Friday, October 24, 2014

තුවාල..

තුවාල...
අපි හැමෝටම තියෙන තුවාල...
සමහර ඒවා තාම සීරුම්..සමහර ඒවා සුවවුණ කැළැල්..තවත් සමහර ඒවා උඩින් හොඳවුණ යටින් තාම අමු ගැඹුරු ඒවා...තව සමහරක් සදාතනික කැපුම්...

ඔව් ඔබටත් ඇති..මටත් තිබුණා..තවම තියෙනවා..

මගේ හිත හීරිලා තිබ්බා..හීරුමක් තිබ්බට මක්වෙනවද?..මම එහෙම හිතුවා..
හීරුම පස්සේ කාලෙක ලොකු කැපුමක් වුණා..අඩියට ටිකක් උඩට වෙනකල් ගැඹුරට හෑරිච්ච...
ඔසුවක් කියලා කෙනෙක් ඇසිඩ් වක්කලා ඒකට...
වේදනාව ගැන කොහොම කියන්නද?..
තුවාලේ එක්කම හදවතේ පැත්තක් කරකුට්ටන්වෙලා ගියා..ඇඹරිලා විරූපී වුණා..
කාලෙකට පස්සේ කෙනෙක් අයිස් ගෙනාවා..අයිස්වලට සුවයක් දැනෙන බවක් හිතුණා...
නෑ...අයිස් ඇසිඩ්වලටත් වඩා විසයි...අයිස්වලට පිච්චෙනවා කියලා තේරෙද්දි තුවාලේ තවත් ටිකක් පිච්චිලා ඉවරයි...

හදවතේ තුවාලවලට බෙහෙත් නෑ ලෝකේ...අපි මවාගත්තට ඒවා ඇත්තම බෙහෙත් නෙවෙයි..
සදාකාලික බෙහෙත් කොහේවත් නෑ...ඒක තමයි ඇත්ත...



රිදුම් දෙන 
ඇදුම් කන
හදවත මගේ...

25 comments:

  1. සමහරු විහින් තුවාල කරගන්නවා, රිදෙන බව දැන දැන.
    //හදවතේ තුවාලවලට බෙහෙත් නෑ ලෝකේ// ඉතින් රිදි රිදි ඉවසන් ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් කුසූ...
      ඇසිඩ් බෝතල් ඇදලා අරං වක්කරගත්තු අයත් ඉන්නවා..
      අන්තිමට විඳවනකොට තමයි තේරෙන්නේ...

      Delete
  2. Replies
    1. හදවතේ තුවාල කවදාවත් සනීප වෙන්නේ නෑ තනියෝ .. ඒවා ජීවිතේ තියෙනකම්ම තුවාලම තමයි . ජීවිත කාලේ ඇතුලත හුඟ දෙනෙක් ඒ තුවාල වල වේදනාව විඳිනවා , ඒ තුවාල හොඳ නොවුනට ඒ වේදනාව තාවකාලිකව අමතක කරලා සතුටෙන් වගේ ඉන්නවා ....

      Delete
    2. හ්ම්ම්..
      "වැඩියෙන් හිනාවෙන්නේ වැඩියෙන්ම රිදුණු මිනිස්සු" නේද?:)

      Delete
    3. /"වැඩියෙන් හිනාවෙන්නේ වැඩියෙන්ම රිදුණු මිනිස්සු" නේද?/

      ඉස්සර මං හිතන් හිටියේ මේ බොරුවක් කියලා..
      හැබැයි සහතික ඇත්ත

      Delete
    4. නැහැ විදානේ....වැඩියෙන්ම හිනාවෙන්නේ තුවාල, තුවාලයක්ම කරගෙන නොසිට තුවාලයට බෙහෙත් හොයාගත්ත මිනිස්සු සහ ගැහැණු. තුවාලය සහ බෙහෙත් කියලා පෝස්ට් එකක් ලියපන් :D

      Delete
    5. විදානේ> මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා..:)

      Delete
    6. අරූ අයියේ> ඒ කතාවත් ඇත්ත..අපිම තුවාල කරගෙන අපිම සනීප කරගෙන පහුකලෙක ඒව දිහා බලලා අපිටම හිනාවෙන්නත් පුළුවනි තමයි..අමාරුම කාලය සනීප කරගන්නා කාලය..ඒ දුෂ්කර කාලේ පහුකළාට පස්සේ අවුලක් නැහැ..

