තවත් උදෑසනක් එළඹිලාය.තමාගේ පිරිවර සියොත් කැල ද පිබිද තටු ගසා මුව දෝවා දවස පටන් ගන්නට සැරසෙනු ඇයට පෙනිණි.පහළ මංමාවත් සංකීර්ණ අරමුණු කරා දිවයන ජනයාගෙනුත් දුම්දමමින් හඬ තලමින් ඇදෙන යකඩ යකුන්ගෙනුත් පිරෙන්නට පෙර දවස ඇරඹිය යුතුය.නැතිනම් දහවල වද්දී තටු ගසන්නට නොව සෙලවෙන්නට පවා නොහෙන තරම් අලසකමක් දැනෙයි.
ඇය අතු අගකට පැමිණ තටු සලා සූදානම් වූවාය.ඊයේ සවසත් හරි හැටි කෑමක් වැටී නැති කුස පුළුන් රොදක් වාගේ දැනෙයි.සියල්ලටම පෙර ඔහු බලන්නට යා යුතුය.ගතවූ රැයපුරා ඈ තම සිහින ඔහුගේ රුවින් පුරවාලූවාය.ඒත් හැබෑව වාගේම ඇගේ සිහිනද අවසානයේදී සිත රිදවූ බව මතකයට නැගී ඇගේ පියාසර වේගය මදක් බාලවිය.
"කමක් නෑ අදත් යනවා"
පහළින් නිසලව හිඳිනා ඒ රුව දකිනවිට පවා කිරිල්ල සෙනෙහසින් පිරී යන්නීය.නොදැනුණත් ඒ ප්‍රේමය ඇයට වටී.කුළුදුලේ උපන් පෙම රැහේ එකෙකුවත් ජාතියේ එකෙකුවත් කෙරෙහි උපන්නක් නොවීම ගැන මිතුරියන් අතරේ කොයිතරම් සරදමට ලක්වූවත් ඇයට මේ පෙම අමතක කරලන්නට නොහැකිය.මේ ශෛලමය මිනිසා වෙත ඈ කෙතරම් තදින් බැඳී ඇතිදැයි ඇයටම සිතාගන්නට නොහැක.ඈත්වන්නට කොතරම් උත්සහ කළද ඇගේ ළාමක ප්‍රේමණීය ගැහැණු හදවත ඊට ඉඩ නොදෙයි.
ඇය සුපුරුදු ලෙස ඔහුගේ පාමුල වැසුවාය.නෙත් ඔසවා ඔහුගේ ප්‍රතාපවත් මුහුණ දෙස බලන ඇයට තෙදවත් බැල්මෙන් කොහේදෝ ඈතක රැඳවූ ඔහුගේ දෙනෙත් හමුවෙයි.හිතේ සෙනෙහෙ ගඟ උතුරා ගලනු ඇයට දැනෙයි.මොහොතක් බලා හිඳ ඈ ඔහුගේ උර මතට පියාඹා ගියාය.ඔහු සුපුරුදු නිසල බැල්මෙන් සමාධිගත වීලාය.ඒ අරමුණ හා එක්තැන්වන්නට උත්සහ කළද ඇයට පෙනෙනා කිසිත් නැත.සුන්දරත්වයක් ඇත්තේත් නැති නැත්තේත් නැති නගරය දෙස දිවා රෑ පුරා සමාධිගත බැල්මෙන් හිඳ ඔහු සිතන්නේ මොනවාදැයි ඇයට නොහැඟේ.ඒ තමා කිරිල්ලකුත් ඔහු මිනිසෙකුත්වීමේ වෙනසදැයි ඇය නොයෙක්වර සිතුවාය.
මොහොතක් බලා හිඳ නිහඬ බව බරවූ කල ඈ කොඳුරන්නට ගන්නීය.
"ඊයේ රෑ හොඳටෝම වැස්සනේ...ඔයාව හොඳටෝම තෙමුණා නේද?..ඇහැ පියවුණේ නැහැ..මට දුකයි.."
