අද කියන්න යන්නෙත් ඉතින් බයිට් කතාවක්ම තමයි..එකම වෙනස මේක ප්‍රවාහනයට සම්බන්ධ වීම..
පුංචි වයසේ පින්වතුනි ඔය අපේ ලඟම ඥාතීන් කීපපොළකට හෙන රුදාවක් තිබ්බා මාව ස්කූල් වෑන් එකකට ඔබන කල් නින්ද නොයන..අනේ ඉතින් කන්කරච්චලේ ඉවසන්නම බැරිතැන දෙමව්පියෝ කල්පනා කොරලා මාව වෑන් තඩියකට භාර දුන්නා අවුරුදු 9න්..මේ අවස්ථාවේ ඔය කිව්ව ඥාතීන්ගේ හතර වරිගෙට හචිං යනවා නම් සමහන් පැකට් එකක් හදන් බොතහැකී ඉතින්..!
අනේ ඉතින් තරු කෙලීට ප්‍රයිවට් ට්‍රාන්ස්පෝට් එකේ වගේ සැපක් නැතිබව නැගපු පළවෙනි පැයේදිම තේරුණයි කියමුකෝ..වෙනදා පොඩි එකී කරන්නේ වාහනේට නැගපු ගමන් යුනිෆෝම් එකයි මේස් සපත්තුයි ගලවලා දාන එක..ඊටපස්සේ ඉතින් පෙටී එක පිටින් ඔය කිරි පැකට් එකක් හරි මොනාහරි කඩචෝරුවක් කටේ ගහන් ඉස්සරහෙන් පිටිපස්සට පිටිපස්සෙන් ඉස්සරහට වාහනේ පුරා පෙරලි කරලා ගෙදර ළංවෙද්දි බෙල්ල කඩන් දොයි..ගෙදර ගියාම අම්මාගෙ හරි තාත්තාගෙ හරි කරෙන් ගෙට..සැප කනේ! :D
අනේ ඉතින් සෑම කළු වලාවකම රිදී ඉරක්ය කියන්නැහැ ඔය කුළුදුල් ස්කූල් වෑන් එකේ හිටියා මගේ පංතියෙම යාළුවෙක්..අස්සයට කැරට් වගේ මට ඔය යාළුවව පෙන්නලා තමා වෑන් එකට නැග්ගෙව්වෙත්..එයා බහින්නේ මට කලින්..ඔන්න ඉතින් වෑන් එකට සෙට් වෙච්ච සන්තෝසෙට අපි දෙන්න හෙන ලොකු සුපර් මාකට් එකක් දාගෙන, සෙල්ලමක් එහෙම කරගෙන ටික දුරක් යනකල් ගියා කියමුකෝ..1:30ට ඉක්කෝලේ ඇරුණට මොකද ගෙදර එනකොට 3:30යි..! වෙනදා වගේ කඩචෝරුත් නෑ, මල මගුල් යුනිෆෝම් එකයි සපත්තුයි ගලවලා ආතල් එකේ ඉන්නත් නෑ, වෑන් අයියට කියන්නයැ මට කඩචෝරු ඕනෙයි කියලා..! ඒ මදිවට එකම සීට් එකේ අඩුවැඩි වශයෙන් දූවිලි ගඳ ගහන, දාඩිය පෙරාගත්තු පොඩි උන්, ලොකු උන්, කෙට්ටු උන්, මහත උන් තොගයක් අස්සේ තඩි බෑග් මල්ලත් පුංචි ඔඩොක්කුවෙ තියාගෙන..යස කට්ටක් නෙව මේක! ටික වෙලාවක් කර කර හිටි සෙල්ලම් එහෙම අස්සෙන් මට දැනුණා මගේ හිස භ්‍රමණය වේගෙන වේගෙන වේගෙන එනවා පින්වතුනි...වාසනාවකට මට ඔය මහ මග හෝටල් වගේ සීන් නම් සෙට් වෙන්නේ නෑ පුංචි කාලේ ඉඳන්...
ඉතින් එච්චරයි ඔළුවට භ්‍රමණය වෙන්න දීලා මම ඔහේ හිටියා...!
දැන් පළාතම නිශ්ශබ්දයි..
