Wednesday, December 10, 2014

සෝමේ මාමයි රේණුකා නැන්දයි..

අපි ළමයි කාලේ 
ඇගේ වෛරය බලන්න 
බැරිවුණ හින්දා
මාමායි නැන්දයි හදන්න ගත්තා
ළමා චිත්‍රපටි..
අනික උන් හැදුවා 5වෙනි මණ්ඩලේ එව්වා!

"සරෝජා" ආවම
ඉස්කෝලෙන් එක්කන් ගියා
අපි අඬ අඬා බැලුවේ..

"පුංචි සුරංගනාවී" ආවම
දෙමව්පියෝ එක්කන් ගියා
කාටුන් එකක් බලන්
කටවල් පූට්ටු කරගත්ත එක
තේරුණේ නෑ ඉතින් එදා...

පස්සේ ආවා "සූරිය අරණ"
අප්පෙකුයි පුතෙකුයි
වැදි කොණ්ඩ වවන්
ගස් ගල් උඩ දුව දුවා නැටුවා..
ඒකත් බැලුවා..

අපි ලොකු උණාම 
මාමයි නැන්දයි
"සිරි පැරකුම්" හැදුවා..
ලංසි පාට කොල්ලෙක්
ලන්දේසි තාලෙට
සිංහල මැරුවා
මම ටීවී එකේ දැක්කා..
ඒක බැලුවේ නෑ
ඌ ගමේ කොල්ලෙක් කිව් නිසා..
ගමේ කොල්ලොත් දැන් හරි පොෂ් කියල
බලන්න බය හිතුණා..

මාමලා එකම තැන හිටියට
අපි වයසින් වැඩිලා
යෞවනේට ආවා..
දැන් හරි කේස්!
වැඩිහිටි එව්වා බලන්න වයස මදි
ළමා එව්වා බලන්න වයස වැඩී!
ඉතින් අපි බැලුවා
අල්ලපු රටේ එව්වයි බටහිර එව්වයි
මාමලාට මල පැන්නා!
අපේ ඒවා නොබලා
හෙළුවැලි ඒවා බලනවා කිව්වා...

ඉතිං මාමේ,
ඉඳලා හිටලා
යාලුවෝ සෙට් වුණාම
ගෙදරට හොරා රවුමක් ගැහුවම
යන්නම තැනක් නැති උණාම
පොෂ් හෝල්වල
එච්චරනේ පෙන්නුවේ..!

මාමා අපි එක්ක තරහට
සිරි පැරකුම් 50ක් පෙන්නුවා
'35යි යකෝ පුළුවන්" කියලා
මිනිස්සු මාමට නොසෑහෙන්න බැන්නා..
අපිත් ඉතින් බැන්නා!
මොකෝ ඉතින් අපිට ඒවා හැදුවයැ!!
මාමා නිසා මිනිස්සු
මහින්ද මාමා එක්කත් තරහ වුණා..
අනික් අයට 35යි මාමාට 50යි
එතකොට මාමාට සප් කරලා
මහින්දා මාමත් නෝණ්ඩි වුණා..!

මෙන්න බොලේ ඊයේ උදේ
මාමත් මෛත්‍රී කරන්න ගිහින්!
දෙයියන්ගේ ආප්ප කැවිලද
කියලා මට හිතුණා..
ඒවුණාට මාමේ වැඩේ කැතයි
මොනාවුණත්..
පිටපත් 50ක් එක්ක
ආප්ප හරි කන්න දීපු අත නේ හැපුවේ!
ඒ මදිවට..
මහින්ද මාමාට 
කෝචෝක් එකකුත් දැම්මේ
වීණා වාදන තේරෙන්නේ නෑ කියලා..
මට තියෙන ප්‍රශ්නේ
මාමා වැයුවට වැඩ නොකලේ
කොයි වගේ පදයක්ද?

නිකමට වගේ ඇහුවේ
ෆයිල් කරලා තියාගන්න 
මතු ප්‍රයෝජනේට ! :D



18 comments:

  1. "සිරි පැරකුම්" කරන්න කලින් මේ දෙන්නා තවත් ෆිල්ම් එකක් හැදුවා. ඒකෙ තිබ්බෙ කැලෑවක ඉන්න අලි පැටියෙක් ගමේ ඉන්න ළමයින්ට හීලෑ වෙන කතාවක්. නම නම් මතක නෑ. දැන් ඒ අලි පැටියගෙ එක ඇහැකුත් පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බිංදු.. මතක හැටියට නම බිංදු.

