Friday, August 8, 2014

දිල් පීචං ක්‍යා හේ - අවසාන කොටස

4වන කොටසට

20වෙනි රූප රාමුව:
රාජ් රොකීගේ ගෙදර බැල්කනියේ වාඩිවෙලා කම්මුල අත ගගා ඉන්නවා...පපායි පවුලූෂායි රොකීයි එයාව හොයාගෙන බැල්කනියට එනවා...

"පුතා.."

"පපාජී.."

"අපි හෙට කෝච්චියේ ශිම්ලා යමු පුතා.."

රාජ් හිටි තැනින් උඩට විසික්වෙනවා..

"හෙට?? ශිම්ලා? අනේ පපාජි සප්නාව දාල යන්න බෑ.." රාජ් පුංචි කාලේ ඩොක්ටර් ලඟට යමු කිව්වම වගේ පින්සෙණ්ඩුවෙලා කියනවා..

පපා ඔළුව වනනවා...

"ඒ ගැන අමතක කරන්න පුතා..ඔය මැර ධනරාජ්ගිර් එක්ක හැප්පෙන්න දුප්පත් අපට බැහැ..අම්මා මළාට පස්සේ අපිට ඉන්නේ අපි විතරයි...අපි යමු පුතා...අපි යමු.." පපා කවදාවත් නැතුව රාජ්ගේ ඇස් මග ඇරලා කතා කරනවා..

රාජ් ටිකක් වෙලා පපා දිහා බලා ඉන්නවා..එයාගේ මූණ වෙනස්වෙනවා...එයා හැරිලා ගිහින් බැල්කනි වැටට අත් දෙක තියන් උරිස් හතරැස් කරන් පාර බලන් ඉන්නවා...

"පපා..ඒකම නෙවෙයි නේද හේතුව..?" රාජ් බාගෙට තරහෙන් බාගෙට දුකෙන් අහනවා...

පපා කලබල වෙනවා..

"ඒක තමයි පුතා හේතුව...කෙල්ලෙක් නිසා මට මගේ පුතාව නැතිකරගන්න බෑ.." පපා ලඟට ඇවිත් රාජ්ගේ පිටට අත තියනවා.."අපි යං"

"පපා..එදා පපා කිව්ව කතාවෙ හිටිය කෙනා සප්නාගේ අම්මා නේද? අම්මාව හම්බවෙන්න කලින් පපා ආදරේ කළේ එයාට නේද?" රාජ් මේ පැත්ත හැරිලා පපාගේ උරිස් දෙකෙන් අල්ලං මූණට එබිලා අහනවා...

පපා පුදුම වෙලා රාජ්ගේ මූණ බලනවා..හරියට මූ කොහොමද ඒක දන්නේ කියලා...රොකීගේ කට ඇරිල අයාලේ යන මැස්සෙක් ඒකට රිංගගන්නවා..එය තුක් ගාල කෙළගැහුවම මැස්සා මැරිලා බිමට වැටෙනවා...පවුලූෂා කරකියාගන්න දෙයක් නැතුව ඇවිදන් ඇවිත් රාජ්ගේ සපෝට් එකට පැත්තකින් හිටගන්නවා...

පපා  තටම තටම ටපල ටපල මොනාදෝ කියන්න උත්සහ කරලා රාජ්ගේ අත්දෙක අතෑරලා හැරෙනවා...

"පපා මට ඇත්ත කියන්න පපා..ප්ලීස්.."

"ඔව්..පුතා..." පපා බැරිම තැන කතාව කියන්න ගන්නවා...

"පුතා... මම එදා කිව්වා වගේ මම අවුරුදු ගාණකට පස්සේ සාවිත්‍රිව දකිනකොට එයා හිටියේ පොඩි ළමයෙක් එක්ක...ඒ ගෑණු ළමයෙක්...ඒ සප්නා නම් එයා ඔයාට වඩා සෑහෙන්න වැඩිමල් වෙන්න ඕන..ඒ කියන්නේ මේ කසාදේ කොහොමවත්ම කරන්න බෑ නේ පුතා.."

රාජ් මාර විදියට අප්සෙට් වෙනවා..එයා ගෙදරින් එළියට දුවනවා...පාර දිගේ ඔහේ දුවනවා...කට්ටිය එයා පස්සෙන් දුවලා නවත්තගන්න හදනවා ඒත් එයාල යද්දිත් රාජ් පාරට ගිහිං ඉවරයි...

පපා අවුලෙන්, රොකී පුදුමෙන්, පවුලූෂා දුකෙන් ඒ දිහා බලං ඉන්නවා...




21වෙනි රූප රාමුව:



බූට් සිංදුවක්...

රාජ් දන්නෙම නැතුව ඇවිදං යන්නේ සප්නාගේ ගේ පැත්තට...එයා පාරේ ඉඳන් සප්නාගේ බැල්කනිය දිහා බලං සින්දුවක් කියන්න ගන්නවා..