ඔව් මම නිහඬතාවය තුළ ගිලිලා ගිලිලා ගිලිලා ගිහින්..
"අක්කී..අක්කි.." කවුද යකෝ මේ ලදරම අස්සේ ඉඳන් මට අක්කි කියන එකා..?? මට කොහෙද තාම එච්චර වයසක්..!
ගණන් ගන්න නරකයි..!
"අක්කී..නැගිටින්න..." ම්ම්ම්...පොඩ්ඩක් අහලා පුරුදු කටහඬක් තමයි ඇහෙන්නේ..බලමු..
හුටා!
අපේ අම්මා කොහෙද වෑන් එකේ! :O
මම බමන මතයෙන් පෙළෙන මගේ හිස මඳක් ඔසවා එකැසක් හැර බැලුවා පින්වතුනි..මා දෙස ඇස් සහසක් බලා සිටිනවා..ඩබල් වෙලා පේනවා නෙවෙයි ඇත්තම ඇත්තම සත්තම සත්ත ඇස් දහසක්..!
ඉතින් පින්වතුනි, වෑන් රථය අපේ ගේට්ටුව ලඟ නවතා හැමෝම මා දෙස බලා සිටිනවා..අම්මා "අක්කි අක්කි" කියනවා වෑන් අයියා "බබා බබා, නංගී නංගී" කියනවා..විලි ලැජ්ජාවක් වාගේ එකක් ඇතිවී නැතිවී ගියා පින්වතුනි..මොකද කියනවා නම් උන්දැලා සෑහෙන්න වෙලාවක් මාව ඇහැරවගන්න ෆුල් ගේමක් දීලා..බැරිම තැන වෑන් එකේ එන්ජිමත් නතර කොරන් බලන් ඉන්නවා කියහල්ලකෝ...ඒ වුණාට වෑන් අයියගේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් විලාපේ නවත්තලා තිබ්බේ නෑ...
ඉතින් හිතවතුනි, දැන් මට හදිස්සියේම මතක් වුණා වැරදි තැනක නින්දට වැටී ඇති වග..
හා හා පුරා කියලා වෑන් එකට ගිය මුල්ම දවස වෙච්චි! එදාම කුම්බකර්ණයට රඟපාලා පටිත් රෝල් වෙච්චි..! මොනා වුණත් පුංචි කාලේ ඉඳන් ලැජ්ජා බයට හැදිච්චි එකී වෙච්චි..! ලැජ්ජවේ තරමට තඩි බෑග් එකත් අරන් අනික් උන්ව පෙරළගෙන පාගාගෙන එළියට පැනගත්තේ මැනස් කියන එව්වා අතුරුපසට ගන්න හිතාගෙනයි...
ඉතින් ඔහේලට හිතාගත්තහැකිනේ අපේ අම්මා මගේ නින්ද ගැන කිය කියා හිනාවෙච්චි තරම..මොකෝ ඉතින් අම්මා කතාකරලවත් ඇහැරුණේ නැහැ නෙව!
ඒ ඔක්කොමත් හරි කියමුකෝ..මේ අවස්ථාවේ පවා මගේ කම්මුල් රත් කරවාගෙන හිතට එන සිතුවිල්ල මේකයි..
!
!
!
"කටත් ඇරන් ද දන්නෙ නෑ නිදන් හිටියේ..!!!"
