මේ කතන්දරේ කතා නායිකාව හෙවත් ප්‍රධාන චරිතය මගේ බොහොම පැරණි මිතුරියක්.ඒ කාලේ ජංජාලේ වැඩ කළේ අපි කට්ටිය.මෙයාට අපි කියන්නේ කුක්කා කියලා.ආරක්ෂක හේතු මත අපි සැබෑ නම් ගම් හෙළිකරන්නේ නැහැ ඔන්න.ඒත් ඉතින් දන්නෝ දනිති.
මේ කුක්කාට සෑහෙන්න දක්ෂකමක් තියෙනවා අනික් අයගේ කතාව, හැසිරීම, ගමන බිමන, හිනාව අපූරුවට අනුකරණය කරන්න.ඒ කාලේ ඉතින් විනෝද සමය වගේ තමයි.
ඔය ජංජාලේ රාත්‍රි සේවා මුරය කරද්දි අපිව පාලනයට හිටියා හිට්ලර් වගේ බොහොම සැරපරුෂ සීනියර් කෙනෙක්.එයා එක්ක සෙල්ලම් බෑ, නීතියට වැඩ.නීතියේ එක අකුරක් ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් එහා මෙහා වෙන්න බෑ.හැබැයි ඉතින් පව් කියලත් හිතෙනවා.අපි ඉතින් පොඩි උන් නේ කියලා ආදරෙන් කතා කරන වෙලාවලුත් තියෙනවා.හැබැයි ඉතින් අපෙත් නාහෙට නාහන තරුණවයසත් එක්ක එයා කොකු නොදාගත්තු උන් මං හිතන්නේ හිටියේ කීපදෙනයි.
ඔය සීනියර් එළිවෙනකම් අත් දෙක පිටිපස්සට බැඳගෙන ඇවිදිනවා සෙක්ෂන් එක පුරාම.අපි පුටුවල ඉන්න ඉරියව්ව පවා ඉතින් නීතියට තියෙන්නෙ ඕන.දැන් ඔය ලේසියට අපි පුටුවල කකුලක් නවල වාඩිවෙලා, එහෙම නැත්නම් එරමිණිය ගොතන් වාඩිවෙලා වගේ හිටියොත් නම් "බඩු පැකට්" තමයි.
ඔන්න දැන් ඔහොම හරියට වාඩිවෙලා නොහිටියොත් උන්දැ ඇවිත් ලඟින් හිටගන්නවා, කණ්ණාඩි දෙක අස්සෙන් දානවා ප්‍රින්සිපල් බැල්මක්.ඊටප්ස්සෙ තමයි බණ දේශනාව පටන් ගන්නේ. "ඔහොමද ගෑණු ළමයි වාඩිවෙන්නේ, මොකද්ද ඔය ළමයින්ගේ හැදියාව.හරියට වාඩිවෙන්න කකුල් බිමට දාල පිට ඇන්දට හේත්තු කරලා පිළිවෙලට බ්ලා බ්ලා" කකුල් නවන් ඉඳගත්තට හැබැයි සද්දේ දාන්නේ නිකන් නිර්වස්තරෙන් හිටියා වාගේ තමයි.
එතුමියට තිබ්බේ බොහොම තියුණු උච්ච ස්වරයක්.ඔය උච්ච ස්වරයෙන් බනිද්දි නම් ඉතින් බැණුම් අහන එකාගේ රෙදි ගැලවෙනවා.කොටින්ම ඒ ලැජ්ජාවේ තරම කියන්නේ අපි මොකක්වත්ම හොර වැඩක් කරමින් නොහිටියත් එයා ලඟින් මතුවෙද්දි කශේරුකාව සීතල වෙලා යනවා.
ඔය නීති කිව්වට වැඩිහරියක් තිබ්බේ බොරු වැඩ.
දැන් අපි වැඩ කරන්නේ ජංජාලේ,ඇයි යකොව් රටටම ජංජාලේ දෙන්නේ අපි! එහෙව් අපිට ජංජාලේ ඊමේල් කරදහියක්වත් බලන්න බෑ, සින්දුවක් අහන්න බෑ, පත්තරයක් එහෙම බලන්න බෑ.
අපිට ඉතින් පහළ වුණ මල් යායවල තරම කියන්න අක්කර මදි!
මුල කාලෙදි ඉතින් ඔහොම පටි රෝල්වුණ නිසා අපි පස්සේදි හුරු වුණා එයා ඉන්නකොට "පළිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න" කියන දැන්වීමේ වගේ මිනී ඔළුවයි ඇටකටු දෙකයි තරයේ සිහියේ තබාගන්න සහ විනීතව හැසිරෙන්න.
