Tuesday, January 27, 2015

පඹ රාජ

අම්බරු රෑන දක්කාගෙන යන කලට
එකැස් කණෙක් පඹ රාලෙක් හදනු දැක
පඹයට ඇස් තියන් කියනා සෙල්ලමට
වමාරා කන ලොල්ලෙක් ආපි පැන

මුට්ටිය වෙනස් කළ යුතුමය අපෝ කැත
කලින් එකාගේ මුට්ටිය හරිම පත
මූට තියමු මේ මුට්ටිය අයින් කර
කිරි උතුරන්න ගෙන ආ හිල්වෙච්චි එක

පරණ එකාගේ සරමට වැඩිය හොඳ
ස්ලිම් ෆිට් ජාතික ඇඳුමක් මහලා ගෙන
අන්දමු එවිටවත් මුගේ මේ තියෙන කැත
වැහෙයි නේද ඩාලිං මේ ඇදවෙච්චි ඇඟ

ඔක්කොම හරිය මුගෙ ඔලුවේ පිදුරු ටික
තියෙන හිලෙන් කට වෙනුවට එන්නේ පැන
ඕවා දුටුවොතින් නම් එන ගිරා කැල
හදනු ඇත කූඩු මුගේ ඔළු ගෙඩිය උඩ

පඹයා තනිව තියනට බැහැ කුඹුර මැද
එකැස් කණා හිටියයි පළවෙනි මුරට
දෙවනුව ලොල්ලා තව ලොල්ලෙක් සමඟ
සහවාසයෙන් බැලුවයි පඹයගේ ගැන

මුර කරන්ට පුට කංචෙක් නැතුව බැරි
ඌවත් එක්ක වර ඌටත් හිටිය හැකී
උඩහ ගෙදර කාවඩියත් ආවොතින් හරී
බැරිම වුණොත් කටුසු හකා ගේනු හැකී

රෑන ගිරා කොබෙයි පියා සලා නැවී
ඈතින් හිඳන් බැලුවයි පඹ වාහේ හැටී
ටිකක් වෙනස් ඒත් මදැයි අපිට හැපී
ඕන වුණෙත් පොඩි වෙනසක් අපිට සකී

එසේ මෙසේ පඹයෙක් නම් නොව මේකා
මුගේ සිරිත්වලින් තොපට සෙත් වේවා
හිටවා කෙලින් කල පසු මූ කුඹුර මැදා
තොපිටත් හැකිය නෙලනට අස්වනු මා හා

රෑන ගිරා කොබෙයි බලති උනුන් දෙස
ඒ නම් යසය අදහස නම් සිරාමය
වරෙව් කොල්ලනේ අපි මූ කෙලින් කොට
ගනිමු අපට පාදාගෙන මෙදා පොට

චැසිය ඇද පඹයා දැන් කෙලින් වෙලා
මෙලෝ රහක් නැත ඒ පුක් මූණ පුරා
එකැස් කණයි ලොල්ලො ගොඩයි ඔකඳ වෙලා
පිදුරු හෙවු උන්ටත් දැන් සතුටු සිනා

ඔහොම යමං පඹයෝ උඹ පිදුරු කකා
හැබැයි දීපියව් අපෙ නම් කොටහ නොකා
කෙලින් කලෙත් අපි නම් උඹ හොරා කකා
පෙරලලා දාන්නෙත් අපිමයි කියමු දුකා






24 comments:

  1. හිනා කාලා මැරුනා.

    ඊලඟ එපිසෝඩ් එකේ තව චරිතයක් ඇවිත්. එයා මෙහෙම කියනවා.

    ''වැලි හාරන, ගස් කපනා හොර දෙටුවෝ
    මරඳ ගහේ ඔලු පලනා සුරු විරුවෝ
    අල්ලා ගෙනත් දීපිය පරිසර මරුවෝ''
    එතුමා අපිට සිහනද කළ හැටි දුටුවෝ

    ඒ සිහ නදෙන් කොර වී ගිය මුත් හෙල්ලී
    මා ගැසු විසිල් ඇහුනද, ගැලරියෙ එල්ලී?
    සමා වෙන්න මගෙ මල්ලිල කළෙ ජල්ලී
    අම්මා උන්ව හැංගුව වහලයෙ පොල්ලී

    1-ගඟ කාලා වැලි අදිනා සුදු මල්ලී
    2-ගස් කපලා කොට අදිනා කිරි මල්ලී
    3-වී හංගා බත් පතටත් කෙලි මල්ලී
    4-ටෙලිකොං එකේ ලී ඉරනා පොඩි මල්ලී

    වැලි හාරා දැන් ගඟ ඉවරෙට ඉවරයි
    ගස් කාලා දැන් පැල විතරක් ඉතුරුයි
    වී මෝලා දැන් කැසිනෝ ජය සමරයි
    කැට පාලා කියමි එතුමා මුන් වනසයි

    ReplyDelete
    Replies
    1. //1-ගඟ කාලා වැලි අදිනා සුදු මල්ලී
      2-ගස් කපලා කොට අදිනා කිරි මල්ලී
      3-වී හංගා බත් පතටත් කෙලි මල්ලී
      4-ටෙලිකොං එකේ ලී ඉරනා පොඩි මල්ලී//

      සහෝදර සමාගම් නෙවෙයි ඕවා..අරහෙන් මෙහෙන අහුලගත්තුවා වෙන්නැති..! :D :D :D

      Delete
    2. ගයාත්‍රි ++++++++++++++++++++++++++++++

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. රාජ් කපුරු මතක් වුනා. අස්වනු පාලු කරන කුරුල්ලන් එලවන්න් ගෙනා මේ පබයා ගේ ඇඟේ කුරුල්ලන් කුඩු හදයි වගේ. අන්තිමට පබයා මුර කරන එකැස් සහ ලොල්ලා කුබුරේ මායිම් වෙනස් කරාවිද?

