හිත ඇදිලා...නෑ කැඩිලා බිඳිලා විසිරිලා...
හැමදාම අලවනවා..ආයෙත් බිඳෙනවා..බිඳුණු හාවුණු සලකුණු කොයිතරම්ද...දැක්කද?..
උසස් පෙළට ඉගැන්නුවා ප්‍රත්‍යස්ථතා මාපාංකය...හැබැයි රබර්වල...එයිනුත් අවුරුදු කීපෙකට පස්සේ කවුද හිතුවේ හිතටත් එහෙම එකක් තියේවි කියලා...
හ්ම්ම්...හිතටත් තියෙනවා...ආතතිය වැඩිවෙල වැඩිවෙලා දරාගන්නම බැරි තැනකට ආවම හිතේ ප්‍රත්‍යස්ථතාව නැතිවෙනවා..හිත තිබ්බ තැන ඔහේ ඉන්නවා..ආයෙ මුලට යන්න බෑ...අන්තර් බල උත්සහ කරනවා..ම්ම්හු...බෑ කියලා හිතූ තැනම ඉන්නවා..
අන්න ඒ වගේ...අවුරුදු ගාණක් හිත එක්ක සෙල්ලම් කරලා හිත දැන් නැවතිලා...
මුලින්ම නුඹට ලැබුණේ බොහොම මටසිළුටු හිතක්..කට්ට කාල තිබ්බෙ නැති...ලේසියෙන් රිදවුණා..තැවුණා..දැවුණා..නුඹට විනෝදයක් වුණා ඒ හිත කෙනිත්තුවම නිදිකුම්බාවක් වගේ ඇකිලෙන හැටි..ඊටපස්සෙ නුඹට ඕන වුණා පාගලා බලන්න...හිත මලානික වෙලා යන හැටි...ටිකෙන් ටික නුඹ දරුණු වුණා...
හිත ඉවසුවා...හෙට නවත්තයි කියලා අළුත් බලාපොරොත්තුවක් හැමදාම හිතේ ඇතිවුණා..ඒ හෙට ටිකෙන් ටික ඈතට ගියා...බිංගෙයක් ඇතුළට ගියාම එළිය දොරටුව ඈත් වෙලා ඈත් වෙලා නොපෙනී යනවා වාගේ...මගේ ඒ හෙට ඈතකටම ගියා...නුඹ හිත පාගන එක නැවැත්තුවා...ඒවෙනුවට හිත විසි කරා අරහෙන් මෙහෙට, මෙහෙන් අරහෙට..හිත බිත්තිවල වැදි වැදී දෝංකාර දුන්නා...මගේ හිත පෑගුවට නුඹ තව සමහර හිත් ලස්සන කෙරෙව්වා..ආදරේ පෑවා..ආරක්ෂා කරා...මගේ හිතට විතරක් ඔය ඔක්කෝම අරියාදු...හිත ඔහේ වැටිලා උන්නා..ඒක තේරුම් ගත්තා මෙහෙම ඉඳලා බැරි බව...
අතෑරලා දාල ගියාම මග දුරක් යද්දි නුඹට පාළු හිතුණා...ආයෙත් සෙල්ලම් කරන්නෙ නෑ කියලා පුංචි ළමයෙක් වගේ පින්සෙණ්ඩුවෙලා නුඹ ආයෙමත් හිත අයිති කරගත්තා...ආයෙත් ටික දවසකින් පරණ නුඹ මතුවෙන්න පටන් ගත්තා...මට දුවන්න බැරිවුණා..කෙනිත්තීමෙන් පෑගීමට, පෑගීමෙන් විසිකරන තත්වෙට යන්න වැඩි දවසක් ගියේ නෑ...
හිතේ ප්‍රත්‍යස්ථතාව නැතිවෙලා යමින් තිබුණා..වෙනදා වාගේ දුකක් හිතට දැනුණේ නෑ...මම දැනගෙන උන්නා මේ සැරේ හිත දරුණු වෙනවග...හිතට ඉඩ දීලා මම නිශ්ශබ්ද වුණා..නුඹ හිතුවේ මම සම්පූර්ණයෙන්ම අඩපණ කළා කියලා...නුඹට වැරදුණා..හිතට නැතිවුණේ ප්‍රත්‍යස්ථාව විතරයි...සිහිය තිබුණා...
නුඹට මගේ හිතට වධදීම තාවකාලිකව නවතන අළුත් හිතක් ලැබුණු වෙලාවක මම එක්ටැම්ගෙයින් බිමට පැනලා ගව් ගාණක් එක හුස්මට දිව්වා..හරිත මිටියාවතකට එනකල් නොනැවතී දිව්වා...නුඹේ බල ප්‍රදේශයෙන් මිදෙනකල්...
නිදහස් හුස්මක් අරන් ආපස්සට බැලුවම ලොකු සැනසීමක් දැනුණා..ආයෙත් හිත විසි කරන්න නම් හම්බවෙන්නේ නෑ කාටවත්..
හිමි හිමින් ඉස්සරහට යන අතරේ මට ඕන වුණා ආයෙත් මම වෙන්න..කොච්චර සුන්දර වුණත් මිටියාවතේ ලස්සන සම්පූර්ණයෙන්ම නොදැණුන නිසා මම හිතට බල කළා ආයෙත් පරණ තත්වෙට යන්න...හිත උත්සහ කළා හුඟක්..ඒත් බැරිවුණා..හිතේ ප්‍රත්‍යස්ථතා මාපාංකය පැනලා හුඟක් කල් නිසා ආයෙත් මුල් ස්වරූපයට යන්න ඉඩක් නැති බව තේරුම් අරන් හිත දුක්වුණා..සමහර සංවේදනයන් පවා ගල්ගැහිල බලා උන්නා...
