Monday, February 9, 2015

රදල පිළිරුව සහ චන්ද්‍රිකා

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කලක් අද මහින්දට වඩා ජනප්‍රියව සිටි, ජාතියේ පිනට පහළවූ විහාරමහා දේවියය (සනත් මන්දා කිව්වේ).! වසර 11ක් බලයේ හිඳ පැල කෙරූ එක ලබු ඇටයක්වත් නැත්තේය!අත්තනගල්ලේ සමහරක් පාරම්පරික බණ්ඩාරනායක ගැත්තෝ පවා නැතිකරගත්තේ චන්ද්‍රිකා නෝනේය.ලක්ස්ප්‍රේ හැරීට දී හුරතල් කරන්නට, හංස බෝට්ටු පදින්නට ගොස් නැතිකොරගත් ඡන්ද ගාණ ඇතිය..

ඒත් යන්තම් බෝම්බයකට පින්සිද්ධ වෙන්නට දෙවෙනි වතාවෙ අනුකම්පා ඡන්දෙන් ගොඩ දාගන්නට හැකි වුණේය.කලක උන්දැගේ ඔඩොක්කුවේ ලැග උන් වික්ටර් අයිවන් කියන්නේ ඒකත් ප්‍රේමදාස මහත්තයා වාගේ උන්දෑම උන්දෑට අටෝගත්තු එකක් කියලාය..! වික්ටර් අයිවන් සම(මී)හරක්ට නම් හෙණ වැඩ්ඩෙකි..! ඌ ලියන්නේ මක්කද ඒ සියල්ල වන්දනාමාන කොරන ඈයෝද මේ රටේ ඉන්නෝය! ඒ හින්ද ඕවායි ඇත්ත බොරුව නම් අපි නොදනිමුය..මන්දයත් මැඩම්ගේත් ගෝලයාගේත් වැඩි වෙනසක් නැති හින්දාය..!

උන්දැ පහුගිය දොහක "ඩේලි මිරර්" පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් දී තිබුණාය.අහෝ රදල පිළිරුව!
පටන් අරන්ම තිබුණේ සුපුරුදු පම්පෝරියෙන්මය! උන්දැ කියන හැටියට ලංකාවේ උගත්ම උගත් දේශපාලනඥයින්ට ඉඳ ඇත්තේ උන්දැගේ පරලෝ සැපත් මාපිය දෙදෙනා සහ අනුර මල්ලීය; දැනට ඉන්නේ උන්දෑත් සුනේත්‍රා අක්කාත් විමුක්ති හා යශෝධරාත් ය! මං නම් කියන්නේ රනිල්ට වත් එහෙම නොකිව් එක හරි පව්ය..! මොනාවුණත් මුන්දෑගේ ලණුව රෝල පිටින් කෑ ගුණය හරි තියන්නට තිබුණාය...අනෙක් අතට චෞර රැජිණ ලියූ වික්ටර් කියන්නේ උන්දැගේ උපාධි සහතික බොරු එව්වා බවය..ඒවාත් දන්නේ ඒ දෙන්නාම විතරය.

ඊටත් හපන් හිනා යන කතාව, උන්දෑ අවුරුදු 11ක් රට වළඳා ආතල් ගෙන නැවත රජවෙන්න හීනෙකින්වත් නොහිතා තම සැඳෑ සමය යශෝධරාගේ සුද්දා පැටවෙකු නලවාගෙන මැහුමක් ගෙතුමක් කොරගෙන ඉන්නට හිත හදාගෙන ඉන්නා වෙලාවක, මාකැට්ටුවට අරහෙට මෙහෙට යන්නට එළියට බහින හැමවිටෙකම ජනතාව ඈ සොයා දුවවිත් "අනේ අප බේරාගන්න මැඩම්! අනේ අපේ ජාතිය බේරාගන්න මැඩම්!!: කියා හොටු පෙරාගෙන හඬා වැටීමය! දැන් ජනතාව මහින්ද දුටු තැන රැස්වී පොදිකන එක අඬන එක ඉවසාගන්න බැරි උන්දැලාට මේ ගැන කියන්නට ඇත්තේ මොනවාදැයි දැනගන්නට මට මාරම ආසය..!

'කලෙකදි වහලු කලෙකදි රස වෙනවාලු" කියා කියනවාය..ඒ කතාවේ උපතට හේතුව ගම මහගේ කෙනෙක්ට ඇතිවූ දොළ දුකක් ලු ය.උන්දැට දොළදුක් ගාය ඇතිවී ඇත්තේ කොස් ගෙඩියක කිසිවක් ඉවත නොලා කන්නටද මොකද්දෝ හුටපටයකටය.ඒ ගම මහගේ මේ අපේ සැටලයිට් උන්දෑම ද කියාත් හිතෙන්නේය.
කොහොමින් කොහොමහරි ගෙදර වැඩට හිටි කොලුවා (සමහරවිට රොස්මිඩ් වලව්වේ බෝයියා වී හිටි මර්වින් වෙන්නටත් පුලුවන් ය) කොස්ගෙඩියේ වහලු පවා ලියා දමා කෑමක් හදා දුන්නා ලු ය.ඒ කෑ ගම මහගේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් 'මොනවයින්ද බොල මේ හැදුවෙ" කියා ඇසුවා ලු ය.බෝයියාත් "අනේ හාමිනේ කොස් වහලුත් දැම්ම"යි බැගෑපත්ව කීවා ලු ය.ඔය නාටකයේ කොස් ගෙඩිය, වහල්ල, ගම මහගේ, ගම ගෙදර බෝයියා ආදේශ කොර ගැනීම ඔබලාගේ වැඩක් ය..

කොහොමින් කොහොමහරි උන්දැගේ කතාවේ හැටියට උන්දැ නැත්නම් අද වෙනසක් වන්නේ නැත්තේය!යහ(න)පාලනේ පෙරගමන්කාරිය ඈ ය! එ බව අවුරුදු 11ක රාජ්‍ය කාලය තුළ හොඳටෝම තේරුණාය..! 

ලින්කුව හොයාගන්නට බැරිය..තමන්ගේ නේත්‍රා දෙකෙන්ම දැක සාක්ෂාත් කොරගන්නට උවමනා අයට 2015 පෙබරවාරි 05වන දින ඩේලි මිරර් බැලිය හැකිය..නැන්දා කිරි කොකා වාගේ සුදු ඇඳන් ඉන්නා පින්තූරයක් මුල් පිටුවේම තිබුණේය..හැබයි පට්ටන්දරේ තිබ්බේ ඇතුලු පිටුවකය..
(සම්පූර්ණ ලිපිය සඳහා 2015 පෙබරවාරි 05වන බ්‍රහස්පතින්දා ඩේලි මිරර්හි ලයිෆ් අතිරේකයේ පිටු අංක 29-30 බලන්න.)

