Friday, December 12, 2014

ටුක්-ටුක් සීට්

වර්ථමාන කතාව
-------------------
එදා මහ වැහි දවසක්. මමයි හබී මෑන්සුයි ටුකු ටුකුවකට නැග ගත්තා ඔන්න බස් ස්ටෑන්ඩ් එකකට යාගන්න..මොකෝ එදා හබී මෑන්ස්ගේ කපු කුඩේ ගෙනල්ලා නැති හින්දා පොඩි පහේ නෑමක් සෙට් වෙලා තිබ්බේ..නැත්නම් අපි දෙන්න අත්වැල් පටලාගෙන පැද්දි පැද්දි කයියක් ගහන් සරීර සෞඛ්‍යයට කියලා ඔය කිලෝමීටරේ පයින් යනවා..:)

ඉතින් ඔහේලා දන්නවා නෙව ඔය වැහි දවසට ටුක් ටුක්වල රෙදි පෙරවන්නේ යන්නේ..මං දැකලා තියෙනවා සමහර ටුක්ටුක් නම් මහ ගිනි කාස්ටක අව්වෙත් ඔය රෙදි පොරවන් පාරවල් අයිනේ නවත්තන් ඉන්නවා..සහලෝලා උණ වෙන්ටැ..:D

ඉතින් දැන් ඔය අපි නැග්ග ටුකුටුකුවත් එහෙම තිර දාගෙන හිටියේ වැස්ස නිසා..හැබැයි මට ඕක දිරවන්නෙම නැති වැඩක්..මොකද ඔය ආත්මෙකට හෝදන්නේ නැති තිරේ අතින් අල්ලන්න වෙනවට, කොණ්ඩේ ගෑවෙනවට මං හරි අකමැතියි.කොහොමහරි ඔය තිරේ උස්සලා නැගගත්තා කියමුකෝ..කළුවරේ පේන්නෙත් නෑ..ඇතුල්වුණා විතරයි ආවා මාර ගඳක්! යන්තම් ලඟ බිල්ඩිමේ ලයිට් එළියෙන් මම දැක්කා සීට් එකේ කොණක මොනාද ගුලි වගයක් තියෙනවා..මම ඉතින් එහෙමම ගල් ගැහිල හිටි තැනම ඒ කිව්වේ සීට් එක මැද්දට වෙන්න වාඩිවෙලා නහය අකුලන් ඉන්නවා..ඒ අස්සේ මේ ගඳයි ගුලියි ගැන කියන්න කලින් හබී මෑන්ස් ඇතුළට පැනලා මගේ ඇඟ උඩ වාඩිවෙලා කියනවා එහාට යන්නලු! මම කසුකුසුවෙන් කිව්වා මේක ඇතුළ ගඳයි කියලා..ඔන්න ඒ ගමන උන්දැටත් ගඳ දැනුණා..දැන් මම මගේ නයි මල්ලේ බැහැගෙන ජංගමය හොයනවා ටෝච් එක ගහලා මේ ගඳ ගුලි අධ්‍යයනය කරන්න.

කොහොමහරි ඉතින් බැලින්නම් මොනාද??

හාල්මැස්සෝ කරවල වගයක්!!
ගුලි වගේ පෙනිල තියෙන්නේ උන්ගේ ඔළුයි වක ගැහිච්ච සරීර කෑලියි..!!

යන්තම් එක තට්ටමෙන් එල්ලීගෙන ඒ කිලෝමීටර් එක ගියාට මොකද ගෙදරට වෙනකල් ඉතුරු ටික යනකල් සිහි නැතුව හිටියේ..:D

*******************************
අතීත කතාව
-----------------
සාමාන්‍යයෙන් අපේ බව් නංගිලා දෙන්නව එයාලගේ දොට්ට අන්කල් ඒ කිව්වේ අපිට නම් වෙට් අන්කල් ලඟට ගෙනියන්නේ ටුකු ටුකුවේ..මොකද එයාලගේ මාමා, ඒ කිව්වේ අපේ ඩැඩා එයාලට ප්‍රවාහන පහසුකම් දෙන්න කැමති නෑ..ඉතින් ඔය සෙවේටම වෙන් වෙච්චි ටුක්ටුක් අන්කල් කෙනෙක් ඉන්නවා අපිට. අපි එයාට කියන්නේ "ලලා" (හැබැයි නැති තැන )..ඉතින් ඔය ලලා කොටයි මහතයි..නැගලා වාඩිවුණාම පිටිපස්සවත් බලන්නේ නැතුව හරිද කියලා අහලා කේක් ගෙඩිය තිව්වා වගේ 'පුටු පුටු" ගගා යනවා...කේක් ගෙඩිය වගේ වුණාට කොන්ද කෙලින් තියන් උරිස් හතරැස් කරන් හැන්ඩ්ල් එක අල්ලගෙන අමුතුම බුහුටි තාලෙකට තමයි ඉතින් අපේ ලලා යන්නේ..;)

