Monday, February 2, 2015

සුළඟේ පාවී

සාමාන්‍ය පෙළ ඉවර වෙලා හුස්මක් ගත්තේ මාසයයි..උසස්පෙළට පංති පටන් අරගන්නවා...
අද...ඔව් 2002 පෙබරවාරි 02 වෙනිදා...

"ඇයි යකෝ, මැත්ස් කරන්නේ කොල්ලෝ විතරමද? කෝ අපිට ආසාවට බලාගන්න කෙල්ලෙක් නැද්ද?" කොටා අම්බානක දෙස් තිය තියා දීගජන්තුවෝ වගේ ඉන්න කොලු පවුරෙන් එහාට එබෙනවා..හරියට පේනවා වගේ..

"මචං සිරාවටම දයාගේ පංතියට කෙල්ලෝ නැද්ද?" 

"අනේ මන්දා.."

පාරේ ඉඳන් නගින පඩිපෙළ පිරෙන්න කොල්ලෝ..පාරේ ඉඳන් බැලුවම කණ්ඩියක් වගේ තියෙන මිදුල් කෑල්ලේ නම් කෙල්ලෝ වගයක් ඉන්නවා පේනවා...අම්මලා වගේකුත් ඉන්නවා...කෙල්ලොයි අම්මලයි වෙන්කරලා අඳුරගන්න බෑ වෙලාවකට..එච්චරට හැඩයි දූලා..! පාරේ ඉඳන් පඩිපෙළ නැගලා ඔය කණ්ඩියේ තියෙන මිදුල කෑල්ලෙන් යන්න තියෙන ඔෆීසිය ඇතුළට ගිහිං තමයි අළුත් පංතියට බැඳෙන්න ඕන...අපේ පංතිය විතරක් නෙවෙයි තව පංති කීපයක්ම පටන් ගන්නවා වගේ...

ටික වෙලාවක් වටේටම ඇහැ දාගෙන ඉන්නකොට ඔන්න කෙල්ලෝ එකා දෙකා පඩිපෙළ නැගන් ඔෆීසියට පැත්තට යනවා...අන්න එතකොට අපිටත් සෑහෙන්න වැඩ තිබුණා..කාඩ් මාක් නොකළට කාඩ් කොයි වගේද බලන්න එපැයි..

ජබ්බයක් වගේ සුදුම සුදු සුද්දියෙක් වගේ කෙල්ලෙක්, කණ්නාඩි දාපු කෙට්ටු කෙල්ලෙක්, දත් හරහට කම්බි ගැහුව කෙල්ලෙක්, කොණ්ඩේ දිග නැට්ටුක්කාරියෙක්, පුංචි කොණ්ඩ කුරුච්චක් බැඳගත්තු පොෂ් පාට කෙල්ලෙක්..ආපු වෙලාවේ ඉඳන් කොල්ලෝ එක්ක හිනාවෙන කෙල්ලෙක්...හ්ම්ම්...එච්චරයිද අපේ පංතියට ඉතුරු..? 
නෑ, තව එකෙක් ඉන්නවා ඇස් දෙක බිම දිගේ ඇදන් යන සුදු කෙට්ටු කෙල්ලෙක්...

හ්ම්ම්...නරකම නැද්ද නරකද මන්දා...වෙන පංතිවල නම් පාට පාට සරුංගල්, කූඩු, ලන්තෑරුම්..හරි එළියයි..

"මේ ඔන්න අරය මගේ හරිද? අත තියන්න එපා.." 

"අරය හොඳයි නේ බං...ඔන්න ඒකි මගේ.."

කරන්න දෙයක් තිබුණෙත් නැති එකේ, අනුන්ගේද දන්නෙත් නැති ඉඩම්වලට ඔප්පු ගහන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවනේ..විහිළුවට ඔප්පු ගැහුවට මොකද නම් දන්නේ නැහැනේ...ඔය සේරම හොයාගන්න වෙන්නේ තව පැය බාගෙකින්...

