Friday, July 10, 2015

ආටාවෙන් වේදිකාවට..

කාලෙකට පස්සේ ලියන්න දෙයක් හිතමින් ඉන්නකොට අද සිකුරාදාවකුත් වූ නිසාවෙන් චිත්‍රපටියක් බලන්න, සිංදුවක් අහන්න පටන් ගත්තා..බොහෝමයක් සැරයක් මග ඇරුණු චිත්‍රපටියක් තිබ්බා "රාම් ලීලා".අද ඒ ගැන ලියන්න බලාපොරොත්තුවක් නැතත් ඔය චිත්‍රපටියේ බොහොම සුළු කොටසක තිබ්බ ගීතයක් හොයන්න ගිය නිසා හොයාගන්නට ලැබුණු වෙනත් කතන්දරයක් ගැන ලියන්න හිතුණා..

අපේ අසල්වැසියා ආකල්ප අතින් සහ දේශපාලනමය අතින් කොයිතරම් පහළ මට්ටමක උන්නත් ඔවුන්ගේ මම අගය කරන සහ රස විඳින එකම එක දෙයක් තිබෙනවා..ඒ ඔවුන්ගේ සංගීතය සහ ගායන නර්තන හැකියාවන්.මම හිතන්නේ අපේ රටේ උත්සවවල පට්ට ගහන්න තරම් නිර්මාණ හදන ඔවුන්ගේ ඒ නිර්මාණවල තිබෙන තත්වයට නැත්නම් කොලිටියට එන්න නම් අපට හැකිවෙලා නෑ..ඒක ඔවුන්ටම අනන්‍යවූ කලාවක්.ඒ වගේ ඉල්ලුමක් තිබෙන, තරඟයක් තිබෙන ක්ෂේත්‍රයක යම් තැනක් ලැබීමත්, පිළිගැන්මට හෝ ජනප්‍රියත්වයට පත්වීමත් මම හිතන්නේ වාසනාවක් තිබිය යුතුම දෙයක් කියලා.අපේ රට වගේ කීපගුණයක් විශාල ඔය රටේ අහුමුළුවල වැලලිලා හැංගිලා ගිය දක්ෂයෝත් අනන්තවත් ඇති, සමහර විට දුප්පත්කමටම යටපත්වෙලා, ඒත් නැතිනම් නිසි මග පෙන්වීමක් නැතිකම හෝ එවන් මාර්ගයකට අවතීර්ණවෙන්න බැරිවීම නිසා.


අපේ රටේ සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් වැනි වැඩසටහන් සේම ඔවුන්ගේත් විවිධාකාර වැඩසටහන් තිබෙනවා.. X Factor India, Indian Idol, Sa Re Ga Ma Pa යනු ඉන් කිහිපයක්.ක්ෂේත්‍රයේ අති දක්ෂයින් තිදෙනෙක් වෙන සෝනු නිගම්, ශ්‍රියා ගෝෂාල් සහ සංජේ ලීලා බන්සාලි විනිසුරුවන් ලෙස සිටින මේ X Factor India වැඩසටහනෙන් සෑහෙන දක්ෂයන් පිරිසක් ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයට අඳුන්වා දී තිබෙන බව කියවෙනවා.



මේ තිබෙන්නේ මට අහම්බෙන් හමුවූ ඒ ලින්කුව:




ඔහු දිල්ලියේ ආටා රියැදුරෙක්.ඉහත වීඩියෝවේ තිබෙන්නේ ඔහුගේ ප්‍රථම ගායනය සහ ඊට ලැබුණු ප්‍රතිචාරයන්.හොඳ හඬක් සහ ඊට සරිලන ප්‍රතිචාරයක් ලැබීමේ වාසනාවක් ඔහු සතුව තිබුණා විය හැකියි.සමහරෙක්ට කියන්නට පුළුවන් ඔහු දුෂ්කර ජීවිතයක් මාකට් කලා වෙන්න පුළුවන් කියලා.වින්ශ්චය මණ්ඩලය පවා සංවේදීත්වයට පත්කරවන ඒ සිද්ධිය බලලා ඔබම තීරණය කරන්න..

කතාව එතනින් නවතින්නේ නෑ.

විශාල් ශ්‍රීවාස්තව කියන නමින් එදා ආටා රියැදුරෙක් ලෙස X ෆැක්ටර් වේදිකාව උඩට නැගලා ප්‍රශංසාවටත් රටක අවධානයටත් ලක්වෙන්නට දක්ෂතාවත් වාසනාවත් තිබ්බා වගේම අද ඔහු ඉන්න තැන බලන්න: 
http://vishalsrivastav.com

ඔහු පිළිබඳව මීට වඩා තොරතුරු දන්නා අය ඉන්නට පුළුවන්.මේ මට හොයාගන්නට පුළුවන් වූ ටිකක් පමණයි.

අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ අපේ රටේත් මෙවන් දක්ෂයන් තව අනන්තවත් ඇති.හැබැයි අපේ විනිශ්චය මණ්ඩලවල සමහරක් නම් විනිශ්චයන් දීම කෙසේවෙතත් මෝඩ ආතල් දුන්න හැටිත් අප දැක තිබෙනවා.හොඳම උදාහරණය සංගීත විශාරද (වෙන්න ඕන මම හිතන්නේ) සමිතා මුදුන්කොටුව.සිරස සුපර් ස්ටාර්  කීවෙනි සීසන් එකේද මන්දා මන්දබුද්ධික භාවය රටටම පෙන්නුව හැටි මතක ඇති නේ? ඊලඟට අමල් පෙරේරා වැනි සමහරු පොර ටෝක් ලොරි ගණන් දුන්න හැටිත් මතක ඇති.ඒ අතින් බලද්දි නම් දෙරණ විනිශ්චය මණ්ඩලයේ යම්කිසි විනයක් සහ වැදගත්කමක් තිබ්බා මම හිතන්නේ.හැබැයි ඔය කිසි එකක් දිගටම බලන්නට නොලැබුණු නිසා ඊට වැඩි යමක් කියන්නට බැහැ.බැලූ අවස්ථාවලින් බහුතරයකදි පෙනුණු දේවල් තමයි ඔය.

කොහොමින් කොහොමහරි කමක් නැහැ, මෙවන් අවස්ථාවන් හෝ ලැබී දක්ෂයන් තව තවත් කරළියට පැමිණේවා! කැලේ පිපුණු මල් කැලේම පරවී නොයේවා!! කියලා ප්‍රාර්ථනා කරනවා.




සටහන ඉවර කරන්න කලින් තව මතක් වුණ වීඩියෝවක් මේකටම අමුණන්න හිතුණේ ඒ නොදුටු යමෙක් ඉන්නවා නම් දැකිය යුතුම නිසා..ඇසිය යුතුම නිසා..පළමු වතාවට මේ ගායනය ඇසූ වෙලාවේ කඳුළක් නැගුණා හිතාගන්න බැරි විදියට.සමහරවිට ඔබටත් එහෙම වේවි.




12 comments:

  1. පට්ට.. කාලෙකින් ලියූවත් ඔය තියෙන්නේ මාතෘකා.

    ReplyDelete
  2. පුදුමයි. මම මේ ගිය සතියේ ඔය විඩියෝවෙන් ආරම්භ වෙලා දිගටම විශාල් ගේ ඒ විශාල ක්‍රියාව බැලුවා. මට ලියන්න තරම් දැනුමක් නැති නිසා අතාරලා දැම්ම.

    තරුවෝ, ඔබ අපේ රටේ තියෙන රියලිටි ගීත ගායන තරංග ගැන අදහස්මයි මමත් දරන්නේ. ඉන්දියාවේ තියෙන ටැලන්ට් සහ ඒ ටැලන්ට් හන්ටින් මෙතඩ්ස් එක්ක අපිට හැරෙන්නවත් බැහැ. ලංකාවේ එය කරන්නේ එකම නාඩගමක් ලෙස. කොටින්ම විනිශ්චය මණ්ඩලය බියුටි කොන්ටෙස්ට් එකක්. තරඟකරුවන් රූකඩ වගේ. වොයිස් එකට වඩා තරුණ ළමයින් රිලා නටවන එකයි කරන්නේ.

    මටත් හිතුනා විශාල්ට සිම්පති වොට්ස් ලැබුනදෝ කියල. නමුත් එහි විශාල වරදක් මට පෙනෙන්නේ නැත්තේ ඔහුට ටැලන්ට් එකක් තියෙනවා කියල පේන නිසා. ඇහුවද අර ස්ටුඩියෝ එකේදී රෙකෝඩ් කරන්න ආපු සහෝදරියෝ තුන් දෙනා විසින් ගයපු 'මුජේ රඟදෙ'.. ගීතය? පුදුම හැකියාවක් නේද? ලංකාවේ සිම්පති වෝට්ස් අරගෙන තමයි ඩ්‍රීම් ස්ටාර් කිරුල එම.ජි. ධනුෂ්ක ඉස්සුවේ. නැත්තම් නියම ටැලන්ට් එක තිබ්බේ විශ්මිත ට. (උගේ තිබ්බ කුහකකම ටැලන්ට් එකට වඩා වැඩියෙන් කැපිලා පෙවුනා)

