Wednesday, May 17, 2017

ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහණය

වසර 8කට පෙර අප විසින් සමරණ ලද්දේ සැබෑ නිදහසයි. මරණ බිය සමස්ත ශ්‍රී ලංකාවටම පොදු වූ අවුරුදු 30ක අන්ධකාර යුගයක් අවසන් කිරීමට ඇස්-ඉස්-මස්-ලේ පමණක්ම නොව ජීවිත පවා කැපකල අපේම කොටසක් සිටින/සිටි බව අමතක කල 'අපි වෙනුවෙන් අපි' අද යුධ අපරාධ සොයා ඔවුන්ගේ කැපකිරීමට ගරහමු. ත්‍රස්තවාදීන් විරුවන්වන සැබෑ රණවිරුවන් අපරාධකරුවන් වන වත්මනක අපි පිල් බෙදී කෑ පතේ පහරමු.

මහින්දගේ නායකත්වය සහ ගෝඨාභයගේ මග පෙන්වීම නොවී නම් ෆොන්සේකා යුධ වීරයෙක් නොවන බව නිසි නායකත්ව සහය නොලද කොබ්බෑකඩුවලාගේ සොහොන්කොත්වලට කතා කල හැකි නම් කියනු ඇත. නමුත් අපි සැබෑ නිදහසින් වසර 8ක් ගෙවුණු තැන සුපුරුදු ශ්‍රී ලාංකේය කුහකකම ප්‍රදර්ශනය කරමු. ඒ යුද්ධයද අනෙක් සියල්ලම සේ රාජපක්ෂලා විසින් ඇති කරවනු ලැබ, උන් විසින්ම දශක තුනක් තිස්සේ විකුණාගෙන කන ලදුව උන් විසින්ම 'අහිංසක කොටි ත්‍රස්තවාදීන්' රවටා මරා අවසන් කරන ලද්දේය. අවුරුදු 30ක් පුරා අත්-පා-හිස්-මස් කුඩු ව ඉහිරී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ගෙන් උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් මහමග ද යුධපිටිවල ද මායිම් ගම්මානවල ද මියගියෝ රාජපක්ෂවරු පමණමය! එනිසා ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහණය සැමරීම අපරාධයකි! රාජපක්ෂලා ප්රබාකරන් සමග තිබූ පෞද්ගලික කෝන්තර පිරිමැසීමට රජයේ ත්‍රිවිධ හමුදා සහ පොලීසිය යොදාගැනීමට එරෙහිව පියවර ගැනීම යහපාලනයේ ප්‍රධාන වගකීමයි!


තිත්ත ඇත්ත නම් මහාමාන්නක්කාර හිංචිපිංචි දූපත්වැසියන්වන අපට, මට-බැරි-නමුත්-තොට-හැකි යමක් සාර්ථකවීම ඉවසා දරාගන්නට ඇති නොහැකියාවයි. යුධ ජයග්‍රහණය ලඝුකොට තැකීමේ මූලික හේතුව සම-හරක්ගේ මේ ඊර්ෂ්‍යාපරවශ හීනමානය බව නොරහසක් ය. කණගාටුව සැබෑ කැපකිරීම කල රණවිරුවන්ට ඔවුන් ලැබිය යුතු ගෞරවය ලබානොදීමට තරම් කුහක පාලකයන් පිරිසක්, 2009 මැයි 18 නිදහසෙන් ඔදවැඩී මෙලෙස සැමරුම් කල ඔබේ ඡන්දයෙන්ම පත්වී ඔබේ මනාපයට සහ නිදහසට කෝචෝක් දැමීමයි.


14 comments:

  1. යුද්ධය අවසන් වීම නම් මම මගේ ජිවිත කාලය තුලදී දුටු සොඳුරුතම දසුන වන්නට ඇත.

    'සංග්‍රාමයට නවගුණවැල ගෙන නොඑනු
    සංග්‍රාමයෙන් පසු නවගුණවැල ගනිනු'

    ඒ කතාව නම් ඇත්ත. කොහෙද යුද්ධ කරද්දී ධාර්මික යුද්ධ කිරිල්ලක්?

