Thursday, March 19, 2015

ජාතික කොඩි ගීත මක්කටද?

කාලෙකින් මේ පැත්තට එන්නට බැරිවුණාය.පහුගිය දොහේ නාහේටත් උඩින් වැඩ ගොස් ඉස්මොළේ ගියාය.ඒකට බලා උන් උදවිය(හිටියා නම්) සමාව අයදිමි ය.

ඕකෙන් මේකෙන් මරු මරු වැඩ ටිකක් ගැන යාවත්කාලීන වුණේත් ආවාට ගියාටය.මෝඩිත් ඇවිත් ගියාලුය.දකුණු පළාත් සභාව තියා බස්නාහිරටවත් ගිය බව ආරංචි නැතත් උතුරට නම් ගිය බවක් දුටුවෙම්ය.එව්වා යුතුකම්ය!

අපේ පඹාදිපති තැන්පත් සිරිසේන උන්නැහේත් එංගලන්තේ ගොහින් ඇවිල්ලා පුරාජේරු ගසා තියෙනුත් දුටුවෙම්ය.
"මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳ. බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමුවුණා. තමුන්නාන්සේලා දකින්න ඇතිනේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා.
නිල නිවසෙන් එළියට ඇවිල්ලා මගේ කාර් එකේ දොර අරිනකොට එතැනට ඇවිල්ලා මට අතට අත දීලා මාව එක්‌කගෙන ගියේ. බ්‍රිතාන්‍ය මහ රැජින එතුමිය මට කතා කළේ අතේ මේස්‌ ගලවලා."
                                               -දිවයින 18/03/2015

උන්දැගේ ඒ කතාවට නම් මට ඇත්ත වශයෙන්ම හිනා ගියාය.
ඒකත් හරියට අර අමුඅමුවේ නර්සරියකට බැස්ස පුංචි ඈයෙක් "අද තීතර් මත හොඳයි කිව්වා...අද තීතර් මත හොඳ පුචා කිව්වා.." වගේ පොඩි සිඟිති මෙන්ටැලිටි එකක් කියලා මට නම් හිතෙනවාය.ඕනෑම රාජ්‍ය නායකයෙක්ට තමන් ආරාධනා කළ පසු සැලකීම ඕනෑම රාජ්‍යයක පිළිගත් පිළිවෙතය.ඉතින් මෙයැයිට විතරක් මේස් ගැලෙව්වාවත්, කාර් එක ලඟට ආවාවත් වෙන්නට බැරිය.උගන්ඩාවේ ජනාධිපති ආවත් ඔච්චර තමාය.

ඒත් ඉතින් ඔව්වා කියන්නට බැරිය.සමහරවිටක උන්ගේ එකා කියා පිළිගත්තා වෙන්නටද පුළුවන.මොකෝ අපි කියනවයැ උන්දැලා නේ කියන්නේ අපේ සමහරක් ඉල්ලූ "වෙනස" කළේ උන්දැලා කියා හිටං..!

කෝපි කාලේ කොළඹ ගොහින් ආ උන්දෑගේ ඥාතිවරයෙක් ගිමන් නිවන්නට පොළොන්නරු හංදියේ කෝපි කඩයට ගොඩ වුණාලුය.

"ආහ්...පුදුම ගිරීස්මයක් නේ හිටං මේ පළාතේ..."

"නැතුව මොකදෑ හිටං...බොන්ට වතුර කළදක් නැහැ බොලව්.."

"හ්ම්ම්ම්...ගනිංකෝ ඔය කහට ඩිංගිත්තක් මෙහෙට.."

"උදැහැනැක්කේ හැදූ ආප්පත් තියේ හිටං කනවා නං..කොහොම කියලාද හිටං කොළඹ රටේ තොරතුරු?"

(ආප්පයක් කරකර රසට හපමින්) (කර උස්සා උඩඟු ලෙසින්) "ආයේ මොනවා අහනවද හිටං...එහේ බොහොම පංකාදුයි...ජැණ්ඩි පහට ඇඳපු තරුණ නෝනලා "කං හියර් ඉස්ටුපිඩ්" කියන්නේ රතු තොල් උල්කොරලා හිටං...ආසාවේ බැරුවා..."

"ඒ මොකැයි බං ඒ කිව්වේ?"

(කිණ්ඩි හිනාවකින්) "එහෙම තමා බොලව් උන් මට ආදර ගෞරවේ පෙන්වන්නේ...සුදු නෝනලා හරි වැදගත් උදවියනේ හිටං..අපි උඹලා වගේ ගස් පල්ලේ ලගින එව්වොයැ.." 

ඒ ආප්ප කා ගිමන් ඇරි කතාව ලංකාවේ නූතන ගජබින්නාවලියට ඈදේවිද කියා නම් කියන්නට අමාරුය.කොහොමින් හරි ඒ පරම්පරාවේ එකෙක් එංගලන්තේ ගොසින් රැජිණගේ මේස් දෙක ගැලෙවෙන්නට හේතුවෙච්චි එක නම් අපට හරි නම්බුවක්ය.කොච්චර නම්බුදැයි කියතොත් රැජිණ තව මක්කාවත් ගලවන්නට කලින් සිරි නෝනේ රැජිණට වැඳ වැටෙන්නට ඇත්තේ හංවැරලි වැටුණත් ඒ කිරිසුදු ගැජට් කෑලි දැකලා ස්වාමි පුරුෂයාගේ පතිවත බිඳෙයි කියලා වෙන්නට ඕනෑය..



 ඒ මාර දූගෙනුත් ගැලවුණාට කියා එතුමිය තවම සැනසුම් සුසුම් හෙලනවා විය යුතුය.

ඒ අස්සේ අපේ සිරී අන්න තව බාල්දියක් හලාගෙනය.ඒ ජාතික ගීය දෙමළෙන් කියන්නට දී මනෝ ගනේෂන් සනසවලාය.අනේ කාලේ වනේ වාසේය! මෝදි ආ වෙලාවේ උන්දැගෙන්වත් අහගන්නට තිබුණා නොවෙද අර තරම් බාසා ගණනක් භාවිතා වන ඉන්දියාවේ ජාතික ගීය මොකෑ හින්දියෙන් පමණක් ගැයෙන්නේ කියාලා?කොහෙද එව්වා අහන්න වෙලාවක් තිබිලා නැතුව වෙන්ටැ!එක්කෝ මෝදි අයියම කිව්වාද කවුදෑ දන්නේ?වෙන කිසිම රටක එක එක බාසාවලින් ජාතික ගීය ගැයෙන්නේ නැතිය.ඕස්ට්‍රේලියාවේ ඇබෝජියන්වරු හිටි පළියට ජාතික ගීය ඒ බාසාවෙන් නැත.ඇමරිකාවේ රතු ඉන්දියානුවන්ගේ බාසාවෙන් ජාතික ගීය නැත.සමහරවිට ඒ ඇබෝජියන්වරු සහ රතු ඉන්දියානුවන්ගේ තැනට සිංහල ජාතිය පත්වෙනවාය යන උපකල්පනයක් මත පිහිටා ගන්නා ලද උපාය මාර්ගික තීරණයක් වෙන්නටත් පුළුවන්ය.
ඒක නෙව අර ඡන්දෙන් පහු ජාතික කොඩියේ සිංහයා පිට ඇමරිකන් පප්පා නැගි කාටුනයටවත්, ටී ඇන් ඒ අන්තවාදීත්වයටවත්, සිංහ කොඩි පයේ බැඳ පාගමින් ඊළම ඉල්ලා අඬාවැටෙන සූට්ටං කොටි හපුයි පැටවුන්ටවත් එරෙහිව හ්ම්ම් සද්දක් නැත්තේ?

අනේ සිරී, ඕනෑම නම් පොළොන්නරුවේ ඊළමක් දීගන්නය..ඔහේ අරහෙට මෙහෙට දීලා ඇවිල්ලා රටත් දෙන්නට එපාය..ඔහේට නම් දහමා එක්ක එංගලන්තේ රැජින ගලවන මේස් හෝදන්නටවත් යන්නට හැකි ඇතිය.අපට බැරිය.ඒ නිසා ඉන්නාක් වාලේ ගම රට නොකා ඉන්නවා නම් හොඳය..

81 comments:

  1. මේ නමට හරි රැජිණක් නේ.. රැජිණටට රජ කෙන්කුට ගෞරබ කරන්නේ එහෙම තමයි.. මේවා මොනවද..?

    පොන්නයෝ දණ ගහලා වැන්ද රජෙක් හිටපු රටකට.. මේවා නිව්ස්ද...?

    ReplyDelete
    Replies
    1. රැජින "අත් මේස්" ගලෝපුවාම සිරිසේනයා ඌගේ "කකුල් මේස්" ගැලෙවුවද දන්නෙ නැහැ....

      Delete
    2. නොදන්න නිසා අහන්නේ . රජෙකුට පුක බඩ පයියට අමතරව තව මොනවහරි තියනවද
      එහෙමනම් මෙහෙ කරන ඒව විතරක් වැරදි වෙන්නෙ කොහොමද
      සුද්ද කරන කොට ඔක්කොම හරිද

      Delete
    3. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙ බාහිර හැසිරීම ගැන මට ප්‍රසාදයක් තිබෙනවා. ඔහුගෙ රාජකීය විච්චූරණ නෑ. අපට රජෙක් ඕන නෑ. අවශ්‍ය මහජන නියෝජිතයෙක්. සුද්දට පිංසිද්දවෙන්න රජපවුල 1818 දි නැති කරල දැම්ම. නැත්නම් රාජසිංහයෙක් කියල මිනිහෙක් වඩම්මන්න වෙනව කේක් ගෙඩිය වගෙ. නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවන , උත්පත්තිය නිසාම සැප සම්පත්වලට උරුමකියන පවුලක් නඩත්තු කරන්න වෙනව.

      මහින්දගෙ ප්‍රතිපත්ති , එඩිතරකම වගෙ දේවල් වලට පැහැදිල හිටිය මටත් ඔහුගෙ සමහර වැඩ නම් ඇල්ලුවෙ නෑ. නාමල් ල බැසිල් ල එහෙම හෙනම අහංකාර ලීලාවෙන්ලු හිටියෙ.

