Friday, February 20, 2015

කොටු සහ නුගේගොඩ

නුගේගොඩ ගැන ලියන්නට ටිකක් ප්‍රමාද වුණාය.ඒ ටිකට බුකියේත් බ්ලොගේත් සුපිරි ගොන් තැම්බවල් තොගයක් දුටිමි.ගන්දස්සාරේ බැරුවාය.

එදා රැස්වීම වනතුරු ටොයියෝ කිවේ ඕකට එන සෙනඟක් නැත කියලාය.රෑ දිවා නැතුව පාස කී අයියලාගේ කටවල් සිප් වූයේ සෙනඟ දුටුවාමය.ඉන්පසු රෑ පුරා ඇහැරී උන් කලේ කොටු ඇඳ ඇඳ පාට කර කර ඔළුගෙඩි ගණින එකය.වෙන මොකෙක්වත් නොවේය ඔය පාට කිරිලි රූප ඇඳිලි සේරෝම කලේ ඡන්දෙන් පසු ලංකා සිතියම පාට කළායැයි බයියන්ව පට්ට පඳුරු ගැසූ ටොයියෝමය! ආශ්වාදජනකය!


සමහර ගොන් වාහේලා කීවේ ඕකට ආවේ නුගේගොඩ පංති ඇරී ගිය කොලු කෙලි රංචුත්, වැඩ ඇරී ගෙදර යාගන්නට බැරිව සිරවූ කාර්යාල සේවකයනුත් කියාය.අනේ උන් නම් බෙහෙතකටවත් ටියුෂන් සංස්කෘතිය ගැන දන්නවාද දන්නේ නැතිය.ඔහොම දෙයක් වී ගෙදර යාගන්නට බැරිවූ ටිකට කොල්ලෝ කෙල්ලෝ ටික ඔතැන තැම්බි තැම්බි තෙරපෙන්නට එන එකක් නැතිය.ඊටවඩා උන්ට ආතල් ගන්නට තැන් ඇත.අනික් අතට එතැනට ගිය එකෙකු හැටියට මම නම් ඔය කියනා ටියුෂන් කොල්ලෝ කෙල්ලෝවත්, ගෙදර යාගන්න බැරිව කන්තෝරු බෑග් කිහිලිගන්නාගෙන පුපුරමින් උන් ක්ලාක් මහත්තුරුවත් නොදුටු නිසා ඔය කියන ඒවාට මට ආයෙත් අධෝමුඛයෙන් හිනා යනවාය!

කාලයක් ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්න යැයි කතාවක් කියා බයියන්ව කන්නට හැදූ ටොයියෝත් අද කොරන්නේ ඒකමය.ටොයියෝ ලේසියෙන් බිලීබාගත් බිළිඳෝ ටික ඉහත කී පෝස්ටුව හතර අතේ ෂෙයාර් කොට චාටර් වූයෝය.මගේද ප්‍රොෆයිලයේ ඔය වැනි පැම්පරයේ ගොම්බෙටි හෙලාගන්නා ඈයෝ ඉන්නවාය.උන් ඉන්නේ පැය 24ම ඔන්ලයින්ය, අම්මා අප්පා මළත් උන් කරන්නේ හෑශ් ටැග් දමා පින්තූරු ෂෙයාර් කොරන එකය, එක්කෝ සුජීව ප්‍රසන්න ආරච්චිගේ කඩු ව(ර්)ෂන් දවස මුළුල්ලේ පබ්ලිෂ් කොරනා එකය.හාල් කිලෝවක පොල් ගෙඩියක තියා බනිස් ගෙඩ්යකවත් මිලක් නොදන්න මේ ගොබ්බ හත්වලාමවල් බාල්දිය හිල් කොරගෙන නාලාත් රෙදි කඩා ගත්තෝය.එකියෙක් නම් අම්මමෝ නැතුව රෙදි කඩාගෙන අන්තිමට පෝස්ටුව පිටින්ම ඩිලීට් කොළාය.නොදන්නා දෙමළෙට ගොහින් වරිගේ නහගන්නේ එහෙමය.

අනික් කතන්දරේ සෙනඟ ගෙනාවා කියනා එකය.මිනිස්සු ආවේ උන්ගේ අතින් පයින් ගෙවාගෙනය, ශ්‍රිලනිප නියෝජිතයන්ට අන්තිම මොහොත වෙනතුරු තිබුණේ වැට උඩ ඉන්නා තත්වයක්ය.එහෙව් උන්ට ඔතන සෙනඟ ලෑස්තිකොරන්නට හැකියාවක් තිබුණේ නැත.සමහරු එන්නට අවසර ලද්දේ අවසාන මොහොතේය.ඒත් උන් ආවෝය.රැලියට හවස 3 වනවිටත් සෙනඟ සිටි අතර නොනවත්වා ඇදුණේ ඔෆීසිවල වැඩ කරමින් හිටි උන් නොවේය.කෝච්චියට බස් එකට නගින්න ආ උන් නොවේය.එහෙම හිතාවත් හිත හදාගන්න උත්සහ කරන ටොයියන් ගැන මට නම් අනුකම්පා හිතෙන්නේය.

