ඔහුගේ අතේ කිළුටු පාට ට්‍රැවලින් බෑගයක්.අසුන් ඇන්දකට හේත්තු වූ සැණින් එතෙක් වේලා නිරපරාදේ කියවමින් උන්නු නිවේදිකාවගේ හඬත් සමග ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියා විරහිත වුණා..
තවත් මොහොතකිත් නිහඬ බවේ දැහැන් බිඳුණා, ඒ ස්වරයෙන්..
"සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දුන මැනවි තව දුක නොදීලා
වැදූ මව්නි පියතුමනි කරුණාව පාලා.."
ඔහුට තිබුණේ අපූර්ව හඬක්..සෝමතිලක ජයමහ මහතා ගයන ගීයක් ඔහුත් ඊට නොදෙවෙනි ප්‍රතිභාවකින් ගයනවා..ඒ මුහුණ සන්සුන්..දෙනෙත් පියාගෙන ඔහු ගීතය තුළ දැහැන්ගත වෙලා.
"මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුළ එකසේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගේ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්.."
ඒ හඬ ඔහු හසුරවන්නේ පරිස්සමින්, හරියට බිඳෙන සුළු දෙයක් පරිස්සම් කරනවා වාගේ..හඬේ උස්පහත්වීම්, අලංකාර ඔහු මෙතරම් මිහිරිව ගයන්නේ කොහොමද..
මේ වාගේ ගායනා කරන උදවිය ඕනෑතරම් දැක තිබුණත් මේ නෙත් ඉදිරිපිට ඉන්නා පුද්ගලයාගේ පුදුමාකාර වෙනසක් තිබුණා..ඔහු නැග්ගේම අඳෝනාව කියාගෙන නොවෙයි..සාමාන්‍යයෙන් මෙවැන්නෙකුගෙන් දකින්නට නොලැබෙන තාලයේ සන්සුන් මොළොක්බවකුයි ඔහුගේ වතෙන් පළවුණේ..
හැමෝගේම ඇස් විවිධ අරමුණු දිහා එල්ලවී තිබුණත් සවන්වල නම් අරමුණවන්නට ඇත්තේ අනිවාර්යෙන්ම ඔහුගේ හඬයි..ඒ හඬ ඒ ගීතයේ පදවල කැටිවුණ හැඟීම් එක්කම සංකලනය වෙලා මනුස්සකමේ ලෙංගතුපාටක් මැව්වා මගේ හිතේ..
ගීත තුනක්ම ගායනා කරලා අවසානයේ නික්මෙන මොහොතේදී ඔහුගේ රබානට කාසි නොදැම්ම කෙනෙකු හිටියේ නැහැ..මුදල් දී හමාරවූ පසුයි ඔහු කීවේ ඔහුගේ බිරිඳ ස්නායු රෝගයකින් පෙළෙන බව..
මං දන්නවා ඔබේ මුහුණ සමච්චලයෙන් ඇදවේවි.."තවත් හොරෙක්!"
මුදල් දුන් පසු මගේ මිතුරිය කසුකුසුවෙන් කියනවා "අතපය තියෙන්නේ ඇයි කුලී වැඩක් කරන්න බැරි" කියලා...
මගේ හිත රිදුණා..
අපිට ලේසියෙන් කියන්නට පුළුවන්.ඒත් ඇත්තටම ඒතරම් රැකියා අතිරික්තයක් අපට තියනවද? කුලී වැඩක් සොයාගන්නටත් කොයිතරම් දුෂ්කරද? අපට දැනෙන්නේ නෑ..ඒත් ඒ දුෂ්කර යථාර්තයට පැයෙන් පැය, මොහොතින් මොහොත කීදෙනෙක් නම් මුහුණ දෙනවා ඇතිද?..
මේ දරිද්‍රතාවයෙන් පෙළෙන සියල්ලන්ටම කුලී වැඩ හොයාගන්න බැහැ නේද?..ප්‍රායෝගිකව හිතුවොත් රැකියා විරහිත උපාධිධාරින් ඉන්නා රටක ඒතරම්වත් අධ්‍යාපනයක් නොලැබුව තවත් කී දෙනෙක් රැකියා නැතුව දුක්විඳිනවා ඇතිද?
