Friday, June 27, 2014

බම්බුවේ බොග් රෝල්

මම කලින් වැඩ කල ඔෆීසිය තියෙන්නේ කොළඹ ප්‍රසිද්ධ බම්බුවක ලු ඉතින්.මේ කියන්න යන්නේ බම්බුවේ වැසිකිළි කැසිකිළි ජීවිතේ ගැන....

දැන් ඔය අපේ බම්බුවේ ඔෆීසි තොගයක් තියෙනවා.ඒවා එකිනෙකට වෙනස් නිකන් හරියට කුලියට ගත්තු කඩ කාමර වාගේ තමයි.ඔය හැමෝටම පොදු සිස්ටම් එකක් තියෙනවා.ඒ බම්බුවේ වැසිකිළි සිස්ටම් එක.

කොටින්ම කිව්වොත් ඒවා නම් බම්බුවේ වැසිකිළිම තම්යිලු ඕං.මොකද ඒවායේ සේදීමට වතුර නැත, පිහදගන්නට කඩදහි පමණය.දැන් ඉතින් ඔය වෙන්ට සුද්දෙක් හරි ජෙනුයින් සුද්දෙක් හරි එහෙමත් නැතිනම් වැසිකිළියාමෙන් පසුවවත් සෝදා නොගන්න හපුට්ටෙක් හරි මිසක් තේරෙනවනේ ඔහෙලට අපේ වගෙ පිරිසිදු රටකට ඕක හරිම අශික්ෂිත, අශීලාචාර, අවලක්සණ, ගන්දස්සාර වැඩක් බව.

ඕක නිසාමදෝ මන්දා ඔය බම්බුවේ ඔෆීසිවලට බොග් රෝල් අනිවාර්යෙන්ම ගේනවා.හැබැයි සමහරවෙලාවට නම් කලිසමේ ගියත් බොග් රෝල් හොයාගන්න නෑ, මොකද එව්ව උණු කැවුම් වගේ ඉවර වෙන්නේ.ඔය කඩ කෑම කාල අතීසාර තත්ව ඇතිවුණාම සමහරු රට පුරා දුවනවා ඕකක් හොයාගන්න.



ඉතින් මිත්‍රවරුනි, ඔය බොග් රෝල් පාවිච්චිය හරිම අප්‍රසන්න කර්තව්‍යක් වුණ නිසා මට සෑහෙන්න අකරතැබ්බ වෙලා තියෙනවා.මුල් කාලෙ මට තිබුණ දැවෙන ප්‍රශ්නය තමයි සෝදන්න අවශ්‍ය දේ පිහගෙන එන්න බැරි අර හිතට දැනෙන මෙව්ව එක.ඒ නිසා කඩ කෑම වල පිහිටෙන්  AVS (Auto Vireking System) ඇක්ටිවේට් වුනාම මම ගෙදර.ඉතින් ලොක්කෝ පුපුරා හැලෙනවා.යකෝ මේක හරි කෙළියක්නේ, උන්ට තේරෙන්නෙ නෑ නේ ඒකෙ අප්‍රසන්නකම! 

කොහොමහරි ඔය ඔෆීසියේ උන්දැලත් තරගෙට වගේ තමයි පිහගෙන එන්න යන්නේ.ඒකත් කමක් නැතෙයි කියමුකෝ, එකෙක් ගියහම මුළු ඔෆීසියම දන්නවා විස්තරේ.කොළුවන්ගේ වැසිකිළිවලනම් ඉතින් තව රොත්තක් දුවනවා අවශ්‍යතාව තියෙන එකා පස්සෙන් සමහරවෙලාවට..මොකටද?..අර අසරණයව බ්ලැක් මේල් කොරන්න, දොර යටින් මොබයිල් දාලා පොටෝ ගහන්න, ශබ්ද පරිපාලනයට ආදී එකී මෙකී නොකී වයිවාරණ දේවලට..