දැන් බලාගෙන යද්දී, චන්ද්‍රිකාගේ ආගමනය තියරියක් විදියට ගන්නවා නම් මහින්දගේ ඉදිරි දේශපාලන කෙරුවාව ගැන කවුරුවත් විලිරුදා ඇතිකොරගන්න දේකුත් නැතිය..මන්ද යත්, අහන්න පුලුවන් සේරෝම කුණුහරුප අහගෙන, කරන්න පුලුවන් සේරෝම කුජීත වැඩත් කොරගෙන, කන්නට පුලුවන් සේරෝමත් කාගෙන, රටට කිසිම වැඩකුත් නොකොට ගිය චන්ද්‍රිකාට ආයේ බේරගනින් මයේ අම්මා කියන්න ගිය ජනතාවක් මේ රටේ ඉන්නවා නම්...යුද්ධය ඉවර කරන්නට අවශ්‍ය අණ දුන්, රටට දැනෙන සංවර්ධන වැඩක් කල, නිකං බූරුපොළට පොලීසියෙන් පැන්නාම පඳුරක් අස්සේ ඇණ තියාගත්තා වගේ ආප්ප කා පැනලා යනවා වගේ වැඩ නොකල, කොන්ද කෙලින් තීරණ ගතහැකි මහින්ද හමුවේ මිනිස්සු අඬාවැටීම පුදුමයක් ද? හෙලා දැකිය යුතුද? බියවෙන්නට කාරණාවක් ද? 

මහින්දට බලලෝභී කියා පාස කියනා උන්දැලා චන්ද්‍රිකාගේ බල තණ්හාව ගැන කියන්නේ මොනවාද?

නාමල් යුව රජෙක් කොරවන්නට හැදුවායි කියන උදවිය, විමුක්ති දේශපාලනයට එන බවට යන හාහූව ගැන කියන්නේ මොනවාද?යුවරජෙක් වෙන්න දැඟලුවේ නාමල් විතරම ද?එහෙනම් සජිත් ප්‍රේමදාස??පක්ෂ නායකත්වයට පොර කෑවේ හුරතලේටද?පරාද වීත් පක්ෂ නායකත්වයේ එල්ලි හිටි අපේ රනිල් මහතාණෝට බල ලෝභයක් ගෑවිලාවත් නැද්ද? 

චන්ද්‍රිකාව උස්සා පූජාසනයේ තැබූ උන්දැලාම උන්දැව පහළට පෙරළා දැමුවෝය..දැන් උන්දැලාම රෙදි ඇඳගෙන කියන්නේ චන්ද්‍රිකා කොල හරිය හිච්චි එකෙකුගේ හුරතල් වැඩක් වාගේ කියලාය..ඒවා අසා සිටින අපට දෙකොණෙන් හිනහ යන්නේය...තව රදල පිළිරුවට ගල්ගැසූ උන්දැලා දැන් ඒ පිපිරුම්වලට පොටි ගහන්නෝය..! 

තව තව සෙල්ලම්, හොඳ හොඳ සෙල්ලම් මග එනවාය! 



50 comments:

  1. ලිව්වල නම් පට්ට රහයි. උඹේ ළිපියේ තියෙන කරුණු අනුව පේන්නේ මෑත දෙශපාළණ ඉතිහාසයවත් නොදන්නා බවකුයි. මගේ එකේ විරුද්ධ මත දරණ ගොඩක් දෙනෙක් මම හිතන විදියට යුද්ධයේ දරුවෝ. ඒක උඹලගේ වැරද්දක් නෙමෙයි. සමාජයේ වැරද්දක්. මහින්ද මහරජානෝ කලේ නලාකාරයෝ. ඒ වගේම චන්ද්‍රිකා විහාර මහා දේවිය කලේ රෝහණ කුමාර කියන "සටන" පත්තරේ කතෘවරයා. හිනා යන වැඩේ කියන්නේ කියන්නේ ඒ යකා සනත්ව දාලා මැරුවෙත් ඒ විහාර මහා දේවියමයි.

    උඹට වගේම මටත් හිකෙන් පුනා ආවා සැටලයිට් පොදු අපේක්ෂකයා ලෙස එනවා කිව්වාම. ඊට විරුද්ධවත් ලිව්වා. හැබයි මම ඇස් දෙකට දැකලා තියෙනවා, ඔය මහින්දට කෑ ගහනවා වගේම. මිනිස්සු සැටලයිට්ට කෑ ගහනවා. අනේ මැඩම් අපිව බේරගන්න එන්න කියලා. විමුක්ති දෙශපාළණයට එන එකක් නෑ. ආවත් දැන්ම එන්නේ නෑ. ඒ කෙසේ වෙතත් මේ රටේ කිසිම නායකයෙක්ගේ දරුවකුට මහින්ද මහත්තයගේ කුමාරවරුන්ට තිබුන පිස්සු නම් තිබුනේ නෑ. ඊයේ දැක්කා නේද නාමල් බේබිගේ ඔරලෝසු කොලෙක්ෂොන් එක.

    තාමත් ඔයාලා ඇඳලා ඉන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. දවස් සීය කොම්ප්ලීට් වෙනකන්..

    ReplyDelete
    Replies
    1. තේරෙන වයසේදී යුද්ධය දැකපු නැති ළදරුවන්ගේ අලුත් චන්ද නම් ගියේ සිරිසේනට. යුද්ධය නිසා පාරේ බැහැලා බයෙන් ගිය අපට මහින්ද අමතක වන්නේ නැත.

      Delete
    2. මහින්ද මළොත් මොකෑ කරන්නේ.. මිනීය බලේට ගේනවද...? අප්පච්චි මලා...

      Delete
    3. ඒ කෙසේ වෙතත් මේ රටේ කිසිම නායකයෙක්ගේ දරුවකුට මහින්ද මහත්තයගේ කුමාරවරුන්ට තිබුන පිස්සු නම් තිබුනේ නෑ// ඒ කතාවනම් ඇත්ත

      තේරෙන වයසේදී යුද්ධය දැකපු නැති ළදරුවන්ගේ අලුත් චන්ද නම් ගියේ සිරිසේනට. යුද්ධය නිසා පාරේ බැහැලා බයෙන් ගිය අපට මහින්ද අමතක වන්නේ නැත// අනිවර්යයෙන්ම මහින්ද කියන්නෙ පුද්ගලයෙකුට වඩා ජාතික සංකේතයක්
      ඒ වෙලාවෙ තිබුන තත්වයට සාපේක්ෂව කතා කරන්නෙ.එදා සිටියෙ නිරනුකම්ප ගරිල්ලා නායකයෙක් ( චන්ද්‍රිකාගෙ වචනවලින් ) .ඔහුව පරද්දන්න පුළුවන් කියල කිසිවෙක් හිතුවෙ නෑ.
      ජාතික ව්‍යාපාරයක් ගොඩනැගුන.ඒකෙ ජවිපෙ හා හෙළ උරුමයත් හිටිය.මේ බලවේගයෙ නියෝජිතයා තමයි මහින්ද
      එහෙම නැතිව මහින්ද නැත්නම් රටක් නෑ කියන මතයෙ කවුරුත් නෑ
      මහින්දට කැමති වුනත් නාමල් ,බැසිල් පරද්දන්න ඕන නිසා මහින්දට විරුද්ධව කතිර ගහපු අයත් හිටිය.