    ReplyDelete
    Replies
    1. මකසි
      රාජ කපුරු වගේ තමයි..හැක් හැක්..
      එකැස් කණාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ කලින් පඹයානේ..දැන් මෙයාම හදාගත්තු එකා නිසා කල්ල මරේ වගේ නැතැ..ඔය කෙලින් කෙරුව ගිර කොබෙයියන්ටත් කිව්වනේ අස්වනු නෙලන්න පුලුවන් කියලා එකට..සමහරවිට කුඹුරේ කෑල්ලක් දීලා දාවි තමයි..ලොල්ලාත් ඒකට දත කෑවනේ කලින්...:D

      Delete
  3. ස්ලිම් ෆිට් නෙවෙයි තරුවෝ මෝඩිගෙ හැට්ටේ
    කාවඩි නැන්දාය ගොම ඉලුවේ නැට්ටේ
    කටුසු හකා නිදි ''එක්නැලි '' හම් කොට්ටේ
    සිනහව නැති මූන නම් වගෙයි තට්ටේ

    ReplyDelete
    Replies
    1. තට්ටෙත් හැඩයි ඒ මූණට වඩා මට
      මෝඩිගේ හැට්ටේ ඇන්දා නෙව හැබෑවට
      දැන් අඳිනවා ජාතිකයක් ඇඟට හිර
      කිටිකිටියේ බඩ තදවී තියෙයි වට :D :D

      Delete
  4. Replies
    1. :O තැන්කූ තැන්කූ දේශෝ!

      Delete
  5. රතු එලියේ නැත දැන් බඩු ගහන්නේ
    රාජිතයා නැත හොරකම් කරන්නේ
    පිටුපස දොරෙන් ආ අගමැති සමගින්නේ
    සිරිසේනයා ගවපාලන කරන්නේ

    ReplyDelete
    Replies
    1. කොරනට පාලනේ ගව අපේ හරක් රැල
      දුන්නේ පැනලාය වෙනසක් කරන්නට
      යහ නම් නැතෙයි පෙනෙනට මුන්දැලා තුල
      රාජිතයා තමයි හොඳම උපාසක! :D

      Delete
    2. නාමල් බේබි ගේ ලියුමට විස්ව විද්යාල ඇතුලත්වීම ලබාදීම ගැන විස්සොප වූ කස්ටිය සිරිසේන ගෙ ලියුමට අගවිනිසුරු කම ලබා දීම ගැන හරි ආඩම්බරයි මෙයා

      Delete
    3. සරස:
      ආයෙත් අහලා බං ආඩම්බර නොවී කොහොමද? නාමල් බේබි ඇක්සෙකටිව් පවර්ස් පාවිච්චි කොරලනේ සලකලා බලන්න ලියුම ගැහුවේ...ඒ වගේද සිරිසේන ගැහුවේ ඇක්සෙකටිව් පවර්ස් පාවිච්චි කොරලයැ...! ඕන් බලපන් ලංකාවේ අධිකරණයක් එක ලියුමෙන් හොල්ලන්න පුළුවන් යහපාලනයක් රටට ගෙනාවේ කවුද අපේ පඹපාල සිරිසේන ප්‍රමුඛ ආඬි රොත්තනේ...ආඩ්ම්බරේ තරම රෙද්ද පල්ලෙන් බේරෙනවා...

      Delete
    4. ''සේනා-සිරී'' යහ පාලන ගුණ මූද
      හානා හීය අඬහැරයෙන් පෙනුනාද?
      හූනා වගේ කිව්වේ මේවා නේද
      නෝනා නෑවෙ සාරිත් ඇඳගෙන නේද?

      Delete
    5. @ Gayathri +++ එල ම තමා

      Delete
    6. gayathri සුපිරි ++++++++++++

      Delete
  6. හෙහ්, මේක සුපිරියි..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු මලයා! :)

      Delete
  7. අඩෝ පට්ටයි බොල...
    මට මතක් වුනා ආපහු අර බස්සි ලියපු " පඹයෝ දෙන්නක් දවන්ධ සටනක" කවිය ..

    කවිය අවියක් කරන් ලියනට
    අවිය සටනට මුවත් තියනට
    තනියා ලියනා කවිය අහන්ට
    එන්ට ඕනා යලි දවාලට

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු මචෝ..
      බස්සි ලිව්වේ කුඹුර වෙනස් කරන කතාවක් වගේ එකක් නේද? කොහොමත් උගෙයි මගෙයි දේශපාලන මතේ පරස්පරයි, නිමිත්ත එක වුණාට..

      කෝ උඹ දවාලේ කවි මඩුවට ඇවිත් නෑ වගේ...:P

      Delete
    2. එකම දේශපාලන මතේ දෙන්නෙක් ඉන්න ඕඅන නෑ බං. පරස්පර මත තියෙන නිසා තමයි ලෝකේ ලස්සන වෙන්නේ , විවිධාකාර වෙන්නේ. වැදගත් වෙන්නේ අන්මතය ඉවසීමට පුරුදු වීම . එතකොට ප්‍රශ්න මොනවත් නෑ.

      Delete
    3. ඒක ඇත්ත..හී හී..දවාලේ ආයෙත් එන්න ඕන කියලා තිබ්බ නිසයි බං ඇහුවේ..:D

      Delete