------------------------------------
එනිවේ, දැන් ඔන්න ඔහොම මම සෑහෙන්න කාලයක් වෑන් රථයේ ගියා..ඒ වුණත් ඉතින් පුළුවන් හැම වෙලාවෙම තාත්තා තමයි එක්ක ආවේ ගියේ..අන්න එහෙමයි පිය සෙනෙහස කියන එක..:)
මමත් ඉතින් තාත්තා එක්ක යන දවසට ඒකේ උපරීම ප්‍රයෝජනේ අරගන්නත් පසුබට වුණේ නැහැ හිතවතුනි..එහෙම සමහර දවසට ඉස්කෝලේ පාරට හරවද්දි මට තාත්තා ගැන ලොකූම ලොකූ ආදරයක් ඇතිවෙනවා (ඇත්තම ඇත්තම ඇත්ත එකක්)..එතකොට මම සීට් එකේ කිඳා බැහැලා තාත්තාගේ දවසේ වැඩසටහන ගැන පොඩ්ඩක් අහලා බලනවා..ඊටපස්සේ මගේ හොඳම, අහිංසකම, දුටු දන මන සංවේගයට සංවේදනාවට පත්කරවනසුළු බළල් මූණ දාලා මම කියනවා තාත්තට අනේ මාවත් එක්කන් යන්නකෝ, අද තීතර් නෑ, අද ස්පොර්ට්ස් ප්‍රැක්ටිස්, අම්මෝ අද ඩෙන්ටල් යන දවස, බ්ලා බ්ලා වාගේ වූ නොයෙකුත් හේතු පාඨක..අනේ ඉතින් කපටියා වුණත් කුළුදුල් දූ වෙච්චි..! තාත්තෙක්ට පුළුවන්ද හිතක් පපුවක් නෑ වගේ අහක බලන්න..බෑ නේ! ඉතින් සමහර දවසට තාත්තා මගේ නිවාඩුව අනුමත කරනවා..සමහර දවසට නෑ..ටික දවසක් ගිහින් බොස්ට තේරුණා මෙහෙම ගියොත් මේකි යන දවසට වඩා නොයන දවස් වැඩිවෙන බව..ඒ ගමන පොඩි තගක් එහෙම දාලා පංතියටම ගිහින් වාඩිකරවලත් ආවා..
ඉතින් තරු බබා ගිව් අප් කොරන්ට ඇති නේ? හුහ්! ගිව් අප් කොරන්න මේ අපි!
එතකොට තරු බබා මෙන්න මෙහෙම ප්ලෑනක් ගහනවා..ඔව් ඉතින් පුංචි බඩේ අමාරුවක් "වගේ" එකක්..! තාත්තා ඉතින් හරස් ප්‍රශ්න අහන්න ගන්නවා..බඩේ කොතනද රිදෙන්නේ, කොයි පැත්තද, වමනේ දාන්න ඕනද, ටොයි යන්න ඕනද, බඩ ඇතුළෙන්ද රිදෙන්නේ එළියෙන්ද (ඔන්න ඔය ප්‍රශ්නේ අවංකවම කියනවා නම් මට මහ මොංගල් ප්‍රශ්නයක් හරිය? ඇයි යකෝ පොඩි එකෙක් දන්නවයැ ඇතුළෙන්ද එළියෙන්ද රිදෙන්නේ කියලා..බඩ රිදෙනවා දැට්ස් ඉට්! හහ්!)...
ඉතින් ඔය සී අයි ඩී ඉන්ක්වයරි එක ඉවරවුණායින් පස්සේ තත්වේ බලලා නිවාඩුව ෂේප් එකේ අනුමත කරවගන්න පුළුවන්..ඔය කිව්වට ඉතින් තාත්තා දන්නවා දූගේ වැඩ..ඉක්කෝලේ ගේට්ටුව ලඟට එනකල් අමාරුවෙන් සීට් එකේ කිඳා බැහැලා බඩ උඩ දාගෙන වැතිරිලා ඉන්න දූ පොඩ්ඩ ආයේ හරවන් යන්නේ නෑ කියලා ෂුවර් දුරකට ආවම හොඳට කෙළින් වෙලා වාඩිවෙලා හිනා පපා ඉන්නවා..හැක් හැක්..
සමහර දවසට නම් බොස් මගේ අරක්කුවලින් මටම ගේම් එක දෙනවා..මොකෝ ඉතින් බඩේ අමාරුව නෙවෙයි ලේ අතීසාරේ හැදුණත් දොස්තරෙක් ලඟට ගෙනියන්න ඇහැකි දරුවෙක් නෙවෙයි නෙව..එහෙම කැබිනට් පත්‍රිකාවක් අනුමත වේගෙන ආවොත් බඩේ ලෙඩත් නෑ බබා සෝයි එකට බෝතල් බෑග් අරන් පංතියට යනවා..
-------------------------------------
හරි ඉතින් ඔය කිව්වේ මං ගැනනේ..මදි පාඩුවට වගේ නගා ගැනත් කියන්ට ඕනි..ඒ ටික ඊලඟ කොටසෙන් කියන්නම් නේ?

