Thursday, January 29, 2015

අපේ රොබින්හුඩ් අයියා!

පොළොව කාස්ටක වෙලා..ඉරිතලලා..ඡන්දෙන් පස්සේ ආකාශ් තරහවෙලා වැස්සේම නෑ..හුළං ගහන් හරි නාන උන් නාවන්නේ මක්කටෙයි කියලා හිතිලා වෙන්නැති..
පොඩ්ඩක් ඉන්න...කහඉර ලඟ හිටන් කල්පනා කර කර හිටියේ කොළ බොත්තම ඔබන්න කම්මැලිකමට..
අම්මට සිරි! කවුද හැන්ඩි බුවෙක් පරණ ජීප් කට්ටක් නවත්තන් මං දිහා බලන් ඉන්නවා..! අනේ අම්මාපල්ලා කෙල්ලෙක්ට කහඉර පනින්න ඉන්න බෑ නේ මේ රටේ! යහපාලනේ මෙච්චර තියෙද්දි! මම ඌට රැව්වා..හහ්! ආවා මෙතන!!

ලඩියේ දොර ඇරුණා...කොල්ලා බිමට පැන්නා...නෑ වැටුණද මන්දා...
හත් ඉලව්වේ! උගේ පුක ගිනි අරන්!!!
නෑ නෑ පුක්ස්ම නෙවෙයි..ඒක වහන් ඉන්න ඩෙනිම..
ඉලන්දාරියා නොනවත්වා ගිනි ගත්ත පුක්ස් බිම ගහගන්නවා..

"අ..අනේ..නංගී..නිවහංකෝ..නි..නිවහංකෝ...මාව පිච්චෙනෝ!! හායි...හම්මෝ...ෂූයි! "

නිවන්නම තමයි ගිනි තිබ්බේ..! හහ්!

"මොකටද උලමෝ මේ වගේ යහපාලන සමයක උලමෙක් වගේ ගෑණු දිහා බලන් ඉන්නේ? බොට පාචනේද?" 

"ගෑ...ඌයී..ගෑණු...උල්..උලමා..අනේ පිස්සුද මගේ සුදු නංගෝ..මම මේ ඔයා පාර පනිනකන් වස්තුවේ බලා උන්නේ..!"

හෑ??? 
ඒ සැරේ වැටෙන්න ගියේ මාවයි!!
යකෝ මම පාර පනිනකල් ඔහොම තවලමක් නවත්තන් හිටියමද කොහෙද..!

ඌ පුක්ස් බිම ගහගන්න එක නවත්තලා නැගිටලා ආවා..හරියට අන්තර් රාජ්‍ය යුධ තරඟාවලිය තියෙනකාලේ කොළඹ ආව අපේ කපුංචා සෙන්පතිතුමා වගේ අමාරුවෙන් කුන්දු ගගහා..! ගිනිගත්ත තැන තඩි හිලක් ඇවිත් ඒක එක අතකින් වහන්!

ම්ම්...මූ මේ මොකාටද එන්න හදන්නේ...??
කෝකටත් කියලා උදේ හවා ගෙනියන කපුකුඩේ මිට තද කරලා අල්ලා ගත්තේ, යහපාලනේට කලින් ඕක පාවිච්චි කිරීමේ විශේෂ පුහුණුවක් තිබ්බ නිසා..දැන් නම් සටන් ක්‍රම වල් වැදිලා..ඇයි ඉතින් භාවිතයක් නෑ නේ...දැහැමෙන් සෙමෙන්..

ජැක් ගැහුවත් කලබලයක් නැතුව දැහැමෙන් සෙමෙන්..මෛත්‍රීය පතුරන හන්දා ගෑණුත් ඔහේ දීගෙන ඉන්නවා දන්සැල වගේ...සාමකාමී ෆන් තමයි! 

"නංගී සමාවෙලා මට ලේන්සුව දෙනවද?" ඌ හරි බයාදු විදියට හිල අතින් වහන් ඇහුවේ හරියට මහින්ද රාජපක්ෂගෙන් ගුටි කෑව මැරවිනුයි මාලකයි වගේ..

"ලේන්සුව?? මොකටද තමුසෙට මගේ ලේන්සුව??" රෝසි ඇන්ටිගේ නොම්මරේ සර්ච් කරන ගමන් මම ඇහුවේ අඩියක් පස්සට අරන්..

"අනේ නංගී මේ හිල වහගන්න.අද උදේ පිටකොටුවෙන් ගත්ත අලුත්ම ඩෙනිම නංගී..ඉහි ඉහි..මම දැන් ෂූටිං යන්න පරක්කු වුණොත් හම්බෙන සතේටත් කෙළ වෙනවා...බලන්නකෝ මම ආචාර ධර්ම පිළිපදින්න ගිහින් වෙච්චි වින්නැහියක්" ඌ හිල අල්ලෙන් වහගෙන බිම ඇණතියන් මීහරකෙක් වගේ අඬනවා...කොහොමත් ඇඳන් හිටියේ කොට හැට්ට කෑල්ලක් නිසා රතුපාට අණ්ඩේ පදාසයක් එළියේ...ඒකට මොකද නිකන් චීස් බෝලේ වගේ සුදුම සුදුයි ඈ..! 

සකල සරීරේ දිහා බැලුවම නම් හොඳ තැනක ටිකක් සර්කිට් ෂෝට් වෙච්චි කොල්ලෙක් වගේ..අනේ අප්පේ..මං හින්දා පුක්සුත් පුච්චගත්ත එකානේ...මගේ ගෑණු හිත වෙඬරු පිඬක් වගේ උණු වෙලා...

