Monday, May 18, 2015

වීරයෝ

ජාතක කළ දෙමව්පියන්ට ශාප කරන අළුත් පරපුර, ඉපිද හැදුණු වැඩුණු මව්බිමට ගරහන අළුත් පරපුර, ලැම්බොගිනි ඉල්ලා හඬාවැටෙන අළුත් පරපුර,
රටට පලක් ඇති යමක් නොකොට බුල් කෙලින අළුත් පරපුර
ගණිකාවන්ට, කුඩ්ඩන්ට, බල්ලට ගිය අළුත් පරපුර..
කොහොම හොටු හූරන් ඇඬුවත් තොපි වීරයෝ වෙන්නේ නෑ අපිට..!

ඇවිද සැතපුම් සිය ගණන් දරන් බර අවි තොගය
වෙහෙසට පියන්නට නොහෙන ඇසිපියක් මොහොතකට
සිහිවුණත් අඹු දරු දුවන්නට නොහෙන
තමා වෙනුවෙන් නොව රටක් වෙනුවෙන් නැසුණ
සටන අත්නොහළ අවසාන සුසුම හෙලනා තෙක්ම
කොයිතරම් තිබෙන්නට ඇතිද හිතේ දේවල් කියන්ට..
මියෙන්නට පළමුව වරක් ආදරය විඳින්නට..
තවෙකෙකුට රැකගන්න අතපය සතර
කැපකිරීම් කොපමණද ගණින්නට නොහෙන
කොයිතරම් සාප කරන්නට තිබුණිද එහෙනම් උඹලාට..
මනුෂ්‍යත්වයේ නාමයෙන් අමනුෂ්‍යයන් හා සටන් වැද
සදා නොමියෙන සිහ පුතුන් උඹලා ය!


62 comments:

  1. අද කලාකරුවො වෙනුවට අමුතු පිරිසක් ඇවිත්. උන් නරුම කලාකරුවො. උන්ට රණවිරුවො කියන්නෙ මිනීමරුවො පිරිසක්. උන්ගෙ වීරයො තමා කොටි.
    උන්ට සංස්කෘතියක් නෑ. උන ඇත්තටම මුළු සමාජයටම වෛර කරනව. උන්ට මොනවහරි විශය බද්ධ හේතු ඇති ඒකට.
    මේ නරුමයො නිසා වඩාත් හානිවෙන්නෙ ආණ්ඩුවට. මොකද උන් ආණ්ඩු පාක්ෂිකයන් ලෙස පෙනී සිටින නිසා

    ReplyDelete
    Replies
    1. ගණිකාවො ,පොන්නයො ,පිස්සො කියනව උන්ව වීරයො ලෙස සළකන්නලු.
      මුලුරටම පිස්සන් කොටුවක්වෙලා .
      නමවත් අහල නැති පිස්සො පොන්නයො ගණිකාවන්ගෙ සෙට් මතුවෙනවා හතුපිපෙනව වගෙ.

      Delete
    2. කියලා වැඩක් නැහැ මධ්‍යස්ථ..
      කුඩු ගහන, ගංජා ගහන ගායකයොයි, වෛශ්‍යා වෘත්තියේ යෙදෙන නිළියොයි, හීනමානයෙන් පෙළෙන වෙන්න-රැඩිකල් නළුවොයි, වැඩි කාලයක් රට ඉඳලා මෙහේ ආව මලහත් ඉලව්වලයි මාධ්‍ය සාකච්ඡා පවත්වගෙන තමන්ගේ ජාතකේටත් ගරහනවා..ඩොලර්වලට මුන් අම්මවත් විකුණයි..අනේ ඉතින් ඒ වුණාට මේ ගව රැල පස්සේ යන වෙනත් උම්බෑ කියන්නන්ද සිටී..!අර හීනමානයෙන් පෙලෙන, ඩිස්නිලන්තෙට උපන් ගංජා කුමාරයා එදා ඇඬුවා නම් මට කෙල්ලෙක් එක්ක බොක්ස් එකකට යන්න සල්ලි නෑ කියලා අපේ එළදෙනවල් අනේ දෙයියනේ තරුණ අසහනයට කිසිම පියවරක් අරන් නෑ නේද කියලා පෝලිම් ගැහෙයි බොක්ස් යන්න!
      ගවයන් රැල මෙහෙයවන කල වෙන කවරෙක් රැල හා යයිද තවත් ගවයන්ම මිස!