    මේ වීඩියෝවත් එක්ක බලපු අනිත් එවාගෙනුත් මම තේරුම් ගත්ත තව දෙයක් තමයි, ඇත්තටම ඒවා තමයි ටැලන්ට් කියන්නේ. සංගීතය සහ එහි විශ්ව භාවිතය ඔවුන් නියමෙට හඳුනාගෙන. මෙහෙ විනිශ්චය මණ්ඩලය කියන්නේ ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. මගේ දැනුමේ හැටියට නදීක ගුරුගේ, ඉන්ද්‍රචාපවගේ විසල් චින්තනයක් නැති එහෙම විනිශ්චය මණ්ඩලයක් කොහොමද රොක් හෝ ජෑස් වගේ ස්ටයිල් එකක සින්දු කියන කෙනෙක් විනිශ්චය කරන්නේ? සින්දුව අවසානෙදි විනිශ්චය කරන කෙනා ගැන අපිට හිතෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ එය කරන්නේ එකම නාඩගමක් ලෙස// ආයෙත් අහලා මචෝ..

      //මටත් හිතුනා විශාල්ට සිම්පති වොට්ස් ලැබුනදෝ කියල// ඔව් එහෙමත් හිතෙනවා ඒත් මචෝ මිනිහා අඬන විදියට නම් මටත් මාර දුකක් හිතුණා..මම හිතෙන්නේ මිනිහා අඬනවා නෙවෙයි ඇඬෙනවා කියලා..සමහරවිට ඕක ගැන ලොකූ බලාපොරොත්තුවකින් ඉඳලා නැතිවෙයි කියලා මහ බයක් දැනුනද දන්නේ නෑ..අපිට වුණත් එහෙම අවස්ථා එනවනේ නැද්ද? ;)

      //සහෝදරියෝ තුන් දෙනා විසින් ගයපු 'මුජේ රඟදෙ'.. ගීතය// මේක නම් දැක්කේ නෑ..මම බලන්නම් සර්ච් එකක් දාලා..

      //ලංකාවේ සිම්පති වෝට්ස් අරගෙන තමයි ඩ්‍රීම් ස්ටාර් කිරුල එම.ජි. ධනුෂ්ක ඉස්සුවේ// මේක මම තරයේ ප්‍රතික්ෂේප කලා ඒ දවස්වල නම්..ඒත් පස්සේ දවසක මිනිහාගේ හෙණ උඩඟු කතාවක් දැකලා මට හිතුණේ අනේ #කේ කියලා තමා..විශ්මිත කියන හාදයගේ කුහකකම නම් අර තඩි මේකප් එකටවත් වහන්න බැරිවෙලා තිබ්බ මචන්..ඒ කතාව නම් සහතික ඇත්ත..

      ඉන්ද්‍රචාපට නම් මම දන්න විදියට ඒ තරම් විසාල දැනුමක් නෑ නදීක ගුරුගේලා එක්ක බලද්දි.නිමන්ත හේෂාන් වුණත් යමක් කමක් දන්නවා වෙලාවකට හුඟක් හිතට අරන් පඬි ටෝක් දෙන්නෙ නැත්නම්..අර සිරසෙන් කරන්නේ ඒකේම පරණ සෙට් එකෙන් කට්ටිය ගෙනත් විනිශ්චය මණ්ඩලේට දානවා..එතකොට ඉතින් ගෙම්බෙක් ගිය උඩ කියලා හිතෙන අවස්ථා අපට දැක බලාගන්න වාසනාව ලැබෙනවා..තව හොඳ කතාවක් මතක් වුණා, සිරසේ පරණ ස්ටාර් හාදයෙක් ඉන්නවා නේද අර කණ්නාඩි දාන මම මේ ලඟදි දැක්කා බොහොම උජාරුවෙන් ජජෙක් වෙලා ඉන්නවා..පොරට පත්තරේකින් බයිට් කෝල් එකක් දීපු ඉන්ටවීව් එකක් මම දැක්කා කාලෙකට කලින්..මිනිහා අමුතුම බයෝ තියරියක් හදලා තිබ්බා..කොටින්ම අපේ නගා ඒක කියවලා බිම පෙරලි පෙරලි හිනා උණා, මිනිහා සංගීතය මොළයට දැනෙන හැටිත් එතකොට සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවන් ගැනත් දීලා තිබ්බ ලෙක්චර් එකේ හැටියට..අන්න ඒ වගේ තමා බං බහුතරයක් උන්ගේ සංගීත ඥානයත්..:D :D

