Tuesday, January 6, 2015

Pre-election කවිය

බලය ඇතිදාට නැති නෑයෝ ඇදෙති
බලය නැතිදාට බල්ලොත් ගස්සාවී
කළගුණ සියල්ලම මොහොතින් නැතිවේවී
අඟ ලොකුවී කණ කපලා වළ දාවී

බුකියේ බ්ලොගේ මහ මඟ කන්තෝරුවේ
බසයේ දුම්රියේ හංදියේ තැබෑරුමේ
ගහ බැනගෙන පිහි ඇනගෙන නිස්කාරණේ
අපි උඹලා නොවෙයි රජවන්නේ අවසානයේ

ඒ තේරුම් නොගෙන කරනා අඬදබර
නැතිකරනවා මෙතුවක් කල් රැකි සෙනෙහ
අපි අපි අතර ඇතිවෙන ඔය අමනාප
ලොක්කෝ ඇවිත් නොකරනවා නෙව සාම

අතේ ඇඟිලි පහ එක වගේ නැත
පොල් අත්තක පොල්කොළ එක වගේ නැත
උඹෙයි මගෙයි හිතුවිලි එක වගේ නැත
උඹට හොඳයි මට නරකයි කමක් නැත

ජනේරුවේ අට වෙනිදට එළිවෙන්න
බුදුන් පුදා ගොස් මනාපේ දී එන්න
ප්‍රතිඵල බලා කූරියා ගැසුවොත් ඔන්න
මොකෙක්වත්ම නැතිවෙයි උඹ වලලන්න

අසනීපෙකට, අව හෝ වෙන මඟුලකට
ඇවිත් යන්න හෝ දෙඩුමෙන් දිරිදෙන්ට
එදත් උන්නේ අපි මිස වෙන කවරෙක්ද
හෙටත් එහෙමමයි එහි මොන වෙනසක්ද

ඡන්දේ ඇවිත් ගිනි තියලා අපෙ දිවිය
තව එකෙක්ට සුර සැප දෙයි මේ කැටය
එබැව් හිතා සිහි නුවණින් සියළුදෙන
කෝප නොගෙන ඉවසාපං මේ ටිකට



10 comments:

  1. මම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වල නියැලෙන්න ඉන්නේ,
    මහින්ද දිනුවොත් මම උඹට වෙඩි තියෙනවා
    MY3 දිනුවොත් මම උඹට වෙඩි තියනවා

    ඔන්න වෙන එකෙක් දිනුවොත් උඹ මට වෙඩි තියපන් ඈ :P

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය පශ්චාත් භාගේ බේරන් නිකං හිටිං..:P :P
      ඈ බොල MR දින්නත් MY3 දින්නත් මටද වෙඩි තියන්නේ??
      පීප්පවලට වෙඩි තියලා තුවක්කුව වරද්දගන්න එපා හරිය? :P :P

      Delete
  2. ඡන්දෝපදේශ කවි පෙළක් නේද?
    නියමයි

    ReplyDelete
    Replies
    1. ඡන්දෝපදේශ කවි! අන්න නියම නම..
      බොහොම ස්තූතියි වර්ණ කුලකය :)

      Delete
  3. හුදී ජනයාට බයනතුව කැත නැතිව පාරේ බැහැලා යන්න තියෙනවා නම්,
    කාලා ඇඳලා ඉන්න තියෙනවා නම් සහ
    අපේ කියන්න පුළුවන් ඒකීය රටක් තියෙනවා නම්
    මොකා රජ කලත් ප්‍රශ්නයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මකසි..
      මොකද සිංහල ඩයස්පෝරා නෑ නේ අපි වෙනුවෙන්..

      Delete
  4. කතාව ඇත්ත.. අපි මෙහේ මරාගත්තට කට්ටිය ඡන්දෙන් පස්සෙත් සෙට් වෙලා රෑට ආප්ප කාවි..

    ReplyDelete
    Replies
    1. අහ් දිනේෂ් මලයා..කාලෙකින්..:D
      ඒක තමයි වෙන්නේ...;)

      Delete
  5. තිත්ත ඇත්ත......
    ජය වේවා උඹට.....

    ReplyDelete
    Replies
    1. සීනි ඕන..තිත්තයි!
      ජය වේවා! ;)

      Delete