****************
මාස දෙකකින් ප්‍රථිඵල එන්නත් කලින් හුඟක් එවුන් පංතියෙන් හැලුණා..කොල්ලෝත් සමහරු වෙන පංතිවලට ගියා..මූට වඩා අරූ හොඳයි අරූට වඩා මූ හොඳයි කිය කියා පංති ගැන පිස්සුවෙන් හොයපු උනුත් හිටියා..මට ඉතින් එහෙම යන්න හේතුවක් තිබ්බෙත් නෑ..

කෙල්ලෝ හිටියෙත් දුසිමකටත් අඩුවෙන්..එතනිනුත් සෑහෙන්න කට්ටිය හැලුණා..හැබැයි මගේ කියලා ඔප්පු ගහගත්තු එකීයි තව අර සුදු ජබ්බෙයි කම්බි කෙල්ලයි කණ්නාඩි දාපු කෙල්ලයි නැට්ටුක්කාරියි තව කොල්ලන්ට සිනා පාන කෙල්ලයි නම් ඉතුරු වුණා..තව හිටියා උන්ව මතක නෑ...

මගේ එකී හැම සෙනසුරාදම වේලාසනින් ඇවිත් කණ්ඩිය උඩ බංකුවකට වෙලා ගණන් හැදුවා..එක්කෝ පාර දිහා ඔහේ බලන් හිටියා..මාත් ඉතින් ජොලියට වගේ ටිකක් වේලාසනින් ඇවිත් පාරෙන් නගින පඩිපෙලේ ඉඳන් යාළුවෝ එක්ක කයිය ගහන් හිටියා..ඒකි එන නිසා නෙවෙයි, මම වේලාසනින් වැඩ කරන එකානේ කොහොමත්..!

ආහ් කියන්න බැරිවුණානේ, සෙනසුරාදා මැත්ස් ක්ලාස් ආව වගේම 'මගේ එකී' බදාදාට ෆිසික්ස් ක්ලාසුත් ආවා...සෙනසුරාදට වේලාසනින් ඇවිත් භාවනා කරන කෙල්ල බදාදට නම් ඉස්කෝලේ ඇරිලා එන්න පරක්කු වුණා..කොල්ලෝ සද්ද දානවට බයේද මන්දා පස්ස කැඩිච්ච කඩියා වගේ දුවගෙන දුවගෙන ගිහින් යාළුවෝ රොත්ත මැද හැංගෙනවා..මුකුත් කියන්න බෑ මොකද මම පස්සේ දැනගත්තේ මගේ කියලා හොර ඔප්පුවක් හදාගත්තට කතාවට දුෂ්ටයෙක් අවතීර්ණ වෙලා කියලා..හැබැයි දුෂ්ටයත් තාම හිටියේ මං වගේම තිරෙන් පිටිපස්සේ...!

කතාවක් තියෙනවනේ ලබන්න බැරි වුණාම සමහර මිනිස්සුන්ට ඒ දේම ඕන වෙනවා කියලා...ඒකමද මන්දා මටත් වුණේ...හිත කීකරු නෑ, හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා...තැන තැන නෙවෙයි අර බිමට ඇලවිච්ච ඇස් එක්ක ඒකි යන තාලේට ඒකිගේ පස්සෙන් ඇවිද්දා...

මොකටද කියල නිශ්චිත හේතුවක් හිතාගන්නත් බැරිවුණා..ඒත් කාන්දමක් වගේ මෙතනට එන එන දවසට බැල්ම නම් ඇදුණා..

********************
ඒකිගේ තියෙන කොමළකමද, ලැජ්ජා බයද, අහංකාරකමද මන්දා..මම නම් දැක්කෙම නෑ කවදාවත් කොල්ලෙක් එක්ක කතා කරනවා...ආපු වෙලාවේ ඉඳන් අගස්ව්වෝ දෙකයි, තව එකෙකුයි එක්කම ඉන්නවා මිසක් අහලක් පහලක් දිහා බලන්නෙවත් නෑ...


සෙනසුරාදට නම් අගසව්වෝ හිටියේ නෑ..ඒත් එදාට භාවනා කරන දවස නිසා කතා කරන්න ට්‍රයි කරන්න ගියෙත් නෑ..!