"හරි හරි අයියේ, සමාවෙන්න..මම හිතුවේ මදාවියෙක් කියලා.."

ඒක ඇහුණා විතරයි කොල්ලා තුවාලෙකට ලුණු දැම්මා වගේ පටස් ගාල කෙලින් වුණා..අත් හතරැස් කරන් වටයක් හෙමින් කැරකුණා..

"මදාවි...කවුද යකෝ මදාවි..!! වරෙන් මදාවි ඉන්නවා නම් එළියට...මේ වන්ෂොට් එක්ක හැප්පිලා බලන්න..හොරුත් එකයි යකෝ මට මදාවිත් එකයි.."

ව..න්..ෂො..ට්!! 
මම පටස් ගාල දබරැඟිල්ල වම් කණට රින්ගෝලා හයියෙන් කැසුවා..මේ රතු ලංකට්කාරයා කිව්වේ වන්ෂොට් කියල ද? 

"අනේ අයියා...."
මගේ පිම්ම කොච්චර සැර වුණාද කිව්වොත් වන්ෂොට් අයියට උතුර දකුණ මාරුවුණා...
"අනේ...ඔයා අපේ වීරයා...මහජනතාව වෙනුවෙන් කැපවෙච්ච අපේ කාලේ රොබින්හුඩ්...අනේ...ඔයාමයි නේද මේ..."මගේ චුම්බන වරුසාවට මැදිවෙච්ච වන්ෂොට්ගේ මූණ නිකං පුදුකුඩුඉරිප්පුවල කොටුවෙච්ච කොටියෙක්ගේ වගේ උණා..

"මේ..මේ..නංගී පිස්සු කෙලින්නේ නැතුව බහින්න..! පිස්සුද !! මොනවද මේ කරන විකාර!" මිනිහා මගේ කකුල් පූට්ටුව ගලවගන්න බුදු ගේමක් දෙන ගමන් බනින්න පටන් ගත්තා...

"මේවා මේ සෙල්ලම් වැඩද? මගේ දේශපාලන හතුරෙක් දැක්කොත් කියයි මම මහ දවල් කෙල්ලෙක්ව රේප් කළා කියලා කහ ඉරක් උඩ! ඔයාට තේරෙන්නේ නෑ මේ සමාජේ විසමයි කුරිරුයි..අනික මට පරක්කුයි...ෂූටිං ඉවර වෙලා ගෝල්ඩ් ප්ලේටඩ් කාර් එකක් හොයන්නත්  තියෙනවා.." මූ පිස්සු බල්ලෙක් වගේ පුටු පුටු ගගා මට බණිනවා...

"අයියා අනේ මාත් එන්නම් අයියා ඔයත් එක්ක...මම හරීඊඊඊඊම ආසයි අයියා ඔයාගේ ඇඩ්වෙන්චරස් වැඩ වලට...අනේ අයියා...මම සිරිසේනට දුන්න එක්කෙනෙක් සොරි මේ ඡන්දේ දුන්න එක්කෙනෙක් අයියා...මාව එක්ක යන්න මගේ දෙයියා..." මගේ උන්මාදනීය වන්ෂොට් ප්‍රේමය උතුරලා බිම වැටුණා...අයියා එහි ලිස්සා වැටුණා...!!

"හරි හරි..."

"අනේ අයියා මාව එක්ක යන්නකෝ අයියා මං ආසයි ඔයාලගේ හොරා පොලිස් වැඩවලට අයියා.." 

මගේ කන්කරච්චලෙන් බේරෙන්න බැරි තැන පොර කැමති වුණා මාව එක්කන් යන්න ෂූටිං එකත් බලාගෙන හොරා පොලිස් සෙල්ලමට...

මං අර ලඩියට නැගලා දැම්මා මෙසේජ් එකක් හබී බබීට "මම වන්ෂොට් එක්ක යනවා ගමනක්" කියලා..

"කමක් නෑ සුදූ ඔයා එද්දි රෑට කන්න මාළු පාන් 2ක් ගේන්න" කියලා උත්තර ආවා.

නෙද්දකින් අදත් රෑට මාළු පාන්..!
හාල් හිඟයක් නිසා දැන් හැමදාම කන්නේ ඔය රෙද්දේ මාළු පාන තමයි..ෂික්! 
වන්ෂොට් අයියගෙන්වත් බත් කටක් කන්න ලැබුණොත්..

***********************************************
ජීප් ලඩිය ගිහිං සෝලිස් එක ඉස්සරහා නැවැත්තුවා...
කණ්නාඩි දැම්ම සුදු ඇඳපු කොට බුවෙක් පිටපත අතේ තියන් පිම්මේ දුවගෙන ආවා..
"එන්න එන්න ඇමතිතුමා...ඔබතුමා එනකල් සෙට් එක ලෑස්ති වෙලා බලන් ඉන්නේ.."

මගේ ලේන්සුවෙන් හිල වහගත්තු වන්ෂොට් අයියා ලඩියේ හැන්ඩ්ල් එකේ එල්ලිලා හරිම කඩවසම් විදියට බිමට බැස්සා..

"නංගී..බහින්න.." එහා පැත්තෙන් ඇතුළට එබිලා බොලිවුඩ් ස්ටයිල් එකෙන් කිව්ව එයා පස්සෙන් මාත් වැටුණා..

