කටහඬවල්..සැර ස්ප්‍රීතු ගඳ...දිගු කොරිඩෝවක පසුවන විදුලි ලාම්පු...
තිරස්ව වේගයෙන් ඇදීගෙන මම මේ යන්නේ කොහේටද?
වේගයෙන් ඇදෙන රෝදයක හඬ එක්ක අඩවන් ඇස්වලට එබෙන තවත් ඇස් දෙකක්...මං දකින්නේ අවිනිශ්චිතත්වය ද? කණගාටුව ද? තැවිල්ලක් ද? සිතුවිලි තේරුම් බේරුම් කරගන්නට නොහැකි තරමේ විඩාවක් දැනෙන්නේ ඇයි..?
"පේෂන්ට්ව තියටර් 1 එකට දාන්න.."
"ඩොක්ට..පේෂන්ට් රෙඩි.."
පරඬැල් පතක් මෙන් දුබලව වැනෙන මගේ ගත ඔවුනට අවැසි ලෙස හසුරුවා ගන්නා හැටි..මට අයිති නැති මම..
"සිහිය තියෙනවා.."
"දැන් හරි යයි.."
ගිණිකන වැටෙන එළිය මගේ අඩවන් ඇස්වලට නොදැනුණාවත් ද?
**************************************
ලේ...මගේ ලේ...
කොළ පාට පොරෝනාවල...
රිදී පාට මුවහත් තල මස් කපාගෙන යන හැටි...ඒ රිදී පාට දෝවාගෙන උතුරන රතු පාට ලේ..
ඒත්..මම ඔයතරම් නිශ්චලව වැතිරිලා ඉන්නේ කොහොමද?
නිල් පාට ලෝගුවල නිල් මුකවාඩම්වලින් උඩ රැඳිච්ච කල්පනාකාරී බැල්ම සැරින් සැරේට තිරයකට යොමුවෙන හැටි...
ඒ වැතිරිලා ඉන්න මං දිහා කොහොමද මම මෙහෙම බලන් ඉන්නේ?
රික්තයක වගේ...කිසි හඬක් නෑසී..
නිශ්ශබ්දතාවය බර වැඩියි..
නැහැ...මට මෙතැන ඉන්න බැහැ..මම යන්න ඕන..
****************************************
ලෝකේ හොඳම මිනිහා..මම හිතුවේ එහෙමයි..ඔව් ආලය අන්ධයි..
එතකොට කලින් හම්බුණ එකා..ඌ මීට වඩා හොඳයි ද?
මම පෘථග්ජනයි..මටත් හැඟීම් දැනීම් තියෙනවා..
නෑ නෑ නෑ!!
අතීතෙට යන්න එපා! උඹට හොඳින් මම කියන්නේ මාව අතීතෙට ගෙනියන්න එපා..කියන දේ අහපන්..!! මම උඹෙන් බැගෑපත්ව ඉල්ලන්නේ කබොල්ල කඩලා තුවාලේ පාරන්න එපා..
උඹ බැඳලා..! වැරදුණා වුණත් උඹ දැන් බැඳලා ඉවරයි..උඹට බැහැ සැනසීමයි කියලා ගිනිගොඩකට පනින්න..එපා!! හිතන්න එපා!! මළගිය මතකයක් විතරයි..ඊයෙන් හෙටක් ගේන්න බෑ...මම දන්නවා උඹට දුකයි...අඬපන් ඇතිවෙනකල් අඬපන්..ඒත් උඹ හෙට උදේ නැගිටින්නෙත් දැන් අඬලා නිදියන ගෑණි විදියටම මිසක් අතීතේ හිටිය සැහැල්ලු කෙල්ල විදියට නෙවෙයි..මතක තියාගනින්..
බණින්න එපා...මම හිත හදාගන්නම්...ඒත් මම තාමත් පරක්කු නෑ..උඹ මොනවා කිව්වත් මම දන්නවා ඒක..