ඒකටත් එක්ක කෙල්ලගේ තාත්තා නම් අපි දිහා හැමදාම බැලුවා..දූ පංතියට යනකල් අන්කල්කාරයා ඇයි දන්නේ නෑ අපි දිහාම බලන් ඉන්නෙ හිතුවේ...අපිත් ඉතින් දූ ගැන කරදර වෙන එක නවත්තලා (තාවකාලිකව) අන්කල් දිහා බලන් හිටියා..අන්කල්ගේ දයානුකම්පාව ගැන දැනගත්තට පස්සේ අපි ආයෙත් දුව ගැන කරදර වුණා (හැබැයි හොරෙන්)...

හහ්! අන්කල් කාරයට විතරයැ දුවෙක් ඉන්නේ..! තව දුවලා හිටියා අපි දිහා බලන්න අන්කල්ගේ දුව නොබැලුවට...!!

********************
මාස ගාණකට පස්සේ...සෙනසුරාදා දවසක කෙල්ල වැරදිලා වගේ මං දිහා බැලුවා..අපි පඩිපෙළේ පහළ...අර කණ්ඩිය වගේ කොටස එතකොට ඩෝසර් කරලා අලුතෙන් බිල්ඩිමක් හදන්න පටන් අරන් තිබ්බේ...ඒ කණ්ඩිය උඩ තිබ්බ බංකු දෙක ගලවලා පඩිපෙළේ උඩ තියලා තිබුණා...කෙල්ල බැලුවේ නම් වෙන කතාවක ඉන්න ගමන්...සුදු ජබ්බේ වගේ කෙල්ල මොකද්ද ලොකු කතාවක් කිය කියා හිටියේ...

මම නොදන්නවට වෙලා තිබ්බෙ විද්දේ හාවාට වැදුණේ පඳුරට සීන් එකක්...පඳුර හාවට කියනවලු මටයි අනේ විද්දේ කියලා...ෂික්! හාවට තිබුණා මොනාවුණත් මං දිහා ඔයිට කලින් බලන්න...

********************
කතන්දරේ තව ඇදුණා...බැල්මෙන් හිනාවකට, හිනාවකින් වචනෙකට, වචනෙකින් වාක්‍යයකට යන්න පුදුම දිග කාලයක් ගියා තමයි ඒත් උ/පෙ අන්තිම අවුරුද්දට එද්දි අර ගැහුව ඔප්පුව පාස් වෙලා තිබ්බා...

එතකොට ඔප්පුවයි ඉඩමයි ඔක්කෝම නැතිවුණේ කවද්ද...?
ඒක දිග කතාවක්...අදට මේ ඇති...



29 comments:

  1. උඹට කෙල්ලෙක් ඉස්සරහට ගිහිං කතාකරන්න පුළුවන් "ගටක්" තිබුනද ඒ කාලේ?? අනේ මන්දා මට නම් තිබුනේ නෑ. පිරිමි පාසලක ඉගෙනගත්ත නිසාද මන්දා. මටත් හාහාපුරා කියල ඔය වගේ සිද්දියක් උනා. මම හිතෙන් අයිතිකරගත් කෙල්ල ගැන අපේ සෙට් ඒකට කිව්ව.කොල්ලෝ කියන ජාතියේ ජන්ම පුරුද්දට අපේ එවුං ටික බොක්කෙන්ම වැඩේට සපෝට් .අපේ අග සව්වෝ සෙට් එක ඔය සම්බන්දයෙන් පුදුම බැක්අප් එකක් දුන්නේ. කෙල්ල එනකොට සෙට් එක එක්ක ඉන්න ම‍ට මහා හයියෙන් අරුන්දට ඇහෙන්න"සජ්ජා, අන්න එනවා, පලයන් පලයන් කතාකරපන්" කියල කෑගහනවා. සමහර වෙලාවට සෙට් ඒකම එකී ඉස්සරහට තල්ලුත් කරනවා.එක පාරක් එහෙම උනු වෙලාවක මමත් නිකන් පෝරකේට යන හරකා වගේ පස්සට ඇද ඇද පුරුෂ දයිරිය කකුල් දෙකට අරන් ගිහිං බොහොම අමාරුවෙන් වචන ගැටගගහ " නංගි ඔයා ගැන ඉන්ටෙරෙස්ට් එකක් තියනවා" කිව්වා මතකයි. හිනා උනු ඒකි "අය්යේ මට බෝයි කෙනෙක් ඉන්නවා" කියල කිව්වම හීන ඔක්කොම දෙපාමුල කඩාවැටිලා "ආ කමක් නෑ නංගි, කිසිම අවුලක් නෑ , යේ දැක්කම යාලුවෙක් වගේ හිනාවෙලා කතාකරලා යන්න" කියල බල්ල වගේ ආපහු ආව මතකයි. හැබැයි එදා ඉඳන් එකී මාත් එක්ක හිනා උනා, කතාකලා. ඒ සිද්දියෙන් පස්සේ කෙල්ලෝ සම්බන්ධව මගේ තිබ්බ සබකොලේ යම්තාක් දුරකට අඩු උනා.