"ලොවම අපට එරෙහිවෙලාය...ඔයා අක්කෙක්ලුය..ඒත් මට ඔයා නැතුව බැරිය...ඔයා එනවානම් අපි කොහේහරි යමුය..ශිම්ලාවල කඳු මුදුනක ගෙයක් තනා අපි ජීවත් වෙමුය...එහෙම මම හීනයක් දැක්කාය...ඒ හීනෙන් මාව ඇහැරවන්න එපාය...මගේ සුදු සත්තලං ඔයා මගේය.."

ඔන්න ඔය අඳෝනාව ඇහිලා සප්නා බැල්කනියට දුවන් එනවා..නිකං නෙවෙයි..රත්තරං පාට සාරියකුත් ඇඳගෙන...ඇවිත් පිළිතුර ගයන්න ගන්නවා..

"මගේ ඉර ඔයාය...අනේ ඔයා මල්ලි බබෙක් වුණාට කමක් නැතිය...මම ඔයාට ආදරේය...මේ සිර මැදුරෙන් පැන එන්නට ඇත්නම් මං දැන්මම හරි එනවාය..මගේ නිල් මැණික් කැටේ මම ඔයාගේ විතරය..."

එහෙම ගයනකොට එක සැරේම දූවිලි අවුස්සගෙන පිඹගෙන එන වාහන පේළියක් රාජ් ලඟින් ඇවිත් සප්නාගේ ගෙදරට හරවනවා...සාවිත්‍රී ඇවිත් රාජ් දිහාත් අසරණ බැල්මක් දාල සප්නාව එක්කං යනවා..

ගෙදර ඇතුළේ සප්නාගේ තාත්තා ආව කට්ටියව පිළිගන්නවා..ඒ එන්නේ සප්නාගෙ මනමාලයා...රාජ්ට වඩා ලස්සන අඩු හෙන අධ්‍යාපනික ලුකින් පොරක් කණ්ණාඩි දෙකකුත් දාගෙන ඉන්නවා..සාවිත්‍රී සප්නාව එයාල ලඟට එක්කං එනවා..සප්නා හීනෙන් ඇවිදිනවා වගේ ඔහේ ඇවිදන් එනවා...මනමාලයා විශ්වන්ත් සප්නා එක්ක කතා කරන්න උත්සහ කරනවා..සප්නා අඳ ගොළු බීරෙක් සේ බලාගත්තු අත බලං ඉන්නවා...

රාජ් ඇවිත් ගෙදර ගේට්ටුවේ එල්ලෙනවා..අනේ මට සප්නාව බලන්න දෙන්න කිය කියා අඬනවා..

සතුටු සාමීචියේ යෙදිලා ඉන්න ධනරාජ්ගිර් ලඟට යන මැර පාට ගෝලයෙක් මොනාද කුටු කුටු ගාල කියනවා...ධනරජ්ගිර් 'ඉවරම කරපං' කියලා සංඥාවක් දෙනවා..ගෝලයා යනවා..

ගේට්ටුවේ එල්ලිලා ඉන්න රාජ්ව මැරයෝ ටිකක් ඇවිත් පොඩි බට්ටා වෑන් එකකට පටවගන්නවා...ඔළුවට ගෝනියක් දාලා වෑන් එකේ බිම දාගෙන ගහනවා...රාජ්ට නැගිටින්න බැරිවෙන්න ගහලා ගහලා චප්ප කරලා දානවා..රාජ්ගේ ඔලුවෙන් කටින් නහයෙන් කණෙන් පස්සෙන් හැමතැනකින්ම ලේ පිටවෙනවා...රාජ් ඒ අස්සේත් අඬ අඬා ගයනවා..."මගේ ආදරේ ඔයයි රන්කඳ...මේ ගුටි මට ගුටි නොවෙයි...ඔයා වෙනුවෙන් මං ජීවත් වෙන්නේ...ඔයා නැත්නම් මම මැරෙනවා.." කියලා..ඒක ඇහිලා වගේ මැරයෝ හති දාගෙන උන්ගේ තඩි අත්වලින් පොලුවලින් බයිසිකල් චේන්වලින් තුවක්කු බඳෙන් රාජ්ට ගහනවා...රාජ් එහෙමම නිශ්චල වෙනවා...මැරයෝ ටික මූණට මූණ බලං මූ මැරුණා කියලා අභින පළ කරගන්නවා..ඊටප්ස්සේ වෑන් එකේ දොර ඇරලා රාජ්ගේ මළ කඳ එලියට ඇදලා දාලා වේගෙන් යනවා...