දැන් ඔය අපේ ඔෆීසියේ ඉන්නවා එක හාදයෙක්.උන්දැ නෝනා මහත්තයට කියන්නේ බේබි.දවසක් උන්දැ සොබා දහමේ මහ බරක් නිසා වැසිකිළිගත වෙලාලු.එහ පැත්තේ කුටියේ ඉඳලා තියෙන්නේ ඔෆීසියේ ඉන්න සුපිරිම පැපරාසියෙක්.උන්දැට ඇහෙනවලු එහා පැත්තෙන් "බේබි, මම පස්සේ කතා කරන්නම් බේබි..මට හරි අමාරුයි බේබි.." කිය කියා තටමමින් කියනවා..සද්ද නැතුව වැඩේ ඉවරකරන් නාව එකෙන් ඔන්න හැමෝම ඕක ඇතුළේ හිටියේ කවුද කියලා දැනගත්තලු..

තව ඉන්නවා අපේ වැඩිය කතා බහක් නැති කටේ දතක් නැති වගේ ඩයල් එකක්.මිනිහා ටිකක් හෙණ ලොකුවෙන් තමයි ඉන්නේ.වැඩිය සමාජශීලි නැති අමුතු ඩයල් එකක්.මිනිහා කතා නොකලට මොකෝ AVS ඇක්ටිවේට්වුණාම නිකං වැරදි වැරදි ගහන ඔක්ටපෑඩ් එකක් වගේලු සද්දේ.ඒ කතාව නම් ඉතින් වැඩිදෙනෙක් නොදන්න මට ඉහළින් වාර්තාවුණ කතාවක්..

ඉතිං ඔය බම්බුවේ චීන්නු ඉන්නවා සූ ගාලා.චින් චොන් හුවෑන් ජුවෑන් කිය කියා කොච්චරවාත් අරහෙට මෙහෙට දුවන එක තමයි උන්ගේ වැඩේ.අනේ මන්දා කහඹිලියා කැඳ බීලද කියලා උන්ට පුදුම කලබලයක් තියෙන්නේ වැඩක් ඉවරකරගන්න ගියාම.වැසිකිළියාමත් ඒ වගේමයි.කොයිතරම් නම් ඉස්පාසුවක් නැතිකමද කිව්වොතින් උන් වැඩක් කොට අහවර වුණු කිසිම විටක පිරිසිදුකරලා යන්නේ නම් නෑ.ඔහේ තිබ්බ තැන තියලා යනවා යන්න.අප්පිරියාවේ බෑ.මම හිතන්නේ චීන්නු දියුණුවෙලා තියෙන්නේ අන්න එහෙමයි.

ඔය චීන මිනිස්සුත් (බොහෝ දෙනෙක් )යන්නේ නිකන් බඳ ලෙලවාලා ලැසි ගමනින්.උනුත් ඒ වාගේය කියලා තමා ආරංචිය.මොකෝ ඉතින් කියන්නේ "අනේ චව්වෝ වතුර එකක් ගහල පලයංකෝ" කියලා කියන්නයැ.

පහුගිය කාලෙක ඔය බොග් රෝල්වලට එරෙහිව කස්ටියක් පෙලගැහුනාය කියල ලිඳ ලඟ සංගම්වලත් ආරංචි පැතිරුණා.ඒත් ඒවා නිකං ලත්-තැනම-ලොප් වගේ හටනක් කියලා තමා අපට නම් පෙනුණේ.මොනව වුණත් තරු පහේ හෝටල්වල පවා වැසිකිළිවලට වතුර දීලා තියෙන එකේ මොන කුම්මැහිකමකට මේවාට වතුර දීල නැද්ද කියල දන්නේ ඉතින් හදපු උන්දැලම තමයි.එක අතකට ඉතින් ඔය බම්බුවේ ඉන්න හැටහුටහමාරක් වැසිකිළි ගිහින් පාවිච්චිකොරන ජල කඳට ගෙවන්න වෙන ගාණ මං හිතන්නේ අයිතිකාරයට ලාබත් ඇති.නැත්නම් උන්දැත් පිහන්න කැමති ජාතියේද දන්නේ කවුද..

හැබැයි ඉතින් ඔය පිහගැනිල්ලට අනුවර්තනය වුණාට පස්සේ නම් ඉතින් කිසි ගේමක් නෑ. ඕන දිහාක එළි බැහැලා ගස්කොළේකින් හරි පිහන් එන එක සිම්පල්.වැඩේ තියෙන්නේ වැඩිපුර ඕකට අනුවර්තනය වෙච්ච උදවිය ඔහේ තැන තැන කරලා එනවා මිසක පිහගන්නවත් උනන්දුවක් ඇතිකරනොගන්න එකයි.
බලමුකෝ ඉතින් බොග් රෝලක රඟේ...