      Delete
    3. ඔව් ආණ්ඩුවට තමයි මේකෙන් කළු පැල්ලමක් එන්නේ.ඇයි ඉතින් විනයක් කියලා නාමයක් නැති මේ වගේ ගොබිලයෝ යහපාලනයක් වෙනුවෙන් පෙනී හිටින්නේ කොහොමද කියලා සාධාරණ සැකයක් ඇතිවෙන්නේ නැද්ද?
      අනික් අතට මුන් ලැම්බොගිනි ඉල්ලලා අඬලා ජාතෙකිට ගරහලා විලාප දීල අඬලා, බොරුවට ගුටි කාල එහෙම කරපු නාඩගම වගේ එකක් කවදාවත් රණවිරුවන්ගෙන් අපි දැක්කද?නොවිඳිනා දුක් විඳගෙන, මැරි මැරි උන් යුද්ධ කලේ මේ වගේ ගොබිලයන්ට පාච්චල් කරන්න රටක් හදන්නද?

      Delete
  2. මේ අළුත් පරපුරේ කියල කියාගන්න උදවියට තියෙන්නේ විජාතික මනසක්. ඒකයි මෙතන ඇත්ත කතාව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අජිත්.
      විජාතිකයි කියන්නේ උන්ට වැදූ මව්වත් උපන් රටවත් ජාතක කළ පියාවත් වහගෙන පේන්නේ සල්ලි..ඒ ඇරුණම තදබල හීනමානයකින් පෙළෙනබව තමයි අර ඇඬිල්ලෙන් ප්‍රසිද්ධවෙච්ච සිද්ධිය ගැන එහෙම පෙන්වන්නේ..

      Delete
  3. වෙන කිසිම දෙයක් නොවෙයි හීනමානය සහ ඊරිසියාව...

    අපට වෘතීයව ඔය කස්ටිය හමු වෙනවා... වචන දහයක් කතා කලොත් පහක් ඉන්ග්‍රීසි... හැබැයි ඉන්ග්‍රීසියෙන් උත්තර දුන්න ගමන් සීයට සීයක් හෙල බසින් බස බස ගානවා.....

    තමන් ගේ හීනමානය වහගන්න ඕනාවට වඩා පොලයිට් වෙනවා... විනාඩියට පස් හය පාරක් සොරි කියන්වා...

    උන් එක්ක පැය බාගයක් ගත කලොත් ඇතුලේ ඉන්න ගන්කබරයා ඉස්මතුවෙනවා බලන්න පුලුවනි!

    ReplyDelete
    Replies
    1. කාලෙක සිට විජාතික චින්තනයෙන් පෝෂණය වී ජාතිකත්වයට ගරහන බොරු වීරයෝ. මේ නව පරපුරේ නවීනත්වය කියන්නේ රටක් ජාතියක් නැතිකමයි කිසි ප්‍රතිපත්තියක් නැති අමනකමයි තමන් ගෑනුද පිරිමිද නොදන්න නපුන්සකකමයි තමා.

      Delete
    2. අනිවාර්යෙන්ම සරස..!
      ඔය නපුංසකයන්ට තියෙන්නේ කුහකකම සහ හීනමානය ලොකුවටම..හැම මිනිහෙක්ම යම්කිසි කට්ටක් කනවා තත්වයකට එන්න..මුං එහෙම මහ ලොකු තත්වෙකට ඇවිල්ලත් නැතුව මවාගෙන හීනමානයෙන් පෙලෙනවා..!

      ෂෝ එක නම් තියෙනවා..වැඩ අජපල් ඒ වුණාට..ඕවා ලොකු කරගන්නෙත් ඉතින් ඒ ජාතියේම කේප්ප වස්සෝ වැස්සියොම තමයි..හැමෝම කරන රඟපෑමෙන් පොඩ්ඩක් එහාට යන්න පුළුවන් වුණාම, කවි පද 4ක් එකතු කරලා ලියාගන්න පුළුවන් වුණාම, යටිගිරියෙන් කෑ ගහලා බළල් සංසර්ගයක හඬ දෙන සිංදුවක් වගේ එකක් කියාගන්න පුළුවන් වුණාම, හැමදෙයක් දිහාම වපරෙට බලන්න පුළුවන් වුණාම උන් හිතන්නේ උන් "අළුත්" පරපුර කියලා..! පව් මෑණිවරුන්ගේ වස්ත්‍ර!