ඉතින් බව් නංගිලා ලලාව දැක්කම දන්නවා එයාලට වෙන්න යන දේ..ඊටපස්සේ අපි (අපි කිව්වට ඉතින් අම්මයි මායි තමයි ඔය ගේමට සෙට් වෙන්නේ නිතරඟයෙන්ම) බව් නංගිලාව අල්ලගෙන බදාගෙන යනවා ඩොක් ලඟට..පොඩි උන්ට වගේ තමයි දොට්ට අන්කල් පේන්න බෑ මෙයාලටත්...ඉතින් අර ආතතියේ තරමට ඒ ගොල්ලන්ට එක එක භාරයන් ඇතිවෙනවා...
කොහොමහරි මම එදා වඩන් හිටියේ බව්විලගේ නංගි බව්විව..මෙයා  මගදිගට දඟලලා මාර හර්තාලෙකුත් කරලා ටිකකින් පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා ඔහේ හිටියා..හැබැයි අහක බලන් තමයි හිටියේ...ඩොක් අන්කල් ලඟට ගිහින් බැස්සම මට දැනෙනවා පොඩි රස්නේ ගතියක් බව් නංගිගේ පස්ස පැත්තෙන්..

දෙයියන්ටම ඔප්පුවෙච්චවේ කිව්වලු!
බව් නංගිට හදිසි අවශ්‍යතාවයක් පහ වෙලානේ ලලාගේ සීට් එකේ! 
උණු උණු බෝල සීට් එකේ විසිරිලා නිකන් චොක්ලට් බෝල වගේ!
දැන් ඉතින් මොනවා කරන්නද? අපි හිතුවා දැන් ලලාට මළ පනී කියලා..
අනේ නෑ ඉතින් ලලා කියනවා "කමක් නෑ කමක් නෑ මිස් මම අස් කරගන්නම්"...එහෙම කියලා ඉතින් අර ටුක්ටුකුව පිහන බ්‍රෂ් එක අරන් මේ මනුස්සයා පත්තර පිටුවකට ඒ බෝල ටික එක්කහු කරනවා අපිට බලා ඉන්න බෑනේ...මගේ අතේ හිටි බව්විවත් අම්මාට දංවැලෙන් අල්ලගන්න කියලා  මාත් ගිහින් ඉතින් ලලාට දුන්න පොඩි සපෝට් එකක්...ඒ කරලා අනික් පැත්ත හැරෙද්දි, මගේ ඩෙනිමෙත් චප්ප වෙච්චි බෝලයක්! ඒ මදිවට පට්ට ගඳයි! :@

කොහොමහරි එදා ගෙදර යනකල් මම බව්විට හුඟාක් ආදරෙන් තමයි හිටියේ..!

ඒ වුණාට ඉතින් ගහන්න බනින්නයැ...අසරණී..කියන්න පුලුවනැ අනේ මට කක්සි බරයි කියලා...

ඉතින් ඔන්න ඕක තමා මට ඔය කලින් සිද්ධියෙත් මතක් වුණේ...කවුද දන්නේ ගඳේ හැටියට කරවල කියලා නම් හිතුණේ නෑ කීයටවත්ම!

ආදර්ශය:
ටුක් ටුක්වල වුණත් සීට් එක බලා වාඩි වෙන්න ඕන! 

14 comments:

  1. \\ටුක් ටුක්වල වුණත් සීට් එක බලා වාඩි වෙන්න ඕන! //

    තනි තරූල ටුක් ටුක් වල බව්වො අරන් යන නිසා!!