අම්මට සිරි..!
මාර කෲ එකක් නේ!
කට්ටිය බොහොම ගරුසරු ඇතුව වන්ෂොට්ව පිළිඅරන් තිරේකින් වැහිච්ච තැනකට ගෙනිච්චා...මාත් සෙනඟ අස්සෙන් රිංගලා එතනට පැනගත්තා..
අප්පද බොල..! මේ සෝලිස් එකේ වළං හෝදන තැන නේ..වළං හෝදන ඉඳුල් වතුර කාණුවක් උඩ Damro පුටුවක් තියලා ඒකේ වන්ෂොට් අයියව වාඩි කරගත්තු වේසනිරුපණ සිල්පියා පෑන්කේක් එකක් මූණේ අතුල්ලා රෝස පාට ලිප්ස්ටික් ටිකක් කටේ ගාලා අයියව සරසවන්න ගත්තා...ඒ අස්සේ තව එක්කෙනෙක් අයියගේ ෂර්ට් එක ගලවලා අමන්ටේ ස්ටයිල් ටැටූ එකක් පින්තාරු කරන්න ගත්තා අයියගේ අඟල් 42ක් විතර පළල පපුවේ...මට නිකං මොකද්ද වගේ..කම්මුල් රතු වේගෙන එද්දි මම අහක බලාගත්තා...

"ඇයි නංගී ලැජ්ජද?"
මං මුකුත් නොකියා ඔළුව වැනුවා..

"ඕවා ගණන් ගන්න එපා නංගී..කරුණා අපේ පැත්තට එද්දිවත් අපි ලැජ්ජා වුණේ නැති එකේ මේ ටැටූ එකට මොකට ලැජ්ජා වෙනවද? මේ මල්ලි..මෙතන හරියට වැහිලා නෑ නේ..තව පොඩ්ඩක් පාට තද කරන්න...මොකද්ද මම කිය කියා හිටියේ...අහ්හ් ලැජ්ජාව ගැන නේ...මේ කොල්ලෝ ..මේ නංගිට වාඩිවෙන්න පුටුවක් ගෙනෙන්කෝ..බලහන් උඹලට ආචාර ධර්ම නෑ නේ..ගෑණියෙක්ට සලකන්න දන්නේ නෑ..ෂිහ්! රෝසි අක්කා ආවා නම් හම්බෙයි උඹලට අම්මා මතක් වෙන්න! මේ..සොරි නංගි, ඉතිං ලැජ්ජා වෙන්න එපා...දැන් අපිට සමාජයක් රටක් හැටියට ලැජ්ජා වෙන්න අවශ්‍යතාවක් නැති අදක් අපි අද නංගිලාට ලබල දීලා තියෙනවා..තව දුරටත් නංගිලා සල්මන් ඛාන්ලට රැවටෙන්නේ නැතිබව නංගිලා ඔප්පු කරලා තියෙනවා...දැන් ඉතින් තව දුරටත් අපේ සහෝදරියෝ සවුදියේ දුක් විඳින්න යන්න අවශ්‍ය නැති හෙටක් අපි උඹලට හදල දෙනවා මයේ නංගියේ..මට වාවන්නේ නෑ නංගියේ සවුදිවල මැරුම් කාපු අපේ සහෝදරියෝ...ආආව්ව්ව්!! යකෝ පරිස්සමින් මගේ ත....සො සොරි නංගී...මට මේවා දරන්න බෑ නංගී...බලපන් අද උඹ පාර පනින්න කහ ඉර ලඟ ඉඳන් කල්පනා කරනවා..උඹලට කන්න තිබ්බ සල්ලිවලින් කලින් හිටි රජා ලැම්බොගිනි පදිනවා..අපි අදත් එකක් හොයාගන්නවා...උඹ බයවෙන්න එපා...අපි උඹලට පාරවල් අයිනේ හිටං කල්පනා කරන්න තැවෙන්න දෙන්නේ නෑ නංගී..." අර උලපු පෑන්කේක් එක දියවෙලා යන තරමට අයියා අඬනවා...මම හරි සංවේදී කෙල්ලෙක්...ඒක බලන් ඉඳලා මගේ ඇස් වලින් 'ගොඩ ගොඩ' ගාලා කඳුළු ගලනවා....

"ෂ් ෂ්...මල්ලි, ඔන්න ඔය ටිෂූ පෙට්ටිය අරන් වරෙන් මල්ලි..." ෆ්ලෝරා ටිෂූ දෙකක් එකට තියලා හොටු තලියක් සූරපු අයියාගේ කට වැහුණා තරහට කෑව ලිප්ස්ටික් ටික ආයේ ගාන්න පටන් ගත්තු නිසා..

වැස්සක් වැහැලා පෑව්වා වගේ...මම කඳුළු පිහින් ගමන් ටිෂූ එකට සැනසුම් සුසුමක් හෙලුවා...

ටේක් එක රෙඩි අයියා..

********************************
අයියගේ බ්‍රා එක ටැටූ කරන්නම සෑහෙන්න වෙලාවක් ගියා...

අන්තිමට ටේක් එක පටන් ගත්තා...

"ඇක්ෂන්" කියල ලෑලි කෑල්ලක් 'පටස්' ගාලා වද්දෝනකොටම වන්ෂොට් අයියා කම්බිවලින් වහලේ එල්ලලා තිබ්බ මොටෝබයික් එකක නැගිලා මරාගෙන මැරෙන කොටියෙක් වගේ සීන් එකට එන්ටර් වුණා...එන්ජින් එක ඕෆ් කරලා තිබ්බට පසුබිමෙන් ස්ටාට් කරපු සයිකලේක පුටුපුටුවයි රේස් කරන සද්දයි ඇහුණා...අයියා වැඩර් වගේ බයිසිකලේ පොළොවෙන් අඩි ගාණක් උඩ තියෙද්දි හුලඟට පෙරලෙන රූස්ස ගහක් වගේ මේසයක් උඩට පැන්නා...එතකොටම නයිටීඇන් එකේ අළුත් සභාපතිතුමාගේ මූණ තියෙන කෙට්ටු එකෙක් බැටන් පොල්ලක් අමෝරාගෙන අයියා දිහාට දුවන් ආවා...අයියා උගේ මූණ දෙපැත්තෙන් ඇදලා තමන් ලඟට ගත්තේ හරියට බොලිවුඩ් ෆිලුම්වල තරහ වෙලා යන්න හදන කෙල්ලව ඇදලා අරන් කිස් එකක් දෙන සල්මන් ඛාන් වගේ...මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා...හව් ස්වීට් අනේ...! 