අසාද් සාලි අස්වෙනවා නම් අස්වියයුතුව තිබුණේ හවස 3ටය.5000ක් ගේන්නට බැරියැයි කියූ ඒ ඌරු තෙමේ බලයට කෙළවෙන්නට යන බව දුටු කල අභියෝගය අළුත් කොරන්න තරම් ලැජ්ජාරහිත එකෙක් වුයේය.වචන වචන ලෙසමත් පොරොන්දු පොරොන්දු ලෙසමත් රකිනවාය කියන මුළු මහත් මුස්ලිම් ජාතියටම නින්දාවකි. 

එදා ටොයියොන්ට තිබූ ලොකුම රුදාව රූපවාහිනි, අයිටීඇන් පැවති රජයට කඩේ යාමය.දැන් අයිටීඇන් වෙනස්ද මහත්හොරුනි?ඒ ඉලව්වේ පෙන්නුවේ අර සෙනඟ ටිකක් විසිරී උන් තැන් තැන්වලින් දර්ශන කීපයකි.ඊටත් පසු, බස් 5ක් නවත්තා තියෙනව පෙන්නුවාය.ඇයි යකුනේ ඔය පොෂ් ටොයියෝ වගේ පෞද්ගලික වාහන නැති මිනිස්සු බස් එකක නැතුව එන්නේ මොන ඉලව්වේද?දැන් කියන්නේ ගැමුණු දුන්නා කියාය.ගැමුණුගේ අම්මා දුන්නාද කියා නම් කියන්නට දන්නේ නැතිය.මින්පසු වන්දනා ගමනක් යතත් මම නම් කෙළින්ම ගැමුණුට කතා කොට බසයක් ඉල්ලාගන්නවාය.

තව සමහරක් දීමෙන් තුවාලවූ අධෝමුඛ ඇති හංස බෙට්ටෝත් අලි බෙට්ටෝත් කීවේ ඔතැනට ගිය සේරෝම හරක් කියලාය.අන්න උන්ගේ යහපාලනේ කියන්නේ ඒකටය.තමන්ගේ මතයට එකඟ නොවන සියළු දෙනාම හරක්, මීහරක්, බූරුවෝ ලෙස දකින පාක්ෂික පිරිසක් සමඟ යහපාලනයක්, මෛත්‍රී යුගයක් අරඹන්නට ගිය සිරිසේන, රනිල්, චන්ද්‍රිකා නඩේට ඇත්තටම අමු කැවිලා විය යුතුය.උනුත් හරියට රෙදි නාදින බල්ලන්ට සාරී ඩ්‍රේපින් ක්ලාස් කොලා වාගේය!

මහින්ද ආවත් නාවත් තමන් යන්නේ හරි පාරේ නම් ටොයියෝ ඔයතරම් උඩුබුරන්නේ මොකටදැයි කියන එක මට ඇති ගැටළුවක්ය.මහින්දට වඩා රනිල්, චන්ද්‍රිකා, සිරිසේන, විග්නේෂ්වරන්, හකීම්, අසාද් සාලි, මනෝ ගනේෂන් හොඳයි නම් මහින්ද ගේන්නට රැස්වීමක් තිබූ පළියට කලබලවන්නට කාරියක් නැත.ඒක හරියට මිනිහෙක් බැන්ඳාට පසු එහා ගෙදර එකා ලස්සන ගෑණියක් බැඳගත් බව දැනගත්තු මිනිහගේ අඹුවට ඇතිවෙන ජාතියේ කලබලයක් වාගේය.

මහින්දගේ ප්‍රතිරූපය මිනිසුන්ගේ හිත්වලින් මකාදමන්නට බැරිය.එවන් ප්‍රතිරූපයක් රනිල්ටවත්, චන්ද්‍රිකාටවත්, ෆොන්සේකාටවත් තිබුණේ නැත.එහෙම වූ පළියට මහින්ද පජාතකරන්නට උත්සහ දැරීමෙන් සිදුවන්නේ ඒ ප්‍රතිරූපය තවතවත් තදබල ලෙස සනිටුහන් වීම මිස ටොයියෝ අපේක්ෂා කරන ආකාරයට වියැකීම නොවේය.

මහින්ද ගැන වද වනවාට වඩා ඔය වෙන්ඩ වංශවත්, නම්බුකාර,කිරි ටොයියන්ට වදවෙන්නට ක්‍රියාත්මකවෙන්නට අවශ්‍ය කරුණුකාරණා යහපාලන ආනුභාවයෙන් පහළවෙමින් ඇත.හංසයා සහ ගූ හැලියේ එක් පාර්ශ්වකරුවෙකුවන ටී එන් ඒ සම්මතකරගත් යෝජනාව ගැන ඒ එකෙක්වත් කටක් අරින්නේ නැත.ගොන් ආතල් දෙන රංජාත් ඩුබායි පැනලා නිසා ඒකාගෙනු සද්දෙකුත් නැත.කඩුවෙල සුජීත් නිහඬය.එක මැක්කෙක්වත් කතා කොරන්නේද නැත.බස්නාහිර පළාත් සභාව විතරක් ඒකට විරුද්ධ යෝජනාවක් සම්මත කරගෙනය.ඒ පොඩි කඩය, ලොකුම කඩේ වෙන සිරිසේන ගොයියාත්, විස්කි නෝනේත්, රනිල් සුදාත් කට ලොක් කරගෙන ඉන්නෝය.