      Delete
    4. //උඹේ ළිපියේ තියෙන කරුණු අනුව පේන්නේ මෑත දෙශපාළණ ඉතිහාසයවත් නොදන්නා බවකුයි. //

      //මට අවුරුදු 1 1/2ක් වෙද්දි මුළු පළාතම වහගෙන හිටියේ භීෂණය.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්චි මගේ සීයා ජිනදාස වීරසිංහ (තාත්තගේ තාත්තා) ඝාතනය වුණේ 1987 ජූලි 31වෙනිදට එළිවෙන්න..ඒ තමන්ගේ ආසනේ මිනිස්සුන්ට කරදර වෙනවද බලන්න ගිය ගමනකදි.. පාහර ජවිපේ එවුන් සීයා යන මග හරහට කාණුවක් කපලා මග හරස්කරලා සීයාට වෙඩි තියලා තිබුණා..සීයා වෙඩි පහර කාගෙනම වාහනේ තව මීටර් ගණනාවක් පසුපසට අරන් තිබුණේ චූටි බාප්පාත් එදා ඔහු එක්ක හිටි හින්දා..මිනීමරුවෝ වෙඩි තියලා මදිවට අලවංගුවලින් සීයාගේ කණ්වලට පවා කොටලා තිබුණලු.චූටි බාප්පගේ බඩ පලලා තිබිලා තියෙන්නේ අලවංගුවලින් (අදටත් ඔහුගේ බඩේ ඒ කැළල තියෙනවා).//

      අප වනි හාල් කෑලි මෙන් නොව තනි තරුව මැතිනිය ඉපදී තිබෙන්නේ සිරි ලංකා දේසපාලනය දෑතින් බදාගෙන බව ස ර ස ගේ හැඟීමයි....

      දැන් යහපාලන ගැන කතා කරන ජ වි පේ වල් යමපල්ලන් ගැන එතුමිය අප සියලු දෙනාටම වඩා දන්නේය...

      Delete
    5. ස්තූතියි මාතේ..
      //උඹේ ළිපියේ තියෙන කරුණු අනුව පේන්නේ මෑත දෙශපාළණ ඉතිහාසයවත් නොදන්නා බවකුයි. // සාරස පිළිතුරක් දී ඇත.නැවත කියවා බලන විට තව ලියන්න තිබූ දේ මතකයට නැගෙන නමුත් දැන් ආයෙමත් එඩිට් කොරන්නට කම්මැලිය..

      //ජාතියේ පිනට පහළවූ විහාරමහා දේවියය (සනත් මන්දා කිව්වේ).! // මේ කීවේ සනත් නොවන බව දනිමි.අවශ්‍ය වූයේ පොඩි නෝණ්ඩියක් දැමීමටයි

      විමුක්තිට දන්නා ගව බලු වෙදකම තව දුරටත් ප්‍රගුණ කිරීමට නම් දේශපාලනය තෝතැන්නක් වනු ඇතිය.හැබැයි උන්දැ ගොස් ඇත්තේත් අම්මාගේ ආරයට මිස තාත්තාගේ ආරයට නම් නොවේය..අනික් අතට ලංකීකයෙකු වීම ගැන ලැජ්ජාවී අම්මාගේ ඇකයේ හිස් හොවා හැඬූ සුන්දරා ගැන මගේ පැහැදීමක් නැත.අනික් අතට ඔය සූත්තර අම්මණ්ඩි මීය කැඩුවේ අත ලොවින්නටම විතරක් නොවේය යන්න මගේ විශ්වාසයයි.ඈට අවශ්‍ය රදල පිළිරුව කෙලින් කිරීම සහ හුණු පිරියම් කොට පවත්වාගෙන යාමත් බලය ලබා ගැනීමත්ය.

      //තාමත් ඔයාලා ඇඳලා ඉන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. දවස් සීය කොම්ප්ලීට් වෙනකන්..// උඹලා අපි ඔක්කෝම ඇඳන් මචං ඉන්නේ..හැමදාම වගේ..

      Delete
    6. //තේරෙන වයසේදී යුද්ධය දැකපු නැති ළදරුවන්ගේ අලුත් චන්ද නම් ගියේ සිරිසේනට. යුද්ධය නිසා පාරේ බැහැලා බයෙන් ගිය අපට මහින්ද අමතක වන්නේ නැත.//
      මකසි ++++++++++++++++

      Delete
    7. //මහින්ද මළොත් මොකෑ කරන්නේ.. මිනීය බලේට ගේනවද...? අප්පච්චි මලා...//
      මාතේ අන්න ඒක හොඳ ප්‍රශ්නයක්! ඇත්තටම ලංකාවට වෙලා තියෙන හෙණේ ඕක තමයි..අපිට තාමත් බෑ ඊලඟට සුදුසුම එකා කියලා අනුප්‍රාප්තිකයෙක් ගැන අදහසක් ගන්න. මොකද එන එන එකා කරන්නේ අපිට ඇඳුම් මහල අන්දලා හැඩ බලන එක..අනික් අතට හොරු ටික කරන්නේ ගෙම්බෝ වගේ ඒ පැත්තට මේ පැත්තට පැන පැන ආයේ ආයේ බලයට එන එක..සාධාරණව හිතන්න පුළුවන් බොහෝ දෙනෙක්ව හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ වගේ හැම පක්ෂයක් විසින්ම විනාස කළා සහ විනාස කරනවා..එහෙම එවුන්ට පැවැත්මක් නෑ...

      Delete
    8. මධ්‍යස්ථ මතධාරියා:

      //අනිවර්යයෙන්ම මහින්ද කියන්නෙ පුද්ගලයෙකුට වඩා ජාතික සංකේතයක්
      ඒ වෙලාවෙ තිබුන තත්වයට සාපේක්ෂව කතා කරන්නෙ.එදා සිටියෙ නිරනුකම්ප ගරිල්ලා නායකයෙක් ( චන්ද්‍රිකාගෙ වචනවලින් ) .ඔහුව පරද්දන්න පුළුවන් කියල කිසිවෙක් හිතුවෙ නෑ.
      ජාතික ව්‍යාපාරයක් ගොඩනැගුන.ඒකෙ ජවිපෙ හා හෙළ උරුමයත් හිටිය.මේ බලවේගයෙ නියෝජිතයා තමයි මහින්ද
      එහෙම නැතිව මහින්ද නැත්නම් රටක් නෑ කියන මතයෙ කවුරුත් නෑ
      මහින්දට කැමති වුනත් නාමල් ,බැසිල් පරද්දන්න ඕන නිසා මහින්දට විරුද්ධව කතිර ගහපු අයත් හිටිය./// +++++++++++++++++++

      සහතික ඇත්ත..මහින්දට අනුන්ගේ ණය ගෙවන්න සිද්ධ වුණා..අනික් අතට අර කතාවක් තියෙනවනේ පරාජය අවජාතකයි ජයග්‍රහණයට පියවරු ගොඩයි කියලා..ඒ වගේ තමයි යුද්ධය ඉවරකිරීමේ ගෞරවය බෙදාගන්න දැන් කට්ටිය පොරකන විදියට මධ‍යස්ථව බැලුවොත් ඇත්ත දිහා, මහින්ද ජාතික සංකේතයක්..ඒක පක්ෂ පාට ආගම් ජාති භෙදයකින් තොරව මරණ බය දැනිච්ච හැමෝටම පිළිගන්න වෙන සත්‍යයක්..

