ලබන උත්තේජනය පිටු දැකිය යුතුය.රජයේ දේපල පෞද්ගලික කටයුතු සඳහා පරිහරණ කිරීම නැවැත්විය යුතුය.දරුවාගේ පාසැලේ වැඩවල මුද්‍රණ කටයුතු කාර්යාලයේ ප්‍රින්ටරයෙන් A4 මිටියෙන් කරගැනීම, කාර්යාල දුරකථන අන්තර්ජාල පහසුකම් යානවාහන සහ රජයේ දේපල පෞද්ගලික වැඩ සඳහා යොදාගැනීම, කාර්යාලීය පෑන් පැන්සල් කඩදාසි සොරෙන් ගෙනයාම, ලොක්කාට ගොට්ට ඇල්ලීම, ලොක්කාගේ රොයිටර් වීම, අනුන්ගේ වැඩට ඇඟිලි ගැසීම, ඕපාදූප කීම, අයිස් ගැසීම, ජරාව කෑම ආදී වූ විවිධ පුරුදුවලින් මිදීමට ජනතාව තුළ ස්වයං විනයක් ඇති විය යුතුය.දෙවියන්ට නොව  බොරුව, වංචාව සහ දූෂණයට බය සමාජයක් ඇතිකිරීමේ මූලික අඩිතාලම දැමිය යුත්තේ තම තමා තුළින්ම බව වටහා ගත යුතුය.

රටක් පාලනය හෝ ජනතාවගේ පාලකයා වීම යනු, පාසැලක සරඹ පුහුණුවක් නොවන බව ජනතාව වටහා ගත යුතුය.දෙකෝටි තුන්ලක්ෂයකට ටිකක් වැඩි ජනතාවකගේ පෝලිමක ඇද හැදීම පාලකයාට තනිව කරන්නට නොහැකිය.අතේ දුර ගෙන, ඉස්සරහා ඉන්නා එකාගේ හිස් මුදුන පේන සේ කෙලින්, පෝලිමේ තමාගේ තැන හදාගැනීමේ වගකීම ඇත්තේ ඔබත් මමත් තුළය.ඔබත් මමත් අරූත් මූත් පාලක පක්ෂයත් එකතුවී සමාජය ගොඩ නැගී ඇත.අනෙක් අතට, එකෙකු පෝලිම් පනින බව හෝ නිසි තැන නොමැතිබව දකින්නට හැක්කේ තමා හරි තැන සිටිනවා නම්ය.ඊට විරුද්ධවීමට හැක්කේද තමා හරි තැන සිටිනවා නම්ය.මමත් ඇදේට හිඳ පෝලිම පනින ඔබට හෝ ඇදේට සිටින අරූට විරුද්ධ විය නොහැකි බව ජනතාව බුද්ධියෙන් තේරුම් ගත යුතුය.

මෙය පළමුව ක්‍රියාත්මක කරනවිට ගැටළු ඇතිවිය හැකිය.පෝලිම් හැදෙන්නැයි ඉස් ඉස්සෙලාම කියූවිට කට්ටිය දමා සිටි චැට් එකෙන් නැගිට වැනි වැනි රංචු ගැසෙනු ඇත, තමා ඉන්නා තැන ගැන සොයන්නට පෙර අනිකා සිටින තැන බලනු ඇත.ඒ ආකල්ප හදාගැනීම තම තමන්ගේ වැඩය.පාලකයා අනුව එවන් පෞද්ගලික ආකල්ප වෙනස්වන්නේ නැත.

වැටේ ඉණි පැලට, අරකට මේකට කාකොටා ගැනීම නවත්වන්නට පාලකයාට නොහැකිය.එකම වෙලාවේ දෙවුන්දර දෙකෙක් කාකොටා ගැනීමත්, මුලතිව්වල පගා ගැහිල්ලකුත්, කොළඹ සුදූ පොළකුත් නවත්තන්නට කිසිම පාලකයෙක්ට නොහැකිය.එහෙමය කියා එවන් වැරදි සියල්ලම පාලකයාගේ ගිණුමට බැර කොට පලක් ද නැත.එය පක්ෂ විපක්ෂ සියළුදෙනාම වටහා ගත යුතුය.

මම හරි ජගතා, මම හරි උගතා කියා ස්වයංවින්දනයේ නොයෙදී ස්වය විනයක් ඇතිකර ගැනීමේ වගකීම ඔබගේය, මගේය.එහෙම වූ දාට, පාලකයා ප්‍රශ්න කිරීමේ හැකියාව නිනැතින්ම අපට ලැබෙනු ඇත, යහපාලනයක් ඉබේම ස්ථාපනය වනු ඇත.

