මේ දශකයකට විතර ඉහතදි වෙච්චි දෙයක්.මා ඈ දුටුවේ එදාම පමණයි.ආයෙ කොයිතරම් එතැනින් ගමන් ආරම්භ කලත් කවදාකවත් ඈව දකින්න ලැබුනේ නෑ.
බිම්කළුවර වැටි නගරේ කලබලය තුනීවෙමින් යන මොහොතක, බසය ගමන් අරඹන්න කලියෙන් තත්පර විනාඩිවෙමින් ගෙවී ගිය මොහොතක, මිහිරි හඬකින් ගීතයක් ගැයෙන්නට ගත්තා.හිස ඔසවා බලද්දි තමයි දුටුවේ ඒ සුන්දර යුවතියක් බව.ඈගේ හඬ ඒ පෙනුම පරදා නැගුණා.
"ඈත එපිට ගම්මානෙන් නැග එන
බට ලී හඬ මැද්දේ
ඉතාම දුක්බර කවියක් නැග එයි
ඇය නිදි නොමැති පැලේ.."
සන්සුන්ව හැඟීම්බරව නැගෙන ඒ හඬට හැමදෙනාම වශීකෘත වෙලා බලා ඉන්නවා.ගීතය කීපවරක් අසා තිබුණත් ඇත්තෙන්ම හිතට වැදුනේ නෑ මේතරමට.ඒ හැම වචනයකම දැවටීලා ගැයෙන මොකද්දෝ දුක් ගතියක් තියෙනවා.
තවත් ගීතයක් ඇරඹුනා.
"මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරූ නගරයයි..."
ඒ ගායනයේ කිසිම ආයාසයක් නෑ.වචන රිද්මයානුකූලව ගලා යනවා.ඒ තුළ නමක් නැති ඉමක් නැති මොකද්දෝ විරහවක සුවඳක් තියෙනවා දැනෙනවා.
ඒ අතර මගේ සිතුවිලි පුදුමවෙමින් හිතනවා, මේ වගේ පරිසරයක ඈ රැඳෙන්නේ කොහොමද කියලා.ඒත් එහෙම රැඳෙන්නටත් ඈට මොකක් හෝ සාධාරණ හේතුවක් ඇති.මොකක් හෝ ගැලවෙන්නට නොහැකි අසරණකමක්..
තවමත් ඒ ගීත ඇසෙද්දි මට ඒ හඬ මතකයට නැගෙනවා.ඈ තවමත් ගයනවාද දන්නේ නෑ.හැබැයි ඇගේ ගායනය මගේ හිත තුළ ඉතිරි කළ සංවේදනය තවමත් නොවෙනස්.

//ඒ ගායනයේ කිසිම ආයාසයක් නෑ.වචන රිද්මයානුකූලව ගලා යනවා.ඒ තුළ නමක් නැති ඉමක් නැති මොකද්දෝ විරහවක සුවඳක් තියෙනවා දැනෙනවා.// මේ සිදුවීම ලියා ඇති ආකාරයත් ඒ වගේ ම අපූරු යි.
ReplyDeleteබොහොම ස්තූතියි දිලිනි. තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා. :)
Deleteචුට්ටයිනේ.... තව ලියන්ටකෝ අප්පා.....
ReplyDeleteතව ලියන්න තිබුණා කියලා මටත් හිතෙනවා. :) පහුගිය කාලේම දිගට ලිව්ව නිසා කෙටියෙන් ලියන්න හිතිලයි මේක ලිව්වේ :)
Deleteබොහෝම කෙටියි. ඔබට පාඨකයාව ඔබේ කතාව තුල මොහොතක් රඳවන්න නම් මීට වඩා කරුණු ටිකක් දාන්න වෙයි. එතකොට කියවන්නා තමන් එක්කම සංවාදයක යෙදෙනවා...... සමාවන්න....නිකම්ම නිකම් අදහසක් පමනයි.
ReplyDeleteනිකම්ම නිකම් අදහසහක් පමනයි කිව්වේ මගේ අදහස
Deleteඔව් මාත් පිළිගන්නවා කෙටි වැඩි බව.තව ලියන්න තිබුණා තමයි.:(
Deleteමං කවදාවත් දැකල නෑ බස් වල සිංදු කියන කෙල්ලෙක්.. පිරිමි නම් ඕන තරම් ඉන්නවනෙ....
ReplyDeleteඔව් පුදුමයි තමයි යසිත්.ඒත් එහෙම කෙනෙක් හිටියා.තාම දැක්කේ නෑ.දැන් අවුරුදු 11ක් විතර වෙනවා ඔය සිද්දියට.
Delete