සාමාන්යයෙන් සෙනසුරාදා තමයි අපේ පැරණි රසාංග දවස..ඒ කිව්වේ අතීතාවර්ජන, පැරණි ඕපාදූප, අලගිය මුලගිය වැලගිය තැන් කතා වෙන දවස..එදාට එක එක මාතෘකා එහෙම මතුවෙනවා..ඒ වගේ අද ඇදිලා ආවේ ඉස්සරකාලේ ගිය ටෙලි නාට්ය ගැන...දැන් එව්වා නම් නාට්ටි..ඉස්සර එව්වා නාට්ය කියලා හිතෙන්න ගත්තේ ඒවා ගැන හොයලා බලන්න ගත්තුවම...බලමුකෝ මෙව්වා ඔහේලටත් මතකද කියලා...
ඕං ඔය ලින්කුවෙන් බැලුවම මතක් කොරගන්න ඕනෑ අය..මට මතක හැටියට මේක විකාශය වුණේ 90 දශකයේ මුල භාගේ වගේ..ඒ කාලේ බට්ටියෙක් වුණාට මට ඕක හොඳට මතක කතාවක්..කොටින්ම කිව්වොත් මම ඕකේ විස්තර කථනය දුන්නු හැටි අහං හිටි අපේ අම්මා මට හෙණ නෝණ්ඩියකුත් දාපි! "ඒ කාලේ චූටි ලු, ඒ වුණාට ඔව්වා නම් හොඳට මතකයිනේ??මටවත් මතක නෑ!" O_o
ඔය කතාව තියෙන්නේ වලව්වක ජීවත්වෙන අම්මයි දුවල තුන්දෙනායි ගැන..දුවල තුන්දෙනායි සෙට්වෙන්නේ හෙණ සිරා සල්ලිකාර කොල්ලෝ තුන්දෙනෙක්ට...ඔන්න ඒකයි කතාවේ සාරාංශය...ඉතින් ඔහේලට හිතාගතහැකිනේ ඇයි අම්මා මාව නෝණ්ඩි කළේ කියලා..අපි පුංචි දවසේ ඉඳන් ප්රේමයට සංවේදී නෙව! ;)
ඒ විතරයැ ඕකේ රඟපානවා නෙව අපේ මාමා...කවුද ඉතින් මහින්ද මාමා...ඕකෙ ඔය වලව්වේ කෙල්ලෝ තුන්දෙනාගේ ඇමති මාමා තමයි එයා..ඇමති මාමා ආව දුරක් ඈ! :D
තව ඔය පටන්ගැන්මේ බලන්ටකෝ දමිත් ෆොන්සේකා, අමිත්ත වීරසිංහ, අජිත් ජිනදාස වගේ අයගේ හැඩ..! එයාලා තමයි ඔය වලව්වේ දූලා තුන්දෙනාට දැල දාන්නේ..:D

