Wednesday, July 22, 2015

සුලඟ සහ පිස්සෝ

කලකට පෙරාතුව කොළොම්තොට සමීපයෙහි එක්තරා මගක මානසික ව රෝගී වූ පුරුෂයෙක් වාසය කළේය.මේ පුරුෂ තෙමේ මෙලෝ සම්මත කිසිදු ක්‍රියා පිලිවෙතක් කෙරෙහි සංවේදී නොවන්නේ, හැටට හැටේ පාගා යන්නට හැකි, එකල අලි නෑ විල්වලින් බහුල වූ අතුරු මාවතෙහි විශාලතම මඩ විල අසල කළු පැහැති රෙද්දක් එලා මුණින් තලාව වැතිර හොත්තේ, දෙපතුල් ගුවනට හරවා ගෙන වනන්නේ, වැලමිටි බිම හොවා වාරු ගෙන 'හයිලන්ඩ්' යෝගට බඳුනක් සිත්සේ තලුමර මරා කන්නේ, පාර මධ්‍යයේය.එතැනින් යනෙන කිසියම්ම රියසකක් ඇත්නම් ඔහු බේරා ප්‍රවේශමෙන් යා යුතුවන්නේ රථාචාර්යන්ගේ මුවින් නිබඳ සිය පරලෝ සැපත් දෙමාපියනටත් සතර වරිගයාටත් පුණ්‍යානුමෝදන් කරවා ලූ යේය.එසේවතුදු, ඔහුට එහි වටිනාකමක් හෝ හරයක් නොවන්නේය.සිඟාලු මුදලින් යෝගටයක් මිලට ගන්නේ ඒ සුවපහසුවට සැතප අනුභවයට මිස රියසක් පදවන ජනපද කල්‍යාණියන්ගේ පුත්‍රයින්ගේ සුව පහසුව තකා නොවන බැව් හෙතෙම නලා හඬකට නො එසවෙන නෙතිනුත් මන්ද්ස්මිතයක් පැතිරූ උවනිනුත් මනාව ප්‍රකට කලෙහිය.

ඒ වනාහී යටගිය දවස කොළොම්තොට නුවර කථාන්දරයයි.නූතන යුගයට ප්‍රවිශ්ට වෙමු.

නූතන යුගයේ මිනිස් වර්ග බොහෝමයකි. ඒ අතර උගත් පිස්සෝ, නූගත් පිස්සෝ, උගත් බුද්ධිමත් පිස්සෝ, උගත් මෝඩ පිස්සෝ, නූගත් බුද්ධිමත් පිස්සෝ, නූගත් මෝඩ පිස්සෝ ආදී වශයෙන් මිනිස් කුලකයන් බහුලය.මේ ලියමනට පාදක වූයේ එවන්වූ උගත්කමක් ඇතද මුග්ධභාවයේ ගිලී ගිය ඇතැම් පිස්සකුගේ පැටිකිරිය දැකීමෙන් ඉහත නිධාන කතාවට පාදක වූ චරිතය සහ ඔවුන් අතර තිබෙන්නා වූ සමීප සම්බන්ධය ලොල් සහගත ලෙස මතුවීම බව කිව මනාය.

ශ්‍රී ලංකා පුරයේ මැතිවරණ උණුසුම ගෝලීය උණුසුම පරදවා ජය ලබන කල්හී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආගමනය සක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල් අසුන මත තවත් බුරුත්තක් (සමාවන්න, සංස්කරණය කරමි ), මුග්ධ බුරුත්තක් අසුන් ගන්වා ඇති බව ලොල් සහගත ලෙස (නැවත) පෙනී යන්නේය.මොවුන්ගේ පශ්චිම භාගයන් සක්‍ර දේවෙන්ද්‍රයාගේ මෙන් නොව අතිශය මටසිළුටුවූත් සංවේදීවූත්, විටෙක මුඛයේ කාර්යභාරය ඉටුකරන්නා වූත් අවයවයක් වීම හේතුකොටගෙන, රාජපක්ෂයන් වේදිකාවකට සම්ප්‍රාප්තවන්නට ආසන්න කල්හී පඬුපුල ෆූජියාමාව හා සමානව බුරබුරා දැවි දැවී, ඒ සුන්දර මටසිලිටි බට-චීක ( butt-cheeks යන වදනෙහි සිංහල භාවිතය - සන්නස්ගල ලකුණ) පුළුස්සා දමන්නේ එක්තරා කලෙක මේ පුරයේ මහ මාර්ගයන්හී සක-සෑ (ටයර් චිතක යන නවීන වදනෙහි සන්නස්ගල පරපුරක නව භාවිතය ) මත රත් පැහැ හස්ති පැටවෙකුගේ ගෝනි-බිලි නෙත්‍රා යුග්මයක් හේතුකොටගෙන දැවුණු තරුණ පෙළ සිහියට නංවන්නේය.