      Delete
    7. "වැඩියෙන් හිනාවෙන්නේ වැඩියෙන්ම රිදුණු මිනිස්සු"
      +++++++++++++++++++++++

      වැඩියෙන්ම පිස්සුත් එහෙම උන්ට. උඩින් බලද්දි පේන්නෙ අර පිස්සු නට් ලූස් ගතිය විතරයි

      Delete
    8. බස්සි:
      ආයෙත් අහලා...සෑම නට්ලූස් කේස් එකකටම ආවේණික වූ තුවාලයක් තිබිය හැකිය.. :D :D

      Delete
  3. තුවාල තුවාල හැමතැනම තුවාල ..ඉවසුම් නෑ ..රිදුම් දෙන ..දරාගත නොහැකි ..වේදනාවේ උච්චතම ස්වරයෙන් කෑගහන තුවාල වලින් හදවත පිරිලා ..ඉවසන්න බෑ තවත් එතරන්ම වේදනයි.මම කුමක් කරන්නද ? හිතට හිතන්නත් බෑ වේදනාව නිසා හිත දුර්වල වෙලා ..හිතත් වේදනාවෙන් අඬනව...

    ඇති ..ඇති ..තවත් විඳවන්න බෑ ..මගේ හිත දැඩි උනා... හදවතේ රැදිච්ච සියුම් අල්පෙනෙති රොත්තක් හෙමින් හෙමින් ගැලවුව.....වේදනාව ට්කක් අඩුයි. දැන් බැරෑරුම් ම අවස්ථාව හදවතේ පාසාරුවී ගිය තියුණු කිණිස්ස ..සිත තවත් දැඩි උනා.ක්ෂණයකින් ඇදල අහක්කලා. මතකය මිශ්‍ර වූ ලේ ඇතිතරම් ගලනකන් නිහඬ වී හිටිය.
    දැන් ඇති අහවරයි... වේදනාවට සමුදෙන්න අහවරයි.. .අලුත් අරමුණක් මුසුවූ ලේ හිතට පොම්ප කලා.සියුම් පැලැස්තරයකින් තුවාල වැහුව.ඇත්ත හදවත ලස්සනට පෙන්නේ නැතිව ඇති මොකද පැලැස්තර වලින් හදවත හැමතැනම වැහිලා නිසා...ඒත් ඉවසන්න ..කාලයට ඉඩදෙන්න... වේදන්නව ටිකෙන්ටිකේ අඩුවෙලා තුවාල ටිකෙන් ටික වේලෙද්දී පැලැස්තර අහක්වේවි...මතක තියාගන්න එදාට හදවත වෙනදාට වඩා ශක්තිමත් ..තවත් සියුම් අල්පෙනෙති තුඩකටවත් පාරන්න බැරි තරමට හදවත ශක්තිමත් .. කාලයට ඉඩදෙන්න හදවත සුවකර හදවතත් සමග ආයෙත් හිනැහෙන්න .....

    ReplyDelete
    Replies
    1. සමහර තුවාල කාලය එක්ක සනීප නොවෙන්නත් පුළුවන් මචං..ඒත් ඔයා කියන කතාව ඇත්ත...සමහර ඒවා සනීප වෙන්නේ ආයේ ගල්බෝර වැදුණත් රිදෙන්න ඉඩක් නැතිකරලා...