බයියෝ කන්නේත් ටොයියෝ කන්නේත් එකම ෆුඩ් සිටියේ බඩුය, නැතිනම් සමූපකාරයෙ බඩුය."අත්‍යාවශ්‍ය" කියා අඩුකළ බඩු ගැන මොකෙක්වත් කතා කොරන්නේත් නැත.ඒවුණාට ඡන්දෙට කලින් කීවේ බඩ ගැනම විතරය.එක යහපාලන බජ්ජෙක් කීවේ අපේ ආර්තාපල් ගෙඩියෙන් ගන්න ගාණත් මුන් ගහලා කියලාය.ඒවුණාට රවි කරුණනායගම්ගේ බජට්ටුවෙන් අඩුවෙච්චි අර්තාපලයක් නැතිය.

ටොයියෝ කියන්නේ ඔය ආ සෙනඟ ආවේ වාසු, වීරවංශ, දිනේෂ්, ගම්මන්පිල වෙනුවෙන් ආ උන් නොව මහින්ද වෙනුවෙන් ආ සෙනඟ කියාය.ඒ කතාව ඇත්තය.පැරදුණු මහින්ද වෙනුවෙන් එහෙම සෙනඟක් ආ එක ගැන වගපල කියනවාට, මඩ ගහනවාට වඩා අවධානය යොමුකළ යුතු කාරණය එහෙම ආවෙ ඇයි කියනා එකය.නමුත් ඔය ටොයියෝ කියන ලෙස උන් හරක් නිසා ආවා කියන කතාව කිසිදු පදනමක් නැති සහ යහපාලනය රෙද්ද පල්ලෙන් පෙරණ කතාවකි.ඔය බයිලා දැන් ඇතිය.හරිහමන් ක්‍රමයකට සොයා බලා කතා කරන්නට කාලය පැමිණ ඇත.

යහපාලනය හුළං බැහැගෙන යන්නේය.ඒ බව දැන දැනත් සමහරු ලැජ්ජාවටම එය තල්ලු කරන් යන්නට හදවාය.දැන් රිම් එකත් ගෙවීගෙන යන කාලය ය.කමක් නැත.ඇණතව්වලින් හරි ඔහොම කරගෙන යන්නය.අඩුමගාණේ උඹලා පත්කරගත්තු උන් ටික හරි පාරෙ දක්කගන්නවත් ට්‍රයි කොරන්නය.එහෙම දක්කන්නට කියා ටී එන් ඒ එකේවත් මුස්ලිම් කොන්ග්‍රස් එකේවත් උවමනාවල රූකඩවෙන්නට උඹලාගේ ලොක්කන්ට ඉඩ දෙන්නට එපා ය.එක්තරා යහපාලන අනුගාමිකයෙක් ඡන්දේ දවසේ මට කීවේ රටට මොනාහරි වුණොත් අපි එතන කියාය.අද උනුත් සද්දයක්වත් නැත.සමහරවිට කෑ ටික රීගන්නට බැරුව වෙන්නට ඇතිය.ඕවාට ගහන සබන් පෙති වර්ගයක් ඇතිය,ඒකක්වත් ගසාගෙන වේලුණු යහපාලනය ඇරගෙන, පිරිසිදු මහාන්ත්‍රයකින් සිතා බලා කටයුතු කරන්නට කාලෝ අයං තේ වී ඇත.

49 comments:

  1. ස ර ස තුමාත් පාසල් සගයන් දෙදෙනෙක් සමග මහින්ද මහත්තයා ට නැවත දේශපාලනයට එන්න බල කරනා රැලියට ගියෙමි. නාවල හන්දි 176/173 බස් හෝල්ට් එක ලඟ වංගුවේ ඇති කඩල කඩෙන් බැදපු මඤොක්කා පෙති කමින් මදු මාදව ගේ සිට, ගම්මන්පිල, වාසු, පොඩිඅප්පුහාමි, බස්නාහිර පලාත් බබා, දායාන්, රුහුනු විශ්වවිද්යාලේ කුලපති හාමුදුරුවෝ, විමල් සහ දිනේශ් ගේ කතා අසමින් හන්දිපත් රුදාවට කකුල් මිරිකමින් අපමන සන්තෝසයක් ලැබීමි.

    වෙන්ඩ පොශ් ගොබ්බයන් හට කීමට ඇත්තේ මෙපමනයි... මේ ආරම්භය පමනයි!

    http://mallepol.blogspot.com/2015/02/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔබ සිට ඇත්තේ එහා කොණේ..:) මමත් තවත් උවමනාවකට යාමට තිබුණත් අවසන් උපරිම මිනිත්තුව දක්වා සිටියා.
      ඔව් ඔය ආරම්භය පමණයි!

      Delete
    2. සරස නැවත ලියන්නට පටන් ගැනීම ගැන බොහොම සන්තෝෂයි.දිගටම ලියන්න.ජය වේවා!