1 බුක් කරා
ReplyDeleteසිඟිති පෝස්ට් එකේ සිඟිති විදිහට කොමෙන්ට් කොරන්න එපැයි.දානකොටම එක බුක් කරා.
Deleteපැය දෙකක් පාරෙ??
දවසට පැය 4ක්..!!! සංසාරේ......!!!!
ඇති උඹ ඔහොම ඉන්නවා.
ගස්ලබ්බා ඉස්කෝලෙ ගියෙත් පියතුමා එක්ක.හැබැයි බස් එකේ.දෙක වසරට විතර යනකන් ටවුන් එකේ ඉඳන් ඉස්කෝලෙට අතින් අල්ලගෙන යන්න වරම් තිබුනා.ඊට පස්සෙ ඒකත් අහිමි උනා.දෙක වසරෙදි වෙච්ච ඔහොම අත්දැකීමක් තියෙනවා.හිටු.වෙලාවක දාන්නම්. නඔගි ගැන පෝස්ටුවත් ඉක්මනටම දාහං ඈ..
ජයවේවා..!!
ඔව් බං ඉස්කෝලේ යෑම හොඳයි ඔය පැය 4 තමයි දරාගන්න බැරි තාමත්..;) කොටින්ම 5 වසරෙදි වෙච්ච වැඩක් තියෙනවා..ඊළඟ එකේ ඇඩ් එකක් හැටියට දාන්නම්..;)
Deleteඋඹේ අත්දැකීම ඉක්මණය ලියහන්..පරණ ජොලි කතා කීමේ ආතල් මූඩ් එක ඕන් වෙච්ච වෙලාවේ..;)
අදයි මේ පැත්තේ ආවෙ. වාග් මාලාව නම් පට්ටයි තරු. අපෝයි අපිත් ඔහොම්මම තමා. අනිවා 3.30 වෙනෝ ගෙදර යනකොට. පස්සෙ ඉස්කූල් බසේට මාරුවෙච්චි පාර ඒකෙත් පොල් වගේ පැක් වුණාට මොකෝ සෙට් එක එක්ක ජොලියෙන් විසුව නිසා අවුලක් වුණේ නෑ. ඔය ඉස්කූල් වෑන් ගැන නම් කතා කරන්ට එපා.ජීවිතේ අවාසනාවන්තම දවස් කියලයි හිතුණෙ.
ReplyDeleteමෙතූ තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා..
Deleteවාග් මාලාව ඇල්ලුවා නම් සතුටුයි..:) පුදුම කට්ටක් නේද අපි කෑවේ?දැන් ළමයිනුත් ඉතින් වැඩි වෙනසක් නැහැ නේ..ඔව් ස්කූල් වෑන් වල පොල් පටවලා වගේ හිරවෙලා යද්දි, කට්ට අව්වයි, වාහන දුමයි, හෝන් සද්දයි, ළමයින්ගේ කෑගැහිල්ලයි, දාඩියයි, බඩගින්නයි..අම්මෝ! මතක් වෙද්දිත් වමනෙට වගේ..
අපි ගෙදර ගියේ හවස තේ බොන වෙලාවට. රස්තියාදුවනේ එච්චරම. හෙහ් හෙහ්.
ReplyDeleteපේනවද මුන් ඉලන්දාරි කාලේ කරලා තියෙන වැඩ..:P
DeleteHarima sundarayi!
ReplyDeleteබොහොම ස්තූතියි සරත්.තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා :)
Delete"අක්කි අක්කි නැගිටින්න" කියද්දි අනිත් එවුන් මූ අම්මගෙත් අක්කද අහන්නැහෙ දාන කිණ්ඩි බැල්ම ගැනත් ලියන්ඩ තනියා. ආයෙ ඒ කෑල්ල මම ලියන්න ඕනෙය?
ReplyDelete(මගෙ නමත් අක්කි. දාපං පහක්!)
මටත් ඕක හිතුණා ලාවට වගේ ලියන්නත්..ආයේ හිතුණා නාට්‍යමය ස්වරූපය ඉස්මොලේ යාවිද දන්නේ නෑ කියලා..නිකන් ලියහන්කෝ ඒ කොටස..:) මට වඩා නියමෙට ලියාවි..