12 comments:

  1. සිරාම කතාව.... මචෝ... බොග් රෝලත් මරු නම. ඇත්තටම ඔය වතුර නැති වැසිකිලි තියෙන්නේ බම්බුවේ නොවේ නේද එයට මෙහා ලෝක කුළුණු දෙකේ නේද? මේ වැඩේ නම් සිංහලයට අනුවර්ථනය වන්න අසීරු කරුණක් තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන් අයියේ..මම බම්බුව කිව්වේ අපි හිටියේ එකක නිසා වුණාට ඇත්තටම ඔය ලෝක කුළුණු දෙක ගැන තමා මං මේ කිව්වේ.නලීන් අයියාත් මාර මීටරේ නේ? :D
      කියලා වැඩක් නෑ ඒ ඇතිවෙන අපහසුව සහ අප්‍රසන්නතාවය ගැන නම්..:/

      Delete
  2. ඇත්ත බං.. නලිය කිව්ව වගේ අපිට හුරු වෙන්න අමාරුයි ඕකට. මොකද අපි ගෙදර කරන්නේ හෝදන එකනේ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අෆ්ෆා! අර හිරු එකේ පටි රෝල් වැඩ සටහනේ ඇඩ් එකක් යනවා මට ඇහුණා මරු වචන සෙට් එකක් කියන..හරි පිලිවෙලට නොවුනට එකේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්.."අශික්ෂිතයි අශිලාචාරයි කුජීතයි ඇලෙනසුළුයි.." වගේ වචන ගොඩක්..මේ කතාවටත් ඒ ටික කියතහැකි..:D :D

      Delete
    2. කුප්පයි කුජීත්යි අසංවරයි අසික්කිතයි අසෝබනයි කියල වෙන්න ඇති

      Delete
    3. හා හා ඒ වචන සෙට් එකත් හොඳයි නෙව..:D

      Delete
  3. ආපු ගමන්ම වැසිකිළි කතාවක්...
    මට නං තාම ඔය පිහින වැඩේ ගැන පළපුරුද්දක් නැ..
    අනේ කවදාවත් එවන් වූ අසරණ තත්වයකට නං පත් වෙන්න එපා කියන එක තමා මගේ පරම පවිත්ත තිර්මල පාර්තනාව
    ඕ යේස්
    මාත් එංඤංකො මීට පස්සෙ

    ReplyDelete
    Replies
    1. ඔබගේ ඒ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා දරුව! :D
      අනේ ඔව් ඒ වගෙ තත්වයකට යන්න නම් මගෙත් ආයිත් කිසි බලාපොරොත්තුවක් නෑ..
      එන්න එන්න සාදරයෙන් පිළිගන්නවා මහේෂ්...:)
      සොරි වෙන්න ඕන ආවගමන් වැසිකිළි කතාවක් දකින්න වුණාට..

      Delete
  4. හම්මේ අපිටනම් රෝලයි ජෝයි දෙකම තියන නිසා අවුලක් නෑ. මටත් හෙන ප්‍රශ්නෙ ඔය රෝල් සුරුස් ගාල ඉවර වෙන එක තමයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බස්සියෝ.හදිසිම වෙලාවක එහෙම ඉවරවුනොත් ඉතින් නොපිහා එන්ට තමයි වෙන්නේ.:D

      Delete
  5. දන්නේ නැද්ද චීන්නු ගැන.... හපෝයි අපි නම් කියන්නෙ "චීනුන්ට මොන සෞඛ්‍ය ද" කියලා... කතා කරල වැඩක් නැහැ, ඕනම වැදගත් මීටිමකදි, මහා සේනාවක් බලන් ඉද්දි,කෙළ ගහන්න ඕන උනාම, ටයිල් පොළවට කෙළ ගහන්නත් උන්ට පුලුවන්....

    ReplyDelete
    Replies
    1. අම්මපා? :O ටයිල් පොළොවට කෙළ ගැහුවද? මරන්ට එපැයි! :D
      හා හා...අනේ මංදා උන් නම්..ලඟින් යද්දි එන පුසුඹ කොහොමද? හැක් හැක්..
      තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා ඔබවත් :)

      Delete