එලියට ඇදල දාපු රාජ්ව එතනින් යන මිනිහෙක් දකිනවා..එයා ලඟට දුවන් ඇවිත් රාජ්ගේ නාඩි බලලා උදව් ඉල්ලනවා..ඇම්බියුලන්ස් එකක් 'මීමෝ...මීමෝ...මීමෝ..." ගාගෙන ඇවිත් රාජ්ව ඉස්පිරිතාලේ ගෙනියනවා...

තාම සිංදුව යනවා හරිය?

ඒ අස්සේ රොකීට කෝල් එකක් එනවා..එයා කලබලෙන් කතා කරන විත්තිය පේනවා..පපා ඒක අහං ඉඳලා සිහි නැතුව වැටෙනවා...පවුලූෂා ඉක්මණට එයාව වත්තම් කරගන්නවා...

"ඔයා මට නොලැබෙනවා නම් මම යන්නම යනවා.." කියාගෙන සිංදුව ඉවරවෙනකොටම පෙන්නනවා ඊ සී ජී එකක්..ඒකේ හැටියට රාජ්ගේ තත්වය අසාධ්‍යයි..දොස්තරවරු වටේ ඉඳන් එයාගෙ පපුවට ඉලෙක්ට්‍රික් ශොක් එක දෙනවා..කැමරාව රාජ්ගේ තදින් ඇස් පියවුණ නිශ්චල මූණ ලඟට ඇවිත් බොඳ වෙලා යනවා...


22වෙනි රූප රාමුව:
සප්නාට කෝල් එකක් එනවා...ඒ රොකී...

"සප්නා...ඔයා හොඳින් නේද?"

"මොන හොඳක්ද රොකී...රාජ් කෝ..? එයා ඊයේ මාව බලන්න ආවා රොකී.."

"ඔයාව බලන්න ආවා..?ඊයේ..? " රොකී පුදුම වෙනවා..

"ඔව්..ඇයි?"

"හ්ම්ම්...සප්නා රාජ්ට කවුද කට්ටියක් හොඳටම ගහලා..එයාට..එයාට හොඳටම අමාරුයි.."

සප්නා උඩ විසිවෙනවා...

"මො..මොනවා..රොකී...අනේ මගෙ රාජ්..රොකී එයා දැන් කෝ..අනේ..අනේ..." කියලා සප්නා සුපුරුදු ඇඬිල්ල පටන් ගන්නවා...

"හරි හරි කලබල වෙන්න එපා..එයා දිල්ලි මහ ඉස්පිරිතාලේ..ඩොක්ටර්ස්ලා හුඟක් උත්සහ කරනවා එයාව බේරගන්න...තාම මුකුත් කියන්න අමාරුයි.."

කෝල් එක කට්වෙනවා...
සප්නා ෆෝන් එකත් බදාගෙන එහෙමම බිම වාඩිවෙනවා...
එයාගේ ඇස්වලින් කඳුළු ගලනවා...නහයෙන් හොටු බේරෙනවා...
ටිකෙන් ටික එයාගේ මූණෙ මහ දැඩිගතියක් ඇඳෙනවා..එයා තීරණයක් අරන් වගේ දඩිබිඩි ගාල එතනින් නැගිටිනවා..පටපට ගාල ඇස් වලින් එන කඳුළුයි මූණයි ෂෝල් එකෙන් පිහගන්නවා...

සප්නා පිස්සුවෙන් වගේ එයාගේ සුදුපාට කණ්ණාඩි මේසෙ ලාච්චු අදිනවා..ඒවයේ තියෙන බඩු ඇද ඇද විසික් කරනවා..අන්තිමට මොකද්ද හොයාගෙන ඒකත් දෝතින් බදන් බිම වාඩිවෙනවා..

චූටි පෑන පිහියක්...

එයා ඒක දිහා දැඩි අධිෂ්ඨානයකින් බලං ඉඳලා ඒක වම් අතේ මැණික් කටුව ලඟ නහරයට තියලා උඩ බලං දෙවියන් බුදුන් සිහිකරන් චරස් ගාල ඇදලා දානවා...ඇඬීමෙන් රතුවුණ ඇස් වපර වෙලා එයා ක්ලාන්තයෙන් බිමට ඇද වැටෙනවා...අතින් ගලාගිය ලේ ගංගාවක් බිම පුරා ගලනවා...

කැමරාව සප්නාගේ බෙඩ් කබඩ් එක උඩ තියෙන මිකී මවුස් ඔරලෝසුවට එල්ල වෙනවා..ඒකේ පැය කටු සීග්‍රයෙන් වෙනස් වෙනවා...


23 වෙනි රූප රාමුව:
ආනන්ද් සාවිත්‍රි එක්ක ඉස්පිරිතාලේ පුටු පේළියක වාඩිවෙලා ඉන්නවා..ෆයිල් කවරයක් අරගත්තු දොස්තර කෙනෙක් දොරක් ඇරන් එළියට එනවා..ආනන්ද් ඉක්මණය එතනට දුවනවා..

