Friday, May 23, 2014

නුඹ..

නොගැයූ ගීයට පදවැල සැපයූ
අහිමි විජිතයයි නුඹ...
හදේ ස්වර තත් කඩා බිඳලූ
සොඳුරු වීණාව නුඹ...

පිපෙන්නට අරඇන්ඳ'මුත්
හදවිල නොපිපුණේ කිම?..
සිත පාරවා මල් මිලිනකොට
නෙත් කඳුළු උල්පත පිපුණේ නුඹ..

අඳුරු හදගැබ ඇඳුනු දේදුනු
දකින්නට නෙත් අන්ධවූ 'මුත්..
නොඇඳි සිතුවම කඳුළු බිඳු ගෙන
ඇඳෙන්නට පෙර බොඳකළේ නුඹ..



පසු සටහන:
හරියටම දශකයකට කලින් ලියූවක්.දශකයක් තුළ බොහෝ දේ වෙනස්වී තිබෙන බව අහම්බෙන් වාගේ මේ කවිය හමුවූවිට සිතුණා.සිතුම් පැතුම්, ආකල්ප, වචන... ඒ සේරටම වඩා හැඟීම් කොයිතරම්නම් ඉක්මණින් වෙනස්වෙනවද?..

නිර්මාණය සාර්ථකද කියලා දැන් නම් පොඩි කුකුසක් ඇතිවුණත් ඒ මොහොතේදී නම් ඒ වචනවල පෑරෙන රිදෙන ලොකු හැඟීමක් තිබුණ බව මතකයි.අතීත රිදුමක් නිකමට වාගේ ආවර්ජනය කෙරුණා..:)




9 comments:

  1. දශකයකට පෙර නිර්මාණයක් අද බලන විට බොහෝ වෙනස් කම් පෙනීම ස්වාභාවිකයි , මොකද දශකයකට පෙර පෙම ක්‍රියාවන් අපි ආවර්ජනය කලවිට දැන් සිනහ නැගෙනවානේ , නමුත් ජීවිතයේ ඒ ඒ වකවානුවල හිතෙන විදිහ පස්සේ හරිද වරදිද කියලනම් බලන්න ඕනේ නෑ මන් හිතන්නේ , කවිය නම් සාර්ථකයි

    ReplyDelete
    Replies
    1. එකඟයි ඉවාන්.:)
      කවිය සාර්ථක නම් සතුටුයි. හිච්චි සංදියේ හිතිච්ච දේවල් නෙව.
      ඔව් සමහර අතීත මතක ගැන එහෙමත් හිනා නැගෙන වෙලාවල් තියෙනවා නේන්නම්.ඒත් ඉතින් ඒ කාලේ ඒවා බොක්කටම වැදෙන සිරා දේවල් නේ.:D

      Delete
  2. මෙහෙමයි ඒ පෑරිමම අදත් දැනෙනවා නේද ඔය කවියෙන්. ඒකනේ කාලෙකින් මතක් වෙලත් එහි මිහිරි බව දැනුනේ..

    ReplyDelete
    Replies
    1. අවංකවම කියනවානම් ඔව්. :)
      මළගිය මතක වුණත් නොහිතන වෙලාවක සජීවිව දැනෙනවා.

      Delete
  3. කාලය මැව් වෙනසක අරුමේ

    ReplyDelete
    Replies
    1. කාලය අරුමැසි දෙයක් නේ නලීන් අයියේ ;)

      Delete
  4. ලස්සනයි නංගී! කාලයත් එක්ක සියළුදේම වෙනස් වූවත් ඒවෙලාවේ ඇතිවුන හැඟීම් එහෙමමයි... ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන අයියේ..බොහොම කාලෙකින් නේද? :)

      Delete
  5. ලස්සනයි නංගී! කාලයත් එක්ක සියළුදේම වෙනස් වූවත් ඒවෙලාවේ ඇතිවුන හැඟීම් එහෙමමයි... ජය වේවා!

    ReplyDelete