      Delete
    3. රැලිය අන්තර්ජාලයෙන් නැරඹුවෙමි.එය ඉතා සාර්තකයි.අතිශය සතුටට පත් වීමි. කෙසේ හෝ ඊලඟ චන්දයටත් ලංකාවට පැමිණ මගේ යුතුකම ඉටු කරමින් මහින්ද වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයකට චන්දය දීමට අදිටන් කරගතිමි.
      ජනාධිපතිවරනයට මයිත්‍රීට සපෝර්ට් කර ගැසූ පෝස්ටර් තවම සෙන්ට්‍රල් ලන්ඩන් හි දෙමල කඩවල ලෙල දෙයි.සමහර කඩවල මුදල් එකත් කිරීමට තබා තිබූ ටිල් තවම ඇත.
      දේශ ද්‍රෝහීන් අද වැඩියෙන්ම වයිර කරන්නේ මහින්දට හැරුනු කොට විමල්ටය.
      වැඩි වැඩියෙන් හිරිහැර කරන තරමට වැඩි වැඩියෙන් මහින්ද මිනිසුන්ගේ සිත්හි පැලපදියම් වෙයි.මේ වෙලාවේ මහින්ද හිරේ වත් දැමුවොත් කියලා වැඩක් නැත. යහපාලන ගොන් රැළ කොතරම් අන්දකයිප්පු හැසිරීමක නිරත වෙනවාද යත් ඒකත් නොකරයි කියා ශුවර් නැත.
      රටක් ආන්ඩු කිරීම මොන තරම් අමාරුදැයි දැන් කට්ටියට තේරෙනවා ඇත.

      මේ දවස් ගානට අනාගත් අනාගැනිල්ල සුපිරියි.
      මේ පැත්තෙන් කොත්තමල්ලි දෙනවිට අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයෝ මැරිලාය.අරලිය මෝලට හඳ පායන තුරු හාල් අඩු කරන්නේත් නැත.ඒක කවුරුවත් අහන්නෙත් නැත. මේ වනවිට මල්ලියි, බෑනායි නෙපොටිසම් වී හමාරය. ඉස්කෝල වලට නානා ප්‍රකාර පරස්පරවිරෝධී චක්‍රලේඛ එනවාලු.ජෝන් එහෙන් නානවා කියන්නේ මාරම නෑමකි.
      ජනපති නෝනා යන යන තැන මාරි බිස්කට් පැකට් එකක් බෑග් එකේ දාගෙන ගිහින් ඒකෙන් චුට්ටක් කකා බඩගිනි නිවා ගන්න බව මට යහපාලන හංසියක් ආඩම්බරයෙන් කීවය. මමත් හරියට ආඩම්බර වීමි.පරන සල්වාරි ටොප් එකක ඇඳන් ඉන්දියාවට රාජ්‍යතාන්ත්‍රික ගමන් යන තරමට චාම් සංදර්ශන වැඩි දියුනු වෙලාය.

      මේ යන විදියට ගියොත් නම් ලංකාවේ මිනිසුන් ඔක්කොම එකතුව අනේ අපොයි කියන දවස අවුරුද්දක් ඇතුලත එනු ඇත.අන්න එදාට මට ඔය වීර බ්ලොග් වල රවුමක් ගිහින් එන්නට ආසාය.දුර දක්නා නුවණ කියන එක කට පාඩම් කර උපාධි ගහනව වාගේ ලබා ගන්න බැරි දෙයකි.එය සැබෑ ලෙස කෙනෙකුගේ ජාන වල අන්තර්ගත විය යුතුය.

      තනිතරුවට, සරස ට, ''මගේ රට'' ලියන සැබවින්ම උගත් වංසපුර දේවගෙ ජානක මහාචාර්ය තුමාට ද මගේ ගෞරවය පිරිනැමෙයි.තමන්ගේ මතය සහ රටේ අභිමානය වෙනුවෙන් අපමන අපහාස අපවාද මැද පෙනී සිටීම මහත් ආඩම්බරයකි.

      Delete
    4. //කෙසේ හෝ ඊලඟ චන්දයටත් ලංකාවට පැමිණ මගේ යුතුකම ඉටු කරමින් මහින්ද වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයකට චන්දය දීමට අදිටන් කරගතිමි.//
      බොහොම සන්තෝෂයි ගයත්‍රි..! :)

      //මේ යන විදියට ගියොත් නම් ලංකාවේ මිනිසුන් ඔක්කොම එකතුව අනේ අපොයි කියන දවස අවුරුද්දක් ඇතුලත එනු ඇත.අන්න එදාට මට ඔය වීර බ්ලොග් වල රවුමක් ගිහින් එන්නට ආසාය.දුර දක්නා නුවණ කියන එක කට පාඩම් කර උපාධි ගහනව වාගේ ලබා ගන්න බැරි දෙයකි.එය සැබෑ ලෙස කෙනෙකුගේ ජාන වල අන්තර්ගත විය යුතුය.//
      අනිවාර්යෙන්ම..සමහරු තාමත් යහපාලන පැට්‍රෝල් මැක්ස් ලාම්පුවට හුළං ගහන නිසා ඒ එළියෙන් ගිනිකණ වැටි අයට දුර පෙනෙන්නේ නැත.

      Delete
  2. අද අපි අත්විඳින්නේ නොලියා බැරි තත්වයක් නේද??