ඌව ඇදලා අරන් කණ් දෙකෙන්ම උස්සලා මේසයක් උඩට විසිකර පාරේ සැර කොච්චරද කියනවා නම් මේ සෝලිස් එකේ මේසයක් කැඩුණා ඕයී දරගොඩක් වගේ..!! තව එකෙක් ලොකු රතු පාට තිරේ අස්සේ ඉඳන් වෙඩි තියන්න ගත්තා...
"අනේ..අයියා ඔන්න..." මට කෑ ගැහුණට එතන තිබ්බ සද්ද බද්ද ගොඩේ හැටියට ඒක නිකන් දොරට අහුවෙච්ච කොස් ඇට මීයෙක්ගේ "කීක්" ගෑවිල්ලක් වගේ යටපත් වෙලා ගියා...

වන්ෂොට් අයියා උඩ පැනලා අර ලොකු චැන්ඩ්ලියර් එකක එල්ලුණා..වෙඩි තියන එකා ඒම් එක ගත්තා ගත්තා මුළු චැන්ඩ්ලියර් එකේම බලුප් බිඳිලා ගියත් අයියට මොකුත් උණේ නෑ...අයියා පැද්දිලා ගිහින් දත්මිටි කාගෙන වෙඩි තිබ්බ එකාගේ ඔළුවට 'දඩාං' ගාල පාරක් දුන්නා...අයියගේ අතේ කිලෝ ගාණක මස් ගොබේ හරි කැත විදියට හෙල්ලුණා..ඒවෙලේ නම් මට ඔක්කාරෙට ආවා...

ආයෙත් මං හැරිලා බලනකොට අයියා නිකට පහත් කරන් යක්ෂ ඇස්වලින් මා දිහා බලන් දත් විලිස්සන් බලන් හිටියා...ටැටු ඇඳපු පපුවේ මස් ගොබේ අමුතු විදියකට හෙලෙව්ව අයියා නිකන් ස්පාඤ්ඤ කුළු කරකෙක් වගේ එක කකුලකින් බිම හෑරුවා..
පසුබිමෙන් මෙන්න මෙහෙම දෙදරුම් කන මියුසික් එකක් ඇහුණා..."අවූඌ...අවූඌ....අවූඌ..." 
"අහ්..අනේ..අනේ අයියා එ..එපා..." මම දුවන්න හදනකොටම විල්සන් කරූ මගේ ඉස්සරහින් මතුවුණා...

"හප්පෙ...ඇති යන්තම්.." කියලා ආයෙත් රිලැක්ස් වෙනකල් කැමරා කාරයා ජබර කලන්තේ හැදෙන තුරු ට්‍රැක් ඩොලියෙන් අයියයි විල්සන් කරුයි වටේ රවුම් ගහන්න පටන් ගත්තා...

අන්තිමට දෙන්නා ගහගත්තා...බලන්නකෝ නිර්භීතකම කියන්නේ දෙන්නම උඩ නිර්වස්ත්‍රෙන් අලි සයිස් පපුවල මස් ගොබයි අත්වල මස් ගොබයි හොල්ල හොල්ලා මස් පරුවත දෙකක් වගේ යුධ වැදුනා...පැය කීපෙකට කලින් මගේ බැල්මෙන් පුක්ස් පුච්චගත්ත සුන්දර ළාමක තරුණයා ජවසම්පන්න කුළු මීමෙක් වෙලා...අනේ...හරිම ෂෝයි අනේ...

***********************************
අන්තිමේ මස් පරුවත් දෙක ඝට්ටනය නැවැත්තුවා...දෙන්නම එකම මේසේ පුටු දෙකක දැපිලා ඒසී එක වැඩි කරන්න ඕඩර් කළා...වේටර් කොලුවෙක් බන්දේසියක තියන් දිවුල් කිරි බුජම් දෙකක් ගෙනාවා..දෙන්නා ඒක 'චියර්ස්' කියලා හප්පන් බොන්න පටන් ගත්තා...පැත්තකට වෙලා කබ කඩ කඩ බලන් හිටිය මටත් විස්කී වීදුරුවකට දාල දිවුල් කිරි හම්බුණා...

ඒ අස්සේ වේසනිරූපණ හාදයා ඇවිත් අයියගේ මේකප් හෝදන්න පටන් ගත්තා..ටිනර් සුවඳ වැඩිකමට අයියට කැස්සකුත් ආවා..හෙමින් අතුල්ලහන් බං කියල පොඩි තගකුත් දැම්ම අයියා පවතින දේශපාලන තත්වය ගැන කරූ එක්ක කයියකට සැට් වුණා..ටිනර් කෝස් එක ඉවර කරපු ශිල්පියා යන්න ලෑස්ති වුණා..
"යකෝ මේ ටිකත් මකල දියන්!"

"මල්ලී, උඹ ඕක පිටින් පලයන් වෙනසකට වගේ.." විල්සන් කරූ අම්බානෙක දුෂ්ට හිනාවක් දාල කිව්වේ "ඩෝං" ගාල පාරක් අයියාට දෙන ගමන්...