      නිහතමානීකම අතින් මෛත්‍රීපාල මහත්තය මහින්ද මහත්තයට වඩ ඉදිරියෙන් . ඒ ගැන සතුටුයි.එයා එහෙම වෙනකොට ඇමතිවරුන්ටත් එහෙම හැඩගැහෙන්න වෙනව. ඇමතිවරු එනකොට ජනතාව කාණුවට බහින යුගයක් තිබුනෙ. හුඟක් හොඳ දේවල් අතරෙ පහුගිය ආණ්ඩුවෙ ඒ ඍන පැත්තත් කතා කරන්න ඕන.

      Delete
    4. මහින්දයා බරක් ඔබාම එක්ක රැජිණ එක්ක ඉන්න එකක් දාගන්න පුදුම දතක් කෑවේ.. රැජිණ මිනීමරුවන්ට අත දෙන්නේ නෑ.. ඒ නිසා මහින්දට උනේ ෆොටෝෂොප් පොටෝ දාන්න දිණමිනෙයි ඩෑල් නිව්සෙයි.. මුන්ට මාර ජෙල මේ ගමේ ගොවියගේ පුතාට රජෙකුට වගේ සලකපු එකට..

      Delete
    5. මාතලන්:
      කියලා වැඩක් නැහැ එහෙම දණ ගහල වැඳපු පොන්නයෝ ඊටපස්සේ යහපාලන කුඩාරම්වලට රිංගගත්තේ..!
      නමට රැජිණක්..ඒක ඇත්ත..හැබැයි එයාගේ යටත්විජිතවාදය දැන් ඉවරයි..අපේ සමහරු තාම ඒක ඔළුවේ තියන් ඉන්නවා නම් යහපාලන දාහක් ආවත් ආකල්පමය වශයෙන් ශක්තිමත්බවක් හෝ නිවාල්බවක් ඇති නොවන බවයි මගේ පිළිගැනීම.ගෞරව කළ යුතුයි නමුත් කවුරු ඉදිරියේවත් දෙකටතුනට නැවෙන්නට අවශ්‍ය නැහැ.ඒක සිරිසේන කළත් රාජපක්ෂ කළත් වැරදියි.

      Delete
    6. මධ්‍යස්ථ මතධාරියා:
      ඔව්..ඒ නිහතමානීකම අවංක නම් මාත් ඒක අගය කරනවා..හැබැයි නිහතමානීකම කියලා ඕන එකාටත් එපා එකාටයි හැමෝටම දෙකට නැවෙන්න අවශ්‍ය නැහැ..මොකද ඔය හැම ගුණාංගයම එකිනෙකට සම්බන්ධයි..ඒවා අතර වෙනස (බොහෝමයක් වෙලාවට ) හොයන්න අපහසු නිසා ඕනාවට වඩා වැඩි නිහතමානීකම නපුංසකකමක් කියලා හිතන්නත් පුළුවන් මිනිස්සු ඉන්නවා..කවුරු කොහොම තේරුවත් ඔහු දැන් ලංකාවේ රාජ්‍ය නායකයා..එහෙනම් ඒ නායකත්ව පෞර්ෂය ඔහු තුළ ගොඩ නංවාගතයුතුයි.නැතුව අනේ මම ඔහේ ඉන්නවා කියලා හිටියොත් වැඩක් නැහැ..පෞර්ෂ වර්ධනය වැදගත්..

      Delete
    7. මාතලන්:
      ඔවැනි දෙයක් ඔබ කියූ පළියටම පිළිගන්න මට බැහැ.ගමේ ගොවි පුතෙක්ට එහෙම සැලකුවට ඉරිසියාවෙන්න නම් අනේ මට නම් අහේනියක් නැහැ.ගොවි පුතා නෙවෙයි කොයි පුතා වුණත් කරන්න අවශ්‍ය දේ තියෙනවා නැති දේ තියෙනවා..

      Delete
    8. රැජිනට ගරු කරපු එකේ කයිවාරුවට වඩා මෙතන වැඩගත් වෙන්නේ රැජින මෛත්‍රීටයි එයාගේ හවුල්කාර යූ ඇන් පී එකටයි වැඩියෙන් සලකන්නේ ඇයි කියන එක. එංගලන්තයේ රැජිනට විතරක් නෙවෙයි ඩේවිඩ් කැමරන්ටත් අපේ රටේදි වැදගත් වෙන්නේ ඔක්කොටම වඩා ඒ අයගේ ආවතේව කාරයෝ වෙච්ච උතුරේ දෙමළ ජාතිවාදීන් වගේම එංගලන්තය හා බටහිර අදහන අපේ හම කළු සිංහල සෙට් එක. ඒ නිසා එංගලන්තේ මහ රැජිනයි ඩේවිඩ් කැමරන් උන්නැහෙයි අපේ රටේ මහින්දට හෝ විමල්ට වඩා උතුරේ දෙමළ ජාතිවාදය සනසන සිරිසේනටයි එක්සත් ජාතික පක්ෂෙටයි සලකන්නම වෙනවා. සිරිසේන මහත්තයා එංගලන්තේ ගිහිල්ල කරපු මොන්ටිසෝරි වැඩ හාස්‍යජනක වුවත් සිරිසේනට එංගලන්තෙ එන්න කියලා බොහොම ආදරෙන් පිළිගත්තේ මහින්ද වගේ අපේ රටේ ජාතික අනන්‍යතාවයට ලැදි පිටකොන්දක් තියෙන මිනිහෙකුට වඩා රූකඩයක් වගේ එංගලන්තේ වගේ බටහිර රටවල් වල පදේට නටන මිනිහෙක් එංගලන්තේ රැජිනටයි ඩේවිඩ් කැමරන්ටයි වැදගත් නිසා. මහින්ද මහත්තයා පරද්දලා සිරිසේන මහත්තයා දිනවන්න ලොකු උවමනාවක් එංගලන්තෙට තිබුණ එකේ සිරිසේනට එන්න කියලා රට කරවන ආකාරය ගැන උපදෙසුත් දීපු එක ගැන පුදුමවෙන්න දෙයක් තියෙනවද?

      Delete
  2. india ve jathika geeya thiyenne bengaali baasaven...and...thava rataval thiyeneva languages 2kin anthem thiyena..e vagema 1951 idan 2010 vnkan oye niithiya lankave thibba...dn aaye eeka patan gaththa kiyala loku venasak na...sinhala hariyata therenne nathi pathi valata thama tamil valin kiyanne...main functions vala nemei..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බෙංගාලි බාසාවෙන් කියන එක මම නිවැරදි කරන්නම්.
      දැන් සිද්ද වේගෙන යන දේවල් දිහා යහපාලන කණ්ණාඩිය ගලවල බලන්න.බලලා කියන්න ඔය ඉල්ලීම සමග ඒවාට සම්බන්ධයක් තිබෙනවාද නැද්ද කියලා..
      එහෙම නම් අපට කියන්න පුළුවන් යුධ වැදෙමින් හරි කලින් උතුරු නැගෙනහිර වෙනම පාලනයක් තිබ්බනේ..දැනුත් තිබ්බට අවුලක් නෑ කියලා..අපි පුංචි රටක්...ඒ රටේ භාෂා හැට පන්කෝටියක් නැහැ..ජාතික ගීත හැම භාෂාවෙන්ම අපට අවශ්‍ය නැහැ කියන මතයේ මම ඉන්නේ අපෙ සිවිල් සමාජයේ අවුරුදු ගාණක් තිස්සේ ආ දුරස්වීමක් විරසකයක් තියෙන නිසයි..ඕකෙන් වෙන්නේ ඒ බෙදීම තව තහවුරු කරන එක විතරයි..සහ අන්තවාදී කොටි ක්‍රියාකාරීන් (නැහැ කියල ඔබට කියන්න බැහැ ) එය උදව්වක් කරගන්නවා ඔවුන්ගේ අරමුණ ඉෂ්ඨ කරගන්න..