ඉදින්, මේ පශ්චාත් භාය පිළිස්සීමෙන් බලවත් තැවුලටද වේදනාවටද පත් මුග්ධ රැල මෙසේ සිතන්නේ "වහ වහා යමක් කොට මොහුගේ ගමන වළකාලිය යුතුවන්නේය, උතුරින් බියක් නැත්තේය, දකුණින් නැගෙන්නා වූ රළ අහිතකර වන්නේය, මොහු යෙහෙන් වැජඹෙන්නා හා සමානව අපගේ සුමුදු කොපුල් තල පිළිස්සී යන්නේය, නැත නැත මෙය දැරිය නොහැක්කකි, විශාල අවමානයකි, පශ්චාත් භාගය පත්ලේ සිට නැගෙන අග්නි ජාලාවකි..කුමක් කරම්ද? අහෝ සත් වර්ණ දේදුනු මවා පා අපට ඥානය දුන මැනව සමිඳේ!" 

එබස් අසා පඬුපුල පවරා විශ්‍රාම සුවෙන් සැතප සිටි සක්‍ර දේවේන්ද්‍රයෝ ද සර්ව බලධාරියෝ ද සතර කන් මන්ත්‍රණයක යෙදෙන්නෝ මෙසේ අදිටන් කරගන්නෝය: "මුග්ධ වූවද මේ තැවෙන්නෝ අපගේ අනුගාමිකයන් වන්නාහුය, ඔවුන්ට යම් විපතක්ද ඒ හා සමාන තැවුලක් අපටද වන්නේය, මේ දරන්නා වූ වේදනාව ඔවුන්ගේ අධෝ මුඛයන් තවදුරටත් දරන්නේ නම් එහි පැවැත්ම සැක සහිත වන්නේය, මන්දයත් ඒ මුළුමනින් දැවී යාමේ අවධානම අපට දරන්න නොහැකි නිසා වන්නේය.මුඛ නම් කම් නැත්තෙහිය, දත් ගලවා සිටවූ යක් සොහොනෙන්වත් සොයා දිය හැක්කේය, නමුත් අධෝමුඛ..? අහෝ මේ නම් කවර විපතක් ද" යැයි සාතිශය සංවේගයට පත්වන්නෝය.

සතර කන් මන්ත්‍රණය අවසන, ඔවුහු මුග්ධ රැල හමුවට ආයේ, තම සැලැස්ම මෙයාකාර වන්නේයැයි ඔවුහු අබිමුව තබා වදාළෝය.මුග්ධ රැල කෙරෙහි උපතින් ලත් ඥානයක් නොවන්නේ, බිම පෙරළ ජයගොස් නගා සු-මති-පල් ජය පැනෙන් සැනස නැවත පඬුපුල් ගත වූයෝය.

