Saturday, August 15, 2015

#Repost : බඩගෝස්තරවාදය

සමහරු මම දේශපාලන පෝස්ට් දැමීම මාකටිං පාරක් ලෙස හිතුව බව පහුගිය කාලේ ලැබුණු කමෙන්ට්ස්වලින් තේරුණා.ඒ කිව්වේ හිට්ස් බලාගෙන ලිවීමක් හැටියට හංවඩු ගැහීමේ උවමනාවක් තිබ්බ බවක් පෙනුණා.අදත් මම කියන්නේ, මේ ලිවිල්ල පටන් ගත්තේ මගේ ආත්ම තෘප්තියට මිසක් මාව මාකට් කරගන්නවත්, තව කෙනෙක්ව මාකට් කරන්නවත් නෙවෙයි.කැමැත්තෝ පිළිගත්වා! නොමැත්තෝ බණිත්වා! මට පාන් ද! 

අවුරුදු දෙකකට විතර කලින් ලිව්ව පෝස්ට් එකක් නැවත පබ්ලිෂ් කරන්නේ ඉහත කී මතයට මෙයිට වඩා දෙන්න හොඳ උත්තරයක් නැති හින්දා.
කැමැත්තෝ බලත්වා! නොමැත්තෝ ස්කිප් කරත්වා! 

කැමැත්තන්ට නොමැත්තන්ට හැමෝටම නිව්ස් එක ආවේ මෙන්න මෙතනින්.


12 comments:

  1. හිට්ස් කියන්නේ ලියන දේ බලන්න අය ඉන්නවා කියන එකනේ. කිසිවකු බලන්නේ නැත්තං ලියවිල්ලෙන් වැඩකුත් නෑනේ. ඔබේ ලින්කුවෙන් පේන්නේ දිවයින මාධ්‍ය කරුවා හුගාක් ඉදිරි දැක්මකින් යුතුව පුවත ලියා තියන වගනේ. මොනා කිිවත් නොසැලෙන්න ඔබ ලියන දේට බනින්න හරි එන්නේ ඒක කියවන අයෙක් නේ.

    ReplyDelete
    Replies
    1. නලීන් අයියේ, දරණ මතය මොක වුණත් මේ මට ලැබිච්ච හොඳම උපදෙසක් කියලයි හිතෙන්නේ..බොහොම ස්තූතියි :)

      Delete
  2. මං නං උඹේ එව්ව බලනවා.. රණ්ඩු වෙන්න ඕන නැති නිසා සද්ද නැතුව යනව....

    ReplyDelete
    Replies
    1. සජ්ජා අවුලක් නෑ බං නොබැලුවත් හිතේ තරහක් නෑ..:) :)

      Delete
  3. අපි නම් බලනවා....

    ReplyDelete
  4. මචං... ඔන්න මම ආවා වලියට උඹත් එක්ක . දැන් ගනු කඩුව එනු සටනට .....:P

    වලිබර තනියා මල්ලි වෙත ...:D
    මං සාමාන්‍යයෙන් දේශපාලන පොස්ට් ගැන දක්වන උනන්දුව ගැන හැමෝටම වඩා උඹ හොඳට දන්නවනේ , ඒ නිසා උඹේ සමහර පොස්ට් මම කියවලා නැහැ. සමහර ඒවා කියෙව්වත් හෙමිට මාරු වෙනවා . උඹ හිට්ස් කමන්ට්ස් බලාගෙන නොලියන එකෙක් බව දන්නෝ දනිති. ඒ නිසා කවුරු මොනවා කිව්වත් ඒ ගැන කලකිරෙන්න, දුක හිතන්න , අඬන්න, වැලපෙන්න යන්න එපා .
    උඹ ගැන එහෙම හිතන අයගෙන් උඹට හානියක් නෑ. හැබැයි උඹේ ටැලන්ට් එක නැතුව උඹේ දේශපාලනය විතරක් කියවන අයාගෙන උඹට හානියක් වෙනවා . උඹේ පට්ට හැකියාවක් තියන ලියන්නෙක්. ඒගැන උඹේ " ලියවිල්ල" කියවන ඕනම මොලේ තියෙන කෙනෙකුට පේනවා.
    "දිල් පීචං ක්යාහේ " , 'තන්හා ආශා ", ෂාජහාන් ගේ කතාව' වගේ ප්‍රබන්ධ වගේම උඹේ කවි .සහ ආත්ම කතන ("බන්දු අයියා' වගේ ) වලදී උඹ පෙන්නපු ටැලන්ට් එක නොදැක්ක එවුන් එහෙම කියන්න පුළුවන් . අනික උඹට ඒ දේවල් වලින් සැලෙන හිතක් නෙවෙයිනේ තියෙන්නේ . මම දන්නා තනියා තනි අලියා වගේ එකෙක් . ඒ නිසා ඔය එක එකාගේ රෙද්දේ අදහස් ගැන හිතන්නේ නැතුව උඹ ලියන දේ උඹ ලියපං.