    වඩාම හිනායන කොටස තමයි යුද්ධය නිසාම පිඩාවට පත්වෙච්ච සමහර උදවිය, එය අවසන් වීම ගැන දරන පරස්පර විරෝධී අදහස. සමහර වෙලාවට හිඟන්නාගේ තුවාලේ වගේ නිසා වෙන්නත් පුළුවන්. ඇත්ත, නායකත්වයක් තිබුනේ නැත්තම් ෆොන්සේකාත් කොබ්බෑකඩුව මහත්මයාගේ ලිස්ට් එකට එකතුවෙන්න තිබ්බා.

    ඒ තමයි ලංකාවේ ඉතිහාසය!

    වීරත්වය කියන්නේ තවදුරටත් අභිමානයකින් පවත්වාගන්නා දෙයක්ද කියලත් සැකයි. මේ සටනේදී සිය ඇස් - ඉස් -මස්-ලේ-ජීවිතය පුදපු / උදුරාගත් සියල්ලෝම ගෞරවයෙන් සිහිපත් කරමි. ඒ බව ඊළඟ පරපුරට කියාදෙන එක මගේ වගකීමයි. ලංකාවේ ඉන්නේ මුල - මැද -අග අමතක මිනිසුන් බවද කියාදෙන්න අමතක නොකරමි.

    දෙමළ බස කතාකරන සහෝදර සහෝදරියන් හැමදාම මගේ යහළුවන්, වෙනසක් නැතුවම!

    අන්තගාමි කාටත් හොඳ පාඩම්!

    ReplyDelete
    Replies
    1. //වඩාම හිනායන කොටස තමයි යුද්ධය නිසාම පිඩාවට පත්වෙච්ච සමහර උදවිය, එය අවසන් වීම ගැන දරන පරස්පර විරෝධී අදහස. සමහර වෙලාවට හිඟන්නාගේ තුවාලේ වගේ නිසා වෙන්නත් පුළුවන්.// ++++++++++++++++++++++++++++++

      Delete
  2. අපිනම් සංග්‍රාමයෙන් පස්සේ නවගුණවැල අතට ගත්තු උන්.. යුද්ධය ජයග්‍රහණයට යම් තරමින් හෝ දායක වෙන්න ලැබීම ගැන මගේ තියෙන්නේ කලකිරීම මිශ්‍ර සතුටක්.. පඩියට හෝ අනිත් එවුන් නොකළ යුද්ධය කරපු එවුන් ගැන තියෙන්නේ දුක/ කළකිරිම මිශ්‍ර වෙච්චි ආඩම්බරයක්.. ඒ ගැන විවධ පරස්පර මත පතුරවන උන් ගැන තියෙන්නේ උපේක්ෂා සහගත බවක්..

    මොනවා උනත්.. මම හිතාගෙන උන්නේ බොට බ්ලොග් එකේ පාස් වර්ඩ් එක අමතක වෙලා කියල.. ආපහු දකින්න ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. මොකද්ද කමියෝ උඹ නිකං පතෝල වගේ නේ.:P
      පාස්වර්ඩ් මතකයි බං එන්නේ නැතුව මිසක්.බලමු ඉතින් ඉස්සරහට නේ.

      Delete
    2. හෙක්.. 'පතෝල වගේ' කියන්නේ එක ස්ට්‍රෝං සර්වයිවල් ටැක්ටික් එකක් බොල.. :))

      Delete
    3. කමියෝ උඹේ උත්තරේ නෝටිෆ්ෆිකේෂන් එක ආපු වෙලාවේ නම් එකට මොකද්ද හොඳ උත්තරයක් මගෙ ඔළුවට ආවා. දැන් මතක නෑ. උඹේ වෙලාවට. :P
      මොන කෙහෙම්මලටද බං ඔය පතෝල වගේ ස්වයිව් වෙලා ඇති වැඩේ! ඊට වඩා හොඳයි..නෑ එක්කෝ ඕන නෑ..

      Delete
  3. මහින්ද මහත්තයට ජය වේවා!