"පි..පිස්සු කෙළින්න එපා යකෝ...මෙහෙම යන්න පුලුවන්ද දේශපාලන වැඩවලට...මහින්දගේ උන් මට හිටං හිනාවෙයි අමන්ටෙ එකක් ඇඳන් හොරු අල්ලන්න ආවය කියල..මේ මේ විහිළු නොකර මෙහෙ වරෙන් කොල්ලෝ..මෙන්න මේ මගුල මකල දියන්..! "
ටිනර් බෝතලයක්ම ගියා ඒ කැටයම මකන්න..ඒ මදිවට සමහර තැන්වල ටිනර් ගෑවිලා අයියා තිබ්බ හූවට මාව අඥ්ඥකොරොස් වෙලා ගියා...

පව් දෙයියනේ...ඔය ඔක්කෝම විගඩම් අපිව පිනවන්න නේ..කොහෙද අපේ සම හරක්ට මේ මිනිහගේ අගේ තේරෙන්නේ නෑ නේ..!
මේ සැරේ සුමති ටෙලි සම්මාන එකට ජනප්‍රිය නළුවා කූපන් 2ක්වත් දාන්න මම ඒවෙලේම හිතාගත්තා...

********************************
අයියා සෝලිස් එකේ කුස්සිය පැත්තේ කරාමෙකින් ලයිෆ්බෝයි පොත්තක් උලලා නාගෙන එනකල් මම දම්රෝ පුටුව උඩට වෙලා කාණුවේ නලියන පණු පැටව් දිහා බලන් හිටියා...

අයියා අතුත් කොට ඇඟත් කොට සුදු සව් කඩදහි ෂර්ට් එකකුයි සුදු බෙල්බොටම් කලිසමුකුයි ඇඳන් ටිනර් මිශ්‍ර ලයිෆ් බෝයි සුවඳ විහිදුවමින් ඇවිත් මගේ ලඟින් හිටගත්තා...

"පණුවෝ නේද නංගී.."

"හ්ම්ම්..." මම ඔළුව නොඋස්සාමා හිතුවේ පණුවෝ ගැන නෙවෙයි..
මෙච්චර ජනප්‍රිය නළුවෙක් වෙලත් අඩුම ගාණේ ටිනර් සුවඳ මැකෙන්න බ්ලැක් නයිට් පොඩ්ඩක්වත් විදගත්තේ නැති මේ ආදර්ශමත් කොල්ලා ගැන...
ඒකටත් එක්ක අපේ මිනිහා...! සොරි මගේ..
හාල් ඇටයක් ගන්න සල්ලි නැතිවුණාට මොකෝ උන්දෑ උදේට වැඩට යන්න කලින් සෙන්ට් උලන්නේ කැරපොත්තන්ට මෝර්ටීන් ගහන්නහෙ..! අනේ ඒ අතින් මේ පුරුෂයෝ කොයිතරම් උතුම් ද? අපිව පිනවන්න, ආරක්ෂා කොරන්න, දරු කුටුම්බයක්වත් නොගෙන, ඇඟ පුරා ටිනර් ගාගෙන, එක එකාගෙන් අනේක විධ කතන්දර අහගෙන කරන මෙහෙය..රත්තරං අප්පා...කාණුවේ පණුවෝ ටික බොඳ වෙලා යන තරං ඇස්වලට කඳුළු පිරුණා..

වන්ෂොට් මහින්ද රාජපක්ෂ වගේ මගේ ඔලුවට අත තිබ්බා...
"නාඬා වරෙන් නංගියේ යන්න...අපි දැන් හොරා පොලිස් සෙල්ලමකට යන්න ඕන"

මාත් කීකරු වෙලා පස්සෙන් වැටුණා...

*******************************
"නංගී, ඔන්න ඔය ෆෝන් එක අරං ෆෝන්බුක් එකේ ඇති සුජී සෙනේ කියල නොම්මරයක්...ඒකට කෝල් එකක් ගන්න හොඳ කෙල්ල වගේ.."

මාත් වන්ෂොට් අයියගේ ලඩියේ කබි හෝල් එකෙන් නොකියා 1100 එක අරන් සුජී සෙනේට ඩයල් කළා..කාලයක් තිස්සේ ස්මාට් ෆෝන් අල්ලපු මගේ ඇඟිලි තුඩු නොකියා එක නුහුරට ඔබන හැටි බලන් ඉඳලා අයියට හිනා ගියා..එවෙලේ අපි හිටියේ පැපිලියාන හන්දියේ මී හරක් පට්ටියක් පාර මාරුවෙනකල් නවත්තගෙන...

"හුරු නෑ නේ..?" 

"හ්ම්ම්.."

"දැක්කනේ නංගී අපිට සැප සම්පත් ඕන නෑ...මොබයිල් එකක අවශ්‍යතාව තියෙන්නේ කෝල් එකක් ගන්නයි, මෙසේජ් එකක් කියවගන්නයි විතරයි...අපි එහෙමයි නංගි යහපාලනේ පටන් ගත්තේ.."

එතකොට එහා පැත්තෙන් සුජී සෙනේ අන්සර් කලා..ස්පීකර් නැතුවම උන්දැ කිව්ව සේරම ලඩියේ එන්ජිමේ සද්දේ පරද්දගෙන මගේ සවන් මත පතිත වුණා...

"හ..ලෝ..."

"හලෝ සුජී..සුජී මම වන්ෂොට්..අනේ දැනුයි මචං මගේ ෂූටිං එක ඉවර වුණේ...අර වැඩේට මොකද වුණේ..?"