      Delete
  4. කාලයත් එක්ක ගොඩක් තුවාල සුව වෙනවා... ඒ මොනවා වුනත් තුවාලය පාරගන්න එක කරගන්නෙත් අපිමයි. කියන්න දෙයක් නැහැ. තුවාලයේ වේදනාව දන්නේ තුවාලය තියන කෙනා මිස, බෙහෙත් නියම කරන අපි නෙමෙයි. ෆිට් එකේ ඉන්න!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත...අපිම නේන්නම් ඔය තුවාල හදාගන්නේ පාරගන්නේ...ස්තූතියි අරූ අයියේ..

      Delete
  5. //ඒක තමා ඇත්ත//

    ReplyDelete
  6. //හදවතේ තුවාලවලට බෙහෙත් නෑ ලෝකේ...අපි මවාගත්තට ඒවා ඇත්තම බෙහෙත් නෙවෙයි..
    සදාකාලික බෙහෙත් කොහේවත් නෑ...ඒක තමයි ඇත්ත...//

    තරුවෝ මේක හොඳටම ෂුවර්ද?

    අනේ මන්දා බන් පොඩි පොඩි සිද්දි දෙක තුනක් නිසා ඉන් පස්සේ මම ඉන්නේ ඔලුවෙන් හිටගෙනද කියන්න මන් දන්නේ නැහැ, හානි ඒ විදිය කලින් විදියට වඩා හොඳයි, හරිම සැහැල්ලුයි බන්. මට දැනුන මම තේරුම් ගත්ත විදියට හදවත එහෙම නැත්තන් හිත තුවාල වෙන්නේ නැහැ බන් කිසිම භාහිර බලපෑමකින්, අපිමයි එක තුවාල කර ගන්නේ, ඒ තුවාල වලට පැලැස්තර දාගන්නෙත්,

    ඕකට තියෙන ලොකුම තුවාලේ බලාපොරොත්තු, අනිත් එක හීන, තුන් වෙනි එක හිත වෙනත් දේවල් මත පදනම් කර ගැනීම, කොටින්ම කියනවානම් හිත ඉන්නේ තුවාල ජාතු දෙකක, එකක් අතීතය කියන ඔක්කොම සිද්ද වෙලා ඉවර වෙච්ච තුවාලේ, අනිත් එක අනාගතය කියන තාම මුකුත්ම වුනේ නැති තුවාලේ, බලාපොරොත්තු හීන එක්ක මවාගත්ත හීන ලෝක තමන්ගේ දෙපා මුල්ම කඩාගෙන වැටෙන කොට, වෙනත් දේවල් මත පදනම් වෙන්න ගියාම ඒ පදනම මුක්කුව ගැලවිලා ගියාම ඕක තුවාල වෙනවා බන්, ඊට පස්සේ ආයෙත් එක්කෝ බලාපොරොත්තු හීන හා පදනම් වීම යන තුනත් එක්ක හිත ආයෙත් අතීත තුවාලේ, එක්කෝ අනාගත තුවාලේ, ඒ නිසා හොඳම දේ හිත පාලනය කර ගැනීමත් නෙවෙයි, ඌට ඕනා තැනක යන්න ඉඩ දෙන්න, ඕන මගුලක් කරන්න ඉඩ දෙන්න, හැබැයි ඒ සෑම විටම ඌ අතනට ගියා නේද? ඌ මෙහෙම දෙයක් කරා නේද කියලා විතරක් දැනගෙන ඉන්න. කාලය හරි ඉබේ කියන එකා හරි තුවාල සනීප කරන්නේ නැහැ, උන් දෙන්න දාන්නෙත් තාවකාලික පැලැස්තර.

    මම මගේ දේවල් වලින්ම ඌව අල්ල ගත්තා, ඒ නිසා තවත් තුවාල වෙන්න ඉඩක් නැහැ, තුවාල උනත් ගානකුත් නැහැ. හිතේ තුවාල වලට හොඳම බෙහෙත චිත්තානුපස්සනාව, හිතෙහි හිත දෙස බලමින් සිටීම, බලෙනුත් නෙවෙයි, ඉබෙමත් නෙවෙයි, අමෞයි කියන්නේ හැම දෙකටම තමන්ගේ ක්‍රමයක් හදා ගන්න බැරි එවුන්, උත්සාහ කර බලන තාක් අසාර්ථකයි. ඒ නිසා ක්‍රමයක් හදා ගන්න, හොයා ගන්න.