උඹ පරක්කුයි ගෑණියේ උඹ පරක්කුයි..උඹ හොඳටෝම පරක්කුයි..නිදාගනින්..පිස්සු වැටෙන්න එපා..උඹට මේ හොඳ සිහිය ඕනම වෙලාව...කෙලින් ඉඳපන්..
***********************************
හැමදාම හිතත් එක්ක වාදකලාට මම උන්නේ එකම තැන...ඔව් අවිනිශ්චිත එකම තැන..
නිහඬකම බර වැඩි වුණ හින්දම මම හයියෙන් සිංදුවක් කිව්වා..
"මිදියුෂ යැයි රැවටී හලාහල..."
හා හා හාඃ...
වියරුවෙන් හිනාවෙන උම්මත්තකයට මගේ මූණූවරම තියෙන්නේ කොහොමද? උඹ මං වෙන්න බැහැ..බැහැ නේද? කියපන්...මාව බයකරන්න එපා..මට පිස්සු නැහැ..ඔව් තාම නැහැ...!
තාම නැහැ..ඒත් උන් බලන් ඉන්නේ උඹට එහෙම වෙනකල්..ඔව් උඹ අමාරුවෙන් හැදුව ටජ් මහල...
හා හා හාඃ උඹ ඒකට කියන්නේ එහෙමද? ට..ජ්..ම..හ..ල...! හුහ්! ඊටවඩා හොඳ නැද්ද ඒකට කියපන් උඹේම "සොහොන්ගෙය"! උඹ උඩ පැනගෙන උඹේ අතින්ම හදාගත්තු උඹේ සොහොන්ගෙය..අන්න ඒක ගරාවැටෙනකල් උන් බලන් ඉන්නවා..
මොකටද? ඇති වැඩකට නෙවෙයි...උඹ වගේම උනුත් හිතන්නේ ඕක ටජ්මහලක් කියලා..උන්ට ඕන කිරිගරුඬ ටික නෙවෙයි...සිමෙන්ති බිත්ති පුපුරලා යන්න ගල් බෝරයක් දාලා හිනාවෙන්න...ගල් බෝරෙට උඹ කුඩුපට්ටම් වුණාට...
ඔව් මම දන්නවා...එයා ඉතුරුවෙනවා...මෝහනය වෙච්ච, මාව පෙනුණට ඇහින් නොදකින මගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා..
ෂාජහන් වගේ ඌ උඹේ කෑලි දිහා බලන් අඬලා මැරෙයි?ඈ?
හිත අහන්නේ ඔලොක්කුවට කියලා මම දන්නවා..විශ්වාස කරන්න බැරි වුණත් එහෙම නොවෙන බව මම දන්නවා...එහෙම වෙයි කියලා මම හිතුවා හිත කියනවා වගේ සොහොනට වැලි ගඩොල් අඳින කාලේ..දැන්...හ්ම්ම්ම්...දැන් ඒ ෂාජහන් මැරිලද...මට කලින්..නැත්නම් සනුහුරේ උන් සමනළයෙක්ව දළඹුවෙක් කරලද...සාප කරන්නද එපාද...? ඒත් කාටද?
*********************************************
මම ඉස්සිලා කණ්නාඩියෙන් මූණ බැලුවා..ඇඟිලිපාර හිටලා තමයි..ඒත් රිදෙන්නේ මූණම ද? රතු පැල්ලම උඩින් තදට රෝස පවුඩර් තවරනකොට ඇහේ කඳුළු ග්‍රන්ථි ඇහැරෙනවා..අනන්තවාරයක් කියවලා තියෙනවා පොත්වල කවිවල කතාවල හයියෙන් ඇහිපිල්ලම් ගැහුවම කඳුළු නොවැටී බේරගන්න පුළුවන් කියලා..