      Delete
  3. uputa ganimak..
    ලංකාවේ ජාතික ගීය වන “නමෝ නමෝ මාතා” ගීතය 1940 දී රචනා කරන ලද අතර 1951 දී ව්‍යවස්තාවෙන් ශ්‍රී-ලංකාවේ ජාතික ගීය බවට පත්කරගන්නා ලදී. 1961 දී එහි නම ඔහුගේ අවසරයකින් තොරව “ශ්‍රී-ලංකා මාතා” ලෙස වෙනස්කරන ලදී.
    ජාතික ගීය ලංකාවේ භාවිතයට ගන්නා අවස්ථාවේදී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කර නොතිබූ අතර සිංහල භාෂාවට දැනට තිබෙන ආකාරයේ ප්‍රමුඛතාවයක් ද ලැබී නොතිබින. මෙම කාලයයේදී එවකට පැවති රජය දෙමල පඬිවරයෙක් වූ පණ්ඩිත් එන්. නල්ලතම්බි මහතා ලවා දෙමල භාෂාවට පරිවර්තනය කරවන ලදී.
    ජාතික ගීය සිංහල සහ දෙමල භාෂා වෙන් ගායනය කිරීම දශක ගනනාවක් සිදුකරනලද දෙයක් වන අතර කාලයත් සමඟ ඒවා භාවිතා කරන ආකාරය හා අවස්තා තීරණය වුනි. රජයේ ප්‍රධාන උත්සව අවස්ථාවලදී ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීමට ප්‍රමුඛස්ථානය හිමිවූ අතර සමහර අවස්ථාවලදී ජාතික ගීය දෙමල භාෂාවෙන් ද ගායනා කරන ලදී.
    කෙසේ වුවද ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කිරීම උතුරු නැගෙනහිර පලාත්වල දෙමල කතාකරන ජනතාව බහුතරයක් ජීවත්වූ ප්‍රදේශවල උත්සව බලදී බහුලව සිදු වුනි. මීට අමතරව දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීම දෙමල මාධ්‍යයෙන් උගන්වන බහුතරයක් පාසල්වල (උතුරු- නැගෙනහිර පලාත්වලින් පිට පවා) නිති පතා සිදු කෙරිනි.
    තවත් වැදගත් කරුණක් වන්නේ 1956 දී සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව කිරීමෙන් අනතුරුවද ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කිරීම නොනවත්වා පැවතීමයි. හැටේ දශකයේදී ඩඩ්ලි සේනානායක මහතා යාපනයට පැමිනි අවස්ථාවේ දී මෙන්ම, 1974 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අළුතින් නිර්මානය කරන ලද යාපනය වීශ්ව විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී ද ජාතික ගීය සිංහල සහ දෙමල යන භාෂා දෙකෙන්ම ගායනය කරන ලදී.
    එම කාලයේදී පාසල් වාදක තරඟ වලදී, තෝරාගන්නා ලද වාදක කණ්ඩායම් විසින් ජාතික ගීය සහ සිංහලෙන් සහ දෙමලෙන් මාරුවෙන් මාරුවට ගායනා කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිනි. 1978 දී ජේ. ආර්. ජයවර්ධන විසින් දෙමල භාෂාව ජාතික භාෂාවක් බවට පත් කල අවස්ථාව තෙක් දෙමල භාෂාවට පරිපාලන ක්ෂේස්ත්‍රයේ පිලිගැනීමක් නොතිබුන නමුත් දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීම පිලිබඳ ප්‍රශ්නයක් ශ්‍රී-ලංකාව තුල ඇති නොවීමයි.
    යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිලිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇති වීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කල යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රනය කල විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/ மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමල පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුලින් ශ්‍රී-ලංකාව කෙරෙහි ඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප්‍රතිපල වසර 30ක් පුරාවට අපි සියළු දෙනාම අත් වින්දෙමු.
    උතුරු නැගෙනහිර ප්‍රදේශ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට නතුවීමෙන් පසු එම ප්‍රදේශවල ශ්‍රී-ලංකාවේ ජාතික ගීය දෙමල භාෂාවෙන් භාවිතා කිරීම තහනම් කර ඒ වෙනුවට වෙනමම ඊලාම් ජාතික ගීයක් හඳුන්වා දෙන්නේත් මේ හේතුව නිසාවෙනි.
    උතුරු-නැගෙනහිර පලාත්වල දෙමල කතාකරන ජනතාව දශක තුනක පමන කාලයක් එල්.ටී.ටී.ඊ. පාලනයක් යටතේ ජීවත් වූ අතර එල්.ටී.ටී.ඊ. ය ආරම්භ වනවිට ඉපදුන දරුවන් මේ වන විට වසර 30ක වැඩිහිටියන් බවට පත්ව ඇත. ඔවුන් තම ජීවිත කාලයටම ශ්‍රී-ලංකාව පිලිබඳ අසා තිබුනේ ප්‍රභාකරන් ඇතුළු පිරිස පවසන ලද අදහස් මිස වෙන කිසිත් නොවේ. ඔවුන් මුළු ජීවිත කාලය පුරාවට ගායන කලේ ඊලාම් ජාතික ගීය මිස ශ්‍රී-ලංකා ජාතික ගීය නොවේ.
    දශක තුනක යුද්ධයේ ශාපය අවසන්වී ඇති නමුත් ඔවුන්ගෙන් බහුතරයක සිත් සතන් තුල ශ්‍රී-ලංකාව කෙරෙහි අප සිත් තුල පවතින ආකාරයේ ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇත්තේ නැත. ජාතික ගීය ඇසෙන විට සීරුවෙන් සිටින්නට, ගෞරව දක්වන්නට සිතක් ඔවුන්ගෙන් බහුතරයකට පහල වන්නේද නැත. එය ඔවුන්ගේ වරදක් නොවේ.
    සිංහල භාෂාව කතාකරන අපගෙන් බහුතරය තුලත් ඇත්තේ ද මේ හා සමාන අදහස් බව නොකිවමනාය. එසේ නොවන්නට මහින්ද රාජපක්ෂ එදා මෛත්‍රී තමාව පරාජය කලේ ඊලමේ ඡන්ද වලින් යයි නොකියනු ඇත, මහින්දට සහාය දැක්වූ බහුතරයක් දෙනා මෛත්‍රීගේ ජයග්‍රහනය ප්‍රශ්න නොකරනු ඇත, එමෙන්ම සමාජ ජාල හරහා සහ පුවත්පත් හරහා කොටස්වලට බෙදන ලද පාට කල ශ්‍රී-ලංකාවේ සිතියම් ප්‍රචාරය නොකරනු ඇත. එය අපේ වරදක් ද නොවේ.
    වසර ගනනාවක් තිස්සේ අපේ පරිසරය, වටපිටාව හා අත්දැකීම් තුලින් අප සිත් සතන් තුලට එම හැඟීම කාවද්දා තිබේ.
    දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීම සඳහා අප අනුබල දියයුත්තේ මේ හේතුව නිසාය. ඔවුන්ටත් ශ්‍රී-ලංකාව පිලිබඳ ඒ හැඟීම ඇතිවනතාක්කල් දෙමල කතාකරන ජනතාව ඊලමට නොව ශ්‍රී-ලංකාවට ආදරය කිරීමට ඉගෙනගන්නා තාක්කල් සහ සිංහල කතාකරන ජනතාව උතුරු නැගෙනහිර පලාත් යනු ඊලම නොව ශ්‍රී-ලංකාවේම කොටසක් සහ එහි ජීවත් වන ජනතාව ශ්‍රී-ලාංකිකයින් ලෙසට පිලිගන්නට ඉගෙනගන්නා තාක්කල් මේ ප්‍රශ්නය සඳහා ස්ථිර පිලියමක් ලබාගතහැකි නොවනු ඇත.
    වැලිකුඹුර."

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් දෙමළින් නෙවෙයි, වංග බාසාවෙන් ගැයුවත් අර්ථය එකයි නේද.

      Delete
    2. මේ උපුටා ගැනීමේ මුල් සටහනේ ලින්කුවක් එක් කරන්න.

      //යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිලිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇති වීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කල යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රනය කල විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/ மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමල පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුලින් ශ්‍රී-ලංකාව කෙරෙහි ඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප්‍රතිපල වසර 30ක් පුරාවට අපි සියළු දෙනාම අත් වින්දෙමු.//

      එහෙනම් ඉන්දියාවේ බහුතරයකට ජාතිකාභිමානයක් සහ ආදයරක් ඇතිවන්නේ නැතුව ඇති නේද? මොකද මම දන්නා හැටියට බහුතර ඉන්දියානුවන්ට බෙංගාලි භාෂාව බැහැනේ..

      //උතුරු නැගෙනහිර ප්‍රදේශ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට නතුවීමෙන් පසු එම ප්‍රදේශවල ශ්‍රී-ලංකාවේ ජාතික ගීය දෙමල භාෂාවෙන් භාවිතා කිරීම තහනම් කර ඒ වෙනුවට වෙනමම ඊලාම් ජාතික ගීයක් හඳුන්වා දෙන්නේත් මේ හේතුව නිසාවෙනි.//
      මේක මහා විහිළුවක්!
      ශ්‍රී ලංකාවේ වාසය කරන කෙරුව ඕනෑම කෙනෙක්ට වැටහෙන පොදු සත්‍යය (ප්‍රසිද්ධියේ පිළිගත්තත් නැතත්) කොටින්ගේ අරමුණ වුණේ වෙනම ඊලමක් කියන එකයි..ඔවුන්ගේ විකල්පය වුණේ රාජ්‍ය පද්ධතියට සමාන වෙනම පද්ධතියක් ඇතිකරගැනීම.ඒ අනුව ඔවුන් ඊලාම් ගීයක් විතරක් නෙවෙයි උසාව්වි පොලීසි බැංකු පවා පවත්වා ගත්තා..ඒක වුණේ ශ්‍රී ලංකා මාතා නොතේරුණ නිසාවත් ඉන් ඔවුන්ගේ ජාතික අභිමානය අවධි නොවූ නිසාවත් නෙවෙයි..

      Delete
    3. මනෝෂ්:
      ඔබ කියන ලෙස අර්ථය එකම නම් ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?

      //යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිලිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇති වීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කල යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රනය කල විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/ மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමල පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුලින් ශ්‍රී-ලංකාව කෙරෙහි ඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප්‍රතිපල වසර 30ක් පුරාවට අපි සියළු දෙනාම අත් වින්දෙමු.
      උතුරු නැගෙනහිර ප්‍රදේශ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට නතුවීමෙන් පසු එම ප්‍රදේශවල ශ්‍රී-ලංකාවේ ජාතික ගීය දෙමල භාෂාවෙන් භාවිතා කිරීම තහනම් කර ඒ වෙනුවට වෙනමම ඊලාම් ජාතික ගීයක් හඳුන්වා දෙන්නේත් මේ හේතුව නිසාවෙනි.//

