Monday, December 29, 2014

රතු..

උඹ දිහා හොරැහින් බලනකොට...
හෙමි හෙමින් හිනාවක් එබෙනකොට...
රතුපාට කුඩ හෙවණක රතු ලවන් සිඹිනකොට...
ආදරේ පාට...මට ඕන සුන්දරම පාට....

උඹ අහක බලනකොට...
මතක හේදිලා යනකොට...
හිත රිදි රිදී අඬනකොට..
කැපුණු හිත පතුලේ පිරුණු...
මට රිදෙව්ව පාට...උකුම උකු පාට...

උඹේ කාලය ඉවරවෙනකොට..
වෙන අතක එල්ලී යනු දකිනකොට...
හුස්ම හිර කළ පාට...
රතුම රතු විරහවේ පාට....

දෙණ ලඟ වැටී උඹ ඉකිබිඳිනකොට..
හුස්ම පිඹ පණ දෙන්න බැරිකොට...
චිතකයේ දළු දෙස බලා සිටි
නියඟලාවේ පාට...මගේ මරණයේ පාට....




14 comments:

  1. මේ දවස් වල ඇහෙන වචනෙත් එක්ක රතු කිව්වම මට මතක් උනේ වෙන දෙයක් නෙ ;) .....නෝපොලිටික්ස්(සීනු සීනු ) :D
    කාලෙකට පස්සේ බ්ලොග් කියවන්න එද්දී තරු අක්කගෙන් කවි වැස්සක්නෙ නියමයි ...:)

    ReplyDelete
    Replies
    1. මටත් හිතුණා එහෙම හිතෙයිද දන්නේ නෑ කියලා...:P :D
      තැන්කූ තැන්කූ නගා...;)

      Delete
  2. සිත කැඩී වැටෙන කල
    අප ගියපු මාවතක
    කෙළවරේ වැට ඉනක
    පිපුණු කූඩළු මලක
    රැඳුනු ආලයෙහි පාට
    රතුම විය රතු පාට.....

    උඹ කවි කෝච්චියක් වෙලා.....ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය! :)
      තැන්කු තැන්කු මචෝ!

      Delete
  3. උඹ මාව අතැර ගිය විට
    අමාරුවෙන් හිත හදාන
    වෙන දීගෙක ගිය විටෙක
    ඒ දීගයත් අත්හැරිය
    ඇඳ ඇතිරිල්ලේ නොතිබුණු රතුපාට

    ReplyDelete
    Replies
    1. මෙයාට හිතෙන ඒවා! ඒකත් හොඳ අදහසක්! එළ! :D

      Delete
  4. රතු එක්ක තරු
    හිහි ඒකත් පට්ට...........
    මරු කවිය බං
    ඒත් සොරි වෙන්නෝන මගෙ කවි උල්පත හිදිල
    කියන්න ලියන්න කවි නෑ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ..උඹ දැන් වැඩිය පේන්න නැත්තේ මොකෝ?
      කවි උල්පත හිඳිලා නම් නෙවෙයි වෙන්න ඕන..කම්මැලි උල්පත වාන් දමන්න අරන් වෙන්නැති... :P

      Delete
  5. පට්ට ඒයි.
    මේකටනම් හිත ගැස්සිලා ගියා!
    සුපිරි එකේ ඉහලම එක!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ..
      මගේ හිත ඊට වඩා ගැස්සුණා උඹ වෙඩි තියාපං කිව්වම...එතකොට මට මෙහෙම හිතුණා...මේකට නිමිත්ත දුන්නේ උඹ හින්දා උඹටත් තැන්කූ...:) :)

      Delete
    2. උඹලා දෙන්නම වෙඩි එකාට එකා වෙඩි තියාගෙන මැරියන් , හා හා පටන් ගනිල්ලා බලන්න .

      Delete
    3. මුන් තියාගත්තේ නැත්තන් උඹ තියපන් දෙන්නටම.....

      Delete
    4. අඩෝ ඉවාන්..එහෙම කොටවන්න එපා බං සහෝදරවරුන්ව... :P :P

      Delete
    5. කටුස්සෝ උඹම තියාපං මැරෙන්නම! :P

      Delete