Saturday, August 9, 2014

ප්‍රේම කළලය...

ලුහුබැඳ එකිනෙකා අවසන 
යටත් විය,
එකෙක් අනිකාට...
ඉඳින් පොදි කෑ සිතුම්වැල්  අතර
යෙදිණි දෙනෙත් යුග සංසර්ගයක...
බිඳින් බිඳ ලේ නහර දළු ලා
වැඩිණි කළලය පපු කුහර තුළ..
දත්තෙමු ප්‍රේමයේ කළලය
පාරමී පුරන වග..
එක් සැණෙන් බිඳ වැටිණි
සිහිනයෙන් පොළොවට..
නොදැනීම ගබ්සා විය
ප්‍රේමයේ කළලය...



10 comments:

  1. / යෙදිණි දෙනෙත් යුග සංසර්ගයක.../

    මගේ හිතේ මාගම්සෝලියේ වගේ සීන්කොන් එකක් වෙන්න ඇත්තේ.. ;-)

    ReplyDelete
    Replies
    1. හෑ? මාගම් සෝලිය නම් තාම කියවා නැත..
      පොත් ප්‍රදර්ශනේකදී පොත දැක පෙරළා බැලුවා විතරය, අස්පට් පිටුවකි පෙරලුණේ..එවකට වෙන්ට මෑන්ඩ ඊට හොට දැමු හෙයින් විලියෙන් රතුව පොත වසා රාක්කයේ තබා ගෙදර ආවෙමි..(නැත්නම් කියවන්නටත් තිබුණාය :D)
      මේ කිව්වෙ හැබැයි බැල්මෙන් උපන් ප්‍රේමයක් ගැන හොඳේ...:)

      Delete
    2. ඒ වගේ ඒවත් කියවන්න ඕනෑය...
      නැතිනම් වැඩක් නැති

      Delete
    3. ඒක හැබෑව..නැතිනම් වෙනස තේරුම් ගන්නට බැරිය..:D

      Delete
    4. වෙන්ඩ මැන් එක්ක නිරවුල්ව කතා කළ යුතු මාතෘකාවක්නේ ඒක. අපරාදේ පොත නොගත්තේ.

      Delete
    5. හී හී...ඔව් ඒක ඇත්ත නලීන් අයියේ..ඒ වුණාට ඉතින් ඒ කාලේ සබකෝලේ..:D :D

      Delete
  2. පට්ටය පට්ට කියන්නේ උපරිමය..
    කවිය ලෙසටම වැදුණි.. ඒත් මේ වගේ කතාවකට පිළිතුරු කොම බදින්නද නොතේරේ...
    ඒකත් ෙලඩකි

    ReplyDelete
    Replies
    1. තැන්කූ මහේෂ්...:)
      සමහර කවිවලට පිළිතුරු ලියන්නට තේරෙන්නේ නැති වීම ලෙඩක් නොවේය..සමහර පිළිතුරු හිතේ විතරක් ලියැවෙන වචන කරන්නට බැරි ඒවාය..ඒක නිසාවෙන් ඒ ගැන අහිතක් නැත..:)

      Delete
  3. නියමයි තනි...................

    නොහිතන පැත්තකින් ගොඩනැගුණු ලස්සන කයියක්.....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ විදානේ..:)
      ජයෙන් ජය! :)

      Delete