Saturday, December 27, 2014

පරාල ඇණ කවි - 3 : හිරුට

මගේ කවි හිත ගල්වෙලා
සීතලට ලේ නහර ඇකිලිලා
කවි සිතුම් මියෙනවා හිතහිතා
සිත හිඳී හිරුට මග බලබලා


8 comments:

  1. හිරුගේ උනුසුමටමද කවි පන්ති ලියැවෙන්නේ
    වස්සානේ සීතලට නැතිද කවි පබැදෙන්නේ
    ඉපැදී එන කවි සිතුම් ඔබෙන් පණ නොලබන්නේ
    හිරුගේ නොව වරද ඒ තනි තරුවේ බව පෙනුනේ :P

    ReplyDelete
    Replies
    1. ඔය ඉඳලා හිටලා කවියක් ලිව්වට කවි මඩු දාන්න නම් දන්නේ නෑ මචෝ..ඒ නිසා මම සුපුරුදු වාක්‍ය රචනා උත්තරයක් දෙන්නම්..:D
      ඉර එළියේ වටිනාකම තේරෙන්න වස්සානයක් එන්නම ඕන..

      Delete
  2. අායෙමත් ඉර පායනවා සත්තයි.............................

    ReplyDelete
    Replies
    1. යේ!!! අද ඉර පෑව්වා!!! :) :)

      Delete
  3. ඉර ආවහම ඔක්කොම හරියයි කියල බලාගන හිටියට,සමහර වෙලාවට ඉර ඇවිත් කරන විනාශය ඊට වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ඇත්ත කටුස්සෝ..ඒවුණාට අව්ව වුණත් වැස්ස වුණත් වෙන ඕනෑම දෙයක් වුණත් ඕනෑවට වඩා ඕනෑම නෑ නේද? :D

      Delete
  4. බලන් ඇස් ඇර නැගිට හිරු යලිත් ඇවිදිලා
    මුදු මොලොක් කරනු සිත උණුහුමට අල්ලලා
    විස්තාර කරනු ලේ නහර රුහිරෙන් යවා
    කවි සිතට ඉඩ දෙන්න අලස ගති පන්නලා ... :D

    ReplyDelete
    Replies
    1. හිරු ආයේ ඇවිල්ලා
      පැරණි උණුහුම ගෙනැල්ලා
      අලස ගති නෑ දැන්
      ජීවිතේ පිබිදිලා... ;)

      Delete