      Delete
    2. චරිත් :
      ඔව් තව මොනාද කීපයක් කළා ලු නේද? එව්වා නම් බැලුවේ නෑ..
      ඇයි අලි පැටියගේ ඇහැක් නොපෙනී ගිහින් තියෙන්නේ? :O රඟපෑමේදී මුකුත් වෙලාද?

      Delete
  2. මූ වගේ සක්කිලියෙක් එක්ක එක පේලියේ ඉඳගන්න ධර්මසිරි බන්ඩාරණායකලටයි ලැජ්ජා නැත්තේ. මූ දෙරණට ඇවිල්ලා අනිත් ෆිල්ම් හදන උන් බල්ලට දාලා කතා කලේ සුදත් සමරකෝන් එක්ක.. අර මල මූසල අනගාරික ධර්මපාල හෝල් ඔක්කෝටම දාන්න. එහෙව් සක්කිලියා එක්ක නටන උන්ටයි ගහන්න ඕන. ඌගේ වරදක් නෑ.. ඌ කොහොමත් සක්කිලියා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත!දැන් ෆිලුම් හදන බහුතරයකට, බලුකිස්ථානෙන්වත් සම්මානයක් ලැබුණොත් එදා ඉඳන් ඌ තරම් පොරක් නෑ කියලා තමයි හිතන්නේ.මෙයාට නම් ඊට වඩා පැතිරුණු මහන්තත්වයක් තියෙන බව පැහැදිලියි මුල පටන්ම.ඔය මාමායි නැන්දයි නැත්නම් සිංහල සිනමාවක් නෑ කියලා තමයි හිතන් ඉන්නේ.
      මෙන්න මේ ලින්කුව හම්බුණා මිත්‍රයෙක්ගෙන් ඕක ලිව්වට පස්සේ.

      https://m.facebook.com/photo.php?fbid=10204365231305085&set=a.1273239025283.2038442.1059123953&type=1

      Delete
  3. මට මතක විදියට අලි පැංචෝ ඔයයි මමයි!
    ලංකාවේ හදන චිත්‍රපටි නම් මෙලෝ රහක් නෑ... මහ සුරංගනා කතා තමයි ඔක්කෝම හදන්නේ!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රූපේ.
      බොහෝමයක් චිත්‍රපට කතා අභව්‍යයි තමයි.ඒ වුණාට ලංකාවේ සමහරක් සාමාන්‍යයෙන් අසාමාන්‍යයි නේ! :D

      Delete
  4. රජ කතාව හැර අනෙක් චිත්‍රපටි ටිකනම් නිර්මාණ විදියට සුපිරියි. කලා කරුවගේ පුද්ගලික ජීවිතෙන් ඈත්වෙලා නිර්මාණය විතරක් ගත්තම මටනම් ඒව හොඳයි. ඇයි සිරි රජ සිරි. ඒකත් මේ දෙන්නගේ නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මනෝෂ්..නිර්මාණයක් සුපිරි වුණ පළියට මම පොර කියල හිතනවා තරම් මුග්ධබවක් තවත් නැහැ.කලාකරුවෙක් නිහතමානී විය යුතුයි ඔහුගේ නිර්මාණවල ගුණාත්මකබව ජනප්‍රියත්වය වැඩිවෙන්න වැඩිවෙන්න.සකල කලා වල්ලභ කියල අධි මානයක් ඇති කරගෙන අනික් උන්ගේ බෙලි කපන්න පටන් ගත්තොත් වනචාරියෙක් වෙනවා මිසක් මහත්මයෙක් වෙන්නේ නැහැනේ.ඒක මුන්දැට වගේම අද බොහෝ ක්ෂෙත්‍රවල බොහෝ දෙනෙකුට අදාළයි..

      Delete
    2. මං කිව්වේ, පුද්ගල චරිතය අපි වෙනම කතාකරන එක සුදුසුයි. ඒකයි කලා නිර්මාණයි පටලවගන්නෙක වැරදියි. එහෙම බැලුවොත් මට ඔය ඩබලම එපා වුනේ මීට සෑහෙන කාලෙකට කලින්.

      Delete
    3. මනෝෂ්..මම හිතන්නේ මම මෙතන එයාගේ නිර්මාණවලට මුකුත් කියලා නෑ.හැබැයි මේ මේ ඒවා කල බව දක්වලා තියෙනවා මොකද ඒ නිර්මාණ ඔහුගේ අනන්‍යතාවය නිසා.
      හැබැයි නිර්මාණයක් මාකට් කරන එක හෝ හැටි තීරණය වෙන්නේ අදාළ පුද්ගලයාගේ ආකල්ප මත.උදාහරණයකට කාර්යාලයක කියමුකෝ, විවිධාකාර ක්‍රමවලින් දේවල් කරගන්නවනේ මිනිස්සු, එක්කෝ දීමෙන්, එක්කෝ කේලමෙන්, කෙටවීමෙන්, අනුන්ගේ එකක් හරි අරන් ලකුණු දමාගැනීමෙන්..අන්න ඒ වගේ තමයි මේකත්.
      ඔබේ කතාව හරි හැබැයි නොවැලක්විය හැකි ලෙස ඕක ඡේදනය කරගන්න බැරිවෙන අවස්ථාත් එනවා..