Deleteමගේ නමත් අක්කි..:) ඔන්න පහ!! :D
"කටත් ඇරන් ද දන්නෙ නෑ නිදන් හිටියේ..!!!".. හැක හැක හැක.. අපේ අක්කිත් ඔය ජාතියේම තමයි.. අප්පච්චි ගෙදර ඉන්න දවසට නොයෙකුත් හේතු තියෙනවා ඉස්කෝලේ 'ගිහින් වැඩක් නැති' වෙන්ට.. හැබැයි අම්මගේ එක සත්තමට 'සුටුස්' ගාලා ලෑස්ති වෙනවා.. මන් පව් කියලා එදාට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා.. ඔය වගේම හොඳ දඩත් වදිනවා.. එකම වෙනස අර ඇඳුම් ගලෝගෙන වාහනේ අස්සේ එහෙ මෙහ දුවන්නේ නැති එක.. ඒ වෙනුවට පැනපු ගමන් ගත්ත ෆෝන් එක.. ගේම්.. ගේ ගාවට ආවට වත් බහින්න මතක නෑ.. කවද හරි මේ වගේ ලියයිද දන්නේ නෑ..
ReplyDeleteකමියෝ..මෙන්න මම දකින්න ආසාවෙන්ම හිටි ජාතියේ කමෙන්ටුවක්..:) තාත්තෙක්ට හිතෙන හැටි ගැන..:) මම මෙන්න යෝජනාවක් කරන්නද උඹට වෙලාවක් තියේ නම් ලියන්න තාත්තෙක් ඔය වගේ දූලාගේ අහිංසක කපටිකම් දකින විඳින හැටි ගැන..මම හිතන්නේ උඹට ඒක ලස්සනට ලියන්න පුළුවන් වෙයි කියලා..මොකද අපේ තාත්තා බ්ලොග් ලියන්නෙ නැහැ නෙව..;)
Deleteදවසක උඹේ දුවත් මෙහෙම ලියන්න ඉඩ තියෙනවා..උඹ වගේ බ්ලොග් ලියන්න ගත්තොත් නේද? ;)
මට ඔය ඉස්කෝලේ වෑන් සෙට් උනේම නෑනේ. අපරාදේ.. බල්ටි දෙකයි ඉස්කෝලෙට.. පයින් තමා ගමන
ReplyDeleteඋඹේ නම් නාඩියා නාඩිරත්න නැතුව බල්ටියා බල්ටිරත්න ලෙස වෙනස් කරන මෙන් මා යෝජනා කරනවා..හැක් හැක්..
Deleteඅපත් වෑන් වලත් පුල් ආතල් ගත්ත පොරවල් හිතවතුනි... තරුවා.. අම්මප පෝස්ට් එකක් දානව ඒ ගැන.. මෙතන ලියන්න බැරි තරමට දිගයි...
ReplyDeleteඅඩේ..සජ්ජා උඹේ නොස්ටැල්ජියාව අවදි වුණා නම් වහාම ලියහන් කම්මැලි ගැහෙන්න කලින්..ඔන්න ලියන්න නියම ටොපික්ස්..:)
Deleteබැලුවාම තරූ ඉස්කෝලේ ගිය දවස් වලට වඩා නොගිය දවස් වැඩියි වගේ.
ReplyDeleteඕන් බලහන්කෝ උඹත් හිතුව එක!.:P
Deleteතරු බබා මම රුවී. අස්සයාට කැරට් වගේ පෙන්නපු යාලුවා මහේශි නේද? හතර වසරෙදි මට එහා පැත්තේ පුටුව සමහර දවස්වලට හිස් වෙච්ච හේතුව දැන් නොවෑ තේරුනේ. මට නම් තරු බබාට වගේ එහෙම ගෙදර නතර වෙන්න පින තිබුනේ නෑනේ. අම්මයි තාත්තයි වැඩට ගියාම රුවී බබා ඉතින් හැමදාම ඉස්කෝලේ.