මොහොතකින් ඇය විළියෙන් රතුවූවාය.තමා වෙතින් මේ කියැවෙන්නේ කොතරම් ග්‍රාම්‍ය බොළඳ දේද?
මෙවන් ප්‍රතාපවත් මිනිසෙකුට මේ බොළඳ හෑලිවලින් පලක් නැතුවා නෙවද?
ඔහු තමාට සමච්චලයට සිනහසෙන්නේදැයි ඈ හොරැහින් බලන්නීය.නැත, එහි කිසිදු හැඟීමක් නැත.
"මාව ගණං ගන්නේවත් නැහැ.ඇයි දෙයියනේ මේ ආදරේ ඔයාට දැනෙන්නේ නැත්තේ.."
මේ විරහී සුසුම් ඇගේ ළපටි හදවතට බර වැඩිය.
නුදුරු බැම්ම මත ප්‍රේමයෙන් වෙලී සුරතල්වන කුරුළු ජෝඩුව ඇයට පෙනෙයි.ඒ කිරිල්ලගේ මුහුණේ ඇඳුණ කෝල කොමළ බව සොඳුරුය.ඒ සොඳුරුබව ඇගේ පෙම්වතාද සෙනෙහසින් පිරීගිය බැල්මෙන් උකහා ගනී.කතා කරන්නට ඔවුන්ට බොහෝ දේ ඇතුවා වාගේය.වෙලෙමින් දැවටෙමින් ඔවුන්ගේම වූ අපූරු ලොවක් මේ කාස්ටක ලොව තුළ ඔවුන් තනාගෙනය.
රැහේ මිතුරියන් ඔවුන්ගේ පෙම්වතුන් හා ආගිය තැන්, කෑ බී දේ, කළ කී දේ ගැන කියද්දී ඇය ගොළුවූවාය.හැමදාමත් හවසට ඔවුන්ගේ දොඩමළු කිචිබිචිය අතරේ නොනැගෙන එකම හඬ තමාගේ බව ඈ දනී.සෙස්සන්ටද ඈ ගැන තැකීමක් නැත.ඈ මුළු ගැන්වී තමා නොලබන ප්‍රේමයක සොඳුරුබව ගැන අනේකවිධ කතා අසමින් ආත්මානුකම්පාව අවුළුවාගත්තාය, සිත රිදවාගත්තාය.දරන්නටම නොහැකිව හිඳි මොහොතක එකියකගේ කට කැඩි කතාවකට ඈ දෙදරා ගියාය.
"මේකි නම් ඉතිං අර ගල් මිනිහා ගැනමනේ ප්‍රේමයෙන් මනරංජිත වෙලා ඉන්නේ..ඒ මිනිහට වගක්වත් නෑ..නිකන් බොරුවට විඳවනවා..රැහේම එවුන් කී දෙනෙක් නම් බලා ඉන්නවද?.බලං ඉඳිං ඔය ගල් මිනිහා ඇවිත් දෝලාවෙන් කැන්දන් යාවි.."
පිපිරී ගිය සිනහවන් දහසක් මැද අතරමංව ඈ රැහේට වැදුණ පිට එකියකසේ අසරණ වූවාය.
"මං මොනවහරි කන්න හොයාගෙන එන්නම්..ඔයාට බඩගිනි නැද්ද?..මොනවද කන්න කැමති..?.."
සුපුරුදු ප්‍රශ්නයට නිහඬකම දෙන පිළිතුරක් නැත.ඈ හැමදාමත් රසැති යමක් ලදවිට ඉන් ඔහුගේ කොටස ගෙනැවිත් ඔහුගේ කබා අත අතර රහසිගත තැනක සැඟවන්නීය.'ගල් මිනිසා'යි කොතරම් ගැරහුම් ලදත් කවදාහෝ දිනක ඔහුද තමාට පෙරළා ආදරය කරනු ඇතැයි ඈ තුළ නොනිවෙන බලාපොරොත්තුවක් තිබිණි.