      Delete
    4. සාමාන්‍ය වශයෙන් රටක ජාතික ගීය ගැයෙන්නේ රාජ්‍ය භාශාවෙන්. අපේ රටේ සිංහල භාශාව රාජ්‍ය භාශාව වීම හෝ සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයීම දෙමළ හෝ වෙනත් ජන කොටසකට මදිපුංචිකමක් වෙන්න බෑ. එහෙම වෙනවනම් ඒකේ තේරුම මේ රටේ සිංහල ජාතික අනන්‍යතාවය ඉස්මතුවෙනවට ඒ ජනකොටස් අකමැතියි කියන එක. මෙතන ඔය ප්‍රශ්නේ ගැන බලන්න තව පැත්තක්ක් තියෙනවා. ඒ තමයි මේ රටේ දෙමළ ඇතුළු අනෙක් ජන කොටස් වල මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් රටේ ජාතික අනන්‍යතාවය ඇතිකරලා තියෙන්නේ මේ රටේ අනාදිමත් කාලයක සිට සිංහල ජනයා කියන එක පිළිගන්න අකමැත්තක් නෑ කියන එක. ඒ අයගෙන් වැඩි පිරිසකට රටේ ජාතික අනන්‍යතාවය නිර්මානය කළ සිංහල ජනයාට ජාතියක් ලෙස මේ රටේ ලැබියයුතු තත්වය ගැන ගැටළුවක් නැත. ඔවුන් සිංහල භාශාව ඉගන ගැනීමට අකමැත්තක් නැති අතර අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාකර රටේ ජාතික අනන්‍යතාවය සමග එක්ව කටයුතු කළයුතු ආකාරය ගැනද දැනුමක් ඔවුන්ට ඇතිය. ඒ පිරිස රටේ රාජ්‍ය ප්‍රතිපත්ති සියල්ල කරදරයක් ලෙස නොසලකති. ඒ ඔවුන්ට ලංකාවේ පුරවැසියන් හැටියට රටේ ජාතික අනන්‍යතාවයත් සමග කෙසේ කටයුතු කළයුතුද යන්න ගැන අවබෝධය තිබෙන නිසාය. ප්‍රශ්නයකට ඇත්තේ අධිරාජ්‍ය පාලන සමයේ සිට ඉංග්‍රීසින්ගේ කීකරු සේවකයන් ලෙස කටයුතු කළ උතුරේ දෙමළ ජනයාගෙන් කොටසක් රටේ බහුතරයක් සිංහල වීම හා සිංහල ජනයා අනාදිමත් කලයක සිට ගොඩනගා තිබූ ජාතික අනන්‍යතාවය පිළිගන්නට දක්වන අකමැත්තය. සුද්දා රට භාරදී ගියාට පසු රටේ රාජ්‍ය ප්‍රතිපත්ති ජාතික අනන්‍යතාවය මත පිහිටා සකස් කිරීම පිටකොන්දක් ඇති නායකයින් කළයුතු දෙයකි. ඒ සමග එකට සිටීමට සුළු ජන කොටස් වලින් වැඩිම පිරිසකට පුළුවන. ඒ ලංකාව තුල ඔවුන්ගේ ඉතිහාසයන් ගැන ඔවුන්ම හොඳින් දන්නා නිසා. වියයුත්තේ සිංහල ජාතික අනන්‍යතාවයට හා භාශාවට රටේ ලැබියයුතු ප්‍රමුඛතාවය නොරුස්සමින් අධිරාජ්‍ය වරප්‍රසාද වලින්ද උඩ ගිය උතුරේ උඩඟු දෙමළ බෙදුම්වාදී නායකත්වය සැනසීමට යෑම නොවේ.

      Delete
    5. ඔය ඔක්කොටම අමතක වෙච්ච දෙයක් මම මතක් කරලා දෙන්නම්. ඒ තමයි ලංකාව ඉංග්‍රීසින් පාලනය කරනකොට ඉංග්‍රීසියෙන් එංගලන්ත ජාතික ගීය ගායනා කරන එකයි ඉංග්‍රීසි භාශාව රාජ්‍ය භාශාව වෙලා තිබුන එකයි අද ඔය දෙමළ භාශාව ගැන වද වෙන දෙමළ ඊලාම් න්‍යායවාදීන්ගේ පෙර පරම්පරා වල අයට ප්‍රශ්නයක් වෙලා තිබිල නෑ කියන එක. සුද්දා ලංකාව දාල ගියාට පස්සේ සිංහලයන්ට රටේ නියම තැන ලැබිල සිංහල භාශාව රාජ්‍ය භාශාව වෙනවට උතුරේ දෙමළ ජාතිවාදීන් දැන් කැමති නෑ. ඔන්න ඔය තත්වය ගැනයි ඉස්සරෝම හොයල බලන්න ඕනේ.

      Delete
    6. Ajith ++++++++++++++
      අපේ සිංහල සමහරුත් ඔය යටත්විජිතවාදය තාමත් කරපින්නාගෙන සිටීමයි හිනාවට කාරණය :D

      Delete
    7. පකිස් +++++++++++++++++++
      //ඔය ඔක්කොටම අමතක වෙච්ච දෙයක් මම මතක් කරලා දෙන්නම්. ඒ තමයි ලංකාව ඉංග්‍රීසින් පාලනය කරනකොට ඉංග්‍රීසියෙන් එංගලන්ත ජාතික ගීය ගායනා කරන එකයි ඉංග්‍රීසි භාශාව රාජ්‍ය භාශාව වෙලා තිබුන එකයි අද ඔය දෙමළ භාශාව ගැන වද වෙන දෙමළ ඊලාම් න්‍යායවාදීන්ගේ පෙර පරම්පරා වල අයට ප්‍රශ්නයක් වෙලා තිබිල නෑ කියන එක//

      Delete
  4. දැන් ඉතින් මේක තමයි අපේ පාර................ රැජිණ අායෙම රජ කරගත්තොත් නම් බඩුම තමා

    ReplyDelete
  5. //මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳ.//

    ඔවුවා ඉතින් රැජින කියපුවාද නැත්නං ට්‍රාන්ස්ලේට් නංගි හිතලා කියපු දෙවල් ද කියලා සිරා දන්නවයෑ....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ!
      කවුදෑ දන්නේ..ට්‍රාන්ස්ලේට නංගිද නැත්නම් එයැයිම මවාගත්තුවද දන්නේ නැහැනේ..:D

      Delete
  6. රැජිනකට දෙකට නැමිල ගරු කරා කියල මොකක්ද ඇති ප්‍රශ්නේ..

    ReplyDelete
    Replies
    1. රැජින ලඟට ගොස් කරන නෝනාගේ විප්‍රකාරය දැක සිනාව නවත්වා ගන්න නොහැකි විය. මීට පෙර අප රටින්ද විවිධ රටවලින්ද රාජ්‍යයතාන්ත්‍රිකයින් කොතෙක් ගියද කිසිවෙක් මේ වගේ නාටක අභිනයක් රැජිනට දක්වනු දුටු අයෙක් සිටීද?
      බ්‍රිතාන්‍යය රටවැසියෝ වත් මේ වාගේ වන්දිභට්ට හැසිරීම් නොපෙන්වති. මේ සිදු වීමෙන් පසුව අපට සේවා ස්ථානයේදී අනෙක් රටවල අය සිනහ වූ බව කිව යුතුය.ඇය රැජිනක් වන්නට ඇත. එහෙත් අපේ රැජින නොවෙයි.අනෙක මේ ගියේ ලංකාවේ නායකයාගේ බිරිඳ වශයෙනි.

      Delete
    2. හරියට "අරයගෙ" මෙයා ජිනා මැඩම් එක්ක බුදු රැස් බලන්න ගියා වගේ නේද??

      Delete
    3. රැජින ලඟට යන අයට ගරු කරන්න ඕනෙම කියල නැහැ. නමුත් ශිරන්ති රාජපක්ෂ නැවිලා ජෝර්දානයේ රැජිනට ගරු කලා. මන් හිතනවා සිරිසේන මැතිනිය එහෙම කල එක හරි කියල.

      Delete
    4. අනේ දේශෝ..උඹෙ තාම ඉන්නේ කෝපි කාලේද බං?

      Delete
    5. ගයාත්‍රි:
      එංගලන්තේ කොළාට කමක් නැතිලු..ලංකාවේ කළොත් අප්සට් ලු..!

      Delete
    6. අජිත්:
      ඒ කියන්නේ සිරිසේන නෝනෙත් ශිරන්ති නෝනේ වගේම වෙන්නෙයි යන්නේ?
      ඔබ ඔය කියන්නේ යහපාලන සයිට්වල යන කවුද රූප රැජිණකට නැවිලා ආචාර කරනවා වගේ "පෙනෙන" පින්තූරය ගැන නම්..පොඩ්ඩක් ඒක හොඳින් බලන්න..වටේ පිටේ හැමෝම වගේ ඉඳගෙනයි ඉන්නේ...මහින්ද සහ ශිරන්ති රාජපක්ෂ වාඩිවෙලා ඉඳලා හිනාවේගෙන නැගිටින ඉරියව්ව ඡායාරූප ගත කරලා කියනවා නැවුණා කියලා..ඔබත් මමත් හොඳින්ම දන්නවා අතට අත දීමේදී කිසිවෙකු නොනැගිට එහෙම කිරීමේ ගෞරවයක් නැතිබව..අනික කෙනෙකු ඉඳගෙන ඉඳලා නැගිටිනකොටත් නැගිටලා ඉඳලා වාඩිවෙනකොටත් ඇතිවෙන ඉරියව් වෙනස අපට තේරුම් ගන්න පුළුවන් නේද?

      මේක නෙවෙයි නම් සිද්ධිය ඔබ කියන ඡායාරූපය මම දැක නැති බව අවංකවම කියන්න ඕන.

      Delete
    7. මන් කියන්නේ ශිරන්ති රාජපක්ෂ සහ ජයන්ති සිරිසේන දෙන්නම හරි කියල. මේ දෙන්නම FB වල කොමන්ට් දාන අයට වඩා දැනුම් තේරුම් ඇති අය. ඔයාල ටිකක් පටු විධිහට බලන්නේ කියල මට හිතෙනවා. ඔයා නම් තව කමක් නැහැ. ලංකාවේ ඉන්න නිසා. මෙහෙ රැජිනට යටත් වැසියෝ කියල වීසා සහ පාස්පෝර්ට් ගත්ත කට්ටියත් කියනවා. ඒකට නම් හිනා යනවා.

      Delete
    8. බ්‍රිතාන්‍යයේ වීසා සහ පාස්පෝට් ගනිද්දී අනුගමනය කල යුතු විධි විධාන හැමෝම අනුගමනය කරනවා.එහෙම නැත්නම් ඒවා ලැබෙන්නේ නැහැ.

      අර කකුලකුත් නවා ඉදිරියට තබා ,කොන්ද අංශක අනූවෙන් නමා, අත දුන් ආකාරය හරිම හාස්‍යජනකයි.වන්දිභට්ටයි.කැතයි.ඒක සාදාරනීයකරණය කරන්න කතා කරන්න හදන අය සමාන කරන්න පුලුවන් වෙන්නෙ, මෝදි හැට්ටෙ සිරා ඇන්දම ඒක වෙඩි නොවදින හැට්ටයක් බවට පත් කරපු මැටි සෝෂල් මීඩියා කාරයනට විතරමයි.
      පිළිගන්න ඕන දෙය නම් සිරිසේන හාමිනේ ගැමි ගැහැණියක නිසා ඇයට මෙය බන්ඩා කොලඹ ගිය අවස්ථාව වගේ එකක් නිසා ඇතිවූ ආහ්ලාදය නිසා උන් හිටි තැන් අමතක වී ඇය දුටු නාට්‍ය වල රජුන්ට ආචාර කරන විදිය මතක් වී ඒ වෙලාවට කළ දෙයක් බවයි.
      ගැමි ගැහැණියකට මෙවන් හැසිරීමක් සාධාරණයි. ඒත්මෙතන නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවෙ ජනාධිපති ගේ බිරිඳගෙ චරිතයයි.බ්‍රිතාන්‍ය වැසියන් වත් මේවා කරන්නේ නැහැ.