ජීවිතයක් විනිවිද දකින්නට උත්සහකරමින් මනුෂ්‍යත්වයෙන් දයාවෙන් තව ප්‍රාණියෙක් දිහා බලන්නට බැහැ, විවිධාකාර කුණුරොඩු ඇසට අසුවෙනවා..මේ මොහොතේ මට දැනුණේ ඔහුගේ හැකියාව පමණයි, එය අගය කළ යුතුමයි..
මට කියාගන්නට හිතට ආව සියල්ලම මං කිව්වා..ඇය නිහඬ වුණා..මට රිදුණු වග තේරුණාද දන්නෙ නැහැ..
බෙල්වුඩ් සිසුවෙක් බව කියා යන්නට සැරසෙද්දි ඔහු කී අන්තිම වචන කීපය මගේ හිතේ මටත් නොදැනී බරට තැන්පත් වුණා..
"අවුරුදු 8ක් තිස්සේම ස්නායු රෝගියෙක් වුණත් ඇය මගේ බිරිඳ..මං ඇයව කොහොමහරි සනීප කරගන්නවා..මට ඇයව අතහරින්න බෑ.."
ප්‍රේමයේ අභිමන්..මගේ සවන්වලින් ඇතුළුවුණ ඒ වචන ටිකේ තිබුණ ඒ ගෞරවණීය ප්‍රේමයට මං මුළු හිතින්ම ආචාර කළා...
පිට ඔපයට, හැඩ වැඩට, දිලිසීමට ආදරය කරන්නට යන ලෝකයක ඔබ විශ්වාස කළත් නොකළත් ඒ ප්‍රේමයේ හැඩ මාව සසල කළා..

නියම ප්‍රේමයට සීමා මායිම් බන්ධන බාධා කිසිවක් නෑ නේද? ප්‍රේමයෙන් බැඳෙන්නේ සිරුරු නෙවෙයි හදවත් ....
ReplyDeleteඇත්ත ඉවාන්..බැඳීමේ උපත හදවතින්ම නම් එහි පැවැත්ම වැඩියි..
Deleteමේ සෙනසුරාදා උදේ පාන්දරම ඇසට කඳුලක්......ඇඬෙන්ඩ ලියල තියෙනවා......
ReplyDeleteඔබට වගේම මටත් ඒවෙලේ දැනුනා සා..පාන්දරම කඳුලක් ගේන පෝස්ටුවක් දැම්මට සමවෙන්ට ඕනි..
Deleteසමාව ඉල්ලන්නේ මොකටද?
Deleteසින්හල බ්ලොග් කියවලා භීබත්ස රසය විඳිමින් සිටිනා අපට ඉඳලා හිටලා හරි මේ වගෙ ඇඬෙන්න ශෝක රසය අත්විඳින්න සැලස්වූවාට අපි ඔබට ස්තූති වන්ත වෙන්න ඔනේ.....
ඒක ඇත්ත..කියවනා දේ රසයත් වෙනස් නොවුණොත් ඒකාකාරී ගතියක් දැනෙනවා..ශෝකයත් රහට ලියන්න පුළුවන් හැඟීමක් නේ..:)
Deleteඋපරිමයි..
ReplyDeleteඇත්තටම ආදරේ වෙනුවෙන් නෙවේ මොකක් වෙනුවෙන් වුණත් තව කෙනෙක් වෙනුවෙන් ඒ තරං කැපකිරිම් කරන අය ඉන්නවද කියලත් හිතෙනව
ජයවේවා
ඉන්නවා මහේෂ්..අපි ඇස් ඇරල නොබැලුවට අපේ දෙමව්පියන්ම අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරල තියෙනවද තාමත් කරනවද?..ඒ කැපකිරීම් නිසා සාර්ථකවෙන සුවපත්වෙන ජීවිත කොච්චරක් තියෙනවද අපි අපි අතරම..