එළඹි දින රාජපක්ෂයන් වේදිකා ගතවන්නට පෙර ජනීජනයා පීරාගෙන ඉදිරියට ඇදෙනු දකිනා මුග්ධ රැල පස්වනක් ප්‍රීතියෙන් පෙඟී යන්නේ ඇද සිටි පැම්පර පෑ කාලකින් කාලකට යාවත්කාලීන කරන්නට වන්නේය.සතුට ඉහවහා ගිය යම් තැනකදි "රාජපක්ෂයන් දිනේවා"යි එකකු මුවින් පැන ගොස් බව දැනුණු සෙස්සෝ ඒ කවරෙක්දැයි සොයන්නෝ, විත්තිකාර තෙමේ වහවහා "මියේවා"යි ලාටු උලා වරද නිවරද කරන්නට වූවෝය.
මොහොතින් මොහොත ගෙවී ගිය තැන, තීරණාත්මක නිමේෂයක තම ඇහැටුල්ලා සහ කුරුපයියා රාජපක්ෂයින්ගේ හස්තය ඇදගනු දුටු මුග්ධ රැල සිනහසෙන්නට නැගී සිටියේ පිලිස්සුණු බට-චීක සොලවා මහත් හඬක් නංවාලූයේය.වෙර දරා හස්තයෙන් ඇදි සැණින් රාජපක්ෂයින්ගේ වත කෝ-ප් වාර්තා ලේඛනය ඇස ගැටි නිවටසිංහයන්ගේ මෙන් පීඩාවට පත්වනු දුටු මුග්ධයෝ වහවහා කහවණු එකුන් සයසීයයකට අකුරු කරන්නෝ අමතා තම චිත්ත ප්‍රීතිය බෙදා හැරියෝ, වත්පොත් වනපොත් කරමින් රබර හපමින් රත්‍රන් ගෙලවට, අත්වට පටලා ගත් තරුණ ලිං-ගනැති පරපුර සහ ඇනජියෝහි කෙස් පැහි ණ.ය.ට.ක.හි.න පණ්ඩිතයන් වහවහා කැඳවන මෙන් අණ කලාහුය.එවර නුවර ගිනි ගත් රොම් පුර මතකයට නැංවූයේ,පිබිදෙන මිහිඳු දැක උකටලිව උන් ලිං-ගනැති තරුණ පිරිස ද, ඇනජියෝහි මහල්ලන් ද, බොලට දක්වා කිටියේ සිරවූ දෙකකුලටම රෙදි ඇඳි පැම්පර බමන්නෝද බුම්මැඩි ගසන්නට ගත්තෝ, රාජපක්ෂයින් විසින් කුරුපයියාට පහර දෙන ලද්දේයැයි ජේයාරගේ ප්‍රචාචංච්‍රවාදය වෙනුවෙන් කිඹුල් කඳුලැලි සලන්නටත් සොටු සූරමින් විලාප නගා හඬන්නටත් හෙලා දකින්නටත් ඇරඹියෙන් නුවර මහත් කල කෝලාහලයෙන් පිරී ගියේය.මෙබැව් දුටු බුද්ධිමත් නුවරුන් වාසල දොර අසල තිරයක රැඟෙන නාටකය දෙස විමසුම් ඇසින් බලන්නෝ මේ නම් දුර්වල තර්කයකැයි සිහිනුවණින් දකින්නෝ, ලංගම රථයක නැග ජයගොස නගන මුග්ධ අනුගාමිකයන් දෙස අනුකම්පා ඇස යොමන්නෝය.
"අහෝ දෙව්දත් නොදිටි මොක්පුර" යැයි එවැන්නෙකුගේ මුවින් නිබඳව පිටවූයේය.

දෙස්පාලනයක් පිළිබඳ අයනු ආයනුවත් නොකියු නිරුවත් දරු තෙමේ වත්පොත් ගතවීම වෙනුවෙන් නොමිලයේ බෙදා හැරී දත්ත සොයා දුවනුයේ තම වටොර රූරාවිත් බිමහොත් රෙදිකඩ ද නොතකන්නේය, ඇහැටුල්ලාගේ කැමරාවෙන් ලත් සිත් පිනායන දසුන වත්පොතේ නැවත නැවත දක්වන්නේ, තම බුද්ධිය පමණකුත් නොව දෘෂ්ටියේ පවත්නා ලුහුඬුකම්ද මනා කොට ප්‍රකට කොට සිටියේය.ගැහැනු දැරිවියන්ද නොදෙව්නිවන්නේ, ඉණ වැසූ රෙදිකඩ  ගලවා දෙවරක් කරකවා විසිකොට දැම්මේ වත්පොතේ බුද්ධි මහිමය සහ පරිචය නිරුවත් කොට ලූවේය.!