වැඩගත් කරුණ කිසිවෙකුටත් කිසිවෙකු යහපත් කළ නොහැකිය.යහපාලනය හෝ යහපැවැත්ම කඩෙන් ගෙනැවිත් අන්ඳන්නට බැරිය (වෙන ඇන්ඳිලි වාගේ නොවේය).එසේම යමෙක්ට යහපැවැත්මක් නැතිවීමට තවකෙකු පළි නැත.තම තමාගේ වගකීම තම තමාගේ යහපාලනය බව පාලිත ජනතාව මතකයේ තබා ගත යුතුය.

අපේ පැතුම..වැදිබණෙන් තොර යහපාලනයක්! නොබෙදුනු ශ්‍රී ලංකාවක්! 
ඔබට සුභ අනාගතයක්!



14 comments:

  1. //අපේ පැතුම..වැදිබණෙන් තොර යහපාලනයක්! නොබෙදුනු ශ්‍රී ලංකාවක්!
    ඔබට සුභ අනාගතයක්!// අන්වර්යේන්ම.

    ඔබගේ ලිපියේ වචනයක් චාචනයක් පාසා එකඟයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මකසි :)

      Delete
  2. ඇත්තෙන්ම යහ පාලනය යනු මෙයයි, කතාවට සීමා නොවී ක්‍රියාවේ යොදවන තුරු අපි බලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. මචං අපි පටන් ගමු...

      Delete
    2. මේ යන දේශපාලන ප්‍රවණතාවය තේරුම් ගැනීම මට නම් අමාරුයි. මගේ චන්දය ඇතුලුව ලක්ශ 58 ක් චන්දය දුන් ජනතාව හරිම අනුද්‍යෝගයකින්, කෙඩෙත්තුවකින් සහ වික්ශිප්ත භාවයකින් ඉන්න බව තමා මට නම් දකින්න තියෙන්නේ.කජු ඇට කොස් ඇට නොවේ, මේ පනගැහෙන මිනිස්සු! අර එකවර මංකොල්ලකරුවෙක් සහ දේශප්‍රේමියෙක් වෙන්න පුලුවන්, රටෙත් නැති එක්කෙනාට අනුව නම් අපි ලේ මාපිල්ලු! සභාපති කම පවරලා දුන්නාට, අපි ලක්ශ 58 එහෙම තව කාටවත් පවරලා දෙන්න පුලුවන්ද? මම අහන්නෙ මහින්දටවත්, එහෙම පුලුවන්ද?මේක අපේ ස්වාදීන මතය.අපි කාගෙවත් දේපලක් නෙවෙයි.මහ මැතිවරනෙදි අපිට චන්දෙ දෙන්න කෝ අපේක්ශකයෙක්? මේව තමයි මගේ ප්‍රශ්න. මාන්දමික ඇති.ඒත් ඉතින් මම ඊනියා පරාජිතයෙක් නිසා එහෙම වෙන්නත් පුලුවන් නේ? එතකොට ඔය වෛර පිරි මහ මහ ටීවී එකේ දෙසා බාන පාට පාට ලීයි, ජරාජිතයි දිනලත් ඔච්චර කෑ ගහන්නෙ අනාරක්ශිත කමටද? නැත්නම් එහෙමද ආයිබොවං යහපාලනේ කොරන්නේ?

      Delete
    3. මාන්දමික නැහැ බං මටත් තියෙන්නේ ඔය ප්‍රශ්න ටිකම තමයි..අනේ මන්දා මට නම් ලේ මාපිලෙක් වෙන එක නම්බුයි ඩොලර්වලට කුණුහරුපයි කටකතායි වපුරන දේශ්ප්‍රේමි මංකොල්ලකාරයෙක් වෙනවට වඩා..අනික ඒවාට හිනාවෙන්නම හිටං ඉඳලාම මට ඇතිවෙලා හිටං!

      යහපාලනේත් ඕන නම් බෙරිහන් දීලා ඉල්ලුව වෙනසත් ලැබුණා නම් ඇයි මේ තාම අඳෝනා විලාප ඇහෙන්නේ කියන එක නම් මටත් ප්‍රශ්නයක්! මහ ලොකු දින 100 සැලසුම ක්‍රියාත්මක කරන්නයි කියලා තකහනියක් දිවුරුම් දීලා පත්තිරිප්පුවෙන් බැස්ස වෙලාවෙ ඉඳන් මට නම් මෙලෝ යහපාලනයක් පේන්නෙ නෑ, මොන්ටිසෝරි ළමයි ටිකක් වගේ කේලම් මිසක්ක! අරූ මෙහෙම කලාය මූ මෙහෙම කලාය අනේ අරූ අපිට ගන්න තිබ්බ ටික කලින් අරන්ය අරකය මේකය..යකෝ යකාගේ යහපාලනයක් හිටං ඕක! ඔක්කෝටම කලින් එහෙනම් විස්කි මැඩම්ගේ කල්කිරියාව ඕන හොයන්න..