ReplyDeleteඒ කාලේ ඩෙන්ටල් යන දවසට අපි කොච්චර බයද නේද? මට මතකයි හය වසරෙදි අලුත් ඉස්කෝලෙට ගියාම මන් සතුටු වුනා එහෙම දවසක් එහේ නොතිබීම ගැන. :D
රුවී..මෙහේ දැක්ක එක ලොකූඌඌඌ සතුටක් යාළුවේ..මගේ පුංචි කාලේ මතක සෑහෙන්න තියෙන හොඳ මිත්‍රයා..:) ඔව් ඔව් මහේෂි තමා ඒ කැරට් එක..;)ඔව් මට මතකයි 4දිත් රුවී බබාට 80% නෙවෙයි 100%ම වගේ තිබ්බ හැටි..:)
Deleteඅම්මෝ ඩෙන්ටලේ නම් මතක් කොරන්ට එපා රුවී..ඇඟ සීතල වෙලා යනෝ..සතුටු වෙච්ච තරම මට හිතාගත්තහැකි..;) අපි නම් 8 වසරට යනකල් ඩෙන්ටල් සරණං ගච්ඡාමි වුණා නේ..:(
:)
ReplyDeleteසරස පුංචි කාලේ කතාවක් ලිව්වා නම්..මට ෂුවර් රස කතා සෑහෙන්න තියෙන්න පුළුවන් බව..
Deleteධම්මෝ භවේ රඛ්ඛති ධම්මචාරී....
ReplyDeleteජ ය වේ වා !!
කතාව සුපිරියි තරූ...මමත් මුල්ම වතාවට මේ පැත්තට ආවේ...නංගීගේ කතාවත් ඉක්මට දාන්න....
Deleteආ... හරි මචෝ.. ලබන සතියේ දාන්නං..
Deleteඅනේ තරහ නැතුව මට කියනවද මොන නංගිගෙද කියලා..
ඒ..විදානේ මක්කැයි බං ඒ කිව්වේ? පැහැදිලි කොරන්ට සහෝදරයා..ධර්ම එකේ තරු බබාගේ සම්බන්ධයක් තිබ්බේ නැහැ නෙව..! :P
Deleteමහේෂ් තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා..දිගටම එන්න..ඔව් ඒ කතාවත් ඉක්මණටම ලියන්නම්කෝ..කතා මල්ලක් තියෙනවනේ..:)
Deleteවිදානේ එතකොට ලබන සතියේ දාන්නේ මක්කැයි...
Deleteමාත් ඉතින් එහෙම තමා.අපේ පියාණන් හා මෑණියන් උදේ පාන්දර මාව පාසලට ගෙනගියා. එන ගමන් හිමකිරම බුදිමින්, පාසල ළගින් නග්ගා ගත් මිතුරු මිතුරියන් මඟින් බස්සමින් දුරුකතර ගෙවා තමා නිවෙසට ආවෙ.. පියාණන් එක්ක පමණක් යන දවසට මටත් උදේට ඔහොම බඩේ අමාරු හැදෙනවා.වැස්ස දවසට හෙම මට කල්පනා වෙනව කොහොමද දෙයි හාමුදුරුවනේ මේ දඩාර වැස්සෙ පාසල් යන්නෙ කියල.තාත්තටත් දුක හිතෙනව.ඉතිං ආපහු මාව කුදලගෙන ගෙදර එනව..
ReplyDeleteවැසි දැරිය..තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා..:)
Deleteජොයින් ද ක්ලබ් කිව්වා එහෙනම්..මම ජාතියෙම තව එකෙක්..;) අපිත් එහෙමයි තාත්තා එක්ක තමා ඔක්කොම චාටු දැම්මේ ඒ කාලේ.
මුන් මහ නැහැදිච්ච කෙල්ලෝ
ReplyDeleteදෙමව්පියන්ට වදමයි දීලා තියෙන්නේ .
ඒ අතින් අපේ අම්මලා වාසනාවන්තයි , අපි වගේ කීකරු අහිංසක ළමයි ලබන්න
ඈ බොල උඹ කොහෙද අහිංසක සුවච කීකරු..? හැදෙන ගහ දෙපත්තෙන් දැනේ වගේ පුංචි කාලේම දෙමව්පියන්ට තේරිලා උඹව නම් හදන්න බෑ කියලා..හැක් හැක්..:P
Delete