Wednesday, July 8, 2015

නික්මන

නුඹෙන් සමුගෙන
සෙමෙන් පියමැන
ඉතින් මම යන්නම්..
එකම වරකට
නුඹේ නෙත් මත
ඇදුණු රුව දැක
ඉතින් මම යන්නම්...
නුඹට පෙරදින
බැඳුණු සෙනෙහස
සිතේ සිරකර
සුසුම් නොහෙලා
කඳුළු නොසලා
නුඹේ රුව නෙත් 
        පතුලේ රඳවා
ඉඳින් පියමැන
දුරස් වෙන්නම්..,
එකම වරකට
හැරී නොබලා
නුඹේ ප්‍රේමය 
රැගෙන දෝතින්
ඉතින් මම යන්නම්...






20 comments:

  1. ඉතින් මම යන්නම්... :(

    ReplyDelete
  2. හැම ලවක්ම 'ඉනික්බිතිව ඔවුහු සියල්ලෝම සතුටින් ජීවත්වූහ' කියලා ඉවර වුනොත් නිර්මාණකාරයෝ බංකොලොත් වෙනවා තමයි. :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..;) අපිත් බංකොලොත් වෙනව නේ..:P

      Delete
  3. හදේ උණුසුම
    දැනුණ මොහොතක
    අහම්බෙන් හෝ සිනාසෙන්නට
    එකම වරක් නතර ව‍ෙන්නම් ! 

    ReplyDelete
    Replies
    1. සිතින් අදිනවා ආපසු යන්න නොදී ද? :P

      Delete
  4. ඔබෙන් වෙන්වී ඔබට රහසින්
    ගෙවෙන දිවියේ කඳුළු අතරින්
    මැවෙන රසබර මතක ගොන්නේ
    හිමින් ඇවිදින්නම්
    පෙමක නටඹුන් මත රැදුනු අප
    පා ලකුණු මත නුඹේ සුවඳ පොද
    සිතින් විඳගන්නම්

    ReplyDelete
    Replies
    1. ෂා!! කටුස්සගේ කවිය මාරම ලස්සනයි..:)

      Delete
  5. කටුස්සාගේ කවියත් ලස්සනයි.
    මේ කවිය මේ දවස් වල මම ලියාගෙන යන කතාවටත් ගැලපෙනවා.
    http://nelumyaya.com/?p=3488

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්..:)
      ඔව් මමත් කැමති කටුස්සගේ කවියට..

      Delete
  6. කල්ප ගණනක්
    බැඳුනු හදවත්
    කෙසේනම් වෙන්වී හිඳින්නද

    ඔබේ හැඩයට
    හදේ ඉදිවුන
    කුටිය යලි සිඳ බිඳ දමන්නද

    ඔබව සොයනා
    දෑස සනසා
    යලි හැරී මගෙ ලඟට එනවද

    ReplyDelete
    Replies
    1. //ඔබේ හැඩයට
      හදේ ඉදිවුන
      කුටිය යලි සිඳ බිඳ දමන්නද// +++++++++++++++++++
      අඩේ උඹ සිරා පෙම් කවි ලියනවනේ..! අර බ්ලොගේ දැකුළු මල් කැඩුවොත් නරකද මහත්මයා? මේක කියලම මගේ ඇඟිලිත් ගෙවිලා දැන්..:@

      Delete
  7. හිමි නොවුනු නුඹ මට
    අහිමි වූයේ
    කෙලෙසදැයි සිතමින්
    ඉතින් මම යන්නම්

    ReplyDelete
    Replies
    1. සබරේ ඇනෝ වෙල්කම් ටු තනි තරුව..
      ඒ අදහසත් මරු! :)

      Delete
  8. .

    පුන ගැයුම නිමවෙන්න කලියෙන්
    එක්වරම මුව ගොළු වෙයි.
    වෙණ තත් බිඳෙන හඬකින්
    පින්සල් පහර ඇදවෙයි.

    ලියා අවසන් නොවූ කවියක්
    කසල බඳුනක සැඟවෙයි.
    පියා ගන්නට නොදී නෙත් යුග
    කඳුළු පොකුරක් දඟලයි

    සීනු හඬ දෙනවා තමයි
    සිනමාපටය හරි මැද,
    උදෑසන පාඩමක් අවසන,
    අල්තාරයට නගින්නට පෙර,
    සීනු හඬ දෙනවා තමයි.
    කුඩා ඉසිඹුවකට පෙර!

    ඉන් පසුව කැරකෙන්නෙ පෘථිවිය
    පෙරට වැඩියෙන් ලලිත ගමනින්....

    මෝඩයෝ,
    සීනු හැඬුවේ විරාමයකට පමණය!


    ~ බස්සි ~

    ReplyDelete
    Replies
    1. පට්ට කවිය බස්සි!
      සුපර් ලයික් ඈ! :)

      Delete
  9. නොයන්නැයි කිව නොහැක මට කිසිවිටෙක
    හිමිකම කල් උකුත් වී ඇති බැවින්
    නිශාන්දයේ පිපි පුෂ්පයක් නම්
    නිශාන්තයේදී මිය යා යුතුමදැයි
    පමණක් ඔබෙන් විමසමි

    ReplyDelete
    Replies
    1. //නිශාන්දයේ පිපි පුෂ්පයක් නම්
      නිශාන්තයේදී මිය යා යුතුමදැයි
      පමණක් ඔබෙන් විමසමි//
      හ්ම්ම්ම්...ඒකත් හැබෑව..

      Delete
  10. එකම වරකට
    හැරී නොබලා
    හැරී නුඹ
    යනු කෙලෙස සඳවත
    දුන් හීන
    හිම මෙන් මිදී
    සිර වෙලා ඇත අද
    මගේ හදවත

    ReplyDelete
    Replies
    1. තවත් ලස්සන කවියක් දිලිනි..
      ලයික් ලයික්! :)

      Delete