Monday, June 30, 2014

ආවෝ ගියෝ..

අඳුරු වීදියේ කොණක,
ඈ හිඳී..
දුහුල් සළුපට,
පාට  වත්සුණු නැතුවාට..
ගිනිගත් මද්දහනේ
සිත පුරා ඔඩු දිවූ
ගිනිගත් හැඟීම්
දරාගෙන ඇදී එයි
හැඩිදැඩි පුරුෂාත්ම...
නිරුවත් කය උරා බී
නිල්කොළ කිහිපයට
සතොසින් නික්මයන දන...
වෙහෙසුණු දැවුණු ඉඳුරන්
කරපින්නාගත් ආත්මය
නුරා හැඟුමන් මුසුවුණු
අඳුරටම එක්වෙයි යළිත්,
නොහෙලූ සුසුමක් 
ළයේ ඉතිරිකර..
ඇයට නුදුරින් 
පහන් කණුව මුල,
වියරුව පහන් එළිය හඹාගොස්
මියැදුණු ජීවිතය..
"ආවෝ ගියෝ"...



16 comments:

  1. නිල් කොළවලට යට වෙන ජීවිත.... ආවෝ ගියෝ තමා සුපිරියි

    ReplyDelete
    Replies
    1. තැන්කූ නලීන් අයියා..:)

      Delete
  2. ආවත් ගියා. ගියත් ආවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඒකට පෙළඹුණු කෙනා දිගටම එයි..නැති කෙනා නවතී...අවෝ ගියෝ මෙරුවෝ වගේ...:D

      Delete
  3. Replies
    1. මොකෝ බස්සියෝ හ්ම්ම්ම්...?

      Delete
  4. මේ තේමාව අපි නිතරම කතා කරනවා. විවිධ දැක්මවල් වලින්...
    මේ නිර්මාණය මුල් පෙලි දෙක කියවද්දි කියන්නේ මොකක් ගැනද පැහැදිලි...
    නිර්මාණය නිකන්ම හොදයි / සුපිරි කියලා කමෙන්ට් එකක් නොදා මෙහෙම කිවුවේ අයේ සුපිරි නිර්මාණයක් බලාපොරොත්තුවෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මදාරා...:)
      කවි නම් දැන් ලියවෙන්නෙම නැති තරම්..ඒක නිසා අඩුපාඩු ඇති අනිවාර්යෙන්ම..ඒවා පෙන්වා දෙන එකට ස්තූතියි...ඊලඟ නිර්මාණයෙදී බලමු..:)

      Delete
  5. ආවෝ ගියෝ කියන්නේ මෙරුවන්ට කියන වහරක් වග වැටහිලා නැතිද මන්දා කස්ට්යට....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කල්පනා කළේ..ආවෝ ගියෝ කියන්නේ මෙරුවන්ට විත්තිය වැඩි දෙනෙක් දන්නේ නැහැ මම හිතන්නේ...

      Delete
  6. ඇවිත් යන අය නතර වුන ජීව්ත..

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි දිනේෂ්...හරියටම හරි..

      Delete
  7. මෙරක් හොයනා දනන් මැද
    වැලි කැටයකින් සැනහෙන ජීවත...
    අපුරුයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ෂා! ඒ අදහසත් මරු!
      ස්තූතියි මහේෂ්..:)

      Delete
  8. ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ

    ReplyDelete
    Replies
    1. අඳුරේ පව් කරන දනා එළියෙ රවන ලඳුනේ..:)

      Delete