    ReplyDelete
    Replies
    1. බුහහහහාආආආආ!!
      ඔව් බව්වලා බව්විලා ඕවයේ යද්දි ඔහොම එව්වා වෙන්න පුළුවන් :D :D
      ඒ හින්දා බලාගෙනයි ;)

      Delete
  2. තරුවා මඩ ගහන්න නම් දස්සයා , හැබැයි මේ සැරේ ඇත්තක් ලියලා මේ තියෙන්නේ ""මොකද ඔය ආත්මෙකට හෝදන්නේ නැති කොන්ඩේ ,තිරේ ගෑවෙනවට මං හරි අකමැතියි"" ඕ යේස්

    අනික චුට්ටං කාලේ උඹට වෙච්ච සීන් එක බව්වා නංගිගේ පිටින් යැව්වා නේද ලස්සනට , :P

    ReplyDelete
    Replies
    1. අනේ පල පල ගෙඹිලූෂා! (ඒක බස්සිගෙන් ගැහුව කොප්පයක් හරිය?)
      බොට දැන් ඇස් පේන්නෙත් නෑ, ඇස්වල අයිස් බැඳිලද කොහෙද! :P

      අපි චූට්ටං කාලේ මේ වගේ ටුක්-ටුක් වැහිවැහැලා තිබ්බේ නෑ බං කක්සි දාන්න තියා හදිස්සියකට යන්නවත්..:D :D

      Delete
  3. //ඒ කරලා අනික් පැත්ත හැරෙද්දි, මගේ ඩෙනිමෙත් චප්ප වෙච්චි බෝලයක්! ඒ මදිවට පට්ට ගඳයි! :@//

    ඒහෙනම් ඉතින් බව්වාගේ කේස් ඒකක් නෙමෙයි. අාය බව්වාට කතා කරන්න පුළුවන් කියලායෑ............... උගේ පිටින් අැරියා නේද?????

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙනම් ඒක තියෙන්න ඕන ඇතුළේ මිසක්ක එළියෙයැ! :P :D
      ඔයා දන්නේ නෑ බව්විලගේ වැඩ..;)

      Delete
  4. "දුහ්ප් බල්ල...චිප්...චිප්....නැත්තම් මේ මිනිහ උඹේ ඇඟේ ....."
    ඒවගේ කතාවක්ද මන්දා......

    ReplyDelete
    Replies
    1. මොකද්ද බොල කසුට්ටෝ ඒ කතාව??? :O

      Delete
  5. අපෝ මතක් කරන්න එපා බව්වන්ව ..මේ අපේ ගෙදරත් දැන් පොඩි එකෙක් ගෙනල්ල දෙන වදේ .උගේ හැටි දන්න නිසාම අපි කූඩුව ඇරිය ගමන් දොරවල් ඔක්කොම වහනව එලියට ගිහින් ඕන වැඩක් කරලා එන්න කියල .ඒත් මූ නෙමේ ...ඉඳල ඉඳල දොරවල් ඔක්කොම ඇරියම දුවල ගිහින් සාලේ මද්දෙම ඉතිං වැඩේ හරි .... :D

    ReplyDelete
    Replies
    1. හී හී..ඔව් ඔව් ඔහොම නසරානි වයසක් තියෙනව බව්වොන්ටත් අපිට වගේම..ඔය ගේ මැද්දේ අතාරින වැඩෙත් එහෙමයි..හැබැයි ටිකක් ලොකුවෙද්දි උන්ට ඒකේ ආතල් එක නැතිවෙලා අමතක වෙලා යනවා..අර සෙරෙප්පු සපත්තු කාලා දානවා වගේම තමයි..පව් හලෝ..ඔන්නොහේ ඔයත් බව්වට පොඩි සපෝට් එකක් දීලා දාන්න..හැක් හැක්...:P

      Delete
  6. අය් හේට් ඉව්වෝස් ඇන් ඤාව්වෝස්

    ReplyDelete
    Replies
    1. සීරියස්ලි? වයි ඉස් දැට්? :O
      අයි තෝට් යූ හේට් ලව් ස්ටෝරීස් ඔන්ලි..! :P

      Delete
  7. PKෆිලුම් එකේ වගේ ඩාන්ස් එකක් දානකොට කලබලේට මෙව්වා උන කස්කා ද දන්නෙත් නෑ නෙව... වැස්ස දාට ටුක්ටුක් එකේ තෙමුන රෙක්සින් වලින් එනවා නියම ඌස්න පුසුඹක්... ආසාවෙ බෑ..

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ ෆිලුම් එකෙත් එහෙම වෙනවද? මට තාම ඒක බලන්න බැරිවුණා..බාගත කරන් හරි බලන්ට ඕන..:)
      කියලා වැඩක් නෑ..ඒ ඌස්න පුසුඹ ගැන..පුදුම සුන්දරයි! :D

      Delete