"එක්ස්කියුස් මී ඩොක්ට, මගේ දුවට දැන් කොහොමද?"

ඩොක්ට නවතිනවා...ආහ්හ් මෙයාද මේ එළදෙනගේ ඩැඩා කියලා වගේ බලනවා.. 
(සාමාන්‍යයෙන් ලංකාවේ නම් දිවි නසාගන්න උත්සහ කරපු අයයි, බබාලා හම්බවෙන්න රජයේ රෝහල්වලට යන අයයි, බීලා ලෙඩ වෙන අයයි දණිස්සෙන් උඩට ගණන් ගන්නේ නෑ නේ..ඒ වුණාට ඉන්දියාවේ එහෙම නෑ ලු හරිය!)

"අහ්..මිස්ටර් ධනරාජ්ගිර්, එයාගෙන් හුඟාක් ලේ ගිහින් තියෙනවා...තාම බලන්න නම් අමාරුයි..ලෙඩාට ඩිස්ටර්බ් කරන්න එපා..අපි බලමු පැය 24ක් යනකම් මුකුත් කියන්න අමාරුයි.." කියල දොස්තර යනවා...

ආනන්ද් දැන් බව් වෙලා වලිගේ අකුලං ඇවිත් වාඩිවෙලා දිග සුසුමක් හෙලනවා...

"මහත්තයා...අනේ අපේ දුව..." කියලා සාවිත්‍රි අඬන්න ගන්නවා..
ඔය මුළු කසාද ජීවිතේටම නැතිවිදියට ආනන්ද් එයාව උරහිසට වත්තම් කරං ඔළුව අතගානවා..

එතකොටම එතනින් රොකී කලබලෙන් දුවනවා...එයා මේ දෙන්නව දැකලා ඉද්ද ගැහුවා වගේ නවතිනවා..

"ආන්ටි..අන්කල්..මෙහේ ඇයි?" සාවිත්‍රි දඩිබිඩි ගාලා ආනන්ද්ගේ තුරුල්ලෙන් මිදෙනවා..
රොකී ලඟට එනවා..

"ඇයි ආන්ටිල මෙහේ?"රොකී දන්නේ නෑ සප්නා ගැන..

"අනේ පුතේ, සප්නා...සප්නා සුයිසයිඩ් කරගන්න හදලා..තාම එයාව බලන්න දෙන්නේ නෑ..." කියලා සාවිත්‍රි අඬ අඬා කියනවා...ආනන්ද් මූණ බෙරිකරන් ඉන්නවා..

රොකී දෙන්න දිහා මාරුවෙන් මාරුවට බලලා පුදුමෙන් කියනවා.."සප්නා..අයියෝ..." කියලා

ඊටපස්සේ සාවිත්‍රි අහනවා "ඇයි පුතා ඔය දන්නේ නැද්ද? ඔයා මොකද මෙහෙ එහෙනම්?" කියලා...

රොකී මල පැන්න මූණකින් ආනන්ද් දිහාත් බලලා කියනවා "ඇයි ආන්ටි දන්නේ නැද්ද? රාජ්ට කවුද කට්ටියක් හොඳටම ගහලා මහ පාරේ දාල ගිහිං...එයා සප්නාව බලන්න ගිහිං තමයි ඒක වෙලා තියෙන්නේ..දැන් එයාගේ ජීවිතේත් විශ්වාස නෑ.." කියලා...

සාවිත්‍රිගේ ඇස් එළියට පනිනවා.."මොනවා??"

ආනන්ද් හොර මූණකින් අහක බලං ඉන්නවා...

සාවිත්‍රී තීරණය කරනවා කසාද ජීවිතේ පළවෙනි වතාවට තනි තීරණේට දෙයක් කරන්න...

"කෝ පුතා දැන් රාජ්? මට එයාව බලන්න ඕන" ආනන්ද්ගේ කට ඇරෙනවා...එයා නවත්තන්න කලින් සාවිත්‍රී මොට්ටැක්කිලිය හද හද රොකී එක්ක එහාට ඇවිදන් යනවා...


24වෙනි රූප රාමුව:
සාවිත්‍රීයි රොකීයි දකිනවා රාජ්ගේ පපාජී බංකුවක වාඩිවෙලා ඔළුව ගහන් ඉන්නවා...දෙන්නට දෙන්නා මූණ මූණ බලාගන්නවා..දෙන්නගේ පරණ හුටපටේ දන්න නිසා රොකීයි මග ඇරල යනවා සාවිත්‍රිට කත කරගන්න දීලා...

සාවිත්‍රී හිමින් හිමින් ඇවිදන් යනවා පපාජි ලඟට..එයාගේ මූණේ මැවෙනවා තමන්ට අහිමිවෙච්චි ප්‍රථම ප්‍රේමය ගැන මහ විශාල දුකක්...එයා කඳුළු පුරෝගෙන ඇවිත් රාකේෂ් ලඟින් වාඩිවෙනව...