"ආහ් මචං මම දැන් එතන ඉන්නේ...කිව්වා වගේ ගෝල්ඩ් ප්ලේටඩ් නම් නැහැ..හැබැයි ප්ලැටිනම් ප්ලේටඩ් ද දන්නේ නැහැ...මම හිතනවා එහෙම...දැන් අපි භාණ්ඩේ පිළියන්දල පොලීසියට ගෙනියනවා.."

"අයියෝ...ජස්ට් මිස්ඩ් ද කෙස් ගස් නේ මචං...ෂික්! මට මේ ල..බේ ටැටුවක් මකන්න වුණා බං සෑහෙන්න වෙලාවක් ගියා ඒකට.."

එහා පැත්තෙන් සුජී කහින්න ගත්තා...කැහැ කැහැ මිනිහා අමාරුවෙන් කියනවා..."මචං ඇයි උඹ එහේ ටැටු ගැහුවේ...කාට බලන්නද..? හා හා හා...හූ හූ...ඔන්න මචං මම නම් කමක් නෑ...කීදෙනෙක් ඕක බලන්න පොර කනවද..? හා හා...මචං උඹට කියන්න...මුන් හිතන් ඉන්නේ මගේ මූණ වගේම ලස්සනයි කියල හැමතැනම..." සුජීගේ කැස්ස සිරිපිනාගේ ඇදුම තත්වෙට ආවා...

"හරි හරි සැප ඇත්තෝ කති බොති කොටති..මේ ඒක නෙවෙයි මම දැන් ඔතනට එනගමන්..පැපිලියානේ ඉන්නේ.."

සුජීගේ කැස්ස හොඳ වුණා...
"ආහ් වැඩක් නෑ මචන් දැන් නම් ඇවිත්...නෝ පොයින්ට්..කාර් එකත් ගෙනිච්චා...අනික උඹේ පාට් එක ස්ටෑන්ඩ් බයි නළුවෙක් රඟපෑවා...අවුලක් නෑ...ඌ මෙතන ඉඳන් බැන්නා කියන්නේ මචං ඕඅයිසීට කලිසමේ චූ ගියා හිනාවෙලා...මාර තාත්විකයි..බැණිල්ල නැවැත්තුවේ කාර් එක පොලීසි මිදුලේ නතර කරලා එන්ජිමත් නිවුණට පස්සේ.."

"යකෝ ඒකේ එන්ජිම එච්චර වෙලා රත්වෙලා තිබ්බද?"

"ඔව් ඔව් ඒවා එහෙම තමයි...ආයේ නිකන් ද රාජපක්ෂලාගේ නේ..බඩු හොට් හොට්..!"

"හරි..එහෙනම් මම වෙන වැඩකට යනවා...ඔතන ටික උඹම කරගනිං...ගුඩ් ලක් මචං..සී යූ...උම්ම්ම්ම්මා..."

"උම්ම්ම්ම්ම්මාආආ...ටේක් කෙයා මචං...හවස ආප්ප පාටියටත් වරෙන් ටෙම්පල් ට්‍රීස්..ලොක්කා උඹට ගිල්ලන්න කඩුවක් තියන් බලන් ඉන්නවා...බායි..."

හිනාවත් කෝල් එකත් එක්කම කට් කරගත්තු වන්ෂොට් අයියා රජිනි කාන්ත් වගේ ෆෝන් එක කබිහෝල් එකට විසි කලා..

"උගේ අම්මට...((*$^*&@$*&@ පරයා..ගිහින් දාගත්තානේ ඌ ඒකෙත් ලකුණු ටික..හහ්! හොඳයි බලමු..."

කහ ඉර උඩින් යන්න ආව කඩියෙක්වත් චප්ප කරන් ජීප් එක හැරෙව්ව වේගෙට ජීප් එකේ දොර ඇරිලා මාව වැටෙන්න ගියා...

"අ..අයියා..."

"න..නංගී..." මම දැක්කා එයාගේ ඇස් වලින් පිළිඹිබු වෙච්ච ත්‍රාසය, භීතිය, ශෘංගාරය, ප්‍රේමය...අනේ...මම හිතුවා අර්ජුන් කපූර් ප්‍රියංකා චොප්රාව ඇදලා ගත්තා වගේ මාව ඇදලා අරන් බේරගනී කියලා..

නෑ...සේරම ස්ලෝ මෝෂන් වුණා..මට දැනුණා මාව උඩුබැල්ලෙන් වැටෙනවා..ලෝකාන්තයකට...වන්ෂොට් අයියා 'නංගී' කියලා කෑගහනවා ස්ලෝ මෝෂන් වුණා..එයාගේ බාගෙට ලිප්ස්ටික් පිටින් තිබ්බ කට ඇරුණා හරියට මෝය කට වගේ...කම්මුල් දෙදරුවා...ඇස් එළියට පැන්නා...කෑගහපු පාරට බෙල්ලේ නහර ඉලිප්පුණා...මගේ ඇඟිලිවල ගෑවි නොගෑවිගෙන එයාගේ අතින් මගේ අත ගිලිහුණා....ගිලිහෙන ඇඟිලිවල වෙදැඟිල්ලේ මුද්දක් දිලිසෙනවා...මගේ...අනේ මම බැඳල ද??

"අයි...යාආ..."

"මේ මේ ඕයී...නැගිටිනවකෝ...අන්න මාලු පාන් එලියෙන් තිබ්බා...රත් කරලා ගන්නවකෝ ඉක්මණට වැඩට යන්න..." 
මෝටින් ගඳක් ඉහින් කටින් පෙරාගෙන අර මුද්දේ අයිතිකාරයා මගේ ලඟ හිටන් ඉන්නවා...අයියා නෑ..මම පාපිස්ස උඩට ආවේ කොහොමද?? 