      අනික කාරණේ දැන් රට වෙනුවෙන් පෙරට ආවය කියන චන්ද්‍රිකා බලයේ ඉන්දෙද්දි අවශ්‍ය පියවර ගත්තා නම් යුද්ධය ඉවර කරන්න තිබ්බා ඇහක් කණක් නැති කොරනොගෙන අපූරුවට..දත් ඇතිදා නොකෑ පේර දත් නැතිදා කොහොම කන්නද ඉතින්...කවුරුහරි කොටලා දුන්නොත් තමා..ප්‍රශ්නේ කවුද දැන් චන්ද්‍රිකාට පේර කොටලා දෙන්නේ? :D

      Delete
    9. සාරස:
      බොහොම ස්තූතියි මිත්‍රයා..
      ජවිපෙ විසින් මට කළ පෞද්ගලික හානියට එවන් දහසකින් එකෙක් හැටියට මම කවදාවත් සමාව දෙන්නේ නැහැ..ඒක මගේ පෞද්ගලික මතය..සමාව ඉල්ලීම් සහ කණගාටුව පළ කිරීම්වලින් ඔවුන්ට ලේ පැල්ලම් වහගන්න පුළුවන් වුණත් ඒ අහිමිවෙච්ච මිනිස්සුන්ගේ ජීවිතවල හිස්තැන් වහන්න බැහැ..

      Delete
  2. තමුන් විශ්වාස කරන මතය වෙනුවෙන් පෙනී සිටීම හොඳයි. එත් කොන්දේසි විරහිතව පෙනී සිටීම නිසා සත්‍යය දකින්න බාධා වෙනවා.
    මගේ නම් හැම දේශපාලකයෙක් ගැනම තියෙන්නේ අල්ප විශ්වාසයක්. ඒ නිසාම චන්ද්‍රිකාට විහාරමහා දේවී කියන්නේ වත්, මහින්දට දුටුගැමුණු කියන්නෙවත් , MY3 ට ලැබුණු හොඳම ජනාධිපති කියන්නෙවත් , රනිල්ට ජෝර්ජ් බුෂ් කියන්නේ වත් නෑ .
    උඹලා තාම වටහා නොගත්ත කාරණය තමයි මචෝ 77න් පස්සේ ලංකාවේ මොනම දේශපාලකයෙක්වත් ජනතාවට ආදරෙන් වැඩ කලෙත් නෑ ,කරන්නෙත් නෑ කියන එක

    ReplyDelete
    Replies
    1. // 77න් පස්සේ ලංකාවේ මොනම දේශපාලකයෙක්වත් ජනතාවට ආදරෙන් වැඩ කලෙත් නෑ ,කරන්නෙත් නෑ කියන එක //


      අනේද කියන්නේ.... සිරි ලන්කාවේ පලමු පාර්ලිමේන්තුවේ ගරු කතානායක මොලමුරේ හිරේ ගියේ මන්දැයි හොයා බලන්න...

      Delete
    2. 1977 න් පෙර පසු කියල දෙයක් නෑ. ඉස්සර උන් දේශපාලනය කළේ නම්බුවට.1977 ට පෙර මිනිස්සු ඡන්දෙ දුන්නෙ ප්‍රවේණිදාස පදනමින්.සර්වජන ඡන්දය තිබුනට මේ රටේ අවබෝධයෙන් ඡන්දය දෙන්න ගත්තෙ මෑතක ඉදන්.
      මේ රටේ නිර්ප්‍රභූ දේශපාලනය ආරම්භ කළේ විජේවීර.

      මොළමුරේ කියන්නෙ අර අලියට වෙඩිතියපු තිරිසනා නේද.1977 ට පෙර තිබුන පිරිසිදු දේශපාලනය කළේ මොළමුරේල තමයි. ඒ කාලෙ මිනිස්සු කතා කිරීමේ නිදහස කියල දෙයක් තියනව කියලවත් දන්නෙ නෑ.

      Delete
    3. ඉවාන්:
      ඇත්ත, මම කොන්දේසි විරහිතව පෙනී හිටින්නේ නෑ...හැබැයි තත්වයේ හැටිය අනුව මගේ පෙනීසිටීමේ තීව්‍රතාවය තීරණය වෙනවා..

      මමත් ඔය බහුභූත කතාවලට විරුද්ධයි..මහින්දට දුටුගැමුණු කියලා මම කවදාවත් කියන්නේ නැහැ..දුටුගැමුණු ඉතිහාසයේ එන විශේෂ වීරයෙක්..ඒ ගැන සමහර ආතක් පාතක් නැති ගල් බූරුවෝ විවිධ කතා කියනවා උන්දැ කොලෙ බුද්ධ ශාසනයට විතරයි කියලා..හැබැයි හොඳට හොයල බැලුවොත් තේරේවි ඒ කියන බහුතරය අන්‍යාගමික පරිසරයකින් එන උන් බව..

      කිසිම දේශපාලකයෙක් ජනතාවට ආදරෙන් වැඩ නොකලා කියන කතාව මට සම්පූර්ණයෙන්ම පිළිගන්න බැහැ මචං..ඒකට මට පෞද්ගලික හේතු තිබෙනවා...හැබැයි දැන් රට යන හැටියට බහුතරයක් එන්නේ තමන්ගේ බඩ වඩාගන්න තමයි..ඒකනේ පෙන්දෝ වගේ බලයට එන උන්දැලා සශ්‍රීකතවයෙක් ආඪ්‍යවෙන අපූරුව අපට ටික කාලෙකින්ම පේන්නේ...

      Delete
    4. මධ්‍යස්ථ මතධාරියා:
      //1977 න් පෙර පසු කියල දෙයක් නෑ. ඉස්සර උන් දේශපාලනය කළේ නම්බුවට.1977 ට පෙර මිනිස්සු ඡන්දෙ දුන්නෙ ප්‍රවේණිදාස පදනමින්.සර්වජන ඡන්දය තිබුනට මේ රටේ අවබෝධයෙන් ඡන්දය දෙන්න ගත්තෙ මෑතක ඉදන්.//++++++++++++
      චන්ද්‍රිකාටත් ඕන ඒ ප්‍රවේණිදාස පදනම දිගටම පවත්වාගෙන යන්න..මහින්ද එක්ක තිබෙන වෛරයට ඒකත් එක හේතුවක් තමයි..:D