"රාකේෂ්.."

රාකේෂ් ගැස්සිලා ඔළුව උස්සලා බලනවා..සාවිත්‍රිව දැක්කම එයා කලබල වෙලා බංකුවෙන් නැගිටිනවා..

"ස..සාවිත්‍රි..ඔයා ඇයි මෙහේ?"

සාවිත්‍රිගේ ඇස්වලින් සට සට ගාල කඳුළු වැටෙනවා..තොල් වෙව්ලනවා...

"සප්නා..සප්නා සුයිසයිඩ් කරගන්න හැදුවා රාකේෂ්...තාම සිහිය නෑ..."

"මොනවා?..සප්නා..." කියාගෙන රාකේෂ් ආයෙමත් වාඩිවෙනවා...

"රාජ් ගැන කිව්වේ රොකී..එයාට කොහොමද?"

රාකේෂ් ලොකු හුස්මක් හෙලල කියනවා "එයාටත් සිහිය නෑ...ඩොක්ටර්ස්ලා කියන්නේ ජීවිතේ විශ්වාස නෑ කියලා" ..එහෙම කියද්දිම රාකේෂ්ට ඇඬෙනවා....

සාවිත්‍රි එයාගේ අතින් අල්ලගන්නවා...

"ඇයි රාකේෂ් අපිට අපි වගේම මේ දරුවන්ටත් එයාලව අහිමිවෙන්න නියම වුණේ..?"

"හ්ම්ම්....ඒත් මේ දෙන්නගේ සම්බන්දේ එහෙම නෙවෙයි..ඔයා මගෙන් ඈත් වුණාට පස්සේ..."

"මම ඈත් වුනේ නෑ රාකේෂ්..ඇයි බොරු කියන්නේ.."

රාකේෂ් සාවිත්‍රිගේ මූණ දිහා බලල නැගිටිනවා...

"මම ඔයාට කවද්ද බොරු කිව්වේ සාවිත්‍රි?? කවද්ද?? මම ඔයාට කොච්චර ලිව්වද? ඒ එකකටවත් උත්තර ආවේ නෑ..මම අවුරුදු ගාණක් බලං ඉඳලා අන්තිමට තමයි රාජ්ගේ අම්මව කසාද බැන්ඳේ..."

සාවිත්‍රිත් නැගිටලා රාකේෂ් ලඟට එනවා...

"මට ලිව්වා?? මට එහෙම මුකුත් ලැබුණේ නෑ රාකේෂ්...සත්තයි...ඔයාගෙන් ආරංචියක් නැති නිසා තමයි අන්තිමට මම ආනන්ද් ගෙනාව යෝජනාවට කැමති වුණේ...ඒත් මම හුඟක් කල් අකමැත්තෙන් හිටියා...එයා..එයා...දරුවෝ හිටිය වැන්දඹු මිනිහෙක් නිසා..."

"මොකක්??? සප්නා ඔයාගේ දුව නෙවෙයිද??"

සාවිත්‍රී හිනාවෙනවා...

"සප්නා මගේ පළවෙනි දරුවා..."

"එ..එතකොට අර එදා හිටියේ...?"

"එදා...?"

"ඔව්..අවුරුදු ගාණකට පස්සේ මම ඔයාව දැක්කා ආයෙත් ශිම්ලාවලදි..එතකොට ඔයා බැඳලා...මංගල සූත්‍රය බෙල්ලේ තිබුණා...මම නොදැම්ම මංගල සූත්‍රය...ඔය හිටියේ අවුරුදු 3-4ක දරුවෙක් එක්ක..."

"හ්ම්ම්..ඒ තමයි ආනන්ද්ගේ ලොකු දුව...පළවෙනි කසාදේ එකම දරුවා..."

රාකේෂ් පුදුම වෙලා බලනවා...
"එතකොට සප්නා රාජ්ට වඩා වැඩිමල් නෑ...එතකොට...දෙයියනේ...මම මගේ පොඩි එකාගේ හිත කැඩුවා නේද? අයියෝ..." කියාගෙන් රාකේෂ් ආයෙමත් බංකුවේ වාඩිවෙලා ඔළුවේ අත් ගහගන්නවා...

"මොකද්ද ඒ කියන්නේ...මට තේරෙන්නේ නෑ..."

"සාවිත්‍රී..මම පුතාට කිව්වා මම මේකට අකමැතියි කියලා ඔයාගේ දුව කියලා දැනගත්තට පස්සේ...ඊටපස්සේ පුතා පිස්සෙක් වගේ පාරට බැහැලා ගියා ගියාමයි ආයෙත් මම දැක්කේ මෙහෙමයි..අනේ.." කියාගෙන එයා ඉකි ගගහා අඬන්න ගන්නවා...