    අපිත් ලියනා එක අතහැරියොත් වෙන්ඩ පොශ් කබ්බෝ සින්හල බොග් අවකාසේ පිනුම් ගසනු නොඅනුමානයි... ඔවුන් හට එරෙහි වීමට කොන්දක් ඇත්තේ කීයෙන් කී දෙන්නාට ද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.බොහෝ අය රැල්ලට යන එක්කෝ කැපෙයි කියල බයට එහෙමයි ස්වාමීනි කියන යුගයක් නේ බ්ලොග්වල තියෙන්නේ.ඉතින් අනික් කීපදෙනාවත් නොලිව්වොත් මොනා වෙයිද..

      Delete
  3. අපට නම් නුගේගොඩ යන්ඩ බැරිවෙච්චි. ඒත් දෙරන නාලිකාවට පිං සිද්ද වෙන්න රැස්වීම ගැන යම් ප්‍රමානයක අවබෝධයක් ලැබුණා. අපේ ඉතිහාස කථා මතක් වෙනවා. සැබෑවටම ජන හදවත් වල ජීවත් වන නායකයෙක් වෙලා මළත් සැපයි කියලා හිතෙනවා. අද බලයේ ඉන්න එකෙකුටවත් මෙහෙම ජන ආකර්ශණයක් හීනෙන්වත් අපේක්ෂාකරන්න බැහැ. ඉතිං මේකට ඊර්ෂ්‍යා කරලා කුමන පලක්දෝ කියලා තමා කියන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් සෙනෙවි.
      //අද බලයේ ඉන්න එකෙකුටවත් මෙහෙම ජන ආකර්ශණයක් හීනෙන්වත් අපේක්ෂාකරන්න බැහැ. ඉතිං මේකට ඊර්ෂ්‍යා කරලා කුමන පලක්දෝ කියලා තමා කියන්න වෙන්නේ.// හරියටම හරි.

      Delete
  4. මෙහි ඇති සියල්ල සත්‍යයයි සිතමු..

    මහින්ද අගමැති කරන්නේ කුමකටද...?

    හරකුන්ට නම් නැවතත් ක්ලවුන් කෙනෙකු ලැබෙනු ඇත.
    සිරි ලංකා කාරයන්ට පොන්නයන් ලෙස ජීවත් වීමට ලැබෙනු ඇත.
    වමේ හම්පඩයින්ට ප්‍රගතිශීලී නායකයකු ලැබෙනු ඇත.
    චීනාට ඩීල් ගැසීමට කොමිෂන් කන ඒජන්තයකු ලැබෙනු ඇත.
    ඇමරිකන් කාරයන්ට තවත් සතුරෙක් ලැබෙනු ඇත.

    ජනාතවට කම්බ හොර පවුලක් හා නෑ හිත්මිත්‍රාදීන් පිරිසක් ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. කචල් ට ලන්කාපුත්‍ර රස්සාව නැති වනු ඇත

      Delete
    2. මාතලන්ට රෙද්දේ රෙවෙනු ඇත.

      Delete
    3. සහතික ඇත්ත මචෝ..

      Delete
    4. මාතලන්:
      //මහින්ද අගමැති කරන්නේ කුමකටද...?// රටට කෙළ වීම නවත්වා ගන්නට ප්‍රතිවිරුද්ධ ප්‍රවාහයක අවශ්‍යතාවක් ඇත.නැත්නම් විස්කිත්, සිරීත්, රනිලුත් මොනවා කොරාවිද කියා සැකයක් දැන් දැන් ඇතිවේ..

      //හරකුන්ට නම් නැවතත් ක්ලවුන් කෙනෙකු ලැබෙනු ඇත.
      සිරි ලංකා කාරයන්ට පොන්නයන් ලෙස ජීවත් වීමට ලැබෙනු ඇත.
      වමේ හම්පඩයින්ට ප්‍රගතිශීලී නායකයකු ලැබෙනු ඇත.
      චීනාට ඩීල් ගැසීමට කොමිෂන් කන ඒජන්තයකු ලැබෙනු ඇත.
      ඇමරිකන් කාරයන්ට තවත් සතුරෙක් ලැබෙනු ඇත.

      ජනාතවට කම්බ හොර පවුලක් හා නෑ හිත්මිත්‍රාදීන් පිරිසක් ලැබෙනු ඇත.//

      මචං මාතේ මේ ඇරෙන්න උඹ දකින හොඳක් ඇත්තේම නැද්ද?එච්චරට සර්ව අශුභවාදී විදියට ඇයි දේවල් දිහා බලන්නේ වෙන්න යන සමහර දේවල් දිහා නොබලද? ඇමරිකාව යාළුවුණා කියල අපි උන් ගහන ගහන පදේට නටන්න ඕනද? චීනේ එක්ක ඩීල් එක ගැහුවේ මහින්ද විතරද? ඊට කලින් හිටි ලොක්කෝ චීනේ දිහා බැලුවේවත් නැද්ද?චීනා එක්ක ගහන ඩීල් එක එහෙනම් ඇයි මේ අණ්ඩුවත් නවත්තන්නේ නැහැ කියන්නේ?සිරි ලංකා කාරයින්ට පොන්නයන් ලෙස ජීවත් වීමට වෙලා ඇත්තේ දැනුයි මචං..මොකද හරිහමන් නායකත්වයකුත් නැති අච්චාරු බෝතලයක් වෙලා තියෙන පක්ෂෙන් උන් ගුටිකද්දි පිහිටටවත් මොකෙක්වත් නැහැ..සිරිපාලටත් සිරියහන තියෙන නිසා එයැයිගෙන් ඇති පිහිටකුත් නැහැනේ..එසේ නම් ඔබ කියන තියරියේ හැටියට රනිල් පොන්නයෙක් වූ නිසා යූඇන්පී පාක්ෂිකයෝ මේවනතුරු ජීවත්වුණේ පොන්නයන් ලෙසද?

