Sunday, October 18, 2015

වෙඩි තබනු ලැබේ!

මුල් කාලේ
-----------------
සායමුත් එපා, කොට ඇඳුම් එපා
හිර ඇඳුම් එපා, හැඩ වෙන්න එපා
චාම් වෙන්න මම ආදරෙයි..

ඊට පස්සේ
---------------
කවුද අරූ තෝ එක්ක හිනාවෙන?
මොකද තමුසෙ ලයික් කළේ උගෙ එකට?
මොකාට පේන්නද තමුසෙ ඔය
හිර කරලා ඇඳගෙන වනවනා යන්නේ?
මොකද ඔය හැටි නහස්තිය සල්ලි
කඩනවද ගස්වලින් වැවෙනවද වැල්වල?

පහුපහුවෙද්දී
-----------------
කවුරු දන්නවද තෝ මොනවා කරනවද
එහා කෑල්ලේ එකෙක් පස්සේ වැටිලලු නේද?
නිකන් එනවද පිරිමි, අකමැතිම නම් ගෑණු
තමුසෙත් යන්න ඇති පැනලම දෙන්න ඕකුන්ට

එක ඉර පෑව්ව දවසක
-----------------------------------
ඔව් ඔව් මම අද පැය 8ම හිටියේ නිදි වැදි වැදි
ඇයි තමුසෙගේ කරේ තඹ පාට කෙස් ගහක්?
හිර කරලා ඇඳගෙන වන වනා ගියේ අද
මොකද තමුසෙගෙ ෆෝන් එක හංගගෙන
හෙට යනවා මම ෂොපිං හම්බුණා බෝනස්
බුරන්න අයිතියක් නෑනේ මේවා මම හම්බුකරපු මගෙ සල්ලි
ෆෝන් එක බිසී ඔව් මම මල් කැඩුවා
තමුසේ කාටද චැට්වල තොත්තු දුන්නේ දිගට හරහට?

                                      -අද වෙඩි තැබීම මෙතෙක් කල් වෙඩි කෑව එකීගෙන්



ඔව් සැර කයියක් නම් තමයි..ලියවුණේ නුවර කුමාරිගේ මෙන්න මේ කයිය හින්දා..


20 comments:

  1. වැදුණු ලෙසටම (නුවර කුමාරිගෙ කයියත් කියවලා තිබුණා)
    ජයවේ තනී!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං..ඉලක්ක නෑ..
      ජය වේවා..

      Delete
  2. බොහොම නිදහස් කවියක්, (එහෙම කියල හිතමු)

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා බොහොම කාලෙකින්..
      නැහැ මේක සාර්ථක කවියක් නෙවෙයි..නිදහස් නම් වෙන්න පුළුවන්..හැබැයි නිදහස්මත් නෙවෙයි..පරණ තරහවකට ලිව්ව එකක්..:D බ්ලොගේ පල කරන්නවත් නොවටිනා එකක්..

      Delete
    2. සැහෙන්න බිසී වෙලා හිටියේ. ගොඩක් තැන් වලට පය තියන්න බැරි වුණා . කවිය සාර්ථකද කියල තීරණය කරන්නේ ලියන කෙනාට වැඩිය කියවන කට්ටිය මම හිතන්නේ. මේකේ විරුධභ්යසයට මම කැමතියි. අනික සීරියස් මාතෘකාවක්.

      Delete
    3. ඒක තමයි මම දැක්කෙම නැහැ..බොහොම ස්තූතියි..ඔව් සීරියස් මාතෘකාවක්..මිනිස්සු විඳවන මාතෘකාවක්..

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියා..අවංකවම මේ කවිය නෙළුම්යායට ගැලපෙනවා කියලා නම් මම හිතන්නේ නැහැ..

      Delete
    2. මේක කවියකට වැඩ නිසඳැසක්/අදහසක් කියල කියමු. මම හිතනවා මේකේ කිසියම් යථාර්තවාදී ගතියක් තියෙනවා කියල.

      Delete
    3. බොහොම ස්තූතියි..:)

      Delete
  4. මොකද යකෝ හොරෙන් පොස්ට් දාන්නේ

    ReplyDelete
    Replies
    1. හොරෙන් වෙන්නෙ කොහොමද බොල බ්ලොග් රෝලෙත් අප්ඩේට් වුණහම..:P

      Delete
  5. මුල් කාලෙ එයා
    ----------------------
    තොල් නිය සායම් සරුවපිත්තල ඇඳුම්
    මල විකාර ශික්..!
    මම හරි චාම්.. නිදහස්

    ඊටපස්සෙ
    -----------
    කවුද අනේ අර හොල්මන
    එෆ්බී එකේ කොමෙන්ට් දාන
    ඒකි තමයි ගෝජස්
    අරන් දුන්නද අඩුගානෙ-සැන් කුප්පියක්
    ශොපිං ගියෙ නෑ ඔන්න - දවස් හතලිස් තුනක්

    පහු පහු වෙද්දි
    ------------------
    දරුවාට කිරි නොදී මක්කටෙයි රකින්නේ
    සැලුන් ස්පා වලට තොගේ කල් ගෙවෙන්නේ
    බඩ ගෙඩිය රැවුල් කොට දැන්ද බොට පෙනෙන්නේ
    රට්ටු කීවට කතා ඉවසලයි ඉඳින්නේ

    මම චාමරත් එක්ක සෙට් උන දවසක
    --------------------------------------------
    ඉවසුවා ඇති බොලේ අහගනින් කන් දෙකෙන්
    ගලෝගෙන අයිපෝං ගලවන්න කලින් මම
    තොගේ සල්ලිලු ඇඟලු ලස්සනලු ගෝජස්ලු
    උම්ම දීපිය චැටෙන් රෙද්ද උස්සන් රටට
    වහපු දොර අරින්නෑ පොඩි එකයි මමයි තොට
    බඩුව බඩුවම තමයි බලු වලිගෙ කතාවෙම

    ReplyDelete
    Replies
    1. අඩෝ ඒක මරු..මගෙ කයියට වඩා සුපිරි..
      මේ ලබූ..ඇයි ඔයා චාමරට ඔච්චරටම ලව්? :P :P

      Delete
    2. ඌත් ගෑණු විස්සාස කොරන මෝඩයා වෙච්චි..... ලව් නැතිව කෝමෙයි

      Delete
  6. නියමයි නියමයි....

    @ ගස් ලබ්බා: අන්න නියම පිළිතුරු කවි. දැන් කවුද ඊළඟට ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ...ලබුගේ උත්තරේ තමා නියම!

      Delete
    2. @උපේස්සා.. කවදා ඒ කවි ලියයිද නොදනිම්.. යේස්..

      Delete