25වෙනි රූප රාමුව:
රාජ් එක සැරේටම ඇස් අරිනවා...ඇස් ගගහා බොඳ වෙන වටපිටාව පැහැදිලි කරගන්න ට්‍රයි කරමින් එයා කාමරේ වටේට ඇහැ යවනවා...ඊටපස්සේ නැගිටලා ඇඳේ වාඩිවෙනවා...

එතකොට එයා දකිනවා සප්නා ලෙඩ්ඩු අඳින ජාතියේ ලෝගුවක් ඇඳන් දොරකඩ හිටං ඉන්නවා...එයාගේ අතක මැණික් කටුව ලඟ වෙලලා ඒ වෙළුම්පටියත් ලේවලින් පෙඟිලා..රාජ් අමාරුව අමතක කරලා එයා ලඟට දුවගෙන ගිහින් එයාව තුරුල් කරගන්නවා..

"සප්නා..ඔයාට මේ මොකද වුණේ.."

සප්නා ආදරෙන් හිනාවෙවි රාජ්ගෙ මූණ අතගාල අහනවා.."ඔයාට මොකද වුණේ..මමයි ඒක අහන්න ඕන" කියලා...

"සප්නා...ඔයාගේ අම්මා එක්ක තමයි පපාජි කලින් යාළුවෙලා ඉඳලා තියෙන්නේ..: කියලා රාජ් කතාව පටන් ගන්නවා..

සප්නා තමන්ගේ අතින් රාජ්ගේ කට වහනවා...

"ඔයාට මහන්සි වෙන්න හොඳ නෑ රාජ්..මම ඒ කතාව දන්නවා.."

"ඔය දන්නව?? ඒ කොහොමද? "

"මම දැන් ඒ දෙන්න ලඟින් ආවේ..මට ඇහුණා ඔයගේ තාත්තයි අපේ අම්මයි කතාවෙනවා...මම ඔය නොදන්න කතාවම දන්නවා රාජ්...ඔයාගේ තාත්තා අවුරුදු ගාණකට කලින් දැක්කේ මාව නෙවෙයි මගේ අක්කව...මගේ හාල්ෆ් සිස්ටව..."

"මොනවා..." කියලා රාජ් කල්පනාවෙන් හැරිලා ඇඳ දිහා බලනවා...

ඇඳේ ඉන්න රාජ් නිශ්චලව ඇස් පියං ඉන්නවා...


26වෙනි රූප රාමුව:
එක සැරේටම රාජ්ගේ ඊ සී ජී එක වෙනස්වෙනවා..එයා දඟලනවා...ඩොක්ටර්ස්ලා නර්ස්ලා ගොඩාක් කොහෙදෝ ඉඳන් දොර ඇරන් කාමරේට කඩා පාත්වෙනවා...ඇවිත් එයාලා කලබලෙන් සිස්ටම් චෙක් කරනවා..

රාජ් ඇස් අරිනවා...ඇස් ඇරලා මාළුවෙක් වගේ කට ඇර ඇර දඟලනවා...ඩොක්ටර්ස්ලා ඔක්සිජන් මාස්ක් එකක් දානවා...

ටික වෙලාවකින් දැඟලීම නතරවෙලා එය නිශ්චල වෙනවා..රාජ් මොනවදෝ කියන්න උත්සහ කරනවා...ඩොක්ටර්ස්ලා ඔක්සිජන් මාස්ක් එක අස්සට එබිලා එයා කියන දේ අල්ලගන්න හදනවා...රාජ් , සප්නා සප්නා කියලා කෙඳිරි ගානවා...

ඩොක්ටර්ස්ලා මූණට මූණ බලාගන්නවා...ආයෙත් සිස්ටම් එක චෙක් කරලා අභිනයෙන් පෙන්නනවා තත්වේ සෑහෙන්න නරකයි කියලා....


27වෙනි රූප රාමුව:
"ඩොක්ටර්..පොඩ්ඩක් ඉන්න...කොහෙද මගේ දුවව ගෙනියන්නේ..ඩොක්ටර්..." ආනන්ද් බොහොම කලබලෙන් ඩොක්ටර් ලඟට දුවනවා...එයා උත්තර නොදී කඩාගෙන බිඳගෙන යනවා...ආනන්ද් පස්සෙන් දුවනවා...
එයාගෙ පස්සෙන් අටෙන්ඩන්ස්ලා වගයක් සප්නාගේ ට්‍රොලිය වේගෙන් තල්ලු කරන් යනවා...

"ඩොක්ට!!"

"මිස්ටර් ධනරාජ්ගිර්...කරුණාකරලා අපිට ප්‍රතිකාර කරන්න ඉඩ දෙන්න...අපි කරන්නේ සප්නාගේ ජීවිතේ බේරගන්න උත්සහ කරන එක...සප්නාගේ විතරක් නෙවෙයි රාජ්ගෙත්..."

