Wednesday, December 24, 2014

පරාල ඇණ කවි - 2 : අවනඩුව

තමා විසින් තමා මරණ ලද වරදට
ජීවිතාන්තය තෙක්....
යුෂ්මතා වැරදිකරු ද? නිවැරදිකරු ද?
වැරදිකරු ස්වාමීනී..
මම මාවම මැරුවමවත්
මිනිස්සු රිද්දවන්නේ නැතුව
ඉඳී කියලා හිතුව එකට
වැරදිකරු ස්වාමීනී..
මගේ අතින්ම මා මැරුවම
මරණය පහසුයි කියල හිතුව එකට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..
අනුන් වයන්න දන්න පදයට
මට නටාගන්න බැරිවුණ එකට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..
මූණේ සකුරා මල් අලෝගෙන
හිතේ ගිනිකන්දක් නොතිබ්බට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..!



6 comments:

  1. /අනුන් වයන්න දන්න පදයට
    මට නටාගන්න බැරිවුණ එකට
    ඔව් මම වැරදිකරු ස්වාමීනී..//

    මෙන්න මේකනම සුපිරියටම ගැලපෙනවා අපි හැමෝටම.

    ReplyDelete
    Replies
    1. අනිවා විභී..හැම එකාම බලා ඉන්නේ අනිකා උන්ගේ පදේට නටනකල්..:D

      Delete
  2. මගේ අතින් මම මැරුණම
    ඔක්කොම හරි යයි හිතුවට
    ඔව් මම වැරදියි ස්වාමිනී

    ReplyDelete
    Replies
    1. එළ එළ...මම කැමතියි ඒ කොටසට :D

      Delete
  3. මිනිස්සු හැමෝම බැන බැන
    ඔහේ ගෙවාගෙන යන ජීවිතයෙන්
    තවත් පළක් නැති නිසා ගියාට
    ඔව් මම වැරදිකරු ස්වාමීනී..................

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ හොඳ හොඳ අදහස්..ස්තූතියි කුරුට්ටෝ..:)

      Delete