Saturday, March 12, 2016

හඳ

හඳකට වුණත්
හිතෙන්නට බැරිද 
හැමදාම රාහු ගිලගන්නකොට
දහවලක පායන්න? 





18 comments:

  1. ඔලුව කොහේ හරි තදින් වැදුනද?

    ජ ය වේ වා!!!

    ReplyDelete
  2. සැඩ හිරු රැසින් හෙම්බත් වූ සඳ පළුව
    පසෙකට දමා ඇත ඉඟ වට ඇඳි සළුව
    රෑ තිස් පැයේ තරු සමඟින් ඉඟි නළුව
    දහවල පුරා ඇයි සඳවතියේ ගොළුව

    අමාවකේ යව්වනයන් සොයා යන
    ඝනදුර ඉරා රෑ මැදියම ජනිත වන
    හිරු පෑයූ කලට ඔබටය දෙවන තැන
    සබැදිය බැරි ඇයිද ඉන්නට එකම තැන...

    අවුරුදු තිස් ගානකට කලින් අපේ අම්මට සඳ ගැන තිබ්බ ගැටළු කිහිපයක්.. :)

    ReplyDelete
    Replies
    1. අම්මා හොඳ කවිකාරියක් වෙන්නට ඕන..:)

      Delete
  3. හඳ නැති නිසයි මම දවට ඇවිත් හිටියේ
    එකත් කන්නද හදන්නේ

    මීට ඉර

    ReplyDelete
    Replies
    1. හා හා...ඒ කියන්නේ හඳ ඉරට වඩා ප්‍රබලයි..! :P

      Delete
  4. ඔය කිවුවට හඳත් රාහුට කමති ඇති බං.....

    ReplyDelete
  5. ගිල ගිල මාව
    වමාරන හින්දම ,
    හිත ගිය එකයි
    රාහුට - අහේතුවම

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන අවස්ථාත් සෑහෙන්න තියෙන්න පුළුවන් නේද?

      Delete
  6. ඒකත් ඇත්ත..........

    ReplyDelete
  7. යකෝ අවපස කාලෙ දවාලක එළියට බැහැල බලකො මොකාද දිලිහි දිලිහි ඉන්නෙ කියල
    ඔය කොම්පීතරේ ඔළුව ඔබං හිටියට ඒව පේන්න නැ

    -මීට හඳ

    ReplyDelete
    Replies
    1. ඒවුණාට හැබෑ හඳ නෙවෙයි..තුනී ලූණු සිවියක් වගේ පෙනී නොපෙනී ඉන්න හඳක් වැඩක් නැහැ නේ..

      Delete
  8. ඉරත් එක්ක තියන අමනාප කමට වලාකුළු එක්ක හැංගිලා ඉන්න හඳ හෙමින් හෙමින් එලියට එන්නේ ඉර ගියාමලු.ඉර හරි කේන්ති කාරය කොයිවෙලෙත් තරහින් ගිනි පිට කර කර ඉන්නේ.හඳ එහෙම නැහැනෙ .නිවිලා වැඩිය කතා නැහැ.ඉර වගේ නෙවේ හරි ලස්සනයි.ඒ නිසාමනේ අර වශී වෙච්ච තරු ටික රෑට රෑටම එලියට බැහැල හඳ එක්ක මුකුළු පාන්නෙ.ඔය හඳ හරි ලැජ්ජ කාරය ලේසියෙන් එලියට එන්නේ නැහැ දුක හිතුනොත් දකින්නම නැහැ ඉඳල ඉඳල මාසේ එකම එක දවසක් එලියට බැහැල මුළු ලෝකෙ දිහාම බලනවා නැත්නම් අනෙක් හැම දවසකම හැංගි හොරා.. පොඩ්ඩක් බාගෙට බෙල්ල දාල වටේ බලන්නේ එකනේ ඔය හරියට පෙන්නේ නැත්තෙ. ;)

    ReplyDelete
    Replies
    1. ෂා!! ඔය තියෙන්නේ නියම හංසි ස්ටයිල් නිර්වචනයක්...මොකෝ දැන් ලියන්නේ නැත්තේ වැඩිය?

      Delete
  9. ඉරකට වුණත්
    හිතෙන්නට බැරිද
    සඳ රැයේ පායනකොට
    තනිකමට ලඟ ඉන්න ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...හිතෙන්නට පුළුවනි හිතෙන්නට පුළුවනි...ඒත් එහෙම වුණොත් රැයේ තියෙන සෞම්‍ය ගතිය තියේවිද?

      Delete