      Delete
  3. හැම එකාගෙම වැරදි තියෙනව බං තරුවො...
    වැරැද්ද කියන්නෙ හැම කෙනාම කතා කරන්නෙ එක්කෙනෙක්ගෙ වැරැද්ද විතරයි... මේ දවස් වල මහින්දගොය්යගෙ... පහුගිය දවස් වල අර දෙන්නගෙ... කෝක කෝමවුණත් ලංකාවෙ දේසපාලනයට ආව (මං හිතන්නෙ 77 පස්සෙ) තමන්නෙ පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගන්ට පොරත්වයක් ගොඩ නගාගන්න දේසපාලනයට ආව මිසක් බොක්කෙන්ම රට ගැන හැගීමකින් ආවෙ නෑ... එමෙ ආව නං මහින්දට වුණත් මෛත්‍රීට වුණත් මඩ ගහන්න බයින්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ... පහුගිය දවස් ටිකේ මම සෑහෙන්න සයිලන්ස් එකේ හිටිය නෙව ඒ දවස් වල දෙගොල්ලගෙම කිරියා පටිටාටිය බලං උන්නෙ අන්තිමේ තේරුංගත්ත දේ තමා අපි හැමදාමත් ඇන්දිල තවත් අදිනව කියන එක...
    මහින්ද ලොක්ක ආයෙ මොනව කෙමේකට හරි පාර්ලිමේන්තු එන්ට හිතං ඉන්නව නං ඒ රටට ජනතාවට ආදරේ හන්ද නෙවී හුදු බල ලෝබය හන්ද... මොනා වුණත් මං ලොක්කට ගරු කලා කොන්ද කෙලිං තියං හිටපු මනුස්සයෙක් හැටියට..
    ඒත් දැං දැං මනුස්සය විහිං චරිතෙ නාස්ති කරගන්න එකයි කරන්නෙ..

    ලිවිල්ල නං අපූරුයි තරුවො
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මහේෂ්..වැරදි නැති මිනිස්සු මේ ලෝකේ නැහැ...පෘථග්ජන මිනිස්සු හැටියට අපි කවුරුත් සැපට බලයට සල්ලිවලට එපා කියන්නේ නැහැ ලැබුණොත්..ඒකයි ඇත්ත.. මහින්දගේ වැරැද්ද වැරදි කළ උන්ට නිසි දඬුවම් නිසි අවස්ථාවේ නුදුන් එකයි..මම හිතනවා දැන් හරි ඒ වරද අවබෝධවෙලා ඇතිය කියලා...
      // අන්තිමේ තේරුංගත්ත දේ තමා අපි හැමදාමත් ඇන්දිල තවත් අදිනව කියන එක...
      සහතික ඇත්ත..මහජනතාව කියන්නේ ඩිසයිනර් දෙන ඇඳුම ඇඳන් රෑම්ප් එක උඩ අරහෙට මෙහෙට පස්ස දික් කරලා ඇවිදින මොඩ්ල්ස්ලා වගේ දැන්...ඩිසයිනර් සෙලෝෆේන් ඇඳුමක් දුන්නත් ඇඳන් යන්න වෙනවා...
      තැන්කු මචං..
      ජය වේවා..!

      Delete
  4. විමුක්ති දේසපාලනයට එන්නේ නැත්තේ ඌව තියාගෙන ඉන්නා සුද්දා එකට ඉඩ නොදෙන නිසාය. සැටලයිට් ට සුදු බෑනලා දෙන්නෙක් ම ඉන්න බව හැමෝම දන්නා කාරනයකි

    ReplyDelete
    Replies
    1. එහෙම නම් විමුක්ති ලංකාවේ දේශපාලනයට මෙන්ම unp නායකත්වයටද ඉතා සුදුසුයි.

      Delete
    2. සාරස:
      එහෙමත් එකක්ද? :O හැක් හැක් හැක්...එහෙනම් ගොහින් ඇත්තේ මාමාගේ ආරේට වෙන්නැති! :D

      මකසි : ++++++++++++++

      Delete
    3. ඒ මදිවට ගරු වෙලේ සුදා මැති තුමා විමුක්ති මැති තුමා ගේ බාප්පොච්චි වන ජීවන් ඇමති තුමා ගැන රහස් පොලිසියේදී ගුනගායනා කිරීමද පොඩි ඩිටරිං ෆැක්ටර් එකක් වෙන්න පුලුවනි...

      Delete
    4. හා හා !!
      එහෙනම් ජීවන් බාප්පාගේ සෙල්ලම් එළිවුණා..හොඳා හොඳා...!! :D :D

      Delete
    5. විමුක්ති හොඳයි රනිල් මංගල ටීම් එකට.

      Delete
    6. ලොල්! නියම ටීම් එකක් හදාගතහැකි එහෙනම්..:P :D

      Delete
  5. කොහොම උනත් මම චන්ද්‍රිකාට ගරුකරනවා සටන් විරාම තියලා රනිල් රට බෙදන්නන ගිය වෙලාවේ රජය පෙරලීම ගැන ඒ වගේම රනිල් ට මම ගරුකරනවා චන්ද්‍රිකා පැකේජ් වලින් රට බෙදන්න ගිය එක නැවත්වීම ගැන. නමුත් දැන් ඔය දෙගොල්ලොම එක පැත්තක ඉන්න එක නම් බයානකයි

    ReplyDelete
    Replies
    1. සමහරවිට චන්ද්‍රිකා ජනාධිපති රනිල් අගමැතිවෙලා ඉන්නකොට තිබ්බ බල ඝට්ටනයක් නිසා එහෙම කලාද කියලත් හිතෙනවා..කතාවක් තියෙනවනේ මකසි එක ජාතියේ කුරුල්ලෝ එකට වාසය කරති කියලා...:D

      Delete
  6. ලිපියේ කරුණු සමඟ 100% ක් එකඟයි. අපේ පවුල් පසුබිම ශ්‍රීලනිප. ඒ වුනත් මට ශ්‍රීලනිපයට ඡන්දය දෙන්න හිත හදාගන්න බැරි වුනා.මහින්ද ආවට පස්සෙ නම් කැමැත්තෙන්ම ශ්‍රීලනිපයට දුන්න. ඊලඟ ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නෙ එජාපයට හෝ ජවිපෙට. ඇත්තටම දේශපාලන පක්ෂ අතරින් මට අප්පිරියම පක්ෂය තමා ශ්‍රීලනිපය. හේතුව මං ශ්‍රී ලංකාකාරයෙක් කියල හදුන්වන විට මට හිතෙනව මං බණ්ඩාරනායක පවුලෙ අප්පු කෙනෙක්ය කියල.

    පවුල්වලට සින්න වුන පක්ෂ ඕන නෑ.ඒක මොන වැඩවසම් විකාරයක්ද
    එස් බී නායකත්වයට එන ගතියක් තිබුනම සට්ටැඹියෙක් කිව්ව ශ්‍රීලනිපයෙ නායකත්වයට සුදුසු හොඳ පවුලක කෙනෙක් කියල.ඒ කියන්නෙ රදලයෙක් වෙන්න ඕන කියන එක.
    එහෙමනම් ශ්‍රීලනිපයට අයිතියක් නෑ නරක පවුල් වලින් ඡන්දය ඉල්ලන්න.
    උන් තවම හිතන්නෙ ජනතාව උන්ගෙ ප්‍රවේණිදාසයො කියල.