      Delete
    5. \\සිරි ලංකා කාරයන්ට පොන්නයන් ලෙස ජීවත් වීමට ලැබෙනු ඇත.\\

      සිරි ලංකා කාරයන්ට කොහොම වෙතත් රනිල් මංගල කණ්ඩායමේ යූ ඇන් පී පොන්නයන්ටනම් කලදසාව හොඳ වෙයි.

      Delete
  5. යහපත් ආරම්බයක්. සුභ අනාගතයක්

    ReplyDelete
  6. ඇත්තටම දුටුගැමුණු රජතුමා ගෙන්න ගන්න බැරි වෙයිද?? එයාත් පැන්සන් ගියපු කෙනෙක් නේ.. මහින්දට වඩා ඩිංගක් හරි හොද වෙයි

    ReplyDelete
  7. මට තියෙන ප්‍රස්නේ ඒ කාලේ රැස්සීමක් තියන්නවත් දුන්නද කියන එකයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කොයි රැස්සීම ගැනද කියලා කිව්වොත්?
      සමහරු බලෙන් රැස්සීම් තියන්න යනවා..තව කෙනෙක්ගේ නිදහස අතික්‍රමණය කරලා අපහාස කරලා නියමිත ආකරයෙන් පිට පැනලා...එහෙම දෙයක් වැළක්වූවා නම් කරන්න දෙයක් නැහැ..නමුත් එහෙම නොවෙයි නම් ඒ වෙනුවෙන් නියම විදියට කතා කළ යුතුයි.

      Delete
  8. බලල සද්ද නැතුව යනව තරුවො, අපි මෙව්වා දැක්කෙත් නෑ, අපි ඔව්ව දන්නෙත් නෑ, අපිට ඔව්ව මතකත් නෑ :D

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ සජ්ජෝ..මම දන්නෙත් නෑ, මම දැක්කෙත් නෑ, මටත් මතක නෑ ;) ;)

      Delete
  9. ලක්ෂ පනස් අටකට එන්න කියල ආරාධනා කළත් ආවේ ලක්ෂ පහයිලු නේද?

    ReplyDelete
  10. // ලක්ෂ පනස් අටකට එන්න කියල ආරාධනා කළත් ආවේ ලක්ෂ පහයිලු නේද? //

    හෙනහුරා කියන්නේ ගොනෙක් වගේ හාදයෙක් නේද?

    ReplyDelete
  11. ඉදිරි එජාප පාලනයක දරුණු නෛතික භීෂනයක් මම දකිනවා. දරුණු නිළධාරීවාදයක් ඇතිවේවි.එල්ලුම් ගස්වලින් හිරගෙවල් වලින් රට පාලනය කරාවි.
    එජාප විරෝධී ඡන්දදායකයන් ඡන්දපොළට ගෙනයාම තමයි අභියෝගය. ශ්‍රීලනිපය දෙකඩ වුනොත් 87/89 යුගයක් උදා වේවි. අසූ ගනන්වල ශ්‍රීලනිපය තම කාර්යභාරය ඉටුනොකළ නිසා ඒ තැනට ජවිපෙ ආදේශ වී රට අමු සොහොනක් වුනා. යළි ඒ තත්වය ඇතිවෙන එක වළකාගත යුතුයි.
    කූල්ටූර් සංස්කෘතියෙන් අහිංසක ගැමි ජනතාව බේරාගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මධ්‍යස්ථ මතධාරියා +++++++++++++++++++++

      Delete
  12. Mark Sahodarayata apahasa kirima tharaye hela dakin athara Ape marka apita Honda kimata pasubata nowemi...

    ReplyDelete
    Replies
    1. ඔබේ විරෝධය පිළිගනිමි.මාක් සහෝදරයා රට වෙනුවෙන් ඉදිරිපත්වන බව කී නිසා බලාපොරොත්තුවෙන් සිටිමි..ඔහු නෝ මාක් කෝ මාක් වීම පිළිබඳව කණගාටු වෙමි..ඔහු පමණක් නොව එසේ කී හංස පැටව් සෑහෙන්නට සිටියෝය.දැන් ඇඩ්‍රස් නැත. :P