හඃ..බොරු...පට්ටපල් බොරු...! හයියෙන් ඇහිපිය ගහද්දි පිරිච්ච කඳුළු එළියට පනිනවා..කවියයි ජීවිතෙයි දුරයි...සෑහෙන්න දුරයි...
රිදෙනවා..
ඇහැ නෙවෙයි..
එහෙනම් කම්මුලද?
නෑ..! මගේ ආත්මාභිමානය..! ඔව් ඒක..
ශක්තිමත් මාව යටකරන් පැතිරිච්ච ප්‍රේම පිළිකාවකින් ඔත්පල වෙච්ච ගැහැණිය..ඒ ගැහැණිය නිසා රිදුණේ යකඩ ගැහැණියගේ ආත්මාභිමානය...ඒක කොච්චර වැරැද්දක් ද?
යකඩ තලන්න බැහැ..ඔව්...උඹ තැලෙන්නේ නැහැ...මගේ සුන්දර ජුලියට්..උඹ මැරියන්..ඒත් යකඩියේ උඹ ජීවත් වෙයන්..උඹ කැමති විදියට...ඔව් උඹට මගෙන් බාධාවක් නැහැ..
***************************************
"හෙ..ලෝ.."
මගේ හිත උඩ රුහුණු කුමාරිලා රජරට රැජිණිලා කීදෙනෙක් යනවද මම දන්නේ නෑ..මම මොනවද මේ කරන්නේ...
"හෙ..ලෝ.."
"ති..මිර.. ම..ම.."
"ශ..ෂී..." අඩමානයක්ද?
නෑ...ඒ හඬේ කිසිම අඩමානයක හැඟීමක්වත් නෑ..මාව අඳුරගත්තා එහෙනම්...හිත පිරෙන්නේ අමතකවෙලා ගිය පාටකින්ද..මම දන්නෙ නෑ..
"ඔ..ව්... කතා කරන්න පුළුවන් වෙලාවක්ද දන්නේ නෑ.."
"පුළුවන්..ශෂී..කියන්න...කොහොමද විස්තර.."
අවුරුදු ගාණකට පස්සේ...තිමිරට පුළුවන් වුණාද මගේ චිත්‍රේ නැතිවෙලා ගිය පාටක් ගේන්න...ඒත් එහෙම කරන්න මට තියෙන අයිතිය මොකද්ද...මම තවදුරටත් ජුලියට් ද නැත්නම්....
********************************
ඒ දවස්වල වගේ වැහි කළුවක් අදත් තියෙනවා..මන්දාරම ලස්සනට දැකපු කාලයක් තිබ්බා නේ...මට අමතකවෙලා තිබ්බද..?
කොයිතරම් මන්දාරමකට වුණත් වහන්න බැරිවෙච්ච රත්තරන් පාට එළි වළල්ලක් මට පේනවා දුරින්..මම යනවා..ඒ එළිය හොයන්..මට ඒ හිරු කිරණේ බදාගෙන නිදාගන්න ඕන නෑ..මට ඕන තුවාල වෙච්ච හිත තව ටිකක් සනීපෙට පුච්චගෙන බලන්න...
මන්දාරමෙන් විතරක් නවතින්න ආකාශ්ට ඕන වුණේ නෑ..එයාට ඕන වුණේ ගමනාන්තෙට කලින් යකඩි දියකරලා ජුලියට්ව මතුකරවගන්න පුළුවන් වෙන තරම් තද වැස්සක්..ඒ ජුලියට්ව හොයන්න දැන් බැහැ කියලා ආකාශ් දන්නේ නෑ..මම පුළුවන් හොඳම සමච්චල් හිනාව දුන්නා ආකාශ්ට...
පාරක් තොටක් පේන්නේ නෑ..කපුගේත් කියනවා 'මංමුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුණේ' ලු.. වෙනදා වගේ දුකක් දැනෙනවා වෙනුවට අද මට හිනා යනවා..තිමිර ඇහුවේ නෑ..සමනළීම පාර කියනවා...
