Thursday, January 25, 2024

අමරණීය සුදන දන

මොකෙක් වුණත් මිනිහෙක් මැරුණම සතුටුවීම සාධාරණීකරණය කෙරෙන දවසක් ආයෙත් ඇවිල්ලා. 
ඒ ලොජික්වලට අනුව ප්‍රභාකරන් මැරුණම සතුටුවෙච්ච එකත් කමක් නැතිවෙන්න ඕන, හැබැයි ඒක එහෙම වුණේ නෑ! ම්ලේච්ඡ ඝාතකයෙක් වෙච්ච ප්‍රභාකරන් මැරුණම ඒකට සතුටුවීම නිසා ඌයියා කරගත්ත උන් තාම ඉන්නවා.
ජැකා මැරිච්චම සතුටු වෙච්ච උන් අරගලේ කවුද කෙල්ලක් මැරිච්චහම සතුටුවෙච්ච උන්ට විරුද්ධ වුණා.
ලොජික් නන් ලොජික්! කන්න ඕන වුණාම කබරගොයි තලගොයි කරගන්න බෑ. විශේෂයෙන්ම අපි ඉන්න සුන්දර සමාජෙ.

ඔය ඔක්කොම ලොජික් බයිලා හලෝ!
මෙහෙ ඔක්කොම උන් තව කාටහරිම කෙලවෙනකල් බලන් ඉන්නෙ සතුටුවෙන්න. මරණයක් එක විදියක් විතරයි. මොකවත්ම නැත්නම් ඇදගෙන වැටුණත් හිනාවෙන්න පුළුවන් මිනිස්සු මේ රටේ ඉන්නෙ. හැබැයි කයිවාරු අප්පුලා, මනුස්සකම් පෙරන! 

මං මැරිච්චදාකටත් සතුටු වෙන උන් ඉදී. කිසිම වරදක් නොකලත් තරහෙන් හිටිය උන් ඇති. හැබැයි අවුල මරණෙකට සතුටු වෙන උන්, උන්ගෙ මරණෙන් මතු මක් කරන්න ඉන්නවද කියන එකයි. ආ සමහරවිට උන් අමරණීය ඇතිනෙ? 
සදාකාලිකවම අනුන්ගෙ කෙළවීම් ගැන සතුටු වෙමින් ඉන්න සැප ජීවිත අප්පා. අන්න පතනවා නන් ජීවිත! 👌

~ Aash Weerasinghe

#AW #Thaniya #medusa

2 comments:

  1. මෙවන් ආකල්ප සහික මිනිසුන් බිහිවීමට හේතු වූ කරුණු සෙවීම වඩා වැදගත් ඒ අය වැරදියි කියලා ඔප්පු කරන්න යනවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. මේ ආකල්ප තියෙන මිනිස්සු බිහි කරන්නේ දේශපාලන පක්ෂවලින්. කොච්චර කළත් ඒ මොළ හෝදලා ආකල්ප වෙනසක් කරන්න බැරි මුග්ධ දේශපාලන පක්‍ෂ අදහන හින්දා

      Delete