    රටක නායකයෙක් වෙලාවට වැඩ කරන්නෙ නැත්නම් ඒ රටට යන කලදසාව මොකක්ද.ඔය චන්ද්‍රිකා උදේ අටට තියන රැස්වීමට එන්නෙ හවස හතරටලු.එයා පාලනය කරපු අවුරුදු 11 රටේ කිසිම වැඩක් නොකල කාලයක්.හැම පාලකයම මොනවහරි වැඩක් කළා. මෙයා යුද්දෙ පැරැද්දුව.අලිමංකඩ මුලතිවු කදවුරු වැටුන.ජයසිකුරු මෙහෙයුම පරාජය වුනා.ආර්ථිකය ඍන වුනා.

    1999 ඡන්දෙ අනුකම්පා ඡන්ද තමයි.2001 දි යූඇන්පී දිනුවෙ ඒ වනවිට මෙයා ජනප්‍රියත්වයෙන් පිරිහිලා තිබුන නිසයි.ඊට පස්සෙ 2004 දි ජේවීපී එකත් එක්ක ජාතිකවාදී වාම ගමනක් ගිහින් එහි ප්‍රතිපලයක් ලෙස මහින්ද කරළියට ආවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..මමත් ඔබ සමඟ එකඟයි...මට යූඇන්පී සහ ශ්‍රීලනිප පසුබිම් දෙකම තිබුණා..වැඩියෙන්ම බලපෑවේ යූඇන්පී පසුබිමයි..චන්ද්‍රිකා පළමුව බලයට එන කාලය වෙද්දි මම පැහිච්ච පොඩ්ඩෙක් හැබැයි උන්දැට පුද්ගලයෙක් වශයෙන් මගේ කැමැත්තක් තිබ්බා..වැඩ ටික දැක්කම කළකිරුණා...
      ඔබ කිව්වා වගේම මම ශ්‍රිලනිපෙ වෙනුවෙන් ඡන්දය දුන්නේ ඉස්සෙල්ලාම 2005 අවුරුද්දේ..ඒ මහින්ද නිසා..

      //පවුල්වලට සින්න වුන පක්ෂ ඕන නෑ.ඒක මොන වැඩවසම් විකාරයක්ද//
      අනිවාර්යෙන්ම මෑත ඉතිහාසයේ හැමෝටම පක්ෂ විපක්ෂ හැමෝටම වැරදුණු තැන ඔතනයි..
      //එස් බී නායකත්වයට එන ගතියක් තිබුනම සට්ටැඹියෙක් කිව්ව ශ්‍රීලනිපයෙ නායකත්වයට සුදුසු හොඳ පවුලක කෙනෙක් කියල.ඒ කියන්නෙ රදලයෙක් වෙන්න ඕන කියන එක.
      එහෙමනම් ශ්‍රීලනිපයට අයිතියක් නෑ නරක පවුල් වලින් ඡන්දය ඉල්ලන්න.
      උන් තවම හිතන්නෙ ජනතාව උන්ගෙ ප්‍රවේණිදාසයො කියල.//
      පැහැදිලිවම මැතිණි කට්ට කෑවෙත් ඒකට..චන්ද්‍රිකා කට්ට කෑවෙත් ඒකට...දැන් විමුක්තියෙක්ව පෙන්නල උජෝ කරන්නෙත් ඒකටම තමයි...බණ්ඩාරනායකලගේ රදල පිළිරුව අද සමාජෙට තවදුරටත් වලංගු වෙන්නේ නැහැ කියන පාඩම එයාල තාමත් ඉගෙනගෙන නැහැ..උගන්නන්න තිබ්බ අවස්ථාවත් මිනිස්සු වෛරී හැඟීම් නිසා නැතිකරගත්තා..

      //රටක නායකයෙක් වෙලාවට වැඩ කරන්නෙ නැත්නම් ඒ රටට යන කලදසාව මොකක්ද.ඔය චන්ද්‍රිකා උදේ අටට තියන රැස්වීමට එන්නෙ හවස හතරටලු.එයා පාලනය කරපු අවුරුදු 11 රටේ කිසිම වැඩක් නොකල කාලයක්.හැම පාලකයම මොනවහරි වැඩක් කළා. මෙයා යුද්දෙ පැරැද්දුව.අලිමංකඩ මුලතිවු කදවුරු වැටුන.ජයසිකුරු මෙහෙයුම පරාජය වුනා.ආර්ථිකය ඍන වුනා.

      1999 ඡන්දෙ අනුකම්පා ඡන්ද තමයි.2001 දි යූඇන්පී දිනුවෙ ඒ වනවිට මෙයා ජනප්‍රියත්වයෙන් පිරිහිලා තිබුන නිසයි.ඊට පස්සෙ 2004 දි ජේවීපී එකත් එක්ක ජාතිකවාදී වාම ගමනක් ගිහින් එහි ප්‍රතිපලයක් ලෙස මහින්ද කරළියට ආවා.// +++++++++++

      Delete
  7. දේශපාලනය කරන හැමෝම කියන කරන දේවල් ගැන ඒ හැටි ලොකු විශ්වාසයක් තියන්න කොහොමත් ඕන නෑ.. එදා ඉලක්කයේ මැඩම් ටිකක් ලොකු කතා කිවුවා කියන එක ඉතින් අමුතු දෙයක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මැඩම්ගේ කොහොමත් තියෙන්නේ අමුතු ලොකු කතා තමයි..රෙදි ඇඳන් කොහොම ඔහොම පුරාජේරු කියනවද මන්දා අපි අන්ධයි ගොළුයි බීරියි කියලා හිතුවද දන්නේ නැහැ..ඔහොම කිව්වත් දුක නෑ සතේක වැඩක් කරපු එකෙක් නම්...අඩුගාණේ උගේ හිතේ සතුටට පෝර දාගත්තා කියලා හිනාවෙන්න හරි තිබුණා..මෙයා??

      Delete
  8. මාතලං මහතා ගේ පෝස්ටුවකට පිලිතුරකි :

    http://maathalan.blogspot.com/2015/02/south-is-more-rasict-than-north.html?showComment=1423759263006#c2112874732652067165


    Sa rasaFebruary 12, 2015 at 8:41 AM
    // යාපනය තියෙන්නේ, ට්‍රිප් යාමටටවත්, විග්නේෂ්වරන්ලාට ආතල් ගැනීමටවත් නොවේ.. - South is more Rasict than the North //

    Rasict????

    Rasict කියා වචනයක් නැත.... Racist කියා වචනයක් නම් තිබේ.... කබ්බෝ ටොයියන් ලෙස කපලා මහලා ඇඳගත්තාට Racist කියා ලියන්න ගියාම කස්ඩ බැරි නිසා ගොත්‍රික කම ඉස්මතුවෙනවාය....

    Racist: a person who believes in racism, the doctrine that one's own racial group is superior or that a particular racial group is inferior to the others.

