ප්‍රේම කළලය...
ලුහුබැඳ එකිනෙකා අවසන
යටත් විය,
එකෙක් අනිකාට...
ඉඳින් පොදි කෑ සිතුම්වැල් අතර
යෙදිණි දෙනෙත් යුග සංසර්ගයක...
බිඳින් බිඳ ලේ නහර දළු ලා
වැඩිණි කළලය පපු කුහර තුළ..
දත්තෙමු ප්‍රේමයේ කළලය
පාරමී පුරන වග..
එක් සැණෙන් බිඳ වැටිණි
සිහිනයෙන් පොළොවට..
නොදැනීම ගබ්සා විය
ප්‍රේමයේ කළලය...
/ යෙදිණි දෙනෙත් යුග සංසර්ගයක.../
ReplyDeleteමගේ හිතේ මාගම්සෝලියේ වගේ සීන්කොන් එකක් වෙන්න ඇත්තේ.. ;-)
හෑ? මාගම් සෝලිය නම් තාම කියවා නැත..
Deleteපොත් ප්‍රදර්ශනේකදී පොත දැක පෙරළා බැලුවා විතරය, අස්පට් පිටුවකි පෙරලුණේ..එවකට වෙන්ට මෑන්ඩ ඊට හොට දැමු හෙයින් විලියෙන් රතුව පොත වසා රාක්කයේ තබා ගෙදර ආවෙමි..(නැත්නම් කියවන්නටත් තිබුණාය :D)
මේ කිව්වෙ හැබැයි බැල්මෙන් උපන් ප්‍රේමයක් ගැන හොඳේ...:)
ඒ වගේ ඒවත් කියවන්න ඕනෑය...
Deleteනැතිනම් වැඩක් නැති
ඒක හැබෑව..නැතිනම් වෙනස තේරුම් ගන්නට බැරිය..:D
Deleteවෙන්ඩ මැන් එක්ක නිරවුල්ව කතා කළ යුතු මාතෘකාවක්නේ ඒක. අපරාදේ පොත නොගත්තේ.
Deleteහී හී...ඔව් ඒක ඇත්ත නලීන් අයියේ..ඒ වුණාට ඉතින් ඒ කාලේ සබකෝලේ..:D :D
Deleteපට්ටය පට්ට කියන්නේ උපරිමය..
ReplyDeleteකවිය ලෙසටම වැදුණි.. ඒත් මේ වගේ කතාවකට පිළිතුරු කොම බදින්නද නොතේරේ...
ඒකත් ෙලඩකි
තැන්කූ මහේෂ්...:)
Deleteසමහර කවිවලට පිළිතුරු ලියන්නට තේරෙන්නේ නැති වීම ලෙඩක් නොවේය..සමහර පිළිතුරු හිතේ විතරක් ලියැවෙන වචන කරන්නට බැරි ඒවාය..ඒක නිසාවෙන් ඒ ගැන අහිතක් නැත..:)
නියමයි තනි...................
ReplyDeleteනොහිතන පැත්තකින් ගොඩනැගුණු ලස්සන කයියක්.....
ජ ය වේ වා !!!
තැන්කූ විදානේ..:)
Deleteජයෙන් ජය! :)