ඒත් ඉතින් ඕවා අමතක වෙන සහ සමහරවෙලාවට කොක්කක් දාගන්නම ඕන වුනාම බලෙන් අමතක කරන වෙලාවලුත් තිබ්බා :)
ඉතින් අපේ කතා නායිකාව කුක්කාට පුළුවනි හොඳට ඔය සීනියර්ව අනුකරණය කරන්න.ඉතින් අපි බඩ රිදෙනකල් ඩෝමෙට්‍රියෙදි හිනාවෙනවා ඔය රඟපෑම්වලට.
එතුමිය අපි හැමෝටම වගේ කතා කලේ වාසගමින්.ඉතින් එක එකාගේ වාසගමින් අමතලා බැණුම පටන් ගන්න හැටි කුක්කා අනුකරණය කරපු හැටි මේ ලියන මොහොතෙත් මට මැවිලා පේනවා.මම ඉතින් පිස්සුවෙන් වගේ තනියම හිනාවෙවි දිගටම ලියනවා.
දැන් ජංජාලේ වගේම තමයි දුරකථන භාවිතයත්.මෙතුමියට ජංගම දුරකථන අරහං.අහුවුණොත් 'ලයිව් චැටින් බැණුම්'!
ඒ කාලේ ඉතින් දැන් වගේ ලපයි සිපයි මොඩ් ෆෝන් තිබ්බේ නෑ අපිට.යන්තම් කූඩුවලින් දොරට වැඩිය තූටි කුරුළු බබාලා නිසා අපිට චූට්ටං ෆෝන් තමයි තිබුණේ.ඉතින් අපි ඕවා සාක්කුවල හංගගෙන තමයි මල් එහෙම කැඩුවේ.අහුවුණොත් රාජකාරි වේලාවේ කඩන මල් දෙල් වෙනවා!!
රටටම ස්ථාවර දුරකථන දෙන තැන අපිට ස්ථාවර දුරකථන එයා ඉන්න දවසට තහනම්.ඒවුණාට රාජකාරි අවශ්‍යතාවෙකට නම් කමක් නෑ.ඉතින් ඒ කාලේ ජංගමයගේ බැටරි බැස්සම, බිල වැඩිවෙලා කප්පාදුවට ලක්වුණාම එහෙම අපිට සෑහෙන රාජකාරිමය අවශ්‍යතා මතුවෙනවා හිතවතුනි!
ඔන්න ඔය ස්ට්‍රැටජියෙන් දවසක් මාත් ගත්තලු ඇමතුමක්.
අහෝ ඛේදයකි කිව්වලු, අපේ සීනියර්ගේ හිස පාවෙමින් මා දිහාවට එනු මට හොරැහින් පෙණුනා.'බිය නොවන් අයියණ්ඩි මැරෙන සැටි මම පෙන්වමි" කිව්වලු.
නෑ කිව්වේ නෑ!! කියාගන්න ඉඩක් ලැබුණේ නෑ!
ආව විතරක් නම් මදෑ දැන් මම තියුණු මොනිටර් කිරීමකට භාජනය වෙමින් ඉන්නේ.නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්!
මම වහාම මගේ මූණත් තහඩුවට නිල ස්වරූපයක් පටවාගත්තා.දැන් සංවාදය මෙහෙමයි:
අනික් පාර්ශවය : මොකද සද්ද නැත්තේ?
මම : ඒ කියන්නේ දැන් server එක downද?
අ.පා : මොක??
මම : ආහ් ඒ server එකද? එහෙනම් ටිකක් වෙලා යයි නේද?
අ.පා : හෙලෝ, කාටද කතා කරන්නේ ඔය??
මම : (අනේ බොට තේරෙන්නේ නැද්ද!! මා ඉදිරියේ මාරකයකි!!) හරි හරි එහෙනම් මම update කරන්නම්, ඔව් ඔව් confirm කරගන්නයි කතා කලේ. thank you.
අ.පා : තව මොනාදෝ කියද්දි මම දඩිබිඩියේ ඇමතුම විසන්ධි කරල මගේ බළල් මූණ දාලා මා ඉදිරියේ සිටින ලොක්කි දෙස බැලුවා.
'සැකයකි මා හද උපන්න" වාගේ බැල්මක් තමයි මූණේ තියෙන්නේ, එහෙනම් දැන් ලෑස්තිවෙමුකෝ කණ පුරවාගන්න..
දැන් මම මෙහෙම විත්ති කූඩුවේ ඉන්නවා.
සී : "මොකද (මගේ වාසගම ) ප්‍රශ්නේ?
මම : අහ් නෑ මිස් මේ server එකක් පොඩි අවුලක්
සී : කොහෙද මොකද්ද වෙලා තියෙන්නේ?
(මගේ මීටරය අන්ත අසරණව හතර වටේ ඉබාගාතේ ගියා මොහොතකට)
මම : අහ් මේ ඊමේල් කේස් එකක්. එච්චර අවුලක් නෑ ලු. බ්ලාහ් බ්ලාහ්...
සී : හ්ම්ම්ම්...
