Tuesday, January 5, 2016
Monday, January 4, 2016
Saturday, December 19, 2015
Thursday, December 17, 2015
බය..
කටු කම්බි තුඩුවලට
සීරෙද්දි අඩ සඳ නළල
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
සිලිටි හම කැපෙනකොට
රිදෙන හන්දා නොවුණට
ගලන ලේ වැල්වලට
ඇස් කෙවෙනි දැවෙනකොට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම...
තුනී කරදහි බිත්ති
ඇකිලෙද්දි හදවතේ
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
එක මිටට පොඩි නොකර
සීරුවෙන් කපනකොට
වීදුරු කටු වචන
හදවත පෙළනවට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
ආදරේ පිරුණ ඉඩ
හිස් වෙවී යනකොට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
හිස්කමට නොවුණට
ඒ ඉඩට පොරකන
කළකිරීමට දුකට
කෙස්ගහේ වෙනසට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
සීරෙද්දි අඩ සඳ නළල
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
සිලිටි හම කැපෙනකොට
රිදෙන හන්දා නොවුණට
ගලන ලේ වැල්වලට
ඇස් කෙවෙනි දැවෙනකොට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම...
තුනී කරදහි බිත්ති
ඇකිලෙද්දි හදවතේ
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
එක මිටට පොඩි නොකර
සීරුවෙන් කපනකොට
වීදුරු කටු වචන
හදවත පෙළනවට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
ආදරේ පිරුණ ඉඩ
හිස් වෙවී යනකොට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
හිස්කමට නොවුණට
ඒ ඉඩට පොරකන
කළකිරීමට දුකට
කෙස්ගහේ වෙනසට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
Monday, December 14, 2015
තනියාගේ ඉක්කෝල ගමන් - 1
අද කියන්න යන්නෙත් ඉතින් බයිට් කතාවක්ම තමයි..එකම වෙනස මේක ප්‍රවාහනයට සම්බන්ධ වීම..
පුංචි වයසේ පින්වතුනි ඔය අපේ ලඟම ඥාතීන් කීපපොළකට හෙන රුදාවක් තිබ්බා මාව ස්කූල් වෑන් එකකට ඔබන කල් නින්ද නොයන..අනේ ඉතින් කන්කරච්චලේ ඉවසන්නම බැරිතැන දෙමව්පියෝ කල්පනා කොරලා මාව වෑන් තඩියකට භාර දුන්නා අවුරුදු 9න්..මේ අවස්ථාවේ ඔය කිව්ව ඥාතීන්ගේ හතර වරිගෙට හචිං යනවා නම් සමහන් පැකට් එකක් හදන් බොතහැකී ඉතින්..!
අනේ ඉතින් තරු කෙලීට ප්‍රයිවට් ට්‍රාන්ස්පෝට් එකේ වගේ සැපක් නැතිබව නැගපු පළවෙනි පැයේදිම තේරුණයි කියමුකෝ..වෙනදා පොඩි එකී කරන්නේ වාහනේට නැගපු ගමන් යුනිෆෝම් එකයි මේස් සපත්තුයි ගලවලා දාන එක..ඊටපස්සේ ඉතින් පෙටී එක පිටින් ඔය කිරි පැකට් එකක් හරි මොනාහරි කඩචෝරුවක් කටේ ගහන් ඉස්සරහෙන් පිටිපස්සට පිටිපස්සෙන් ඉස්සරහට වාහනේ පුරා පෙරලි කරලා ගෙදර ළංවෙද්දි බෙල්ල කඩන් දොයි..ගෙදර ගියාම අම්මාගෙ හරි තාත්තාගෙ හරි කරෙන් ගෙට..සැප කනේ! :D

Subscribe to:
Posts (Atom)