පසු සටහන:
නිධාන කතාවෙහි දැක්වෙන පුරුෂ තෙමේ මානසිකව රෝගී බව සැබෑවන නමුත් වත්මන් කථාන්දරයෙහි අතිශය දුර්වල තර්කයක් මතින් සනාථ කරවන්නට තතනන ඒකාධිපතිත්වයකට එරෙහිව විලිරුදා ගන්නෝ අතීතයේ උන් රෝගියාටද වඩා මනසින් රෝගී බව නොකිව යුතු මනාය!අනෙක් අතට එවන් විලිරුදා ගත් බොහෝදෙන තමාගේ නිමිත්ත තිබෙන තැන ගැන පවා නිසි අවබෝධයක් නැත්තෝය.! එසේත් නැතිනම් චිංචාමානවිකාවගේ පරපුරින් පැවතෙන්නෝ දරමිටියකට විලිරුදා ගෙන ගොනෙක් උපද්දවාගන්නට තැත් කරන්නෝය..!

සියළු දෙන හිස්වැසුම් අවැසි අවැසි ලෙස පළඳගන්න!!
ප්‍රීතී! ප්‍රීතී!!
මුග්ධයින් දින සියක් දිනේවා!!




25 comments:

  1. එකම නිව්ස් එක අනිත් පැත්ත සඳහා නිර්මාණශීලිව ඉදිරිපත් කිරීම ගැන මගේ අත්පුඩිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්. :)

      Delete
  2. යකෝ 1600/= කට වඩා ගොඩක් වටිනවනේ.. හැක් හැක් හැක්.. (විහිළුවට බොල කියුවේ.. ඊලඟ පොස්ට් එකෙන් බනින්නේ එහෙම නෑ ඕං)
    දේශපාලන පෝස්ට් කියවීමේ මහා කම්මැලිකමකින් පෙළුනත් උම්මග්ග ජාතකය කියවීමේ ආසාව තවම අඩුවී නෑ..

    ReplyDelete
    Replies
    1. කමියෝ මම ටෝ....!! (ඔන්න බැන්නා)
      ඒක ඇත්ත..මාත් නොලියා නොලියා හිටියෙත් ඒකයි..කම්මැලිකමක් නිසා..ඒවුණාට සමහරක් එව්වා දැක්කම නොලියා කොහොමද? මගෙත් බට චීක රිදෙනවා ඕයි ඒවට හිනාවෙලා! :D
      උම්මග්ගේ තරම් සාර්ථක නැතුව ඇති, මේ ස්ටයිල් එකට මම කැමතියි..:)

      Delete
  3. අපූරුවට සිද්ධිටික ගලපලා ලස්සනට අකුරු කරලා මුග්ධ ටොයියන්ට ඔලුව අතගාල රිදෙන්න ටොක්කක් ඇනීම ගැන තනි තරුව සහෝදරයාට මගේ ප්‍රනාමය පුද කරන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. තනිතරුව සහෝදරිය :)

      Delete
    2. බොහොම ස්තූතියි අජිත්..නිහඬව හිටියා ඇති නේද? :)

      බස්සි: ;) :D

      Delete
  4. Replies
    1. හොඳයි උපාසක මහත්මයා..:P

      Delete
  5. තනි තරුව සහෝදරයා , ;)

    කියෙව්වේ නෑ බං... චම්පික රණවකට ඡන්දේ දාපං හැක්

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..
      චම්පිකව දාපං බල්ලට කන්න..ඌ කන එකකුත් නෑ..! :P

      Delete
  6. තිගේ බට-චීක රත්කරලන්නට තරම් ක්‍රියාවෙන් දායක උනා වූ ඒ ලිං-ගනැති තරුණ පරපුරට ද ණ.ය.ට.ක.හි.න. පණ්ඩිතයන්ට ද මාගේ ප්‍රණාමය.
    ලියවේවා..!!ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එම්බා ලබ්බා! (No offence ! ඒක හෙන rhyming ඕයි! හැක් හැක්)
      මගේ බට-චීක රත් නොවන්නෙහිය..නමුත් ඔබගේ ප්‍රමාණය ලද උන්ගේ එසේ වීලා ය!
      කලකින් මගේ අත පයේ හිරි ඇරගත්තාය..එයම ප්‍රීතියට කාරණයක් නොවෙද? හඃ හඃ හඃ!!