      ශිරන්ති රාජපක්ශ කොන්ද නමන ඡායාරූපය ඇති තැනක ලින්ක් එකක් දෙන්න.

      Delete
    9. මෙතන හතරවන පින්තුරය. http://www.sundayobserver.lk/2007/05/20/new50.asp.
      මේකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. (ශිරන්තිගේ- මේක සාමාන්‍ය ගරු කටයුතු බව.)
      මෙතන මම කියන්නේ diplomatic ප්‍රොටෝකෝල් වලට අනුව හරි. මම එක සාධාරණියකරණය කරන්න හදනවනම් මැටි සෝෂල් මීඩියා කාරයෙක් නම් කමක් නැහැ. නමුත් සිරිසේන දාල හිටියේ වෙඩි නොවදින හැට්ටයක්. ඒක ඇත්ත. රාජපක්ෂ මහතාත් ඒ වගේ එකක් ඇන්ද කියලයි මම දන්නේ. දැන් ඔබ දොස්තරවරියක් හැටියට කිසියම් ප්‍රොටෝකෝල් අනුගමනය කරන්න වෙනවනේ ඔබ කැමති වුනත් නැතත්.
      මෙතැන එහෙම නම් වරද පටවන්නේ ආචාර්හ තල්පහෙවට diplomat හැටියට වැරදි අවවාද දුන්නට හා රැජිනගේ සේවකයාට එසේ කලාට. . එහෙම දෙන්නෙක් එකතු වෙලානේ diplomatic briefing එකේදී දෙන්නේ, යන විධිහ ආචාර කරන විධිහ ආදිය.
      අනික මට හිතෙන දෙයක් තමා වලව්වල ඉඳල දේශපාලනය කරලා ආපු අයට රැජින මේ වගේ හමු වෙන්න නොලැබී ගමෙන් ආපු ග්‍රාම සේකයෙකුට හා ඔහුගේ ගැමි බිරිඳටත් මෙහෙම රැජින ගරු කරපු එකට සල්ලිකාර ඉහල පෙලන්තියේ අය ගරහන බවක්.
      මම නම් රිපබ්ලිකන් වාදියෙක්. මම රැජින සහ රජ පවුල ඉවත් කර ජනරජයක් පිහිටවිය යුතුය කියන ව්‍යාපාරයට සහය දෙන කෙනෙක්. ඒ නිසා මට කොහොමත් මේවා අදාල නැහැ. අපේ බදු අරගෙන කකා බිබී ඉන්න නිසා. මේ කිව්වේ මට පෙනෙන දෙය.

      Delete
    10. එකම ක්‍රියා පටිපාටිය සඳහා ලෝකයේ විවිධ තැන් වල විවිධ ප්‍රොටෝකෝල් ඇත.ඒත් අප අනුගමනය කරන්නේ අපට-රටට හෝ ආයතනයට- ගැලපෙන ප්‍රොටෝකෝල් ය.
      රැජිනට මෙසේ නාට්‍යාකර අභිනයෙන් ආචාර කළ යුතු යැයි ඩිප්ලොමැටික් ප්‍රොටෝකෝල් ඇත්තේ කොහිද?

      පසුගිය අවුරුදු දෙක තුල රැජින හමු වූ රාජ්‍ය නායකයින් කවරහුද?ඔවුන් ඇයට සමාචාර කළ විදිය කුමක්ද? බ්‍රිතාන්‍යය කාන්තාවක් රැජින හමු වූ විට යන්තම් කර්ට්සි එකක් දැක්වීම ඔබියි. එහෙත් ඇය බ්‍රිටිශ් නොවන්නේ නම් එම කර්ටසි එක අවශ්‍යය නොවේ.
      මෙහිදී අපෙ පලමු කත පෙන්වූයේ ''යන්තම්'' කර්ටසි එකක්දැයි බලන කෙනෙකුට පෙනෙයි.

      ලංකාවේ වලව් තියා මොන ඉලව්වක් වත් රැජිනට වටින්නේ නැත. ඇය අත් වැස්ම හෝ මොන වැස්ම හෝ ගලවන්නේ ඇයට රජයෙන් කියා තිබෙන අයුරිනි.''මූ අපිට මෙච්චල් එකෙකි. මූට හොඳින් කන්ට දෙනු'' කියා රජයෙන් කියන විට රැජින එය කරයි.'' මූ ඇම්ඩන්ය, මූ මඟ හරිනු'' කී විට ඇය එසේ කරයි.
      අත ඊසොප්ගේය.හඬ යාකොබ්ගේය.

      මහින්ද රැජින හම්බෙන්න උත්සාහ කිරීම වරදක් නොවෙයි. වරද ඔහු ශ්‍රී ලාංකීය අභිමානය ද රැගෙන ගිය නිසාය. කීකරු බව්වා වූවා නම් ඔහුවත් ඉඹලා පිළිගැනෙනු ඇත.

      Delete
    11. gayathri :
      //ලංකාවේ වලව් තියා මොන ඉලව්වක් වත් රැජිනට වටින්නේ නැත. ඇය අත් වැස්ම හෝ මොන වැස්ම හෝ ගලවන්නේ ඇයට රජයෙන් කියා තිබෙන අයුරිනි.''මූ අපිට මෙච්චල් එකෙකි. මූට හොඳින් කන්ට දෙනු'' කියා රජයෙන් කියන විට රැජින එය කරයි.'' මූ ඇම්ඩන්ය, මූ මඟ හරිනු'' කී විට ඇය එසේ කරයි.
      අත ඊසොප්ගේය.හඬ යාකොබ්ගේය//
      +++++++++++++++++++++++++

      Delete
    12. අප බොහෝ දෙනෙකු මේ වන විට අමතක කොට ඇති කාරණයක් ඇත. ඒ, එංගලන්තය වසර දෙසීයකට ආසන්න කාලයක් අප රටේ සාරය සූරා කා විනාශ කළ බවය.

      Delete
    13. @වැසි දැරිය
      එකෙන්ම!
      ඒකනේ දැන් හිටු කියලා සුද්දට කඩේ යන්නේ මුන්දැලා..

      Delete
  7. සිරිසේනයා ව බලයට ගේන්න ෆුඩ් සිටි ගිය උන්දැලා ට දත කට පූටු වෙලා...

    රනිල් ව අගමැති කමින් අයින් කරලා ප්‍රයිම් මිනිස්ටෙර් බයි ප්‍රොක්සි විදියට ආන්ඩු කොරන්න චන්දිරිකා ගේම දෙනවා....

    CBK රාජිතයට අගමැතිකම දෙනවා කියලා දැන් ඌ ගජරාමෙට අගමැති සිහින දකිනවා....

    රනිල් ට රාජිත එක්ක මල පැනලා රාජිතට විරුද්ද සීතල යුද්දය පටන් අරන්...

    චම්පුකයා සිරිසේනගෙන් පස්සෙ ලංකාවෙ රජවෙන්න සිහින බලනවා...

    ඔය අස්සෙ අපේ ජනාදිපති මහින්ද මහත්තයා බිම් මට්ටමේ සිරි ලංකා ක්‍රියාකාරීන් එක්ක දේශපාලනේ කරනවා....

    මාතලං ප්‍රමුක සිංහල බොග් ගොම්බිජ්ජන් ට උන ගැනෙන්න ආසන්නයි...

    ReplyDelete
    Replies
    1. ඔය දීලා තියෙන්නේ රම්පෙට පොරි හැලෙන්න සුපුරුදු ලෙස...++++++++++
      නැහැයි කියන්න බැහැ එකකටවත්...

      Delete
    2. වර්තමාන සිරි ලංකාවේ දේශපාලන තත්ත්වය වක්‍ය කිහිපයකට ගොනු කළ සරස ගේ සංක්ශිප්තය විශිෂ්ඨයි.
      පත අට එකට හිඳුවා...!

      Delete
    3. උන ගැනෙනව තවත් කට්ටියකට. ඉන්දියාවේ මෝඩිටයි කොටිය බේරගන්න වලිකාපු බටහිර සේරටමයි උන සන්නිපාතේ හැදෙයි.

      Delete
  8. මැච් පිස්සු අස්සේ ජාතික ගීයට නම් වැඩේ දී ඇත.බෙදී යාම වේගවත් වී ඇත.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ට ප්‍රගතිශීලී සිංහල බොග් පොරවල් ගෙන් පරිප්පු කන්න ආස හිතිලා වගේ ගස් ලබ්බෝ...

      Delete
    2. කොහොමත් පරිප්පු කන එකනෙ.. දොල පිදේනි දේශපාලනේ අලුත්ම ඉට්ටයිල් එක තමයි මේක.කලින් කෙනා ඇඟට දුන්නා.මෙයාලා කෙලින්ම ඔලුවට දෙන්නෙ.කොහෙන් ගියත් රටට කෙල වෙන්නෙ.. ඒක තමයි ලොකුම පරිප්පුව.

      Delete
    3. ගානක් නැහැ... කොත්තමල්ලි ලාබ කරා නේ...

      Delete
    4. ගස් ලබ්බා:
      කොඳු නාරටිය කෙලින් ඇති උඹ ගැන මගේ ප්‍රණාමය...
      බ්ලොග්වල රැල්ලට ගහන් ගියොත් තමයි උඹට සුභ අනාගතයක් තියෙන්නේ...ඒත් උඹ ඇත්ත ඇති සැටියෙන් කතා කිරීම ගැන සන්තෝෂයි...
      බලහන් ඉතින් ගස් ලබ්බට තේරෙන ටික අනික් ගොන් ලබ්බන්ට තේරෙන්නේ නැති හැටි..(උඹට අපහාසයක් නොවේ මචෝ) :)

      Delete
  9. මම පොර ජාතකය

    https://lankacnews.com/sinhala/news/129616/

    තමන් හා චම්පික නැතිනම් එජාපයට වැලේ වැල් නැති බව ඇමති රාජත සේනාරත්න මහතා පවසයි.