      Delete
    4. නරින් ඇවිත් හූ කියනා මහ රෑට
      හොරුන් අටුව බින්දයි කියමුද කාට?
      හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
      දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

      ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
      කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
      ''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
      යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

      ගයාත්‍රි

      Delete
    5. යහපාචනේ! නියම නම!
      දැන් නම් ඒක පාචනයක්ම වගේ තමයි මට පේන්නේ..මොකද මේ පටන් ගත්ත කාලේ රටටම ආතල් දුන්න යහපාචනේ ගැන නෙවෙයි නේ දැන් කට්ටිය වෙහෙසෙන්නේ, හොරු අල්ලා ලොකුම තරුව වෙන්න නේ..! කමක් නෑ අවුරුදු ගාණක් කහ කහ හිටිය අත් නේ..! කසාගත්තාවේ..!

      Delete
  3. තරුවො
    දුන්න අයට විතරක් දෙන්නත් නොදුන්න අයට නොදෙන්නත් ගියොත් මෙයත් ඉක්මණටම නාගන්නවා ඇත
    ඊටත්අර පයින ගෙම්බන්ට මක්ක හෝ කල යුතුය

    ReplyDelete
    Replies
    1. ඔව් මචං..!
      ඔය කිව්ව යහපාලන කතන්දර තවත් වැදි බණක් විතරක්ම වෙනවා නම් වැඩක් නෑ..මරාගේ ඔඩොක්කුවෙදි හොරු වෙච්චි කොටි වෙච්චි අය දැන් සිරාගේ ඔඩොක්කුවෙදි උපාසක පුරු පුරුලා වෙලානේ! අන්න ඒ වගේ ගොබ්බ ජෝක්ස් නම් නැවැත්තුවේ නැත්නම් ඉතින් නෑමක් තමයි..ඇයි බං රෙද්දක් ඇඳන් කොහොමද එතකොට යහපාලනේ කියන්නේ එතනම පචවෙලානේ :D

      Delete
  4. යහපාලනේ තියෙන්නේ Utopia වෙ සහ කේතුමතී රාජ්යයේ පමනි. කිසිදා ලන්කාවෙන් පිට රටක ජීවත් නොවූඔ හාදයෝ ලන්කාවේ හැර අනෙක් රටවල යහපාලනේ තිබේ කියා සිතති. තව සමහරු තමන් ජීවත් වන රටෙ යහපාලනේ ඇතයි අපට දෙසා බායි. එහෙත් එය සත්යය නොවේ.

    උදාහරනයක් ලෙස දියුනු යැයි සම්මත රටවලින් වැඩිම පුද්ගලයන් සංක්යාවක් අතඩංගුවේ මීය යන්නේ ඔස්ට්‍රෙලියාවේය (cell deaths). එහි හැම විනාඩි දහ අටකටම සැරයක් පුරවැසියෙක් අතුරුදන් යැයි පොලිසියට පැමිනිලි ලැබේ.

    ලංකාවේ පවා දක්නට නොලබෙන අන්ත දරිද්‍රතාවට කෙලින්ම සම්බන්ද ලෙඩ රෝග ඇති රටකි ඔස්ට්‍රලියාව. යහපාලනේ තියේ නම් ඔවුවා සිද්ද වෙව්යි ද?


    ඒ වුනාට තමා පමනක් ඔස්ට්‍රෙලියාවේ ඉන්නවා කියා සිතාගෙන සින්හල බොග් ලියන අය ඒව අපට නොකියයි.

    ඒ නිසා නොනාවරුනි මහත්වරුනි, අම්මේ තාත්තේ, යහපාලනේ කිය දෙයක් මේ ලොව නැත!

    http://www.news.com.au/national/vanished-without-a-trace-8212-have-you-seen-these-missing-people/story-fncynjr2-1226690144936

    http://www.abc.net.au/news/2009-09-28/indigenous-eye-disease-a-national-disgrace/1445264
    Sixty per cent of the population in Australia's remote communities are still affected by the eye disease trachoma, a century after it was eradicated in most developing countries.

    http://www.abc.net.au/news/2013-05-24/sharp-rise-in-number-of-aboriginal-deaths-in-custody/4711764
    A major review of deaths in custody has found a substantial increase in the number of Aboriginal people dying in custody over the past five years.