එතකොට ෂාජහන්..අද එයාව මතක් කරන්න එපා..!
ආකාශ් ඉන්නේ තරහෙන්...දියලුම ඇල්ල වින්ඩ්ස්ක්‍රීන් එකට හරවලා වගේ..කපාගෙන යන වතුර පාර වගේ තුන් හතර ගුණයක් වැටෙනවා ඒ වේගෙන්ම..හරියට රිදෙන්න රිදෙන්න ආදරේ පුරවගන්න හැදුව ජුලියට්ගේ හිතට වැටිච්ච දුක් කඳ වගේ...අයියෝ මෝඩි..!
මට ඕන වුණා සැහැල්ලු වෙන්න..කණ්ණාඩියෙන් පේන යකඩ සමනළීව බලන්න..අළු පාට අඳුර මැද ඉස්සර හිටිය එකී වෙන්න...සීට් බෙල්ට් එකකින්වත් නොබැඳුණ නිදහස් සමනළියෙක් වෙන්න..යකඩ වුණත් පාවෙන්න පුළුවන්...
දඩාං!!!
***********************************************
මට දැනෙන්නේ එදා තිමිරට කතා කරද්දි හිත උඩින් දිව්ව රුහුණු කුමාරිලා, රජරට රැජිණිලා සේරම අද මගේ ඇඟ උඩින් දුවනවා වගේ...සියක්දාහක විතර සංඛ්‍යාතයකින් මාව කම්පනය වෙනවා..කවුද මාව අදිනවා...
යන්න බෑ මට යන්න බෑ..එපා මට එපා..!!
දිග කොරිඩෝවක කොළපාට බංකුවක ඡායාවක් පේනවා...මූණ පේන්නේ නෑ..කවුද..තිමිර...? මම දුවන්න ඕන..මට යන්න ඕන බලන්න...
තිමිර..තිමිර...
නෑ...ඡායාව ලාවට වෙව්ලනවා..තිමිර නෙවෙයිද...වෙන කවුරුහරි වෙන්න ඇති..මම මෙහෙ බව කවුරුවත් දන්නේ නැතුව ඇති..ඔව් කොහොම දැනගන්නද..
මම ආයෙමත් කතා කරන්න හැදුවා..මගේ හඬ පිටවෙන්නේ මගෙන් නොවෙයි වගේ...
එතකොටම දොරක් ඇරුණා..
මම ඒ ගැඹුරු කල්පනාබර ඇස් දෙක අඳුනගත්තා...
"පුතා.."
මෙතුවක් වෙලා නෑසුකන්ව හිටි ඡායාව ඔළුව ඉස්සුවා..
ෂාජහන්!!
මට ක්ලාන්ත ගතියක් දැනුණා..ආකාශ්ගේ වැස්ස තරම් වේගෙන් කඳුළු වට්ටන ෂාජහන්!!
"පුතා...මට කණගාටුයි.."

පොළොවේ ඉන්න අහසේ එකෙක් කියන ස්ලෝගන් එකට අදනම් උඹ පට්ට විදිහට සාධාරණයක් ඉෂ්ට කරලා . උඹට මේ වගේ දෙතුන්ගුනයක හැකියාවක් තියෙන එකෙක් බව මම හොඳටම දන්නවා. (මොලේ අප්සට් ගතිය ඇරුනම :P ),
ReplyDeleteමේ වගේ කෝණයකින් යම් සිද්ධියක් දිහා බලන එක හරිම amaarui, මොකද මේක නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න අමාරු නිසා, උඹ ඒ අභියෝගය ජයගත්ත හැටි හරිම අපුරුයි.
එල සහ වලලා පට්ට තනියෝ .. (මෙහෙම හරි වෙලා උඹ මලා නම් අපිට සැනසීමක් ..ඕ... යේස් )
මනෝකායක් කියලද බොල කියන්නේ මට? හහ්!