    පසුගිය ජනාධිපතිවරණයේදී සිරිකොතේ මුල්ම ජනහමුව අමද්දී සජිත්ට, රනිල්ට අත්පොලසන් වැදුනේ දහයක්නම් තමන්ට දහසක් වැදුනු බවද ඔහු කියා සිටී.

    ReplyDelete
    Replies
    1. රාජිතත් ඉන්නේ අර සිඟිති මෙන්ටැලිටි එකේමයි නේද?
      ඇයි මන්දා මේ හැමෝම මම පොර කියලා හිතන් තමන්ටම අප්පුඩි ගහගන්නේ..කාලේ තාලේ වෙන්ටැ!

      Delete
  10. මම මෙච්චර කාලෙකට උඹේ දේශපාලන ලිපියකට කමෙන්ට් කරලා නෑ.හේතු ගොඩක් නිසා.ප්‍රධාන හේතුව උඹ කොහෙන් කොහොම පටන්ගත්තත් ඒක මේ ආණ්ඩුවට විරුද්ධව ලියන නිසා.උඹ කවදාවත් උඹේ එකම ලිපියකින්වත් පහුගිය පාලනයේ තිබුන වැරදිගැන කතාකරන්නේ නෑ.කන්දක් වගේ තිබුන වැරදි නොදැක්කා වගේ ඉදගන කෙන්දක් වගේ තියන වැරදි කන්දක් කරගන්න කරන උත්සහයක් විතරයි උඹේ දේශපාලන ලිපි පුරාවටම තියෙන්නේ.ඒවා හරි පක්ශග්‍රාහී ලිපි.උඹ හොඳට ලියන්න පුළුවන් පාඨකයාගේ ගෞරවයට,ආදරයට පාත්‍රවුන ලියන්නෙක්.ඒත් ටිකක් බලපන් උඹේ දේශපාලන ලිපි දිහා.හිට්ස් ඇති.ඒක ගැන විවාදයක් නෑ.තනි තරුව කියන නම දැක්කහම උඹ ගැන හිතේ ඇදිල තියන චිත්‍රය නිසා තාමත් අපි අනික්වට කලින් ඒක බලනවා.මමනම් කරන්නේ ඒක දේශපලන ලිපියක්නම් උඩින් පල්ලෙන් බලල අයින්වෙනවා.මොකද උඹේ හැම දේශ්පාලන ලිපියකම තියෙන්නේ වෛර්ය්ය හා ජනාධිපතිට ඔහුගේ සරළ කම නිසා කරන උපහාස විතරක් නිසා.ඒත් බලපන් කමෙන්ට් දිහා.ඉස්සර ගොඩ දෙනෙක් තමන්ගේ මත,මතක,හැඟීම් එතන අකුරුකලා.ඒත් අද උඹේ කමෙන්ට් බොක්ස් එක පිරුණට ඒක පිරෙන්නේ උඹ හා සමාන අදහස් දරන 7-8 දෙනෙකුගේ කමෙන්ට් වලින් විතරයි.උඹේ මතය කියන්න උඹට අයිතියක් තියනවා.ඒත් ඒ දේ කරනකොට පදනමක් ඇතිව කරපන්.දැන් බලපන් මේ ලිපියේ ඉන්දියාවේ ජාතිකගීය ගැන කියනවා.ඒක හින්දි නෙමෙයි.බෙන්ගාලි භාශාව.ඉන්දියාවේ සුළු භාශාවක්.නිකමට හිතපන් ලන්කාවේ සුළු භාශාවකින් ජාතිකගීය ගායනාකරන්න නියෝග කලොත් ඇතිවෙන තත්වය?නිල්ල ගැහුන කුඹුරක් වගේ තිබුන උඹේ බ්ලොග් එක මඩ වලක් කරන්න එපා.මේක මෙහෙම දැම්මේ අපි තාමත් පරණ තරුවට ආදරේ නිසයි.ලෑතරයත් එක්ක තියන මිත්‍ර කමට ගෞරව කරන නිසයි.(උඹ කියල පාවිච්චිකලේ මිත්‍රයෙක්ට කතාකරන්න උඹ කියන වචනෙට වඩා හොද වචනයක් මම දන්නේ නැති නිසයි.)

    ReplyDelete
    Replies
    1. මටත් මැද්දට පැනල මොනවහරි කියන්න හිතුන. මචෝ තනිතරුව කොමෙන්ට් බලාගෙනම ලියන්නෙ නෑ. එහෙම ලියන්න ගියොත් අපට බ්ලොග් නෙමේ කරන්න වෙන්නෙ පෝර්න් සයිට් එකක්.
      වඩා නිවැරදි බහුතරයම නොවෙයි. බ්ලොග් ලොවේ බහුතරය සැබෑ බහුතරයද කියන එක වෙනම දෙයක්. ලෝකය වෙනස් කළේ උඩු ගං බලා පීනපු අය. අපි වෙනස් විදියට හිතන්න ඕන.
      අනික සයිබරයෙ සුළු පිරිසක් ලොකු කලබලයක් කරනව. ඇත්තටම ඉන්නෙ දෙසීයක් වගෙ පිරිසක්.
      උඩු ගං බලා පීනන්න බය වෙන්න එපා. මුලදි හිනාවෙයි ඊට පස්සෙ ඔබව වළකාවි අනතුරුව ඔබව අනුගමනය කරාවි.

      Delete
    2. මම මෙතනදී ඇයගේ උඩුගන් බලා යාම හෝ ඇගේ අදහස් ප්‍රකාශකිරීම ගැන කිසිම දෙයක් කියල නෑ. ඇයට අයිතියක් තියනවා ඒ දෙයට.ඒගැන විවාදයක් නෑ.මම ඇගෙන් ඉල්ලල තියෙන්නේ පූර්ව නිගමනවල ඉදන් ලිපි නොලිය දෙපැත්තම සමබරව සිතා ලිපි ලියන්න කියල විතරයි.

      Delete
    3. //මම ඇගෙන් ඉල්ලල තියෙන්නේ පූර්ව නිගමනවල ඉදන් ලිපි නොලිය දෙපැත්තම සමබරව සිතා ලිපි ලියන්න කියල විතරයි. //

      අන්න හරි.... අපි මොකටද ඔය මහ බැංකුවෙ අදිපති සහ එයා ගේ බැනා අතර වෙච්චි හුටපට ගැන ලිපි ලියන්නෙ.... අතටම අහු වුන නාමල් ගෙ ලම්බොගෝනිය ගැන ලියුවාම ඉවරයි නේ..

      Delete
    4. බ්ලොග් කතාවට අලුත් නිසා තරුවාගේ පරණ දේශපාලන කෙරුවාවල් මං දන්නෙ නෑ, ඒත් කටුස්සාගේ කතාව යටින් මේක දැම්මෙ ඒ අදහස් මගෙත් අදහස් වලට ගැලපෙන නිසා. අපි හැමෝටම දේශපාලනයක් තියනවා. ඒත් තරුවාගේ දේශපාලනික නොවන පෝස්ට් හොඳින් රස විඳලා කොමෙන්ටුවක් දාන්න අමතක නොකළ මමත් මේ වගේ දේවල් දැක්ක නොදැක්කා වගේ යන්න යන්නව උඩින් පල්ලෙන් බලල. මගේ නං අදහස දේශපාලනික අදහස් පල කලාට කමක් නෑ, ඒත් මේවා කියවන හැමෝගෙම දේශපාලනික අදහස් විවිධාකාර නිසා අඩුමතරමේ තර්කයක්, විසඳුමක් සහිතව ඒවා ඉදිරිපත් කරන්න ඕන. සංවාදයකට වත් එන්න ඒ වගේ දේවල් ටිකක් හරි බැලන්ස් වෙන්න ඕන. තමන්ගෙ මතය කෙලින්ම කියල වැරදිකරු කරලා අපහාසාත් කරලා ඉවර කලාම අපිට කියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. ඒ වෙලාවට සද්ද නැතුව යනවා ඇරෙන්න වෙන මොනා කරන්නද. මතක ඇති තරුවට "ආවෙමි, බැලුවෙමි, ගියෙමි" කියල එකපාරක් මං කියල ගියා. මගේ මතය මේක නෙවෙයි ඒ නිසා මට දිරවන්නේ නැතුව ඇති කියල උඹට කියන්න පුළුවන් ඇති. ඒත් මාතලන්ගේ පෝස්ට් වලත් මම බලල සද්ද නැතුව යන එව්ව අපමණයි. දේශපාලන පෝස්ට් දාද්දි තර්කානුකූලව ඒවා දාපං. විරුද්ධ මතයටත් ඉඩ දෙන විදියට බැලන්ස් වෙන්න එව්ව ලිව්වොත් හොඳයි කියල මං කියන්නෙ. දේශපාලන මතය ගැන විතරක් කියන්න ගිහිං අර පරණ දේවල් අමතක කරලා ඒ හැකියාව මොට්ට කරගන්න එපා..

      Delete
    5. සා රස , මස්ටැං ටෙන්ට් එකේදි ඕක රනිල්ගෙන්ම අහගන්න තිබ්බනෙ..