    ReplyDelete
    Replies
    1. සජ්ජෝ කෙල්ලෙක් එක්ක කතා කරන්න "මට" නම් "ගට" තිබ්බා හැබැයි "කොල්ලෙක්" එක්ක කතා කරන්න ඒ "ගට" තිබ්බේ නෑ..උඹ ඔය තේරවිල්ල ලිහන්න ගිහින් අනන්මනන් හිතන්න කලින් මං කියන්නම් තනි තරුව කියන්නේ කෙල්ලෙක්! හික් හික්..:D :D
      මචං කොල්ලෝ හිතන කරන දේවල් මට එහෙම උපකල්පනය කරලා ලියන්න ටිකක් අමාරුයි..මෙහෙමයි වුණේ කියලා හිතනවා ඉතින්...ඒක කොයිතරම් දුරට සාර්ථකද දන්නේ නෑ..:)

      මම ලිව්ව සිද්ධියේ කොල්ලටත් උඹට වගේම කතා කරන්න "ගට" එන්න කල් ගියා..ඒකමද නැත්නම් ආඩම්බරකම ද මන්දා..! (අපි එහෙම කියලා ආත්ම ගෞරවය බේරලා දෙමුකෝ) :D
      // මමත් නිකන් පෝරකේට යන හරකා වගේ පස්සට ඇද ඇද පුරුෂ දයිරිය කකුල් දෙකට අරන් ගිහිං බොහොම අමාරුවෙන් වචන ගැටගගහ//මට මැවිලා පේනවා සිද්ධිය..:D ඒකෙන් පස්සේත් කෙල්ල හිනාවෙලා කතාකරලා හිටියා නම් උඹ වාසනාවන්තයි..සාමාන්‍යයෙන් එහෙම වෙන අවස්ථා අඩුයිනේ..:)

      Delete
    2. අම්මප මේ දැන් මං සරම ඔළුවෙන් ගලෝලා ඒකෙන් මූණ වහගත්තා.... හපොයි....

      Delete
    3. හා හා හා!! :D :D
      අටං අයියා කිව්වනේ බොට එහෙම කරන්න එපැයි කියලා...:P
      ගණන් ගන්න එපා මචං අකුරුවලින් ගෑණු පිරිමි අඳුරගන්න බැහැනේ..;)

      Delete
    4. අඩෝ හිටහන් හිනාවෙලා එනකං.. අම්මෝ බඩත් රිදෙනවා .... මේ පීප්පයා කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් බන් සජ්ජෝ

      Delete
    5. මම කලිසම ඔලුවෙන් ගලවලා ගත්තා..(ඇයි කියලා කියන්නෙම නෑ නෑමයි)

      Delete
    6. ඉවාන් : පව් බං සජ්ජා...! සජ්ජා උඹ මේ ගෙම්බා කියන ඒවා ගැන හිත නරක් කරගන්න එපා මචං..