    දැන් වලිය
    උඹේ ඔය බඩගෝස්තරවාදය පොස්ටුවේ තියෙන විදිහට //".බලය තිබූවෙකුට බලය නැතිවීම නපුරු සිහිනයකි.ඈට එය කොයිතරම් බර සිහිනයක් වූවාදැයි තැන තැන ගොස් කල විකාරරූපී ප්‍රකශයන් දුටු මෙරටේ මධ්‍යස්ථ ජනතාවට පෙනෙන්නට ඇත."// ඔය කතාව සහතික ඇත්ත . ඔය ටික ඔය විදිහටම මහින්දටත් අදාලයි . වර වලියට " මහින්දවාදී තනි තරුව " හැක හැක හැක හැක .
    (මේ උඹ ගැන දැන් ලොකු ලොකු තැන්වල කතාවෙන්වලු නේ :P:P:P

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ තනියට වලි දාන්න එන්නේ. වරෙන් ඩෝ

      Delete
    2. අඩෝව්ව්!!!
      ඒක ඇත්ත.නැහැ බං එහෙම අඬන්න වැලපෙන්න නොයන බව උඹ දන්නවනේ ඉතින්.
      //හැබැයි උඹේ ටැලන්ට් එක නැතුව උඹේ දේශපාලනය විතරක් කියවන අයාගෙන උඹට හානියක් වෙනවා // සහතික ඇත්ත බං..
      එක එකාගේ දක්ෂතාවය විවිධාකාරයි.ඉතින් ඒ විවිධත්වයෙන් ඩිංගක් මටත් තිබීම ගැන සතුටුයි.උඹේ අගය කිරීමට හුඟක් ස්තූතියි මචෝ.:)
      //මම දන්නා තනියා තනි අලියා වගේ එකෙක් . ඒ නිසා ඔය එක එකාගේ රෙද්දේ අදහස් ගැන හිතන්නේ නැතුව උඹ ලියන දේ උඹ ලියපං// හැක් හැක්..Aye Aye Captain :P :D

      දැන් වලිය ගැන මගේ ප්‍රතිචාරය:
      දෙදෙනාගේ හැසිරීම් සහ ප්‍රතිචාරයක් දෙස විවෘත මනසින් බලන්න දරුව..එකියක සම්ප්‍රපලාප දොඩනා පිස්සියක වන්නීය.අනෙකා දෙස්පාලනයට අවැසි පරිණතභාවයෙන් සහ දුරදැක්මෙන් යුතුවන්නේය.
      අඩෝ කොහොමද දන්නේ නෑ බං අර ලොකු පොරවල් අස්සට "මහින්දවාදී තනිතරුව" ඈඳුණේ කොහොමද කියලා :O

      Delete
    3. අඩේ නලීන් අයියා!! :D
      (රහසින්) ඔය ඉවානය නිකන් හල්ක් වගේ එකෙ බං අයියේ උඹ දුවනවද මම දුවන්නද නැත්නම් දෙන්නම දුවමුද? ;)

      Delete
  5. උඹ ලියන්නේ උඹට හිතෙන, උඹට දැනෙන, උඹ විශ්වාස කරන දේ..
    අනෙක් අයට ඒක ප්‍රශ්නයක් නම් නොබල ඉදියි..
    බලන එකා බලයි..
    බය නැතුව ලිය....


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ..මට පාන්ද!
      දෙයියන්ගේ නාමෙට උඹ මොනාහරි ලියලා අර බ්ලොගේ දැකුළු මල් කඩනවද ප්ලීස්..? :D

      Delete