Tuesday, August 20, 2013

මගේ ලියුම

-පොඩි එකීගේ ලියුමේ මගේ version එක-
මහින්ද මාමේ,
අවුරුදු ගාණකට කලින් එළියට ආව ඔබතුමාගේ චින්තන ප්‍රතිපත්තිය ආයෙත් ඔය මොකක් හරි වාහිනියක පෙන්නුවොත් නරකද?මොකද ඒකේ සෑහෙන amend කරන්න වෙලා ඇතිය කියා මට හිතෙනවා.මේ අහන්නේ නොදන්නාකමටයි.ඇත්තටම තව ටික දවසකින් අපේ ආගම, ජාතිය සහ භාෂාව වාගේ අප්සෙට් නම් තියෙන එව්වා ඉවත්වෙයි නේද මාමේ?

හොඳට හොඳ කියන්නත් නරකට නරක කියන්නත් අවුරුදු ගාණකට කලින් තිබ්බ කොඳු අපිට තවම තියෙන නිසා දැන් වෙන වැඩනම් ටිකක් අප්සෙට් වාගේ මාමේ.මම නම් කියන්නේ මාමා ඔය හිනාවෙවි කර වටේට එලාගෙන හරි එල්ලගෙන හරි ඉන්න සාටකෙන් පොඩ්ඩක් මූණ ඇස් පිහලා වටපිට බැලුවොතින් හොඳා කියලා.(හැබැයි මාමේ හිනානොවී බලන්න, මොකද මාමා හිනාවෙද්දී ඉරි කෑලිවගේ වෙන චීන ඇස්වලට වැඩිය පෙන්නේ නැතුව ඇති කියලා මට හිතෙනවා)


මොකද මාමේ,මෙහෙම කියන්නේ ඇත්තටම මාමා ගැන හිතේ දුකෙන්.මොකද මාමාට තියෙන වැඩ රාජකාරිවල හැටියට ඔවා ගැන හොයන්න බලන්න වෙලාවක් නැහැනේ.රජකම කියන්නෙත් එසේ මෙසේ පරිප්පුවක්යැ.සතොසෙන් ගෙනාවා වගෙ සුපිරි පරිප්පුවක්නේ.ඉතින් එහෙමත් පරිප්පුවක් කකා ඔබතුමා ඔය තරමින්වත් හිනාවෙවි ඉන්න එක අපටත් සන්තොසයක් ගෙන දෙන කාරණාවක්.

ඒත් චරිතා නැන්දයි, එඩ්වඩ් මාමයි කාලයක් තිස්සේ කියනවා වගේ "මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් ඇරලා" කියල මාමයි මාමාගේ සාලේ තියෙන කැබිනට් එකයි සතියක්වත් එක දිගට උදේට උදේට කියලා නමෝ විත්තියෙන් පාරට බැහැලා බැලුවොතින් හොඳ නැද්ද? අනේ ඉතින් මේ පොඩි එකාට තේරෙන තරමටයි කියන්නේ.එක්කෝ මාමා උදේට මාමගේ බජාර් එකත් එක්ක ජොගින් යද්දි වගේ බලන්නකෝ මම මේ කියනවට.
මෙහෙම ගියොත්නම් මාමේ, මාමාගෙ ඡන්ද දායකයෙක් කිව්වොත් මාලක අයියටත් වඩා ගුටි කන්නයි අපිට වෙන්නේ.අනේ මාමේ, දුමී අයියට වගේ ලොකු සරීරෙකුත් නැහැ අපිට ගුටිකන්න නම්.කකුල් දෙකෙන් නැගිටගෙන ඉන්නෙත් හරි අමාරුවෙන්.දැන් කිරි බොන්නත් නැති නිසා කුස පොත්ත පිට පොත්තට ඇලිලා කියලා අපිව දකින ඈයෝ විස්සෝප වෙනවා.
අනේ මාමේ විගහට මේ සිද්දවෙන දේවල දිහා කර පොවලා බලන්න.ඔන්න ඉතින් මාමත් බැසිල් මාමා වගේ පෙරහර ගියාට පස්සේ සමාව ඉල්ලන්න නම් එපා.සමාව කියන්නේ මහ ජරාම වචනයක්.ඒක මාමේ යුද්දෙටත් වඩා කැතයි.
මාමාට, රටට ආශ්චර්යක් පතමින් නවතිමි.
(දැන් අපිට බුදු සරණයි කියන්න බැරිවෙන හැඩක් ඇති නිසා එසේ නොකියමි )

No comments:

Post a Comment