      Delete
    7. මෙන්ඩා : පුද්ගලිකයි රහසිගතයි? :P

      Delete
    8. එව්වා ඔට්ටු නෑ ... නෝන්ඩි වෙනවා කියල මෙහෙමත්.. තනි තරුවෝ, උඹ වමත් කරුවෙක්ද දකුණත් කරුවෙක්ද? පුරුෂ ලිංගයක් ඇත්නම් සාමාන්‍ය අවස්තාවේදී එය එල්ලා වැටෙන්නේ වමට බරවද දකුණට බරවද??

      Delete
    9. හපොයි දෙයියනේ! ඉවාන්න්න්න්!!
      යකෝ මම කෙල්ලෙක්!සිරාවටමයි කියන්නේ..:(

      Delete
    10. තැන්කූ..ෂුවර් නෑ වගේ නම් ඉවාන්ගෙන් හෝ බස්සිගෙන් අසා දැනගත හැකියැයි සිතමි..:D

      Delete
    11. හරි හරී .. මට ෂුවර්. කොල්ලෙක් නම් ඕකට උත්තරේ දෙනවා :D

      Delete
    12. හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු ,අපේ තනියා නංගිට අපහසුතාවයක් වුනානම් සමාව භාජනෙකට දාලා දීපං . සජ්ජෝ පොඩි විහිළුවක් කලේ .... මේ ඇවිල්ලා විශාකාව වගේ තැන්පත් සොඳුරු ලඳක් //ඕ යේස් ...... :P

      Delete
    13. ඉවාන් :
      //මේ ඇවිල්ලා විශාකාව වගේ තැන්පත් සොඳුරු ලඳක්//
      පීප්පයක් ලඳක් වීම ගැන මගේ හදපිරි ප්‍රණාමය...:D :D :D

      Delete
    14. ඔව් බං ඉවානයගේ මඩ බැංකුවේ මට එකවුන්ට එකක් තියෙනවනේ..! :D

      Delete
  2. දැන් සිරිසේන ගේ යහපාලන වෙන්ඩ පොශ් ලා එක්ක ද්වන්ද සටන් කරන්නේ මං විතරද?

    ආදර කතා විතරක් ලියලා වෙන්ඩපොශ් බොග් කාරයොන්ට ටොකු අනින එක අත අරින්න එපෝ....

    ReplyDelete
    Replies
    1. එහෙමත් අතරිනවද බං..හැබැයි සමහරුන්ගේ බ්ලොග්වල නම් මම හිතා මතාම කමෙන්ටු දැමීමෙන් වලකිනවා..මොකද ඒ තරමට අජූතයි..බලන්නෙවත් නෑ, ඔක්කාරෙට එනවා...මම සුවඳයි මම සුවඳයි කියකියා රීමක් දෙනවා සුපිරි ගන්දස්සාරේ බෑ..ප්‍රේම කතාව වෙන සීන් එකක්..ඔබ තනිවී නැත..!

      Delete
    2. @ sa rasa අත හැරලා නැහැ. හැමදාම මකසි,හිස් අහස,මාරයා, තනි තරුව, කසාපබ්බත,පැත්තෙ ගිහින් බලලා එනවා මොනව හරි ලිව්වාද කියලා. බ්ලොග් ලෝකය අර යහපාලන මාෆියාව ක්‍රියාකාරී තැනක්. ලියන්න පුලුවන් අය ලියන්න කරුණාකරලා.ලක්ශ 58 ක් චන්දය දුන්නු මිනිස්සු යන එන මං නැතුව ඉන්නේ. මයිත්‍රීපාල එක කසාදයක් බැඳ ගෙන මදි වෙලා නිමල් සිරිපාලට ප්‍රොපෝස් කරා. මහින්දට දුන්නු චන්ද ටික මංකොල්ලා කාගෙනම නිමල් බහ දුන්නා. ඒත් අපි බහ දුන්නෙ නැහැනේ. කසාද දෙකක් බැඳ ගෙන මයිත්‍රීපාල එක ගෙයි කනවා.. එකක් නැති වුනොත් අනික තියෙනව . ශ්‍රීලනිපයත් වත්ත බද්දට දීලා ඇස්සට දත නියවගෙන යහපාලන කුක්කු පැටව් ගෙන් ගුටි කකා ඉන්නවා.
      කරන්න දෙය නැහැ. මම මේ දවස් වල කරන්නෙ ගෙවිඳු කුමාරතුංග ගෙ වාද පිටියෙ අභීත සිංහනාදය අහල හිත නිවා ගන්නවා.
      ඒ වගෙ පුතෙක් අපට බිහි කිරීමට දායක වූ මුනිදාස කුමාරතුංග පරපුරට ස්තුති කරනව හැර මොනවා කරන්නද? ඇයි හැමෝම නිද්‍රා ශීලී? ඇයි මුකුත් කරන්නෙ නැත්තෙ?