      Delete
    6. කටුසු මිත්‍රයා,
      උඹ මගේ ලිපිවලට දැන් කමෙන්ටු නොකොටන්නේ උඹේ මතය වෙනස් නිස බව මම හොඳට දන්නවා..හැබැයි //කන්දක් වගේ තිබුන වැරදි නොදැක්කා වගේ ඉදගන කෙන්දක් වගේ තියන වැරදි කන්දක් කරගන්න කරන උත්සහයක් විතරයි උඹේ දේශපාලන ලිපි පුරාවටම තියෙන්නේ.ඒවා හරි පක්ශග්‍රාහී ලිපි// කියන කතාවට එකඟ වෙන්න නම් බැහැ..මොකද දැන් කෙන්දට වඩා ලොකු වැරදි සිද්ද වෙනවා..විශේෂයෙන්ම ඔය උතුර නැගෙනහිර විගායි හකායි පිරිසයි එක්ක නටන නෙයියාඩගමට මම කිසිසේත්ම එකඟ නැහැ..උඹටත් පුලුවනි මාව අර්ථ දක්වන්න ජාතිවාදියෙක් කියලා...රට ගොඩින් හරි මඩින් හරි කොටියට යනවටවත් අරාජික වෙනවටවත් විරුද්ධ වෙන එක ජාතිවාදිකම නම් ඔව් මම එහෙමයි..උඹට පක්ෂග්‍රාහි ලෙස දැනෙන්නේ උඹෙයි මගෙයි මූලිකම කැමැත්ත වෙනස් නිසා..ඉස්සර වැරදි මම ලියනවා..නැත්තේ නැහැ..කියන වෙලාවට මූණටමත් කියනව මොකාගේ වුණත්..හැබැයි මේ පාලනයට යහපැවැත්මක් නැහැ..යහපාලනයට මුවාවෙලා ඩීල් දානවා මට පේන්නත් බැහැ..එතකොට මගේ මතය මම කියනවා..එහෙම කියන්නේ බොහොම සුළු පිරිසයි බ්ලොග් ලෝකේ..මොකද හැමෝම තමන් කැපෙයි කොන් වෙයි හිට්ස් අඩුවෙයි වගේ විවිධාකාර හේතු මත රැල්ලේ පීනනවා..මට මේක තිබ්බත් එකයි නැතත් එකයි ඉතින් මම ඔහේ ලියනවා...

      උඹේ මේ කතාවට මම 100%ක් එකඟයි
      //නිල්ල ගැහුන කුඹුරක් වගේ තිබුන උඹේ බ්ලොග් එක මඩ වලක් කරන්න එපා.මේක මෙහෙම දැම්මේ අපි තාමත් පරණ තරුවට ආදරේ නිසයි//
      අවංකවම මම ඊයෙත් ආවේ වෙන මොන්ගල් කතාවක් ලියන්නයි පරණ ස්ටයිල් එකේ..මේක ලියන්න හේතුවක් ලැබුණ නිසා ලිව්වා..දේශපාලනය ලිව්ව පමණින් මම මගේ පරණ රටාව අමතක කරන්නේ නැහැ මචං..උඹලා ඒ පරණ රටාව ගැන දැක්වූ ආදරයට බොහොම ස්තූතියි..ඒක ඉක්මණින්ම ආයෙත් එයි..එතකල් ඉවසපන් මිත්‍රත්වයේ නමට..මමත් දේශපාලන සත්වයෙක් නිසා උඹ වගේම...

      Delete
    7. කටුසු:
      අනික් අතට මචං මගේ උපහාසය මම නිර්දේශපාලනිකව ලිව්වත් ඉබේ එනවා..උඹට මතක නම් අර හින්දි චිත්‍රපටිය වගේ එව්වා..හැබැයි මම "රොඩියා, බල්ලා, කුපාඩියා, පොන්නයා, අවජාතකයා, මීහරකා, ගොන් බූරුවා, බෙරවායා" ආදී වූ දේ කියලා අපහාස කරලා නැහැ..එහෙම අපහාස කරන කොට සමහරු සමහරුන්ට හුරේ දානවාත් මම දැකලා තියෙනවා කමක් නැහැ ඒ රැල්ලට නේ ලියන්නේ ඒක නිසා ඒක හොඳ ඇති..මට වෛරයක් නැහැ..ඒක මම පැහැදිලිවම කියලා තියෙනවා..සරල කම හොඳයි හැබැයි ඒකටත් අනික් හැමදේකටම වගේ සීමාවක් තියෙනවා..අනික සරල කමෙන් සංකීර්ණ ප්‍රශ්න විසඳන්න බැරි අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා නේද?
      මගේ මතයම දරන 7-8ක් තමයි ඉන්නේ ඒක ඇත්ත..ඒත් ඉතින් ජනප්‍රිය රැල්ලට කමෙන්ට්ස් හිට්ස් බලන් නොලියන නිසා ඒකේ මහ ලොකු අවුලක් නැහැ..උඹලා වගේ කීපදෙනෙක් තනි තරුවේ පරණ රටාව හොයන බව මම දන්නවා..ඒකට මම ගරු කරනවා, සතුටු වෙනවා..ඒත් මගේ වෙන මතයක් කියන්න තියෙන කැමැත්තටත් මම ගරු කරනවා..
      ආයෙමත් කියන්නම් හැමදාම අමාවක නැහැ ආයෙමත් දවසක පුරහඳ පායනවා...:)

      Delete
    8. මධ්‍යස්ථ මතධාරියා:
      මගේ හදපිරි කෘතඥතාවය මචං ඇත්ත කතා කළාට හැමදාම වගේ..
      මගේ පරණ බොහොම ආදරෙන් විරහවෙන් බොක්කෙන් අරහෙන් මෙහෙන් ලියපුවා තියෙනවා මැස්සෙක්වත් වහල නැති පෝස්ට්..ඒත් අදටත් මට මේවාට හිට්ස් කීයද කමෙන්ට්ස් කීයද වැදගත් නැහැ..මේක රියැලිටි ෂෝ එකක් නෙවෙයි නේ නැද්ද මචං?

      //වඩා නිවැරදි බහුතරයම නොවෙයි. බ්ලොග් ලොවේ බහුතරය සැබෑ බහුතරයද කියන එක වෙනම දෙයක්. //++++++++++++++++++++++

      Delete
    9. සජ්ජා මම දන්නවා උඹත් මගේ මතයට එකඟ නැති නමුත් ඒවා බලලා අතැරලා දාලා යන බව..ඒ ගැන මගේ කිසිම අහිතක් නැහැ..මොකද ආ පළියටම කමෙන්ටුවක් දාන්න ඕන කියලා මම හිතන්නේ නැහැ...

      කටුස්සට කිව් ටිකම උඹටත් කියන්න මම කැමැතියි..අර කිව්වත් වගේ මාතලන් එක්ක බලද්දි මම අපහාස කරලා නැහැ මචං, උපහාසය යන්තම් උඩින් අතුගාගෙන ගිහින්...අපහාස ඕන නම් ඌ ලියන එව්වා බලලා මේක බලපන් ඒත් මම තාම කදෝපැණියෙක්..මම වුණත් කතා කරලා පලක් නැති එව්වා දිහා උඩින් පල්ලෙන් බලලා නොදැක්කා සේ යන අවස්ථා එමට තියෙනවා, විශේෂයෙන්ම මේ වගේ රැල්ලේ යන කාලෙක..මහන්සියත් ඉතුරුයි හොඳ හිතත් ඉතුරුයි...

      අවංකවම මම මධ්‍යස්ථ මතධාරියා නෙවෙයි..උඹ වුණත් එහෙම නැතිව ඇති බොහෝඉවිට.."ලබා උපන් හැටියට නෙව බබා වැනෙන්නේ.."

      ඒ වගේම ..හැමදාම අමාවක නැහැ පුරහඳ එනවා සත්තයි..

      Delete
    10. // සජ්ජාගේ පඩංගුවMarch 19, 2015 at 3:43 PM

      සා රස , මස්ටැං ටෙන්ට් එකේදි ඕක රනිල්ගෙන්ම අහගන්න තිබ්බනෙ..
      //

      Excuse me Mr Sajja, have we been introduced? Do I know you?

      Delete
    11. //Excuse me Mr Sajja, have we been introduced? Do I know you? //

      Hiks.

      Delete
  11. රැජින ලඟට ගොස් කරන නෝනාගේ විප්‍රකාරය දැක සිනාව නවත්වා ගන්න නොහැකි විය. මීට පෙර අප රටින්ද විවිධ රටවලින්ද රාජ්‍යයතාන්ත්‍රිකයින් කොතෙක් ගියද කිසිවෙක් මේ වගේ නාටක අභිනයක් රැජිනට දක්වනු දුටු අයෙක් සිටීද?
    බ්‍රිතාන්‍යය රටවැසියෝ වත් මේ වාගේ වන්දිභට්ට හැසිරීම් නොපෙන්වති. මේ සිදු වීමෙන් පසුව අපට සේවා ස්ථානයේදී අනෙක් රටවල අය සිනහ වූ බව කිව යුතුය.ඇය රැජිනක් වන්නට ඇත. එහෙත් අපේ රැජින නොවෙයි.අනෙක මේ ගියේ ලංකාවේ නායකයාගේ බිරිඳ වශයෙනි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ගයත්‍රි...මා දන්නා හැටියට එංගලන්තයටත් ඇය නාමික රැජිණක් පමණයි..පළංගනාවන්වල කාසිවල බොස්තරැක්කවල රැජිණ ලකුණ ගහං උන්නු කාලේ ගියාද නැත්නම් ආයෙමත් ඇවිල්ලද කියලායි මට සැක..ඕනෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හැසිරිය යුතු ආකාරයක් තිබෙනවා..එහෙම නොදන්නා අය වෙත්නම් සාමාන්‍යයෙන් ඔවුන්ට ඒවා පුහුණු කරවනවා නේද?අයියෝ සල්ලි..!
      ඔබට මුහුණ දෙන්නට සිදුවූ අවස්ථාවන් ගැන හිතාගන්නට පුළුවන්..

      Delete
    2. අපේ රටේ නායකයෝ පිට කොන්දක් ඇත්නම් කරන්න ඕනේ එංගලන්තේ රැජිනට ගරු කිරීමවත් ඔවුන් එන්න කියනකොට ගිහිල්ල ඔවුන්ගෙන් අපේ රට කරවන්න ඕන ආකාරය ගැන උපදෙස් ගන්න එකවත් නෙවෙයි ඔවුන් රට අතහැර ගියාට පසුවවත් අපේ රටේ තිබියයුතු ජාතික අනන්‍යතාවය නැවත ගොඩනැගීමටත් ඒ අනුව සියළු රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමටත් පියවර ගැනීමයි. සුළු ජන කොටස් වලට සුද්ද රට දාල ගියාට පස්සේ රටේ ජාතික අනන්‍යතාවය ගොඩනගපු බහුතර සිංහල ජනතාව එක්ක තම තමන්ගේ අනන්‍යතාවය තියාගනිමින් එක්ව කටයුතු කිරීමේ බැරිකමක්ද කොහෙත්ම නැත.