"රා..රාජ්ගේ..?? නෑ නෑ ඩොක්ටර් කරුණාකරලා මගේ දුවව ගෙනියන්න එපා ඌ ලඟට..ඌ නිසයි මගේ දුවට ඔහොම උණේ.."

ඩොක්ටට මල පනිනවා දැන්...

"මිස්ටර් ධනරාජ්ගිර්! ඔයාට දුවව බේරගන්න ඕනද නැද්ද?" කියලා එයා හෙණ තගක් දාල යනවා...


28වෙනි රූප රාමුව:
රාජ්ගේ ඇඳ ලඟින්ම සප්නාගේ ට්‍රොලිය දාලා තියෙනවා..මේක ඒරියල් ෂොට් එකක්...

දෙන්නවම එකම විදියට පපුව ලඟට යනකල් කොළ පාට පෙරවනවලින් වහලා...දෙන්නම නිශ්චලයි...මුළු කාමරේටම තියෙන්නේ රාජ්ගේ ඊ සී ජී එකේ සද්දේ විතරයි...ඩල් මේක් අප් එකෙන් දෙන්නව සුදුමැලි කරවලා...සප්නාගේ එක අතක් රාජ්ගේ සේලයින් එක ගැහුව අත අල්ලං ඉන්න විදියටයි තියලා තියෙන්නේ..

ඒ ෂොට් එක ඒරියල් වියු එකෙ ඉඳන් හොරිසෝන්ටල් වියු එකක් වෙනකල් එනවා..ඇවිත් තිරය අඳුරු වෙනවා ලාවට...

පසුබිමින් යනවා ගැඹුරු සීරියස් කටහඬින් රාජ්ගේ ස්පීච් එකක්...

"ලෝකය ආදරේ විශ්වාස කරන්නේ නැහැ..ඒත් මම විශ්වාස කළා..සප්නා විශ්වාස කළා...අදත් විශ්වාස කරනවා...හෙටත්...හෙටත් විශ්වාස කරනවා..."

එතනින් තිරය සම්පූර්ණයෙන්ම අඳුරුවෙලා නම්පෙළට යනවා...පසුබිමට ෆිල්ම් එකේ හොඳටම හිට් වෙච්ච සිංදුවේ අකූස්ටික් වර්ෂන් එක..


16 comments:

  1. බුහ් හහ් හා....
    මාත් යන්නෝන සුයිසයිඩ් කොරගෙන දිල්ලියේ මහ ඉස්පිරිතාලෙට...
    හම්මා තියෙන සැලකිලි...
    හිහික්....
    ඒ මදිවට කෙල්ලෙක්ගෙ අතිං අල්ලගන්නත් දෙනව...
    හිහි
    පට්ට පට්ට

    ReplyDelete
    Replies
    1. අන්න ඉස්පිරිතාල ඈ...
      වෙන කොයි ලෝකෙද ඔහොම කස්ටමයිස්ඩ් සැලකිලි තියෙන්නේ දිල්ලියේ මිසක්ක...
      හැක් හැක්...
      ඒත් මචෝ මෙහෙදි නම් ස්යිසයිඩ් කරගන්න එපා හරිය..? ඇඟ බඳිනවලු පොලෝසිය...අටෙන්ඩන්ලා කුණුහරුප වපුර වපුර පයින් ගහනවලු...:D

      Delete
  2. අඩේ පට්ටයි මචී මේක... අන්තිම කොටස හින්දා ටිකක් සීරියස් උනාද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔව් බන්..පොඩ්ඩක් සීරියස් ලියන්න එපැයි අවසානයේ උඹලට ඇඬෙන්න...එහෙමනෙ සාමාන්‍යයෙන් බොලිවුඩ් ෆිල්ම් හැදෙන්නේ...ප්‍රේක්ෂකාගාරයෙන් එළියට එද්දි ඇස් රතුවෙලා මූණ ඉදිමිලා හොටු හූරලම නහය ජම්බු ගෙඩියක් වගේ වෙලා බ්ලොක් වෙලා එහෙම එපැයි එන්න...:P

      Delete
    2. අමුතුවෙන් film බලන්න දෙයක් නෑ.. බස්සියා හැමතිස්සෙම හොටු හූර හූර තමයි ඉන්නේ .. හැක හැක හැක

      Delete
    3. සිරාවට? මේකේ හෙන හොටු ගුලියක් නේ ඒ කියන්නේ..:P

      Delete
  3. විචාර කරන්න නං දන් නෑ.. හැබැයි ෆිල්ම් එකක් බැලුවා වගේ තමයි...
    සීරීස් එකම රසවත්..
    ආයේ තව කාලෙකින් තව එකක් ලියමු...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හා හා බලමු තව අවුරුදු 3-4කින් විතර ආයෙත් එකක් ලියන්න...ස්තූතියි විදානේ...විචාර නැතුවට ඔහේලගේ කමෙන්ටු සෑහෙන වටිනවා...:)

      Delete
  4. අඩේ ගති බං.. මේක හදිස්සියෙන් වගේ ඉවර නොකරනම් තව ටිකක් ෆන් එකේ ඇදගෙන යන්න තිබුනා..