Deleteමොළේ අප්සට් නැත්නම් බොලාව ආශ්‍රය කොරනවද මං අහන්නේ..:P
තැන්කූ මචෝ..උඹට මේක හොඳයි කියලා දැනෙනවා නම් සතුටුයි..සාර්ථක නම් සන්තෝෂයි..
(උඹ බලා ඉන්නේ තනියා කූරියා ගහනකම් එහෙනම් ඈ? අහුවෙද්දෙන්කෝ ටෝ මට! )
බුදු අම්මේ!! කරකවලා අතෑරියා ඕයි! වල්ලාපට්ට! ආයෙ වෙන මොනව කියන්නද!!
ReplyDeleteතැන්කූ බස්සි නගා..අනික් පැත්තට වටයක් කරකැවුණා නම් හරි යයි..:P :D
Deleteඋඩ දෙන්නා කියපුවම කිව්වයි කියලා හිතා ගං...
ReplyDeleteඑතකොට මාතලං ස්ටයිල් විචාරයක් වෙන්නේ නෑ නේ..:( ;)
Deleteමගේ කමෙන්ට් එක ඉවාන් දාලා. ඒක ඌ මගෙන් කොපි කරලා.ඒක මගේ
ReplyDeleteපත්තරේ! මෙහේ ආවමයි වෙන්ටැ..! :D
Deleteතැන්කූ තැන්කූ මචෝ..
උඹයි ඉවානුයි නිවුන්නුද? :P
ඕ යේස් මිසී .. පෂ් ටයිම් :D
Deleteනිවුන්නු ?? චැහ් .. සංසාරෙදිවත් එපා
හී හී..වෙල්කම් කිව්වා මචෝ..:)
Deleteහැක් හැක්..එච්චරට අවුල් නේ.. :D
හම්මේ මොනව කියන්නද?හිත හැඟීම් බර වෙලා .....ගොළුවෙලා .....වචන අමතක වෙලා
ReplyDeleteවත්සලා..බොහොම ස්තූතියි..
Deleteහිතට වැදුණා නම් එච්චරයි..:)
මෙතරම් සියුම් ග්‍රහණයකින් ප්‍රපංච හසුරුවන නුඹේ හැකියාව මම හැමදාම දුටුවෙමි. ප්‍රතිභාවක් නැති,නිස්සාර අවලාද, පුද්ගලික පළි ගැනීම්,සමාජ වෛරය සහ මුග්ධ භාවය පිරුණු ,බහුතර සිංහල බ්ලොග් ලෝකයේ සැබෑ ප්‍රතිභාව සහිත බ්ලොගර්ස් ලා කිහිප දෙනා අතුරින් කෙනෙකි ඔබ..!
ReplyDeleteමේ වනාහී ඒ ප්‍රතිභාවේ අබැ'ටක සළකුණකි.
ලබු කබල් මතු වී, මැණික් යට යන ලෝ දහම තුල, කොහෙන් යට ගියත් කුමක් හෝ මුහුණු වරකින් මතු වී නුඹේ ලකුණ පෙන්වා ලොව එලිය කරන නිසග හැකියාව නුඹ සතුව ඇත.
ගයාත්‍රි බොහොම ස්තූතියි සහෝදරී..ඒ වචන ටිකම වටිනවා අවංකවම..සම්මානයක් වගේ...
Deleteපහුගිය දවස්වල පෙනෙන්නට නොහිටි නිසා හොයමින් හිටියේ මොකක් වුණාද කියලා..හොඳින් කියලා විශ්වාස කරනවා..
බොහොමත්ම ස්තූතියි දිරිමත් කිරීමට හැමදාම වගේ..:)
දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ.