ඔය ලොක්කිට තිබ්බේ ජංජාලේ විතරක් නෙවෙයි බලාගන්න.රාත්‍රී සේවා මුරය තියෙන තව අංශ කීපයක් එයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි තිබ්බේ.
ඔතන හිටිය අපට වඩා වැඩිමල් රණතුංග කියලා අයියා කෙනෙක්.(අයියා නොවුණත් අපි කිව්වේ අයියා, වැඩිහිටි ගෞරවේට) ඉතින් මිනිහා නිකං මීයෙක් වගේ.ඉන්නේත් බඩ ඉස්සරහට දාගෙන ඔලුව නිකන් බෙල්ල අස්සේ හංගං වගේ අමුතුම ඉරියව්වකින්. මට නම් එයාව දැක්කම මතක් වුණේම "මීපුර වැසියෝ" අර මී කං දෙකයි, වලිගෙයි විතරයි අඩුවකට තිබ්බේ.මිනිහා ඉතින් හරි විහිළුවෙන් තහළුවෙන් විනෝදෙන් තමයි ඉන්නේ.
ඔය අපේ ලොක්කිවත් බයිට් කරන එක මිනිහගේ පුරුද්ද. ඉතින් ලොක්කි කොච්චර ගිරිය පුප්පන් කෑ ගහුවත් ඔය රණතුංග අයියව පුටුවට අලවලා තියාගන්න බෑ.ඉතින් ලොක්කි බනිනවා, "මේ රණතුංග මේක කන්තෝරුවක්! විනෝද සමයක් කරගන්න හදන්න එපා..කරුණා..කරලා ගිහින් වැඩ කරන්න" අනේ ඉතින් එයාට වගේ වගක් නෑ..මිනිහා ඉතින් තව මොනාහරි කියලා තව ලොක්කිව අවුස්සවාගන්නවා. ඊටප්ස්සේ කියනවා මෙන්න මෙහෙම සින්දුවක්!
"කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන"
ලොල් සීන් ඉතින් අපිට. අපි පුටු ඇඳි කාගෙන හිනාව තදකරන් ඉන්නවා මොකද ඊලඟ ප්‍රහාරය අපට විය හැකි නිසා.
ඔන්න ඔහොම භීෂණය පතුරුවාගෙන හිටියත් අනේ ඉතින් ඔය අපේ ලොක්කි හරි හොඳයි.අවුරුදු ගණනාවකට පස්සේ මට මගතොටදි දවසක් අහම්බෙන් වාගේ මුණ ගැහුණා.ඉතින් බොහොම ලෙංගතුකමින් වැලඳගෙන පහුගිය දේ එහෙම සිහි කරද්දි නම් මට ඇත්තටම දුකත් හිතුණා.මොකද ඒ කාලේ කොයිතරම් වධයක් වුණත්, අපේ වගේ නසරානි වයසක් ආණ්ඩුමට්ටු කරන එක ලේසිපහසු කටයුත්තක් නෙවෙයි කියල දැන් අපිට තේරෙන නිසා.

අපොයි ඔය වගේ පිස්සු හෝන්තු ඉන්නවා තමයි.
ReplyDeleteඔව් ඔව්..:D ඒ කාලේ නම් මාර ඇණයක් ඉතින්. දැන් නම් පව් කියලත් හිතෙනවා.පරම්පරා අතර අනවබෝධය ඇතිවෙන ඝට්ටන නෙව ඉතින්. :)
Deleteඅද දවසම දුක්බර පෝස්ට් කියවල හිතත් මෙව්ව වෙලා තියන වෙලාවෙ මේ පෝස්ට් එක කියවන්න ලැබුන එක ලොකු දෙයක්. අදමයි මේ පැත්තෙ ආවෙ. මාත් ඉතිං බ්ලොග් වලට අලුත්නෙ. දිගටම ලියන්න. සුභ පැතුම්.
ReplyDeleteඑහෙනම් මෙව්ව වෙච්ච හිතට හිනාවක් ගේන්න ලැබුණා කියලා දැනගන්න ලැබීම ලොකු සතුටක් සිඟිති.:) තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා.:)
Deleteඒ ස්වර්ණමය යුගය කෙසේ නම් අමතක කරන්නද මෙයා!!
ReplyDeleteතව තවත් මෙවැනි කතා ලියන්න ශක්තිය ලබේවා කියලා ඔන්න මම ප්‍රාර්ථනා කරනවා!!
ජයෙන් ජය!!
මීට කුක්කා :D
තැන්කූ තැන්කූ කුක්කා.තව ලියමු මතක් වෙන හැටියට නේ :D
DeleteHarima lassanai poddi..oyata amathaka ne ehenama e lassana atheethaya.....digatama liyanna...manga
ReplyDeleteඒවා කොහොම අමතක වෙන්නද පොඩ්ඩි? ලියන්න බැරියැ පොතක් පිරෙන්න..:)
Delete