    උඹට හැකියාව තියෙනවා.. තව තව අළුත් දේවල් වලට ට්‍රයි කරානම් තමයි හොද.. අපි එනවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචං..:)
      ලියන්න වෙලාව හොයාගන්න ඕන..ඒත් පුළුවන් කාලයක් මොනාහරිම බයිලා එකක් ලියන්න තමයි බලාපොරොත්තුව...:D
      හදිස්සියෙම වගේ ඉවර කලා නැත්නම් මේක බඩවැලක් වගේ උඹලට කියෝලම එපා වෙයිනේ..:D

      Delete
  5. ඉන්ටවල් නැතුවම ෆිල්ම් එක ඉවරවුනා එහෙනම්. අයිස් චොක් කෝ කියලා පොඩි එවුන් අහනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං අරූ අයියේ මේ ඩිරෙක්ටරිය අන්තිමයි , මට නිකම්ම් අඬ අඬා ඉන්න විතරනේ අන්තිමට තයෙන්නේ , අඩුගානේ අඬනකොට බදාගන්න් කෙල්ලෙක්වත් සෙට් කරානම් නරකද මං අහන්නේ ..ශ් අම්මප

      Delete
    2. @අරූ :
      මෙන්න මේ ඉවානයට ෂූටිංවලට දවස් නෑ කියලා ඉවර කරන්න වුණා අරූ.. :P
      අනේ අයිස් චොක් මටත් දීල කන්ට ඈ...අර 90 දශකයේ ෆිල්ම් හෝල්වල විකුණ්න රස අයිස් චොක් එක එහෙමම අභාවයට ගියා නේද අරූ...:( දැන් එලිෆන්ට් හවුස්වත් කාර්ගිල්ස් මැජික්වත් ඒ මිහිරි රසය ගේන්නේ නෑ...පුංචි කාලේ ෆිල්ම් බලන්න යද්දි ඉස්සල්ලම මතක් වෙන්නේ ඒ රස...

      Delete
    3. @ඉවාන් :
      ඈ බං මේ හිච්චි කොල්ලන්ට මොන කෙල්ලොද?බඳාගෙන අඬන්න තමයි..ඊටපස්සේ කියාවි හැමදාම අඬනකොට නලවන්න ගෙදරම කැන්දන් යන්ට ඕනි කියලා සහය නිළියව...:P
      හා හා නාඩා හිටිං කොලුවෝ ඉතිං, ඊලඟට තව කල්ප කාලෙකින් කරන එකක කෙල්ලෝ දුසිමක් සෙට් කොරල දෙන්නම්කෝ...:D

      Delete
  6. තනි තරුවේ ඔබත් ඔහොම ඔතන ඉන්න
    මමත් මෙහෙම මෙතන ඉන්නවා .....

    නැත්තම් මං ලඟට ආවොත් උඹේ හක්ක පන්නනවා o..යේස් ..
    අයි යකෝ මට අඬන්න විතරද තියෙන්නේ එතකොට, අඩු ගානේ පොඩි ලව් සීන් කෑල්ලක් වත් නෑනේ . මල ජම්පිං

    තරුවෝ පට්ටයි මචාහං ..අපි ඇත්තටම film එකක් ගහමුද ..? උඹට ඒ හැකියාවනම් තියෙනවා අඩු නැතුව ... එල පට්ට

    ReplyDelete
    Replies
    1. බුදු ඉවාන් අයියේ..දත් සැට් එකට අතුරු ආන්තරාවක් කරන්නට එපාය..මම දත් ගලවන්ට බයය! මතකනෙ ඥාන දතේ සීන් එක...:(

      අඬන්න විතරයැ බං බලහංකෝ ආත්ම 7ක් පල දෙන පිනක් කොරගත්තේ ජර්සි රාජ්ව සප්නාට සැට් කරලා දීලා...ඒ පිනෙන් ඊලඟ ෆිලුම් එකේ බොට කෙල්ලෝ දුසිම් ගණන් සැට් වෙන්නේ..ඕ යේෂ්!

      තැන්කූ තැන්කූ මචෝ..පළවෙනි කොටසට ප්‍රතිචාර දීලා මාව දිරිමත් කෙරෙව්වෙ උඹලා..නැත්නම් මේක මෙහෙමම මැකිලා යනවා...ඔබ සියළුදෙනාට මගේ හද පිරි ප්‍රණාමය! :)

      Delete