"මට හැමදාමත් මෙහෙම ඉන්න බෑ රත්තරන්"..
ලොවට ගලක් වුවද මේ තමාට ලොවට වඩා වටිනා සම්පතකි.
"එක වචනයක් කතා කරන්න..එක සැරයක් බලන්න මං දිහා..ලෝකෙම මට හිනාවෙනවා..ඔයාට ආදරේ කරන නිසා....ඔයා ආදරේ කරන්න දන්නේ නෑලු...ඇයි මට රිද්දන්නේ..?.මං ඔයාව දාලා යන්නේ කොහොමද?..කවුද ඔයාව බලාගන්නේ එතකොට..? මට ආදරේ නැද්ද චුට්ටක්වත්..?.."
මිතුරියන්ගේ කතාවලින් වෙහෙසට පත් මොහොතක වේදනාව දරාගත නොහෙන හදවතින් යුතුව ඈ ඔහුගේ උරමත හිඳ හඬාවැළපුණාය.කඳුළින් උර තෙමීගියද ඔහුට දැනුණේවත් නැත.
සෙල්මුවා නෙත් පෙර සේම නොසෙල්වී දුරකට යොමුවී තිබිණ..
**************
සෙස්සන්ට කාලය අශ්ව ගමනින්ද කිරිල්ලට ඉබි ගමනින්ද ගතව ගියේය.නගරය හිරු සඳු අතරේ දෝලනය වෙමින් එහි හැඩතල වෙනස්කරගනිමින් සිටියේය.ඇගේ සමකාලීනයෝ දීග තලා ගියහ,ඇතැමෙක් රැහේම උන් හා ද, තවකෙක් පිටගම් ද ලෙස.
කිරිල්ල ප්‍රථම ප්‍රේමයෙන් මරණීය තුවාල ලද්දී තවමත් ගල් මිනිසා වෙත යන්නේ පුරුද්දට වාගේය.ප්‍රේමයේ ඇරඹුමේ සුහුඹුල් කිතිය වේදනාව විසින් ඇගෙන් ඈත්කොට බොහෝ කල් ගතවීලාය.
"මම තීරණයක් ගත්තා.."
නිහඬබව...
"මම අවුරුදු ගාණක් උන්නා බලාගෙන ඔයා වෙනුවෙන්..මම දැන් තනිවෙලා..ඒත් මට තවම ඔයාව ලැබුණේ නැහැ...මම යනවා..හුඟාක් ඈතකට...ආයෙත් අපි හමුවෙන්නේ නැහැ...මගේ ජීවිතේම ඔය මත්තේ දිය කරන්න මට බෑ..."
කඳුළක් නොහෙලා එසේ කීම ගැන පුදුමයක් කිරිල්ලට ඇතිවූයේ නැත..බිඳෙන් බිඳ තමගේ සිතේ සංවේදීභාවය මියෙමින් තිබූ බව ඈ දැන උන්නාය.
අවසාන වතාවට සෙල්මුවා නෙත දෙස බලන්නට ඇයට අවැසි නොවිණි.ඊට තමා නොපෙනෙන බව ඈ ඒ වත්දී දැන උන්නාය.
කිරිල්ල පසු නොබලා තටු ගසා යනු සෙල්මුවා නෙත් පෙරසේම බලා සිටියේය..

ලස්සන කතාවක් යාළුවා..
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ්..:)
Deleteවෙනස්ම වෙනස් කතාවක්. අපූරුයි.
ReplyDeleteබොහොම ස්තූතියි බස්සි :)
Deleteකියවන්න් පරක්කු වුනා , වෙනස් ආරක් ගත්ත කතාවක් , සුපිරි
ReplyDeleteබොහොම ස්තූතියි ඉවාන්.:)එහෙම අහන්නට ලැබීමත් සතුටක්.
Delete