      Delete

    2. https://www.youtube.com/watch?v=jVj6Hey4myQ

      මේ වීඩියෝවේ 8:13 මිනිත්තුවේ සිට බලන්න. ( ඊට කලින් තමයි විශාල් සින්දුව කියන්නේ) මේ සහෝදරියන් තිදෙනා මගේ හිත ඇත්තටම පැහැර ගත්තා, ඒ තරම් ලස්සන වොයිස්. ඒ වගේම වොයිස් කන්ට්‍රෝල්.

      Delete
  3. ලංකාවෙ දේවල් ගැන උපේක්ෂ යි උඹ යි දෙන්නම කියල තියෙන ෙදේ වලට මම එකගයි...
    කොටිංම අපේ රටේ දක්ෂයට තැනක් දෙන්නෙ නෑ...
    මට මතකයි එක පාරක් මදුමාධවය එක තරගකාරයෙක්ට සුපස්ටාර් එකේ කියපු දෙයක් තාම
    කොටිංම ඌ ෆුල් වැටෙන්න ඇති
    අමල්ල සමිතල මධුමාධවල ඔක්කම පොර මානසිකත්වයෙන් ඉන්න හරක්...
    අනික විනිෂ්චය මණ්ඩල හැසිරෙන්නෙ හරියට අර තරගකාරයන්නෙ සපෝටර්ල වගේ
    අන්තිමයි...

    විශාල් නං පට්ට ඩෑල් එක හොයල බලන්න ඕන උගෙ තව පර්ෆෝමන්ස් ටිකක්

    ReplyDelete
    Replies
    1. //අමල්ල සමිතල මධුමාධවල ඔක්කම පොර මානසිකත්වයෙන් ඉන්න හරක්...// කියලා වැඩක් නෑ බං..බහුතරයක් අඩු කළ තමා වැඩි සද්දෙට හෙලවෙන්නේ..
      පිස්සු බං..! සාමාන්‍යයෙන් ලංකාවේ හැම ක්ෂේත්‍රයකම වගේ සිද්දවෙන "දීම" හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමයි ඔය රියැලිටි තරඟ ටික..

      ඔව් ටිකක් හොයල බලපන් මචං..තව ඔය වගේම ඩයල් එකක් ඉන්නවා Amit Paul කියලා..මිනිහා අර Kora kagaz සිංදුව කියන වීඩියෝවක් තිබ්බා සිරා!! :)

      Delete
  4. අන්න පොරවල්.......................

    ReplyDelete
  5. උඹ ලියලා තියෙන්නේ මේ . මම එත් බැලුවේ මොකෝ පොස්ට් එක පරක්කු කියලා :P, ඔන්න ඔහොම මං වගේ දිගටම ලියපං :P

    කොපි කිරීමට උපන් හපන් කම් ඇති, කොපි කිරීම හැර නිර්මානාත්මක කලාවක් නොදන්නා අපේ රියැලිටි කප්පිත්තන් නිසා රියලිටි ෂෝ බැලීම කලකට පෙරම අතහැර දමා තිබුණි. ඒත් මෙවැනි සිදුවීම් දකින විට ඒ ගැන දුකත් සිතේ, ලංකාවේ නම් මම හිතන්නේ අවසන් විස්ස විසි පහ විතර තරගය යනකොටම විනිශ්‍යය මණ්ඩලයෙන් හෝ වෙනත් පාර්ශවයකින් ජයග්‍රාහකයා සොයා අවසන් . අපිට තියෙන්නේ ඔවුන්ගේ තේරීමට අප්පුඩි ගහන්න . නමුත් දක්ෂයන්ට මතුවීමට යමතරමකින් හෝ හැකියාවක් ඇති එකම ස්ථානයත් එයාම වීම මහා දුකකි


    ReplyDelete
  6. //ඔන්න ඔහොම මං වගේ දිගටම ලියපං :P// බොට කිව්වයි කියලා හිතාගං! :@

    සහතික ඇත්ත මචෝ..කොපි කිරීමත් කලාවක් කියන එක අපේ උන් තේරුම් ගන්නේ නෑ..ඉතින් උන් කොපි කරත් නාගන්නවා ලස්සනට..

    ReplyDelete