      Delete
    2. ඔහුට අපහාසයක් නොකළෙමි. :D

      Delete
  13. ඔබේ ලිපියේ කරුනු විග්‍රහය සමග මමත් එකඟ වෙනවා. මහින්ද කියන්නේ අති විශාල ජනප්‍රසාදයකට ලක් වුන කෙනෙක්. මහින්ද ප්‍රතිරූපය විනාශ කරන්න ලේසි නෑ. මහින්ද විරෝධීන් කියන විදිහට නුගේගොඩට ආපු ටියුෂන් නංගිලා මල්ලිලායි ගෙදර යන්න බැරුව හිර උන රජයේ සේවකයොයි එදා ටියුෂන් පන්තියටයි වැඩපලටයි ජාතික කොඩි හා මහින්දගේ පින්තූරයි අරගෙන ආවේ කොහොමද කියලා හොයල බැලුවනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත්.සමහරුන්ට දිරවගන්න බැරිවුණත් ඇත්ත ඒකයි.ප්‍රතිරූපයක් ඒ විදියට ගොඩනැගුණට පස්සේ බිඳවට්ටන්න අමාරුයි.දැන් ඔය යහපාලනේට කඩේ යන ඈයෝ බොහෝමෙකට එක්තරා විදියකට ඔය ගැන ඇතිවෙච්ච කුහක ඊර්ෂ්‍යාසහගත ගතියකුත් තිබෙන බව පේන්නේ කියන කතාවලින්.වැරැද්ද පෙන්වීමත් ද්වේෂසහගතව පහර ගැසීමත් කියන දෙකේ තියෙන වෙනස කියවන්නා දන්නවා.මෙතන වැදගත්වන්නේ ඇයි මහින්දට එහෙම අනික් සමකාලීනයන්ට නැති ප්‍රතිරූපයක් ගොඩ නැගී ඇත්තේ කියන එකයි..ඒ තුළින යහපත් බලපෑමක් කල හැකි නම් රටට එය අවශ්‍යම මොහොතක් එළඹ තිබෙන බව මගේ විශ්වාසයයි.

      Delete
    2. යහපාලන ප්‍රවුර්ති ටීම් එකට අනුව එදා වැඩට යන එව්වුන් ක්ලාස් ගිය ළමයි සේරම මහින්දගේ පින්තූර අරන් කලින් ප්ලෑන් කරල අරන් ගිහිල්ලලු. එදා කඩවල් වල මුදලාලිලත් ජාතික කොඩි විකුනලාලු. බස් 212කින් සෙනග ඇවිත් බස් ටික හංගලාලු. එදා සෙනග දැකපු යහපාලන අයියලට උන ගැනිල උන විකාරෙන් ෆොටෝ වල කොටු අඳිනව ඩොට් තියනව කෙළවරක් නෑ.

      Delete
    3. පකිස් පෙට්ටිය :
      කියලා වැඩක් නැහැ ඒ කෝළම්..! :D

      Delete
  14. යහපාලන ගොන් රැල කොපමණ උදහස් උනත් මහින්ද මේ රටේ නියම ජාති හිතෛශී රටට ආවේනික විදිහට හිතන පතන මිනිස්සුන්ගේ ප්‍රසාධය දිනාගත් නායකයා. ඔහුට තිබෙන කීර්තිමත් ප්‍රතිරූපය එක්සත් ජාතික පක්ෂ නපුංසක නිවටයන්ට නෑ. මෛත්‍රීටත් නෑ. යහපාලන බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති උනත් නුගේගොඩ රැලියෙන් මේ සත්‍ය ඔප්පු උනා. මේ ඇති වුන ජාතික ප්‍රබෝධය අපි ජාතික මතවාද වලින්ම ශක්තිමත් කළයුතුයි මහින්දගේ පාලනයේ පෙර වැරදි මගහරවාගනිමින්.

    ReplyDelete
    Replies
    1. 100% ඔබ සමඟ එකඟයි.
      මහින්දගේ තිබෙන නායකත්ව පෞර්ෂය අඩුමතරමින් චන්ද්‍රිකාටවත් නැහැ.රනිල් ගැන නම් කතා කරන්න දෙයක් නැති නිසා සංසන්දනයක් තේරුමක් නැහැ.පෞර්ෂත්වයක් නැතුව නායකයෙක් බිහිකිරීමෙන් පලක් නැති බව හොඳින්ම සනාථ කළේ රනිල්ට පසු සිරිසේන.කවුරු මොනා කිව්වත් ගෝඨාභයගේ සහය මහින්දගේ සාර්ථකත්වය තව හේතුවක්.නායකත්වය සංකීර්ණයි, ඒ සංකීර්ණත්වය මෑතකාලීනව හොඳින්ම හැසිරවූ කෙන මහින්ද ඒ ගැන කතා දෙකක් නැහැ..ඔබ කියුවත් වගේ අපි හැමෝම පෘථග්ජනයි, අපි වගේම ඔහු අතිනුත් වැරදි වුණා, දැන් ඒ වැරදි හදාගෙන අළුත් පටන්ගැන්මකට කාලයයි.

      Delete
  15. මේ පෝස්ටුවට අදාල නැති නමුත් මේක මෙතන දමන්නටම මට හිතුනාය.

    ''පොන්සිරි රක්තලවන් බටලන්ද'' දවස් 40 ක් තුල ''තුම්මුල්ලේ පද්මේ පච්ච සිරා බටලන්ද'' දක්වා රූපාන්තරණය වූ ආකාරය වර්නනාවිශයාතික්‍රාන්තය.පත්තර මුත්තලා ටිකට එරෙහිව නැගූ මහා සිංහ ඝර්ජනාව, ගම් නියම් ගම්,පසල් දනව් මතු නොව, දේශ දේශාන්තරයන්හි ඈත කඳු වලලු සාගර සිසාරා ඇසුනේය.මිහිකත එම අභීත නාදය ඒ කනින් අසා මේ කනින් පිට වන්නට පෙර තුන් යලක් ජබර කලන්තය දා වැටුනාය.