    ReplyDelete
  4. යුධ ජයග්‍රහණය ගැන ලියන්න ලොකු ඕනෙකමක් තිබ්බත් ඒක කොතනින් පටන් ගන්නද කියල හිතා ගන්න බැරි උනා. යුද්දයෙන් කිසිම පිලකට ජයග්‍රහණයක් නෑ , සිවිල් ජන සංහාර උනා වගේ ඔක්කොම කතා මානුෂික බයිලා. මේ රටේ යුද්ධයක් තිබ්බා, ඒකෙන් ශ්‍රී ලංකිකයෝ දරුණු විදියට බැට කෑවා.අන්තිමට ශ්‍රී ලංකා රජය ඒ යුද්දය දින්නා. රටේ හැමෝම (අපි යුද්ධය වවාගෙන කාපු අය සහ පොලවේ පයගහල නොහිටි අයව අමතක කරමු) වගේ ඒ ගැන සංතෝස උනා. ඒක තමයි ඇත්ත
    ලංකාවේ ඉන්නේ ගෝත්‍රිකයෝ කියලා හිතාගෙන ඉන්න හයි ක්ලාස් එකට, ලංකාවේ මිනිස්සු යුධ ජයග්‍රහණය සැමරුවා කියන එක අවුල් වගේ නං, බින් ලාඩන් ව මරපු වෙලාවේ, ඇමරිකන් කාරයොත් පාරවල් වලට බැහැල සංතෝස උනා කියන එක මතක් කරොත් හිත හරි යයි මං හිතන්නේ.
    යුධ ජයග්‍රණය අවුරුදු පතා සමරන්න ඕනේ නෑ. නමුත් ඒ යුද්ධය සිදු කල සොල්දාදුවෝ සැමරීම නම් අනිවාර්යෙන්ම සිදු කල යුතුයි. ඒකට සහබාගි උනු අන්තිම විරුවා ජිවත් වෙන තාක් සහ ඊට පස්සෙත් අපි ඔවුන්ව සමරන්න ඕනේ.
    (හමුදාවේ අය කලේ රස්සාවක්ය, ඔවුන් ඒකට බැඳුනේ ජිවිත අවධානම අරන්ය කියන වැල් බයිලා වැඩක් නෑ. නීල් ආම්ස්ට්‍රෝංග් මුලින්ම හඳ මත ඇවිද්දා කියනවා මිසක් නාසා සේවකයෙක් මුලින්ම හඳේ ඇවිද්දා කියලා ඉතිහාසේ ලියවිලා නෑනේ)

    ReplyDelete
    Replies
    1. මචං රොටියා උඹේ මතයට 100%ක් එකඟයි. මගේ ගෞරව ප්‍රණාමය පිළිගනිං උඹට තියෙන හයිය කොඳු නාරටිය අද හරිම විරල නිසා.

      //ලංකාවේ ඉන්නේ ගෝත්‍රිකයෝ කියලා හිතාගෙන ඉන්න හයි ක්ලාස් එකට, ලංකාවේ මිනිස්සු යුධ ජයග්‍රහණය සැමරුවා කියන එක අවුල් වගේ නං, බින් ලාඩන් ව මරපු වෙලාවේ, ඇමරිකන් කාරයොත් පාරවල් වලට බැහැල සංතෝස උනා කියන එක මතක් කරොත් හිත හරි යයි මං හිතන්නේ.// +++++++++++++++++
      ඔය ලොකු ෂෝ දාන සමහරු වල්ග *කේ ගහන් ඇඳන් යට හිටියේ යුද්ධ කාලේ. තව සමහර්‍රක් උන් ලංකාවේ හතර මායිමක හිටියෙත් නැහැ..තව සමහරක් (අ)ඥානවන්තයෝ හිතන් ඉන්නවා යුද්ධේ කියන්නේ මහින්දයි රනිලුයි අතරේ වෙච්චි දෙයක්ය, ඒකෙන් රනිල් පරාද වුණාය, ඒක නිසා මහින්දට විරුද්ධවෙනවා කියන්නේ යුද්ධයට විරුද්ධව කතා කිරීමක්ය කියල..ඉතින් කොහොමද මුං වගේ උන් එක්ක රටක් විදියට ඉස්සරහට යන්නේ හිටං වුණත්..

      Delete