Monday, January 4, 2016

යුද්ධ

හාදුවකින් අවසන්කළ
නොහැකි යුද්ධ ද ඇත..
නිල් ගැසුණු හදවත්
අඩපණ ලේ නහර
මසන්නට නොහැකි
ඔඩු දිවූ තුවාල
සැඟව යන පණ නල..
බිඳුණ ජීවිත..
ඉතිරි කර ඇදෙන
තවත් යුද්ධ ඇත
අවසනක් නොවන...



පසු සටහන:
යුද්ධ හැම එකක්ම ආදර යුද්ධමද යකුනේ? :D


16 comments:

  1. අනේ මන්දා ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ..පින්තූරෙන් නේ සේරම තීරණය කලේ? :D

      Delete
  2. තනියට පිස්සු...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. පිස්සු නැත්නම් බ්ලොග් ලියනවද බං? :P

      Delete
  3. හාදුවකින් පටන් ගත් යුද්දයක්
    නවත්නට හැකි ආයුධයක්
    වෙන්න පුලුවන් තව හාදුවක්..

    හිහි නියමයි තනියො

    ReplyDelete
    Replies
    1. අන්න උඹ ටිකක් ලඟට ආවා..වැඩක් නෑ මමම ඕකට පසු සටහනක් ලියන්නම්කෝ..;)

      Delete
  4. බරපතල වලි වලට හාදු වලට වඩා වෙනත් ක්‍රම වේද බාවිතා කළ යුතුයි

    ReplyDelete
    Replies
    1. දේශටවත් තේරුණේ නැති හැටි අම්මපා!

      Delete
  5. වලියක් ගිය ගමන් කිස් එකක් දීපන්කෝ.කන්න පුළුවන් කන පුරෝලා.....

    ReplyDelete
    Replies
    1. ආදර යුද්ධයක අයිසින් තට්ටුව යට තියෙන කතාව දිහා බලහන් :D

      Delete
  6. සුවර් අත්දැකීමක්..... කසුටු කිව්වත් වගේ කාලද කොහෙද නේද තරු.......

    ReplyDelete
    Replies
    1. නෑ බං ඕක රිමික්ස් එකක්..

      Delete
  7. අනේ මන්දා අපිටත් පිස්සු....

    ReplyDelete