      Delete
    3. Ajith :
      // සුළු ජන කොටස් වලට සුද්ද රට දාල ගියාට පස්සේ රටේ ජාතික අනන්‍යතාවය ගොඩනගපු බහුතර සිංහල ජනතාව එක්ක තම තමන්ගේ අනන්‍යතාවය තියාගනිමින් එක්ව කටයුතු කිරීමේ බැරිකමක්ද කොහෙත්ම නැත./
      +++++++++++++++

      Delete
  12. මේව මොනවද, පහුගිය දවස් වල අපේ ඇමතිනී ගැරඬිලා පුටු අස්සෙ රිංග රිංග ඇදි ඇදී බඩගගා වැඳපු වැඳිලි මතක් වෙනකොට. චැහ් විතරක්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ!
      දැක්කනේ හිරුණිකා වේදිකාවල දෙකට නැමිලා මහින්දට වැඳලා පහුවදා සිරිසේන ලඟට ගියා මාල ගිරවියෙක් වෙලා..
      මර්වින් මහින්ද ලඟ බිම වැටිලා ඉඳලා දැන් කියන්නේ විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලුවාය කියලා මහින්ද පරද්දන්න...
      තව කොයිතරම් නම් දණ බඩ ගෑවාද? මම නම් කියන්නේ කිසිවෙකු කිසිවෙකුත් ඉදිරියේ එහෙම කළ යුතු නැහැ කියලයි..

      Delete
  13. දැන් මට දෙමළෙක් වෙන්න හිතෙනවා. මේ යන විදියට සිංහල විදියට ඉඳලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මකසි..
      අන්තවාදී නොවන දෙමළෙක් වෙන්න...:)
      (නිමිත්ත : කිසා ගෝතමී)

      Delete
  14. මෙන්න මෙහෙම නිරීක්ෂණ කීපයක් ලියනවා. හැකිතාක් මධ්‍යස්තව මේක ලියන්න හදන්නේ.
    1. රැජින තමන්ට වඩා පහල අයට අත් වැසුම් ගලවන්නේ නැහැ. ඒ කියන්නේ lady in waiting හෙම රැජින ගාව අත් වැසුම් ගලවන්න ඕනේ. දැන් ජනාධිපති මෛත්‍රී පාල අත් වැසුම් දමල හිටියා නම් ඇය ගලවන්නේ නැහැ. ඇය ගැලෙව්වේ දෙදෙනා සමාන බව පෙන්වන්න. මෙහිදී ජනාධිපති මෛත්‍රී පාල ඒ ගැන කියන්නේ ඒකයි කියල මට හිතෙන්නේ. ඔහු හරි. ඇත වැසුම් ගලවන්නේ රැජින ගෞරව කරන විට. ඒක මෙහෙ ආණ්ඩුවෙන් රැජිනට කරන්න කියල කියනවා.
    2. කැමරන් ජනාධිපති ගාවට ඇවිදගෙන එන්නේ (කාරෙක ගාවට ( ඔහු ජනාධිපති සිරිසේන තමන්ට වඩා උඩ තැනක දාල තියෙන්නේ ) එක නිසා . නැවතත් නාධිපති මෛත්‍රී පාල ඒ ගැන කියන්නේ ඒකයි. උදාහරණයක් වශයෙන් වෙනත් අගමැති කෙනෙක් ආව නම් (උදා: රනිල් ) කැමරන් නො 10 යේ දොරකඩ සිටිනවා මිස එන්නේ නැහැ.
    -http://www.theguardian.com/uk/gallery/2012/jun/27/queens-handshakes-martin-mcguinness-pictures
    රැජින මෙහිදී රාජපක්ෂ මහතාට අතට අත දෙනවිඅට ඇත වැසුම් ගලවන්නේ නැත.
    3. ලන්ඩනයේ සිටි නිසා දන්නා දෙයක්. හිටපු ජනාධිපති රාජපක්ෂ ආපු වෙලේ හෙන ට්‍රයක් ගත්ත රැජිනි හමු වෙන්න. විරෝධතා නිසා හමු වුනේ නැහැ. පස්සේ ලොබියේදී හමු වුනේ. මේ සිරිසේනට විරුද්ධව ලියන අයට ඒ ගැන අදහස මොකක්ද? රාජපක්ෂ මහතා ලොකු ගානක් ගෙව්වා කියල දන්නවා රැජින හම්බවෙන්න හා කැමරන් හම්බ වෙන්න. හැබැයි උන් (ඒ කොම්පැනි එක ) බොරුව කලේ. ඒ මහත්මයාව ගොඩක් අය රැවටුව කියලත් දන්නවා.

    ReplyDelete
    Replies
    1. 1.පදනමක් සහිතයි..නමුත් ඒක කිව යුතු විදියක් තිබෙනවා..නිකං නර්සරි තාලේට නැතුව..මොකද ඔහු ඉස්සර කවුරුවුණත් දැන් රාජ්‍ය නායකයා..එහෙනම් කතා කළ යුතු ආකාරය ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වියයුතුයි..අපි කියන්නේ සිග්නේචර් ස්ටයිල් එක කියලා..නායකයෙක්ට අවැසිම දෙයක් නේද?

      2.ඒ බව පැහැදිලි..මගේ තර්කය මේකයි..බැහැ කිව් ත්‍රස්තවාදයක් නැතිකර දැමූ රාජ්‍ය නායකයාට වඩා ඔවුන්ගේ චිත්තප්‍රීතිය උදෙසා සිරිසේන කළ මෙහෙවර කුමක්ද? ඔහුට එම ගෞරවට ලබාදීමට හේතුවූ ජයග්‍රහණ මොනවාද?ත්‍රස්වාදයක් පැරදවීම (ඔවුනුත් කරන්නට උත්සහ කරන නිසා) වැනි දුෂ්කර කාර්යයකට වඩා වැදගත් ලෙස ඔවුන් දකින්නේ නැවත් නොනිල යටත්විජිතවාදයක් ඇතිකරවාගැනීමද?

      3.වෙන්න පුළුවන්.ඔබ සාක්ෂි සහිතව කියනවා නම් සහ පෞද්ගලිකවම දන්නවා නම්..
      එතකොට ඒක වැරදිද? ද්විපාර්ශ්වික සම්බන්ධතා ඇති කරගැනීමට තැත් කිරීම සහ ඔවුන්ගේ අවනත රූකඩයක් බවට පත්කිරීම යනු දෙකක් නේද? උදාහරණයකට හිතන්න ඔබේ බොසා ඔබ සමග එතරම් සමීප නැහැ..ඒත් ඔබට අවශ්‍යයි යම් කරුණක්/ ප්‍රමෝෂන් එකක් කියා හිතන්න, ඒ ගැන කතා කරන්න පුළුවත් වාතාවරණයක් හදාගන්න.එතකොට ඔබ ටිකක් ඒ සමීපබව ඇතිකරවාගන්න ට්‍රයක් දෙනවා නේද? හැබැයි ඔබේ තවත් කාර්යාලීය සගයෙක් ඒ කාරණයම වෙනුවෙන් බොසාගේ බෑග්, බෝතල් ගෙනියමින්, ගෙදර බල්ලා නාවමින් හැසිරෙනු දුටුවොත් ඔබට ඇතිවෙන හැඟීම කොයි වගේද?

      Delete
    2. මහින්දව හුඟාක් මිනිස්සු රැවැට්ටුවා කියන කතාව සත්‍යයක් බව ජනාධිපතිවරණයට පෙර සනාථ වුණා..

      Delete
    3. 3. ගැන කිව්වොත් සිරිසේන මහතා එහෙම කලේ නැහැ. ගෙදර බල්ලා වගේ. ඒකෙ අනිත් පැත්ත වුනේ. අංක 1 සහ දෙකෙන් පැහැදිලි කලේ බ්‍රිතාන්‍ය රජය සිරිසේන රැජින හා සම තත්වයේ දම කැමරන් ඔහුට දෙවන තත්වයේ දමපු බව.

      Delete
    4. ඔබ 1න් කියපු එකට එකඟ වෙන් පුළුවන්. තව ටිකක් කල් යයි හැදෙන්න. තියෙන බලතල තේරුණාම.

      Delete
    5. 3.සිරිසේන එහෙම නොකළ බව දැන්නම් කොහෙත්ම ඔප්පු වෙන්නේ නැහැ..

      1.නායකයෙක් බවට පත්වූ පසු 'අ'යන්නේ සිට ඉගෙනගැන්ම ඵලදායී නැත.අවශ්‍ය මුල පටන් තමන්ගෙ පෞර්ෂත්වය නගා සිටුවා ගැනීමයි (බාහිර සහ අභ්‍යන්තර). It's crucial for a leader to develop its personality and conduct, if he/she is expected to be effective.

      Delete
  15. මොනා උනත් ඒ රැජිනක් නේ.. ගරු කරපු එක ප්‍රශ්ණයක් නෑ අපි එක අමතක කරමුකො..

    ඒත් හත්වලාමේ මේ ජාතික ගීයට කරපු වැඩේට නම් එකග නෑ කොහෙත්තම.. ඉස්සර වර්ඩ් කප් අස්සේ බඩු ගණන් වැඩි උනා.. දැන් වෙන වෙන ඩීල් යනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ගරු කිරීම අවුලක් නෑ...කිච නොවී කළා නම් තමයි හොඳ..අපි උඹලා වාගේයැ බං රාජ්‍ය නායකයොනේ..

      අනිවාර්යෙන් ජාතික ගීයේ ඩීල් එක ගැහුවේ ඇයි කියන එක පැහැදිලියි නේ..

      Delete
    2. ඩීල් එක ගැහුවේ කවුද කියන එකයි ඒ ඇයි කියන එකයි පැහැදිලියි. ඒවට අවශ්‍ය විදිහේ නායකත්වයක් පත්කරගන්න ඕන කම තිබුණෙත් විදෙස් තානාපතිවරු ඊලාම්වාදියෝ ඇතුළු පිරිසට. ඔය ඩීල් එකේ පොඩි කොටසක් විතරයි.

      Delete
    3. ඔව්..හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට..:D

      Delete