"රෑ තිස්සේ බුකියෙයි බ්ලොගෙයි පත්තරවලයි ඇවිදිනවා..දැන් මෙතන හතරගාතෙන් වැටිලා නිදාගන්නවා..අනේ අම්මපා මෙහෙම ගෑණු..! " සුපුරුදු කන්දොස්කිරියාවේ මාව තනිකරලා එයා ගිහින් අනේ..! 



16 comments:

  1. ඔය රන්ජොං ගොබිලා මහචාර්ය ඉන්ද්‍රජී අමරසිංහ හට අයත් ඉන්ද්‍ර මානෙල් නැමති හෝටල්යේ සිට පික්චරයක් කරන ලදී. එය වසානයේ බිල නොගෙවා මාරු විය. නඩුවක් දැමිනි. ඒ සමගාමීව රන්ජොං සබරගොමුවට ඌ ඇන් පී එකෙන් චන්දෙට ඉදිරිපත් විය. උපන් ගෙයි ඌ ඇන් පී කාරයෙකු වූ ඉන්ද්‍රජී තුමා තමන් ගේ කපුවත් කොල පක්සේ නිසා නඩුව බිල ගෙවුවා කියා ඉල්ල අස් කර ගන්න ලදී


    ඒ කෑල්ල ඔයා ගෙ හීනෙට දැක්කෙ නැද්ද මෙයා?
    http://www.island.lk/2007/07/07/news28.html


    Non-settlement of hotel bill
    Ranjan R appears before Teldeniya Magistrate
    by Cyril Wimalasurendre


    KANDY: Popular film star and film producer Ranjan Ramanayake on whom a warrant had been issued by Teldeniya Magistrate Mr. Saliya Perera appeared before court yesterday (06).

    Ramanayake responded to the warrant by appearing a week ahead of the date of the case. The warrent was issued returnable on July 17.

    He was wanted in connection with a complaint of non-settlement of a hotel bill amounting to Rs. 750,000.

    Ramanayake was cited as a respondent along with his companion Rohan Pinnaduwa, a film producer.

    Rohan Pinnaduwa appeared in Court on the previous date.

    ReplyDelete
    Replies
    1. සිරාවට?? :O
      ඕක වෙලා තියෙන කාලේ නම් මම තරමක පොඩි එකෙක්..හැබැයි අපරාදේ කලින් දැනන් උන්නා නම් හීනෙට අමුණගන්න තිබ්බා අනේ..ස්වීට් රංජා නේ? බලන්නකෝ ඒ කාලේ ඉඳන්ම යහපාලනේ තිබිලා නේ අනේ.. :D :D :D

      Delete
  2. මේක නම්ප්‍රේමය,ත්‍රාසය,කුතුහලය පිරි නියමකොමඩි ෆිල්ම් එකකට හොඳ තිර කතාව සහ ටොප් ක්ලාස් දෙබස්. තනි තරුවට සිනමා ක්ශේත්‍රයේ හොඳ අනාගතයක් තිබෙයි වගේ.මවලා දුන්නා නේ.
    කහ ඉර ලඟ ඔයාව දැකලා එයාගෙ ''පඬි ෆුල්'' ආසනේ රත් වෙලාද ඩෙනිම ගිනි ගත්තේ?ඒ හිලෙන් අර රතු පාට --කට් එකක් පෙනිච්ච හැටි, හරිම ලයිව්.අමන්ටේ බ්‍රා එක,හික් හික් හික්.
    රොබින්හුඩ් , යහපාල තුමා දිවුරුම් දෙද්දී, උරිනු'ර ගැටෙමින් සීන් එකේ නොදැවී හිටියා පමණක් නොව, රහසෙන් අවවාද පවා දුන්නා.එතුමාට පශු සම්පත් අමාත්‍යාංශය දීම ගැන මම සමස්ත අහිංසක ගව මහිශාදී වර්ගයාගෙන් සමාව ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ගයාත්‍රි..:) :)
      සිංහල සිනමාවට පිටපතක් ලියලා දෙන්න මගෙත් අදහසක් තියෙනවා..ලොල්...හැබැයි ඒක බලලා ඔක්කාරය, කැරකැවිල්ල,උදෑසන අප්‍රාණිකත්වය වගේ දේවල් ඇතිවෙන්න පුළුවන් ප්‍රේක්ෂක ජනතාවට..අනික සෝමේ කැමති වෙන එකක් නෑ...හැක් හැක්...! :D :D

      උගේ ඩෙනිම ගිනිගත්තේ මගේ බැල්මට මචං..අර හැපී නිව් ඉයර් එකේ වගේ..;)
      හරිනේ බං උන්දැ පශු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නිල වශයෙන් පත්වන්ට පෙර සිටම විෂය භාර ඇමතිගේ කටයුත්ත තමයි ඒ කරලා තියෙන්නේ සිරිසේනට උපදෙස් දීලා..! ලේසි පහසු කාර්යක්යැ ගොනෙක්ට වුණත් උපදෙස් දෙන එක..:D :D :D

      Delete
  3. ඔව්.. පට්ට ලයික් ඈ...
    චිත්ත රුප මැවෙනවා අම්මප හිටු කියලා..

    ReplyDelete
    Replies
    1. හා හා...එල එල! :D
      තැන්කු අමිල..!