      සැබෑ ලෙසම ඔහුගේ පෞද්ගලිකත්වය ඇද්දා නම් ඕක වෙනමම එකක් වෙනවා..ඒක හරි..ඒක නිසා තමයි එහෙම වෙලා නැත්තේ..මේක මට එපා වීම හෝ නොවීම හෝ ලියැවුණ දෙයක් නෙවෙයි.සිදුවූ දේ ගැන මට හිතුණ හැටියක් විතරයි.මේ දෙන්නාට මගේ තිබෙන විශේෂ පෞද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් නෑ.ඒක මෙතනට අදාළත් නෑ..:)

      Delete
    4. තනි තරුවේ තනි තරුවේ... ඔබට චෝදනාවක් කලා නෙවෙයි මම.

      \\හැබැයි නොවැලක්විය හැකි ලෙස ඕක ඡේදනය කරගන්න බැරිවෙන අවස්ථාත් එනවා..//

      ඒකනම් හරියටම හරි. එහෙම අවස්ථාත් තියෙනවා.

      Delete
  5. ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා
    ලිදට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා
    වතුර බොරකරයි මිනිසා ගගට ආවඞයි 

    ගහේවැල එතීලා යාවී හැදී 
    පසුව පිළිල වීලා සාරේ යදී
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි 
    කාපු තැනද වනසා මිනිසා දුවයි

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...
    ඉනිමං දමාලා නැගීලා බලයි
    එයට පහර දීලා කඩාලා දමයි
    අතීතේ නසාලා දිනූවා සිතයි
    තිබූ තැනද නැතී වී පරාජේ වැටෙයී

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...

    ගහේවැල එතීලා යාවී හැදී 
    පසුව පිළිල වීලා සාරේ යදී
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි 
    කාපු තැනද වනසා මිනිසා දුවයි

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...

    ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ! MAXA!! :D
      මම මේක අහලා නෑ..අද අහන්නම්.:)

      Delete
  6. පනහ හැත්තෑපහ කරන්න ඉල්ලලා ලොක්කාගෙන කුනුහබ්බයක් අහගත්තද දන්නේ නෑ. කොහොම වුනත් මට නම් මාර ආතල් මේ දවස් ටිකේ කට්ටිය අපි වෙනුවෙන් වෙහෙසෙන හැටි දැකලා , අම්මපා

    ReplyDelete
    Replies
    1. මට පේන හැටියට නම් චිත්‍රපටි සංස්ථාවේ සභාපතිකමට පෙරේත බැල්ම දාන් ඉඳලා වගේ..ඒක ජයන්ත ධර්මදාසට දුන්නට පස්සේ නේ ලොක්කේ මාමාට මෙයාගේ වීණා වාදන නොතේරී ගිහින් තියෙන්නේ!
      කියල වැඩක් නෑ බං..ගෙම්බොයි අපියි! :D

      Delete
  7. මහින්ද මාමම වෙන්නැති බන් මේ ඩයල් එකව මෛත්‍රීගෙ පැත්තට තල්ලු කරන්න ඇත්තේ. මට නම් පෙන්නන්න බෑ මෙයාගෙ අලි ටෝක්ස්.

    මං ආසම කවි පොතක් තමයි සෝමරත්න බාලසූරියගෙ "සුදු කාසි හිඟන්නෙක්". ඒකෙ මෙයාම ලියල තියෙනවා කවිපන්තියක් දේශපාලනයට අත ගහපු දා කලාකරුවා මියැදීම ගැන.
    මට මතක හැටියට "කිවිඳ ඔබ මියගොසින් - තැවෙමු අපි එම සොවින්" කවිය. ඒක අද අපූරුවට මෙයාටම ආදේශ කරගන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. හා හා! මාමාටත් ඇතිවෙන්න ඇති බං මෙයාගේ පඬි ටෝක්ස් අහං ඉඳලා! ඒකද දන්නේ නෑ පල නොකියා පලා බෙදන්න ඇත්තේ..;)

      මම හිතන්නේ මචෝ එයාට ඕක ලියවෙන්න ඇත්තේ මිනිහව යටපත් කරන් මිනිහගෙම හර්ද සාක්ෂිය ඇහරුණු වෙලාවක වෙන්න ඇති. :D

      Delete