    දරුනු කුනුහරුපෙන් බැනීමක් අපේක්ශා කරමි... මීට ස ර ස තුමා

    ReplyDelete
  9. මෙන්න තව එකක්

    http://maathalan.blogspot.com/2015/02/sex-love-criket-23-23.html?showComment=1423809625495#c1166674182251969741


    1 comment:
    Sa rasaFebruary 12, 2015 at 10:40 PM
    //Sex, Love & Criket (23+) - ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+)//


    Criket??

    අම්මට සිරිය .... වෙන්ඩ ටොයි හබැයි කබ්බ ඩයල් මහාචාර්ය මාතලං අලුත් කිරීඩාවක් හොයාගෙනය...

    Cricket is a bat-and-ball game played between two teams of 11 players each on a field at the centre of which is a rectangular 22-yard long pitch.

    ReplyDelete

    ReplyDelete
    Replies
    1. සරං අඳින්නෙ නැති වෙන්ඩ පොශ් සහ වෙන්ඩ ටොය් මාතලං මගේ ඉහල කියමන ඔහුගේ බොගෙන් අහක් කරතිබේ.... එතුමාට විවේචන පෙන්නන්න බැහැ වගේය.... හොඳ වෙලාවට මම මේ තනිතරුවේ cඔපියක් දැම්මේ....

      Delete
    2. //එතුමාට විවේචන පෙන්නන්න බැහැ වගේය//
      ගිය වතාවේ කෙනෙක් වලිගය ඉතා තදින් පාගාගෙන මට කීවේ විවේචන ඉවසාගන්නට බැරිනම් මෙව්වා ලියා බිත්තියේ ගසාගෙන ස්වයං ආතල් ගන්නටය කියාය..ඒ ඇඩ්ඩයිසර් ඔයා වගේ කමෙන්ටු එහේ නොදමන හින්දා හොඳය..:D :D :D
      මගේ මතය, කිසිදිනක ජෙනුයින් පොෂෙක් (පොෂ්+එකෙක්) මම පොෂ් කියා ආත්ම වර්ණනාවක යෙදෙන්නේ නැත.එසේ කරන්නේ නම් කොහේ හෝ කොස්සක් ඇත. :D :D :D

      Delete
    3. සරස කෝ මේ ගයාත්‍රි පේන්න නෑ නේද?

      Delete
    4. //සරස කෝ මේ ගයාත්‍රි පේන්න නෑ නේද? //

      එතුමිය වෙනත් නමකින් පහල වෙලා වගේ...

      Delete
    5. සිටිමි තුමියනි...! (නැත සරස නැත. අම්මා දුන් නමින්ම එමි.)

      මම මේ පාර ප්‍රේක්ශකයෙක් වෙලා නැරඹුවා.හේතුව රෙදි කරට අරන් කුනුහරුප කියාගෙන එන සමහර ටොයියන් අහල පහල ගැවසුණු නිසාය. බය බෝයි සුවාමීනි, මා නමැති අසරණ ගැත්තා බයියෙකි.

      එ ජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතා කුරිරු ලෙස ඝාතනය කල අවදිය සහ සිදුවීම මට මතක තිබේ.මේ ඇතැම් වෙන්න ටොයි පොර වල් වලට තනි තරුව ට මෙන් එවැනි දේශපාලන සම්බන්ධයක් තිබුනා නම් මේ වන විට '' කෝපි කෝප්පය කුඩු කර බොනලාගේ රනිල් රක්ත ලවන්'' මහතාගේ කැබිනට් එකෙත් ගිහින් නතර වෙනු ඇත.දැන් මේ කහින්නේ ඇටෙන්ශන් අරගෙන සම්බන්ධ වෙන්නය.

      ඒ කෙසේ වුවත් නෙලුම් මලෙන් උපන් ජේවීපී මහතුන් , කේ පී ව හිරේ විලංගුවට ගෙන යන්නට ගන්නා පරම පිවිතුරු සීතම්බර පට උත්සාහය අප අගේ කල යුතුමය.

      පහු ගිය ආන්ඩුව හැදූ විද්‍යාගාර අකිල තුමා නමත් ගහ ගෙන විවෘත කරන කොට මට ලැජ්ජා හිතුනු නිසා මම හිතන්නේම මගේ මොකක් හෝ අප්සැට් එකක් ඇතිම කියලාය.

      ඊට අමතරව පෙටිකෝට් ගවර්න්මන්ට් කියන එක මට හරියටම තේරෙන්නේ දැන්ය.එහි හෙවනට වී කියන කියන එක කොරා වදාරන ලොකුම ලොක්කා ''අහෝ සැපයි..'' කීවේලූ.

      වික්‍රමසිංහ නම් වූ නෝනලා කීප පොලක් හෝ ගාලා ඉහල තනතුරු වලට පත් වෙනවා පෙනුනේ මට විතරක්ද?

      මා හිතන්නේ තනි තරුවට, සරසට,මට සහ අප වැනි අනිත් බයියලාට නොපෙනෙන මොකක්දෝ වෙනසක් සහ නිදහසක් මේ රටට ලැබිලාය.ඒක අපට නොදැනෙන්නේ අපේ කරුමයට අපි උසස් ජන්මයක් සහිත කිරි ටොයියන් නුවූ නිසාය.

      ඉදිරියට රටට සහලෝලා උණ ගැනීමට නියමිතය. කොත්තමල්ලි අඩු කලේ ඒ නිසාය. මේ අය වැය කෙතරම් දූර දර්ශී අය වැයක්ද යන්න එවිට කාට කාටත් තේරෙනු ඇත.එතකම් බයියනි, බයියියනි, '' ජීවත් වෙලා බලමු..!'' නේද?( එසේ කීවේ වානේ පන්නරය ලැබූ හැටි පොතේ පාවෙල් කොර්චාගින් නේද? )

      Delete
    6. මම බයවුණා යහපාලයන යටතේ භාෂණයේ නිදහස කියාදෙන්ට කවුරුහරි ගයත්‍රිව කැඳවාගෙන ගොහින් කියලා...(මම තුමියක් නෙවෙයි බං තනි තරුවක් :D )

      //එ ජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතා කුරිරු ලෙස ඝාතනය කල අවදිය සහ සිදුවීම මට මතක තිබේ.// එහෙනම් ගයත්‍රිට එහෙට සම්බන්ධයක් ඇති බව හිතෙනවා...විස්තර නොඅසා සිටින්නම්..:) ඔබගේ ආරක්ෂාව වෙනුවෙන්..

      //කෝපි කෝප්පය කුඩු කර බොනලාගේ රනිල් රක්ත ලවන්// හා හා හා මරු නම ඒක! උන්දැ මොනවා කුඩුකරලා බිව්වත් තාම මොලේ පෑදිලා නෑ නේ..!

      අකිලගේ සුන්දර සිනහව ඔබ දුටුවාද ඒ සමරු ඵලකය විවෘත කරනවිට..? ලැජ්ජාවක් නම් අහලකවත් තිබුණේ නැත.වෙනකෙකුගේ හම විකුණා තම නමට අගයක් ගන්නා එකෙක්ට විලි ලැජ්ජාවක් කියා යමක් තිබිය හැකිද?

