Tuesday, January 5, 2016

අරුමය..

ප්‍රේමයෙන් ඉක්බිති..
හදවත් නොතිබුණෝ හදවත් ඇත්තෝද
හදවත් තිබුණෝ හදවත් නැත්තෝද
වී ඇති වග නම්...



27 comments:

  1. ප්‍රේමයයි වෛරයයි අතරේ
    වෙනස කෙස් ගසකට සමයි
    බිඳුණ දා පූජාව ප්‍රේමයෙ
    ඔහුගෙ ආගම වෛරයයි...

    පහන් ටැඹ දල්වනු ලැබූයේ
    පහන් ටැඹ හිමිකාරයා
    එහෙත් ඒ එළියෙන් දිනන්නේ
    සමුදුරේ නැව් කාරයා...

    අසනු කෙලෙසේ පහන් ටැඹකින්
    එළිය කෙනෙකුට බාර දැයි
    එතැන් හිඳ කඳුළක් ව එන්නේ
    උරුමයයි ඒ වෛරය යි...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ලෙස්ලි අශෝකා
    ගායනය : යමුණා විනෝදිනි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මේක අහලා නෑ නේ බං..දැන් අහන්න ඕන.. :)

      Delete
  2. යළිත් ප්‍රේමයක් උපදින තුරු
    ඔවුහු එලෙසම සිටිත්වා
    ජීවිතය උගනිනු පිණිස...
    ලස්සනයි
    ජයවේ තනියා!

    ReplyDelete
    Replies
    1. වර්ණ ඒක ඇත්ත..

      නැවත ප්‍රේමයක් උපන් කල
      නිදොස්ව නිදහස් විය යුතුය හද
      විඳිනු පිණිස ප්‍රේමයේ සුව
      එපමණකි පැතුම..

      Delete
  3. ප්‍රේමය කියා යමක් ලොව තිබේනම් එය මවක් පියෙක් ළඟ පමණකි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මටත් එහෙම හිතී නොහිතී යන අවස්ථා තිබෙනවා..ඒත් අපි නොදැන ඒ වගේ ආදරය කළ හැකි අයත් ඉන්නට පුළුවන් මේ ලෝකේ..

      Delete
  4. ෙප්‍ර්මතී ජායතී ෙසා්ෙකා්..

    ReplyDelete
    Replies
    1. උන බව පේනවා....

      Delete
    2. විදානේ ඒකෙයි ඔහේ දැන් මොකුත් නොලියන්නේ? :P

      Delete
  5. යැස් යැස්...
    හදවත් නැත්තෝ වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා..
    නිවන් දකිත්වා...

    ReplyDelete
  6. සුන්දරයි..........

    ReplyDelete
  7. Replies
    1. එහෙම කොහොමෙයි...??

      Delete
    2. සබරේ ඇත්තටම එහෙම වෙලාවට මල්වඩම් අනවශ්‍යයි..:)

      Delete
  8. හිත පාරවගත්ත වෙලාවක් වගේ...ඕවා ජීවිතේට ගොඩක් තව ඉස්සරහට එනවා......!

    ReplyDelete
    Replies
    1. පාරවගෙනම නෙවෙයි දුමී...නිකන් පුදුමයක් දැනිච්ච වෙලාවක්..ඒක ඇත්ත..:)

      Delete
  9. අරුම නොවන්න සොයුරිය. ;)

    ReplyDelete
    Replies
    1. එසේය සොයුර..කුමන නම් අරුමක්ද මේ විපරීත ලොව..?

      Delete
  10. ලස්සනයි??? නෑ.... අමුතුයි...

    ReplyDelete