Deleteමිනිස්සු බීලා බීලා, කුඩු ගහලා මහින්ද මහත්තයා හදලාදුන් පාරවල් වල යන්නේ පයිලට් ලා එයාක්‍රාෆ්ට් එලවනවාට වඩා වේගයෙන්. අවුරුදු දවස් වල කට්ටිය හරියට අවුරුදුත් සැමරුවා නේ? ඉතින් හරියට රිය අනතුරු ලංකාව පුරා.( වරද මහින්ද මහත්තයගේ.පාරවල් හදපු නිස. එයාව මොකක් හරි කොමිසමකට ගෙන යා යුතුයි.) අපිට ඉතින් අවුරුදු නිවාඩු අරවා,මේවා නම් කවදාවත්ම නැහැනේ?
ඇතුලට ගිය මුහුණු එලියට ඇද,කුඩු වුණු මුහුණු ඇණ ගසා,පටි ගසා සකසා, චප්ප වූ සම් මස් නහර අදාල ස්ථාන වලට අනුයුක්ත කර සැකසීම මගේ රස්සාවේ කොටසක් නේ.ඉතින් මම සහ මගේ නඩය කෙතරම් බිසි වූවාද යත් ,හුස්ම ගත්තෙත් අත්‍යවශ්‍යම වෙලාවක විතරයි(;-)
ඒකයි පේන්න නොහිටියේ.ඔය පාර ඉන්නවා දිගටම.
ආයෙත් අහලා..දැන් හයිවේ එකකදි ටිකක් හයියෙන් අධෝවාතයක් පිටවුණත් අහයි ඇයි මහින්ද හයිවේ හැදුවේ කියලා..මම දැන් පොඩ්ඩක් යන රැල්ලට යන්න දීලා බලා ඉන්නවා උපේක්ෂාවෙන්..මොකද එන රැල්ලට වඩා ඉක්මණට ආපහු යන රැල්ල එන්න ඉඩ වැඩී..;)
Deleteඅම්මේ..! ඒ කියන්නේ ගයාත්‍රි සමාජයේ වැදගත් කාරභාරයක් ඉටුකරන පුරවැසියෙක්..දැන් දිගටම මෙහේ නිසා සක්‍රීයව බ්ලොග්වල දකින්න ලැබේවි කියලා හිතනවා..අවශ්‍යතාවක් වුණොත් ඊයක් එවන්න thanitharuwa18@yahoo.com
සුපර් තනි................ වෙන මොනවා කියන්නද ඉතින්
ReplyDeleteතැන්කූ කුරුට්ටෝ..වෙන මක්කා කියන්නද අනේ.. ;)
Deleteඇක්සිටන්ට් එකකින් පස්සෙ මාව ට්‍රොලියෙ තියන් ගිය හැටි.. ඩොකාල මුණු මුණු හඬින් කතා කරන හැටි, ඒ වෙලාවට එන අවිනිශ්චිත බව..... ඔක්කොම මතක් උනා.
ReplyDeleteලියල තියෙන ඉස්ටයිල් එක.. ඉස්පීඩ් එක.. හරියටම සෙට් වෙනවා.ඒ අස්සෙ කරන කතාව..ඒක ඊට එහා..
ඔන්න ලබු කබලෙනුත්..ඊයා... නෑ.. නෑ..
ගස්ලබ්බගෙන් බොක්කෙන් සුභපැතුම් මචෝ..
සිරාවට? තාම නම් දෙයියනේ කියලා එහෙම ලොකූ අත්දැකීමක් නෑ..ඒ වුණත් උඹේ රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකත් එක්ක ගැලපෙනවා නම් එච්චරයි..:)
Deleteතැන්කූ මචෝ..:)
අඩෝ නියමයි බං..
ReplyDeleteතැන්කූ මචෝ..:)
Deleteඉස්සෙල්ල මේක කියවලා ඉන්න උනානේ.. කොමෙන්ටකක් දාන්නං අලුත් එකත් කියෝලා..
ReplyDelete❤️
ReplyDelete