      Delete
  7. බං නෙලනව යි කියල මේම නෙලනවද
    ඇඩෙනව නෙවී කෑගැස්සෙනව... සිරාවටම දේසපාලු පෝස්ට් එකක් වුණත් ඒක මේම වෙන්න ඕන ලොස් නැතිව කියවන්න පුලුවං... සාමාන්‍යෙවන් දේසපාලු පොස්ට් නොකියවන කමෙන්ට් නොදාන කෙනෙක් හැටියට මේ වගේ එකක් නං මිස් කර ගන්න කැමති නෑ...
    මොනා වුණත් පස්ටෙට ලියල තියෙනව

    තිගේ බට චීකය සක සෑයක දමා පුළුස්සන්නට තත් කවනා උංගෙන් බේරී සිටිනු.. එව කව බොව යැයි කියනා උංගෙන් මතු නොව මුඩු ප්‍රීතියෙන් අත වනන්නා උංගෙන්ද බේරී සිටින්නට සිතා ගනු
    හිහි

    ReplyDelete
    Replies
    1. අඩේ!! තැන්කූ තැන්කූ මහේෂ් :)
      දේසපාලනය නොකියවන එකෙක් කියවන්න පෙළඹුණාය කියන්නෙම සතුටට කාරණාවක්
      අවසාන අවවාදය ඉස්මුදුනින්ම පිළිගනිමි..සහතික ඇත්තය.:)

      Delete
  8. මේ ලියවිල්ල නම් පට්ටයි :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හංසි :)

      Delete
  9. සන්නස්ගලයගෙ බට-චීක නම් ගෙවිල ඇති රනිලට දීලම

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැත. අන්න දීම. ඉස්සර කට්ටිය පට්ට ගැහුවේ ජැකාගේ දීම..දැන් සන්නාගේ දීම හමුවේ ජැකා නිකන් හිරු දුටු කදෝපැණියෙක් වගේ නේද? :D

      Delete
  10. ජේයාරගේ ප්‍රචාචංච්‍රවාදය,ඇද සිටි පැම්පර පෑ කාලකින් කාලකට යාවත්කාලීන කරන්නට ,ඇහැටුල් සහ කුරුපයියා ,රබර හපමින්,ජේයාරගේ ප්‍රචාචංච්‍රවාදය,නියම යෙදුම් ටික වගේම නියම ලිවිල්ල. නූතන උම්මග්ග ජාතකය කියෙව්වා වගේ.

    ReplyDelete
    Replies
    1. ගයාත්‍රි..කාලෙකින්..බොහොම ස්තූතියි..! :D :D

      Delete
  11. ඒ වුනාට දේශපාලන ලියවිල්ලක් නම් මෙහෙම නිර්මාණ ශීලී වචන දාන්න ඕනි.උදා;- රජගෙදර රිලවා,රුපියල් සීයෙ හිඟන්නා,පු- දෙන්නා, පු අරින්න,ඇ- දෙක,මූසලයා, පෙරේතයා,

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..ඕවා නැත්නම් කොහොමද කාලීන දේශපාලන විග්‍රහයක් වෙන්නේ..! අපි තාම සුහුඹුල්..! :D :D

      Delete
  12. ආ.. උඹ තාම කඩේ යනවා එහෙනං... එළ එළ...

    ReplyDelete
    Replies
    1. එළිපිට කඩේ යාම නම්බුයි බං හොරෙන් හොරෙන් සුපර් මාකට් යනවට වඩා...

      Delete