    ජයවේවා.!!!

    ReplyDelete
    Replies
    1. //ඕකට තියෙන ලොකුම තුවාලේ බලාපොරොත්තු, අනිත් එක හීන, තුන් වෙනි එක හිත වෙනත් දේවල් මත පදනම් කර ගැනීම, කොටින්ම කියනවානම් හිත ඉන්නේ තුවාල ජාතු දෙකක, එකක් අතීතය කියන ඔක්කොම සිද්ද වෙලා ඉවර වෙච්ච තුවාලේ, අනිත් එක අනාගතය කියන තාම මුකුත්ම වුනේ නැති තුවාලේ, බලාපොරොත්තු හීන එක්ක මවාගත්ත හීන ලෝක තමන්ගේ දෙපා මුල්ම කඩාගෙන වැටෙන කොට, වෙනත් දේවල් මත පදනම් වෙන්න ගියාම ඒ පදනම මුක්කුව ගැලවිලා ගියාම ඕක තුවාල වෙනවා බන්, ඊට පස්සේ ආයෙත් එක්කෝ බලාපොරොත්තු හීන හා පදනම් වීම යන තුනත් එක්ක හිත ආයෙත් අතීත තුවාලේ, එක්කෝ අනාගත තුවාලේ, ඒ නිසා හොඳම දේ හිත පාලනය කර ගැනීමත් නෙවෙයි, ඌට ඕනා තැනක යන්න ඉඩ දෙන්න, ඕන මගුලක් කරන්න ඉඩ දෙන්න, හැබැයි ඒ සෑම විටම ඌ අතනට ගියා නේද? ඌ මෙහෙම දෙයක් කරා නේද කියලා විතරක් දැනගෙන ඉන්න. කාලය හරි ඉබේ කියන එකා හරි තුවාල සනීප කරන්නේ නැහැ, උන් දෙන්න දාන්නෙත් තාවකාලික පැලැස්තර.//
      සොමියා හැමදාම වගේ උඹ ලඟ තියෙනවා මගේ ඔළුව උඩුයටිකුරු වෙන අමුතුම අදහසක්! අන්න ඒකට මම බොහොම කැමතියි..:)

      Delete
  7. ඔය කියන ජාතියේ තුවාල වලට බෙහෙත කාලයම තමයි මචන්.හැබැයි තුවාලෙ වෙලා ඉන්නකොට, හොද වී ගන එනකොට මුනගැහෙන චරිත ;තුවාලෙ කරපු කෙනාත් එක්ක සන්සන්දනය කරන එක නවත්තනකම් තුවාලෙ හොද වෙන්නෙ නෑ කවදාවත්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...සංසන්දනය නොකළත් සමහර වෙලාවට එහෙම වෙනවා..බලමු මචං..:)
      කාලය අකාලය - මරණීය රමණීය..

      Delete
  8. ඔය තුවාල හොඳවෙන්නෙ නෑ මචං. මැරෙනකන්ම සැරෙන් සැරේ පෑරෙනවා. ඒකටමද මන්දා "කරුමෙ" කියල කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..කරුමයක් වෙන්නැති තමයි..:)

      Delete
  9. බෙහෙත - සතුට
    ගන්න පුළුවන් තැන - තමන් තුලින්
    අනෙකුත් දෑ - කාලය, මිතුරන්, හැකියාවන්, තමන් තුල අතරමං විම.

    ගාස්තුව - සිනහවක් ! 

    ReplyDelete
    Replies
    1. Professor Love සාදරයෙන් පිළිගන්නවා තනිතරුවට!
      අගනා උපදෙසක්. බොහොම ස්තූතියි..:)

      Delete