    The Australian Institute of Criminology (AIC) study found the overall rate of deaths in state and territory prisons has remained relatively steady over the past 20 years.

    But there has been a spike in the number Indigenous deaths in custody, in line with an almost doubling of the number of Aboriginal Australians being locked up.

    ReplyDelete
    Replies
    1. //යහපාලනේ තියෙන්නේ Uටොපිඅ වෙ සහ කේතුමතී රාජ්යයේ පමනි. කිසිදා ලන්කාවෙන් පිට රටක ජීවත් නොවූඔ හාදයෝ ලන්කාවේ හැර අනෙක් රටවල යහපාලනේ තිබේ කියා සිතති. තව සමහරු තමන් ජීවත් වන රටෙ යහපාලනේ ඇතයි අපට දෙසා බායි. එහෙත් එය සත්යය නොවේ.//

      ඕවා හොඳයි බං කොණ්ඩේ බැඳපු සිරිසේනලාට කියන්න! අම්මගේ යහපාලනේ! ඕස්ට්‍රෙලියාව වගේ රටවල තියෙන වර්ගවාදයෙයි ප්‍රශ්නවලයි තරම් අනික් උන් දන්නේ නෑ කියල වෙන්නැති ඔය බක පණ්ඩිතයෝ හිතන් ඉන්නේ..අපේ සමහරුන්ට ඉතින් සුද්දෙක්ට අධෝවාතයක් පිටවුණත් ඒක තමයි නේ සම්මතය!

      //ඒ නිසා නොනාවරුනි මහත්වරුනි, අම්මේ තාත්තේ, යහපාලනේ කිය දෙයක් මේ ලොව නැත!//
      පව් බං අපේ එවුන් පුන්නක්කු ෂේක් බිබී ගිහිං ඉල්ලුව එකනේ..උන්ගේ හිත නරක් කරන්න එපා..ඔය මම ලිව්ව ටික කරන්න අමාරු ඇති උන්ට...කොහේ කරන්නද ඉතින් මහ එකාගේ ඉඳන් යහපාලනේ බේරෙනවනේ දැන්..:D :D

      Delete
  5. යහ පාලන බබා තාමත් නිදි යහනේ
    ජහ මනයා සොබාවික ෆැන්ටසි හීනේ
    සහ පිරිවර සමග ලණු සුප් හැදු නෝනේ,
    වහ වීලා වගෙයි බිව් හට ඒ පානේ.

    මහ අවුලක් වගේ මට පෙනෙනා මේක
    පහදා අහගන්න කෙනෙකුත් නැති සේක.
    වහ වූ ශ්‍රී.ල.නි. ප යලි රහ වූ සේක
    මහ ලේකම් තුමා අපගෙම වූ සේක

    මීයෙන් කැඩූ, අත ලෝනත් මදිය කියයි
    ඊයෙන් ගෙනා හොරු ටික අද සුපිරිසුදුයි
    රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
    සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි

    ReplyDelete
    Replies
    1. සුපිරි කවිය ගයාත්‍රි!
      එක:ගවපාලනේ විතරයි ඇහැරිලා ඉන්නේ!

      දෙක:බුලතෙන් නැතුව පක්සියාගෙන් ඉල්ලලා ඇයි ආපහු බුලතේ සභාපති වෙන්න ඕන වුනේ සිරිසේන ගොයියට? ලණු ඇන්ටිට බැරි හින්දා සිරා ගත්තට බැඳලා ගැහුවත් එකයි ගහලා බැන්ඳත් එකයි වගේ මට පේන්නේ! ඒක බල ලෝභය නෙවෙයි යහපාලනේ වෙන්නැති!අනේ කාලේ ඔහේ වාසේ කිව්වලු.

      තුන:මහින්ද ලඟ ඉන්නකොට ඕකා හොරා, කොටියා, කුඩ්ඩා, සල්ලාලයා කියල අහගත්තු සැට් එක සිරිසේන ලඟදි උපාසක මහත්තයා, දායක මහත්තයා, දැහැමෙන් සෙමෙන් රටට කෙරූ ඇමැත්තෝ කියලා අහගන්න එක වෙන්නැති යහපාලනේ..අපරාදේ මහින්දටත් තිබ්බේ යහපාලනේට එකතුවෙන්න එහෙනම් ලැම්බ්ගිනි, ආයුධ නැව්, ඔරලෝසු,පංචාංග ලිත් නම් මොනවද...! :D :D

      Delete