Deleteබස් එකේ ගයන්නෙත් කලාකාරයා, නෙලුම් පොකුණේ ගයන්නෙත් කලාකාරයා
ReplyDeleteඑකම වෙනස බස් එකේ සින්දු කියන එකාට රබාන හරි බොන්ගෝ එක හරි විතරයි සංගීත භාණ්ඩයකට තියෙන්න.
නෙලුම් පොකුණේ ෂෝ එකට 2000 ක් දීල ටිකට් ගන්න එකා බස් එකේ සින්දු කියන එකාට රුපියල් 10ක් දෙන්නේ නැහැ. හේතුවක් නැතුව නෙවෙයි.
රුපියල් 10ට සාධාරණයක් වෙනවද කියක සල්ලි දෙන එකා හිතනවා.
පානදුරේ ඉඳන් කොටුවට යන කෝච්චියේ කීබෝඩ් එකක් ගහල සින්දු කියන මල්ලිට හැමෝම 20ක් වත් දෙනවා
තව මවුත් ඔර්ගන් (හාර්මොනිකා) ගගහ සින්දු කියන වයසක අංකල්ටත් හොඳ කලෙක්ෂන් එකක් ලැබෙනවා 50හ 100ය දෙන අය ඉන්නවා.
සින්දු කියන්න බැරි එකා නෙලුම් පොකුණේ ෂෝ කරත් පුටු විතරයි බලන්නේ.
ඒක ඇත්ත..සමහරු ගායකයෝ කියලා පුම්බලා පෙන්නන මිනිස්සුන්ට ස්වභාවික හඬින් ගායනා කරන්න බැරිම තරම්..තාක්ෂණයේ පිහිටෙන් සින්දු කියන අය ගායකයෝ වෙනවා..මගතොටදි සමහරවිට ඊට වඩා සෑහෙන දක්ෂ නමුත් ඉදිරියට යන්න ඉඩක් නොලද පිරිස් ඕනතරම් හමුවෙනවා..
Deleteසමහර පොෂ් වෙන්ට හදන උදවිය හිතනවා ලොකු ගාණක් ගෙවලා ඒ වගේ ප්‍රසංග බලන එකයි කලාව/සංගීතය රස විඳීම කියලා..
අනික් අතට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ වගේ දක්ෂයෙක්ට ඇති හැකි අයුරින් යම් මුදලක් දීම තමයි වටින්නේ..මොකද තමන් ඒ දේ දෙන්නේ සද්භාවයෙන් නම් එයින් ලැබෙන සතුට මිල කළ නොහැකියි..
මේකේ මං දාපු කොමෙන්ට් එක කෝ...?
ReplyDeleteඅපි නොහිතන තැන්වල දක්ෂ කලාකරුවන් සිටිනවා.. දක්ෂතාව තිබුනත් වාසනාව නැති..
සෝමතිලක ජයමහගේ සුනිල්වන් නුවන්යුග කියන්නේ මාත් ආසමකරන ගීයක්..
ජ ය වේ වා!!
විදානේ කලින් කමෙන්ටුවක් කෙටුවද? මට නෝටිෆිකේෂන් ඇවිල්ලා නෑ නේ..බ්ලොගර් පිස්සු නටනවද දන්නෙ නෑ..:(
Delete//අපි නොහිතන තැන්වල දක්ෂ කලාකරුවන් සිටිනවා.. දක්ෂතාව තිබුනත් වාසනාව නැති..//
සහතික ඇත්ත කතාව විදානේ..හැම ක්ෂේත්‍රයකටම පොදු සත්‍යයක්..
මමත් බොහොම ආස ගීතයක්. නිවී සැනසිල්ලේ ගලා යන ගීයක්.:)
මේක නම් පට්ටයි. ඇහැට කඳුලක් ආවා.
ReplyDeleteතැන්කුයි බස්සියෝ..මම හිතනවා ඒ බිරිඳව සනීප කරගන්නට පුළුවන් වෙන්නට ඇති කියලා..දුක හිතුණා ඒ කතාවට..:(
Deleteහිතට දැනෙන්න ලියලා තියෙනවා..
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ් අගය කිරීමට..:)
Delete