      Delete
    3. ගයාත්‍රි:
      නිද්‍රාශීලි නෑ මචං..ලියන්න දේවල් තියෙනවා...ලියන්න පටන් ගත්තම හිටං හිනාවෙන්න සිද්ද වෙනවා..ඒ තරමට ප්‍රීතිජනකයි..සුන්දරයි...පළිගැනීම් පමණයි..අතිශයින්ම මහින්දානුගාමිකයන්ට පමණයි..ඔබාමත් ආසයි කියන්නේ සිරීගේ යහනපාලනේට...අහද්දි ආසයි..! :D :D

      Delete
  3. අඩේ පීප්පයා උඹත් එහෙනං කෙල්ලොන්ට ලව් කලා ඈ .... :P:P

    ඉස්කෝලේ කතා නම් ලියන්න පුළුවන් ... කොහෙද උඹලත් එක්ක ඉන්න බෑනේ ඊට පස්සේ ඔලුව බේරාගෙන . අම්මප තව එකක් මතක් වුනා ලියන්න . එක්කෝ බෑ. උඹලා කින්ඩිය දානවා ඕවා ලිව්වොත් . පීප්පයා

    ReplyDelete
    Replies
    1. චීයා මෙයා කියන ඒවා...!!
      පීප්පයට කොල්ලෙක් නම් ලව් කලා...ඒ කාලේ...:P

      අනේ ලියන්න ලියන්න...අපි හිනා නොවී ඉන්නම්..:)
      ඒත් මචං ඒ ගමන සෙට් වුණේ හරක් මරන කෙල්ලෙක්ද? අනේ කමක් නෑ අනේ පරණ ලව් එකක් මතක් වෙන්නත් එක්ක ලියහන්..:D :D

      Delete
  4. අද උදේ ඉදලා පරන ලව්මයි මතක් වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා දුකටම ගල් බාගෙකට වග කියයි වගේ..එහෙම නැත්නම් ඒකට හේතුවක් හදාගන්න නේද උඹ ඔය හදන්නේ? :P

      Delete
  5. හිමීට පදුර අස්සේ රිංගලා පස්සේ තව හාවෙක් පස්සේ හොයාගන්න තිබුනේ..........

    ReplyDelete
    Replies
    1. එහෙමත් කරන්න තිබ්බා නේ..පව් බං ඒ හාවාට එහෙම කරන්න හිත දුන්නේ නැතුව ඇති..එච්චරට අහිංසකයි..:D

      Delete
  6. හප්පට සිරි.. කොල්ලෙක්ලු,කෙල්ලෙක් ලු.. කෙල්ලෙක්ලු කොල්ලෙක්ලු... මොකා හරි මිනිහෙක් නෙ.. අනෙකාගේ හිතෙන් හිතන එකත් ලල් වැඩේ හැබෑට..
    කෝ මේකෙ ඉතිරි ටික?

    ReplyDelete
    Replies
    1. මොකා හරි අකුරු ලියන්න දන්න එකෙක්නේ නැද්ද? ;)
      ඉතුරු ටික..ඉතුරු ටික සංකීර්ණයි..ජ්‍යාමිතිකයි..අනුවර්තීයයි..:D
      බලමු දවසක ලියන්න...;)

      Delete