මොනව කරන්නද ඉතින්..අන්තිමට කොයිදේටත් සිද්ධවෙන්නේ ඔය ටිකම තමයි..
අපි කියනවා පුරුද්දට යනවා කියලා..නෑ ඒ ඔය මාපාංකය ඉක්මවනවා..
නුඹටත් වුණේ ඒකමයි...මගේ හිතට මුල් තත්වෙට යන්න බැරිවුණා වගේම නුඹටත් බැරිවුණා නුඹේ හිත ගොඩගන්න...නුඹ හිතට නූල් දුන්නා උවමනාවටත් වඩා අයාලේ යන්න...අද නුඹට නැවතුමක් ඇත්තේම නෑ...නුඹ එක් හිතකින් තව හිතකට මාරුවෙනවා අසුරු සැණින්...ඒ නුඹේ හිත සීමාව ඉක්මවලා...අයාලයෙන් සල්ලාලකමට...එතනින්...?
අමතක කරන්න එපා කොට්ටෝරුවාගෙත් හොට පැටළුණු විත්තිය...සමහරවිට අන්න එහෙම දවසක නුඹට ඕන වේවි එක හිතක නවතින්න..ඒත් බැරිවේවි...මොකද රස්තියාදුව හුරුවුණ හිතට නැවතුමක් නැති හින්දා...
එදාට නුඹට මතක් වුණොත් ඇයි මගේ හිත වෙනස් කළේ කියලා...හිතේවිද?..අනේ මන්දා...හැබැයි පලක් නැහැ...දැන් මොනවා හිතුවත් කාලය ඉගිලිලා ගිහින්...නුඹ වියපත් වෙමින් යනවා...හැබැයි ජීවිතේ ලස්සන නොවිඳ..නිදහස ලස්සනයි තමයි හැබැයි අසීමාන්තිකව ලස්සනක් විඳින්න බැහැනේ...
කමක් නෑ...මගේ ඇදුණු හිත ඒ තත්වෙටම එන්නේ නෑ...නමුත් මම ප්‍රමාද වුණේ නෑ හිත ගොඩගන්න...
නුඹ ප්‍රමාදයි හුඟක්...
අන්තිම කෝච්චියත් ගිහින්...

අනේ මන්ද මට ඔයාව නං පේන්නේ හරියට අර නැනෝ පරිමාණෙට පේනවා වගේ..
ReplyDeleteඒ කිව්වේ?
Deleteනුඹ ප්‍රමාදයි හුඟක්...
ReplyDeleteඅන්තිම කෝච්චියත් ගිහින්...
මේක නම් පට්ටයි. මගේ හිතේ ප්‍රත්‍යස්ථතා මාපාංකය නොසෑහෙන්න ඉහළයි වගේ.... ඒකනෙ අදත් ඉර ගැන ලියන්නෙ.
තැන්කූ බස්සි..:)
Deleteඔව් හැමෝගෙම එකම අගයක් නෙවේනේ..මම කිව්වා හරි වගේ නේද නගා? ;)
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ කියලත් කියනවනේ
ReplyDeleteහ්ම්ම්...ප්‍රමාදයට පෙර ක්‍රියාත්මක වුණ එක හොඳයි..:)
Deleteඇත්ත කතාව. ප්‍රත්‍යාස්ත සීමාව පැන්නම ආයෙත් තිබුන තැනට ගේන්න බෑ තමයි. :/
ReplyDeleteඒක ඇත්ත.ඒත් ඉතින් ඔය මාපාංක මුල්කාලේදී ඔළුවට එන්නේ නැහැනේ..ටිකක් පහුවෙලා තමයි සමහරවිට..
Deleteමං හිතන්නේ රන්දු ආපු පළවෙනි වතාව වෙන්න ඕන.සාදරයෙන් පිළිගන්නවා.:)
පරක්කු වෙලා එන කෝච්චියත් යනකන් ප්‍රමාද උනානම් ඉතින් සොරිම තමයි..
ReplyDeleteආයෙත් අහලා දැන් නම් වෙරි සොරි :D
Deleteවිශිෂ්ටයි ... ඇත්තටයි මේ තමයි සත්‍යය ....
ReplyDeleteබොහොම ස්තූතියි ඉවාන්..ඔව් ඒ සත්‍යය වැටහෙන්න ටික කලක් යනවා...:)
Deleteරබර් වල උනත් පත්‍යාස්ත සීමාව පනිනවා... අන්තිම කෝච්චියත් ගිහිං කියන්නේ ඉවරෙටම ඉවරයි වගේ...
ReplyDeleteජය වේවා!!!
අනිවා විදානේ. අන්තිම කෝච්චිය ගිහින් දැන් හුඟා..ක් කල් :D
Deleteසාදරයෙන් පිළිගන්නවා තනි තරුවට..:)
අලේ මට නං හුගක් තේරුනෙ නෑ...
ReplyDeleteසමහර විට විශය දන්නෙ නැති හංදවෙන්න ඇති
මෙන්න බොලේ බිලින්ඳෙක්..:P
Deleteහා හා එහෙනම් මහේෂ් ඔය විෂය ඉක්මණින් හදාරන්න ගන්න වෙයි..
ප්‍රත්‍යස්ථ සීමාව පැන්නම කිසිම දෙයක් ආයේ පරණ තත්වෙට එන්නෙ නැහැ...
ReplyDeleteඅනිවාර්යෙන්ම..:) බිඳුණොත් බඳුනක් පිළියම්කරනට බැරි කැළලක් මතුවී පෙනෙනා කියන්නේ ඒකනේ..
Delete