Tuesday, August 2, 2022

නියම වෙදා

රනිල් ජනාධිපති වෙන්න කලින්, අරගලං වීරයෝ වන්දනා කරපු උදවියට 88/89 ගැන මතක් කළාම කිව්ව දේවල් මතකද?

"88/89ත් සාධාරණයි අපේ අරගලේ වගේම"
"ඒ කාලේ ස්මාට් ෆෝන්, සෝෂල් මීඩියා නොතිබ්බ නිසා කව්ද දන්නේ ඇත්තටම මොනාවුණාද කියලා"
"ෂුවර් එකට ඒ කාලෙත් මෙහෙම සත්‍ය විකෘති කරලා තමයි පෙන්නන්න ඇත්තේ"
"අනේ මේ හලෝ 88/89 ගගා වැලලෙන්න එන්න එපා හැමදාම"
"එයාලා දැන් එහෙම නෑ"
"88/89 අපි දැකලා නෑ" (1990න් පසු කිරි දරුවෝ සමච්චලයට)
තව නානාවිධ කතන්දර ගොඩක් කිව්වා!

එහෙම කිව්ව උදවියම දැන්
"88/89 භීෂකයා මතකද?"
"බටලන්දේ වධකයා මතකද?"
"ආයෙමත් බටලන්ද සංස්කෘතියක් එපා"
"වධකයා වැඩ පටන් අරං"

දැන් ඉතින් මේවාට හිනායන අපි අහන්න ඕන
"ඒ කාලේ ස්මාට් ෆෝන්, සෝෂල් මීඩියා නොතිබ්බ නිසා බටලන්ද ඇත්තක් කියලා කොහොමද අනේ දන්නේ?" කියලා!

ලංකාවට ඕන හිට්ලර් කෙනෙක් මිසක් කියන කියන පදේට නටන නැට්ටුවෙක් නෙවෙයි! හිට්ලර් කෙනෙක් කියලා විශ්වාස කරපු මිනිහා විධායක බලතල කොට්ටේ යට තියං හිටියා කියලා ඕං දැං මහනායකලාම කියන්නේ! ඔව් එයාලට ලැජ්ජා නෑ තමයි. එතකොට එහෙමයි දැන් මෙහෙමයි!

හරීන් ඊයේ සලකුණේ කිව්ව එක දෙයකට 100%ක් එකඟයි සහ ඒක නියම උත්තරයක්! රනිල් socially disconnected. ඒ කියන්නේ social mediaවල මොනවද එයාට කියන්නෙ, චමුදිත උදේ පත්තරේ කියවද්දි මොනවද එයාට කියන්නේ එයා තඹ සතේකට ගණං ගන්නෙ නෑ. (ඊට වඩා හොඳයි චමුදිතගෙ කණ කෑවා නං හරීන්😂) එයා එයාගෙ වැඩ ටික කරගෙන යනවා. ඒකෙ cons තිබ්බට මේ වගේ වෙලාවකට ගැලපෙනවා!

ආ හා පොඩ්ඩක් ඉන්න. මම රනිල් පාක්ෂිකයෙක්වත් රනිල්ට කඩේ යන්න අරංවත් නෙවෙයි. හැබැයි ඔය කිසි පිලකට කඩේ නොයා අන්ධයොයි මුග්ධයොයි ගොබ්බයොයි හෝල්සේල් ගිය රැළිවල ගහගෙන නොයා ඈත ඉඳන් මේ විපරීත දිහා බලං ඉන්න මනුස්සයෙක් හැටියට ලෙඩේට නියම වෙදා ඔයාලම තමයි ඉල්ලං පත්කරගෙන තියෙන්නේ ඈ! ඒ ගැන අප්‍රමාණ සන්තෝෂයි! 😂

~ Aash Weerasinghe

#AW #සිරිලංකන්ලොජික් #නිර්පාක්ෂිකඅරගල #අරගලේපසුකතා #සිරිලංකන්පොලිටික්ස්

2 comments:

  1. මම :- මේ ඔක්කොම දැනගෙනද උඹල මිනිසුන්ව නොමඟ අරින්නෙ?

    මාලිමා මාමා :- එහෙම තමයි බං දේශපාලනේ කියන්නෙ. දැන් බලපන් අපි ඊයෙ පෙරේද කිව්ව කැමරා ෆෝන් තිබුණ නැති නිසා තමයි 88/89 දී මරපුවට අපිට වැරැද්ද දැම්මෙ කියල. ඒක කිව්වම ඒකත් මිනිස්සු විස්වාශ කරනව. හිටපන්කො බලන්න අපි තව ටික දවසකින් කියනව සද්ධාතිස්ස හාමුදුරුවො. විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති, සාගරිකා ගෝමස් වගේ අය අපි මැරුවෙ නැහැ උන් සිය දිවිහානි කරගත්ත කියල. අපිට සුවර් ඒකත් මිනිස්සු විස්වාස කරනව කියල.

    ReplyDelete