      පෙටිකෝට් ගවන්මන්ට් එකට කොයිතරම් නම් අපේ ඈයෝ ආසාද යත්, එය යහපාලනය යයි කියන්නෝය..මට නම් එය පෙනෙන්නේ යහනපාලනයක් වාගේය..:D

      //මා හිතන්නේ තනි තරුවට, සරසට,මට සහ අප වැනි අනිත් බයියලාට නොපෙනෙන මොකක්දෝ වෙනසක් සහ නිදහසක් මේ රටට ලැබිලාය.ඒක අපට නොදැනෙන්නේ අපේ කරුමයට අපි උසස් ජන්මයක් සහිත කිරි ටොයියන් නුවූ නිසාය.
      // කියලා වැඩක් නැත..උදාහරණයකට අපේ මාතලං ටොයියා කියන්නේ මෙහෙම නිදහසේ මක්කාවත් ලියාගන්නට මෙච්චර කලක් ඉඩක් ලැබුණේ නැත කියාය..එහෙම වූවාට, මහින්දගේ ආණ්ඩුව කාලයෙත් උන්දැ මහින්දව පට්ට ගැසූ හැටි දැක ඇති අපට නම් එහෙම වෙනසක් දැනෙන්නේ නැතිය..හැබැයි දැන් යහපාලනයට විරුද්ධවන් අප වැනි බයියන්ට නම් ටොයියන්ගේ තර්ජන ගර්ජනවලට ලක්වීමට සිදුව තිබේ..සමනලීටවත් දුක කියන්නට හෙවූ මුත් උන්දැ මනුවර්ණ කොලුවාට මරුටියක් අරන් දෙන්නට සල්ලි හොයනා නිසා බිසීලුය.

      Delete
    7. ඇයි මා බිහි කල අම්මේ තාත්තේ මම ඉපදුන වෙලාවෙ මගේ බෙල්ල මිරිකුවේ නැත්තේ? -මනුවර්න
      අපිත් අහන්නෙ ඒකම නේන්නං බොල.

      Delete
    8. කියලා වැඩක් නැත..මනුවර්ණ කොලුවාට දැන්වත් ලැම්බොගිනියක් ලැබිලාද දන්නේ නෑ කට පියන් ඉන්නේ..එක්කෝ අම්මා පරක්කුවෙලා හරි බෙල්ල මිරිකුවද දන්නේ නෑ..:D

      Delete
  10. //කිසිදිනක ජෙනුයින් පොෂෙක් (පොෂ්+එකෙක්) මම පොෂ් කියා ආත්ම වර්ණනාවක යෙදෙන්නේ නැත.එසේ කරන්නේ නම් කොහේ හෝ කොස්සක් ඇත. :D :D :D//

    අපේ "අහවලා" ට නම් කොස්සක් නොව කොසු, ඉදල් සහ මොප් ආදී එකී මෙකී නොකී සියලු හුටපට තියෙනවා වගේ... මැන්ස් වනාහී ජෙනුයින් කබ්බෙකි...

    දැන් ඒ වෙන්ඩ පොශ් මහතා ලන්කාපුත්‍ර බැන්කුව වටේ කැරකෙන කටුකන බල්ලෙක් ගේ තත්වයට වැටී ඇති සෙයක් පෙනේ...

    ReplyDelete
    Replies
    1. /අපේ "අහවලා" ට නම් කොස්සක් නොව කොසු, ඉදල් සහ මොප් ආදී එකී මෙකී නොකී සියලු හුටපට තියෙනවා වගේ..//
      වාද්දුවේ කොසු කඩයක් ද නැත්නම් ආපිකෝ සුපර් සෙන්ටර් එකක් ද? එයා පොෂ් නිසා අපි කියමු ආපිකෝ කියලා...ඒත් අවුල් නම් ක්‍රෙස්කැට්..(එහේ කොසු ඉදල් කඩ තියෙනවයි, අපි දන්නේ නෑ ආයිබොවන්ඩ අපි බයියො නේ) ? :D :D

      Delete
    2. මම පුරුද්දට සියලු බ්ලොග් වල සැරි සරමි.ඉතින් එක් බ්ලොගක කවුද කමෙන්ට් කරපු එකකට මා යයි සිතා, මගේ තනතුර අහලින් යන තනතුරක නමින් අමතා උත්තර සපයා තිබිනි.පොර ගේ ඇන ගැනිල්ලට මම තනියම බොහෝ වේලා සිනා සුනෙමි.
      දැන් මේ සිංහල බ්ලොග් වල කවුරු හෝ යහ පාචනය විවේචනය කරොත් ඒ එක්කෝ තනිතරුව, සරස, මකසි හෝ ගයාත්‍රි ය.
      මා හිතන්නේ අප ආඩම්බර වෙනවා මදිය කියලාය.

      Delete
    3. //දැන් මේ සිංහල බ්ලොග් වල කවුරු හෝ යහ පාචනය විවේචනය කරොත් ඒ එක්කෝ තනිතරුව, සරස, මකසි හෝ ගයාත්‍රි ය. //
      උළුඳු වඩයක් හපා කොත්තමල්ලි සුරා බඳුනක් තොල ගෑ යුතු කාරණයකි! ප්‍රීති ප්‍රීති!!
      කවුද හැබෑටම ඔය ඇනගත්තු හාදයා?? ;)

      Delete
    4. ඔබ දුටුවාද දැන් මකසි මකලා (මහා කළු ලාංකිකයා) වෙලාය...පොත්ත වෙනස්වුවත් මදේ එකම නම් එච්චරය! ;) ;)

      Delete
    5. හාදයා ද? අක්බාර් නෙල් හෝල් එකේ ඉරි ඉරි පරන කසි කබල් පිජාම සරං කොට ඇන්ද බැව් ෆෝක් ලෝ වල සඳහන් ''පොශ්'' ම තමයි.

      Delete
    6. මොකද්ද ඒ සීන් එක? :O

      Delete
  11. // හාදයා ද? අක්බාර් නෙල් හෝල් එකේ ඉරි ඉරි පරන කසි කබල් පිජාම සරං කොට ඇන්ද බැව් ෆෝක් ලෝ වල සඳහන් ''පොශ්'' ම තමයි //

    ඒ මහා ලොකු වෙන්ඩ පොශ් ප්‍රජාතාන්ත්‍ර වාදියා එතුමාගේ බොගේ ස්පෙලිං වැරදි බව පෙන්නා දුන්නාම එම පෝස්ට් මකා දැම්මේය.... මම ඉන්සුවරන්ස් සඳහා එම පොස්ට් ම තනි තරුව ගේ පිටුවේ පල කලෙමි.... ඔන්න ප්‍රජජාතන්ත්‍ර දරිද්‍රතාවය...

    ReplyDelete
    Replies
    1. +++++++++++++ :-) :-) හොඳ වෙලාවට තනි තරුව බ්ලොගක් කරේ.

      Delete
    2. හා හා හා...සෙලින්කෝ ඉන්ෂුවරන්ස් වගේ මේවා ආයේ නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්..! :D :D :D

      Delete