    දෙවියනි අර කොටි නැලේ මේ රට වනසන කල්හී, මේ සිංහ ඝර්ජනා තිබුනේ නම් මල්ටි බැරල් රොකට් ලෝන්චර්,රොකට් ප්‍රොපෙලර් ගන්, ආටිලර්ය් ආදී එකී නොකී අටමගල් නැතිව එක මොහොතින් ඒ කොටි රැල එලවන්නට තිබුනා නේද කියා මගේ මෝඩ බයි මොලයට හිතුනාය. බය බෝයි රනිල් හාමු..!

    ReplyDelete
    Replies
    1. මටත් ආරංචි වුණාය. හාමුගේ ඝර්ජනාවට ටොයියෝ චූං වී ඇති හැටියත් දැකගත්තෙම්ය.ඕවා රනිල් හාමු කියු නිසා හොඳය.ගංකබර මහින්ද කිව්වා නම් මෙතැන විසුමක් වන්නේ නැත!

      අර විස්කි නෝනාගේ කාලේදිත් කවුදෝ කිව්වේ දී ඇති මාජ්ජ නිදහස වල්බූරු නිදහසක් කොරගන්නට එපා කියලාය.එහෙම බලනා කල මාජ්ජ නිදහස වැඩියෙන්ම ඇත්තේ දැන්වන්නට ඇතිය.නැතිනම් මොකෝ යහපාලනේ පෙරන "අපි වගේ" බ්ලොග් එහෙම ආයෙ පවතින්නයැ!

      Delete
  16. http://adaderana.lk/news/29898/ranil-faults-australias-silence
    මෙන්න අපේ අගමැතිතුමාගේ තවත් වික්‍රමයක්. පහුගිය කාලේ ඔස්ට්‍රේලියාව ලංකාවට සපෝට් කරපු එක හරිම වැරදිලු. එහේ විදේශ ඇමති මුන නොගැහුන එකත් හරිම වැරදිලු. සපෝට් නොකර ඇමරිකාවත් එක්ක එක්කහු වෙලා ශොට් එක දෙන එකලු නිවැරදි වැඩේ.

    මට තියන එක අවුලක් තමා අපේ යහ පාලනයේ මුර දේවතාවො ටික මේ වගේ වීර වික්‍රමාන්විත ක්‍රියා, අලුත් ක්‍රමයට අගවිනිසුරුව ගෙදර යවන එක, හාමුදුරුවන්ව බිස්නස් වල ඩිරෙක්ටර් බෝඩ් වලට පත් කරන එක වගේ දෙවල් ගැන කතා නොකර මේ පංචායුදයගේ ගෑනි අල්ලන් දගලන එක.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ..යහපාලන වීරයෝ කියන්නේ යහපාලන බෝඩ් ලෑල්ල එල්ලන් මොකක් කලත් හොඳයි කියලා.දැන් බලන් යද්දි මහින්දට වැඩිය එහෙයියොයි වන්දිභට්ටයොයි ඉන්නේ රනිල් හාමුටයි, චන්ද්‍රිකා හාමු නෝනාටයි, වෙන්න හාමු සිරිසේනටයි..මොනා කලත් එහෙමලු ලංකාවේ යහපාලනේ හැදෙන්න ඕන, සිස්ටම් එක හැදෙන්න ඕන..කනකොට කබරයා තලගොයා වෙනවා වගේ තමයි.අපිට නම් ඕවා දැකලා හිනා..

      ඉතින් දෙයියනේ රනිල් කොහොමද ඇමරිකාව නැතුව හුස්මක්වත් ගන්නේ..ලංකාව නැතත් ලෝක සිතියමේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ටික තියෙන්න ඕන..එහෙමනේ අනුගාමික ගැත්තොත් කියන්නේ..:D :D :D

      Delete
  17. තනි තරුව... අලුත් දේශපාලන ලිපියකට කාලයයි

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕන සරස, කාලවේලාවේ ගැටළුවක් තියෙනවා මේ දවස්වල.. :(

      Delete
    2. අලුත් ජම්බු ඕනෑ...!!!!

      Delete
    3. ජම්බු මල් පිපිලා තියෙනවා..ගෙඩි හැදෙන්න ටිකක් කල් ඕනා.. :) මේ දවස්වල ටිකක් වැඩ වැඩියි ගයත්‍රි..:)

      Delete
  18. දැන් ඉතින් යහපාලන අයියල ටික මොකක් කිවුවත් වැඩක් නෑ. මහින්ද මෛත්‍රීටයි රනිල්ටයි වඩා අතිශය ජනාදරයට පත් දේශපාලන චරිතයක් බවට පත් වෙලා ඉවරයි. යහ පාලන සෙට් එකට ඒක දැන් අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මහින්දානුගාමිකයි මහින්දවිරෝධී කියන ලේබලයෙන් එපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එය පිළිගන්නට සිදුවෙනවා..අර උඩින් කියුවත් වගේ කරන්න ඕන ඒ ගැන ද්වේෂයෙන් පෙලීමට වඩා ඊට හේතුව සොයා බැලීමයි..සහ තම වැරදි නිවැරදි කරගැනීමයි..

      Delete