      Delete
  4. දුමින්ද සිල්වා මංත්‍රී තුමා සිරි ලන්කා නිදහස් පක්සයෙන් පත් වූ මංත්‍රී වරයෙකි. සිරිසේන දැන් සිරිලන්කා නිදහස් පක්සයේ සබාපති සහ නායක තුමාය.

    එක ලියුම කෑල්ලෙන් මේ රටේ අග විනිසුරු ගෙදර යවා පරන අග විනිසුරු පත් කිරීමට තරම් නිර්බීත සිරිසේන දුමින්ද සිල්වා ව තවම සිරි ලන්කා පක්සයෙන් ඉවත් කිරීමට කටයුතු කලේ නැත....

    ඒ වනාහේ සිරිසේනයා දුමින්ද ගේ කුඩු සල්ලි වලට යට වෙලා දූසනයට බීසනයට "ලයික්" දාන නිසාදැයි මේ රටේ ජහමනයා වන අපට සිතේ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැතිය..ඉස්සර විපක්ෂේ උන්ට ඉස්මුරුත්තාවට එනකල් විධායකය ගැන කියන්නට කතා තිබුණි..දැන් එක ලියුමෙන් උතුම්යැයි කියන අධිකරණයේ කළ කෙළිය විධායකය නොව සිරිසේනගේ අහවල් හැකියාව භාවිතාකොට කරන ලද්දකි..මාත් මේ බලා ඉන්නේ උන්දෑගෙන් ලියුමක් ගෙන එක දවසකට වාගේ මොකක් කෝ ලොකු පට්ටමකට පත්වී පහුවදාට විශ්‍රාම යන්නටය...! ඒ පට්ටම ජනාධිපති ධූරය වුණොත්නම් මම සිරීට සිරාවටම ලව් ය..! බැරිම වුණොත් අසාද් සාලිට බඩුවක් පංගඩාත්තුකොටවත් ලියුම ගන්න ක්‍රමයක් සොයා ගත යුතුය..

      ඊටත් හපන් විස්කි මැඩම් තමන්ගේ හීරෝයි කියන ලැජ්ජ නැති හිරුනික(ර්) ආයෙත් කැරකිලා කැරකිලා ඇවිත් සැට් වෙලා තියෙන්නෙත් තමන්ගේ වෛරක්කාරයා වූ දුමී අයියාත් ඉන්න පක්සේටමය!මහින්ද රාජපක්ෂගෙන් තමන්ට සාධාරණයක් නොවූ බව කියූ දුමීට දඬුවම් නොකල බව කිය ජනේලයෙන් පැනගොස් සිරීට දුන් සුදු නංගි දැන් සිරිසේනට මක්කා කියාවිද කියා අපි බලන් ඉමු.

      දුමීට මුකුත් නොකරන්නේ එක්කෝ දොළපිදේනියක් අරගෙනය, එහෙමත් නැතිනම් යකා බැඳගෙන මැතිවරණේදි වැඩ කොරවාගන්නය..ඒත් නැතිනම් පඹ ගතියය..:D :D

      Delete
  5. පට්ටයෝ පට්ට කියන්නෙ පටේ පට්ට හිනා වෙලාම ඉල ඇදිලද මංද ඕයි...
    සෑහෙන කාලෙකින් තරුවගෙ පෝස්ටුවක් කියෙව්වෙ...
    හිහි
    මේක නිකං හීනයක් නෙවී කිං කිලෝමීටර් හීනයක්...
    හම්මේ...
    උඹට ජය මචෝ

    ReplyDelete
    Replies
    1. හා හා...මහත් සතුටට කාරණයකි..බ්ලොගේ දැකුළුමල් කඩන්නටවත් ඇදී නොඇදුණු ඉළ මේ කියවීමෙන් ඇදුණු බව ප්‍රීතිමත් පුවතකි...හික් හික් හික්..! උණුවතුරෙන් තවා සිද්ධාලේප ගල්වන්න...ඉන්පසු පුටුවතක පත බෑවී අප වෙනුවෙන් පෝස්ටුවක් කොටන්න..අලස නොවන්න මචෝ..:D :D
      උඹටත් ජයෙන් ජය!

      Delete
  6. සක් උඹේ හීනේ බලන්න එන්න අම්බානට පරක්කු වුනානේ යකෝ. ඇත්තටම උඹට තියෙනවා හොඳ හැකියාවක් ස්ක්‍රිප්ට් ලියන්න. ලියපං ආපහු චිත්තර පටියක්. හැබැයි මට චරිතේ නැතිවුනොත් උඹ ඉවරයි හොඳේ.
    මටත් මාළුපාන් එකක් ගෙනත් තියපන් ඔය එන වෙලාවක. :P

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ මචං ඊයෙ රෑ නේ පෝස්ටුව දැම්මේ..:)
      තැන්කු තැන්කු හොඳේ...ඔව් එකක් ලියන්න ඕන..ඊලඟ චිත්‍රපටියේ උඹට දෙන්නම්කෝ කෙල්ලෝ පිරිවරන් ඉන්න චරිතයක්...:P
      මටත් මාළු පාන් එකක් කාලා තේකක් බොන්න හිතුණා ඒක ඇහුවම...:D

      Delete
  7. අම්මපා මේකටත් පේන්න වෙන හීන නැති හැටි ඇත්තටම..

    ReplyDelete
  8. අඩේ පට්ට ඈ...
    මේ ඉට්ටැයිල් එකටම "දිල් පීචං ක්‍යා හේ" එකක් ලියාන්කො ආයේ...

    ReplyDelete
    Replies
    1. තැන්කු බස්සි නගා..:)
      ලියමු ලියමු...වස්තු විෂ බීජයක් හොයගන්න එපැයි..:D

      Delete