      Delete
    3. අජිත්:
      නපුංසකයන් වීරයන් වෙන්නෙත් නපුංසකයන්ටම බව නොකිව යුතු මනාය. :D

      Delete
  4. සැබෑ රණවිරුවන් යනු උතුරේ අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ මිනීමරුවන් නොව සංගීතයෙන් හදවත් සනහන අපියි කියල අලුත් පරපුර කියල පිරිසක් ගහපු පෝස්ටරයක් මම දැක්ක. මුන්ගෙ සින්දු අපිනම් අහන්නෙ නෑ. මුන්ට හදවත් සනසන්න හම්බවෙයි යුද්දෙ දිගට තිබ්බනම්. ගුටි කෑවකියල බොරුවට මාධ්‍ය සංදර්ශන තියපු හැටි මතකයි.

    මුන් මේ කියන්නෙ මොනතරම් අසික්කිත තිරිසන් ප්‍රකාශයක්ද
    අපට බස්වල බෝම්බ පුපුරවපු ඉතිහාසය අමතක කරන්න බෑ. කොටි මුන්ට සහෝදරයො වෙන්න ඇති.ඒත් අපට කොටින්වත් මුන්වත් සහෝදරයො නොවේ. මුන් මේ සල්ලිවලට පෙනී සිටින්නෙ බස් පුපුරවපු ගම්මාන කැතිගාපු ම්ලේච්ඡයො වෙනුවෙන්. මුන්ට ආර්ථික සම්බන්ධකම් ඇති. ඒ උඩ මෙහෙම හැසිරෙනව ඇති. ඒත් බහුතර ජනතාව මුන් ගැන දැනුවත්වීමත් මුන්ට වෛරකිරීමත් අවශ්‍යයි.

    ත්‍රස්තවාදීන්ට සහෝදරයන් කියල හමුදාවට මිනීමරුවන් කියන මුන් මොනතරම් සක්කිලියොද

    ReplyDelete
    Replies
    1. මේ යුද්ධය ආඩම්බරයෙන් සැමරිය යුතුයි. ඒකට හේතුව සිංහල දෙමළ මුස්ලිම් සියළු දෙනාට හිරිහැරයක් වූ සිංහල මුස්ලිම් ජනයා සමූලඝාතනය කිරීමේ දෙමළ නාසිවාදය පරාජය කළ දිනය නිසයි.දෙමළ නාසිවාදීන් හා සෙසු ජනයා එක පෙළට නොතැබිය යුතුයි.

      Delete
    2. ලොල්!
      මුන්ගේ සංගීතයෙන් කොහෙද දන්නේ නෑ හදවත් සැනසුණේ..අර ගංජා ගහලා සිංදු කියන උන් කරන්නේ සංගීතයක්ද? තමන්ගේ තාත්තාට සලකන්නේ නෑ හැබැයි ප්‍රොමෝට් කරන්නේ මානව දයාව, සහෝදරත්වය, යහපාලනය!බේබද්දන්ට සහ ගණිකාවන්ට තිබ්බනේ බෙදුම්වාදය ඉවර කරන්න..! යුද්ධේ කාලේ මුං කොහෙද දන්නේ නෑ හිටියේ..ඔය කාලකණ්ණි වෙනුවෙන් කොල්ලෝ මැරෙන කොට මුං සිංදු හැදුවද?ඒ කාලේ බහුතරය හිටියේ රට පැනලා..!

      අළුත් පරපුර කියන්නේ කොටින්ට දාව බිහිවුණ කාලකන්නි ටිකක්..හදවත් සනසන්න පුළුවන් සංවේදී වගේම ශක්තිමත් මිනිස්සුන්ට! ජනතාව ඉස්සරහා සල්ලිවලට කහින ආවේගයෙන් හඬාවැටෙන මේ වගේ පොන්න පරම්පරාවක් වුණා නම් කලින් හිටි පරම්පරාවල් මුංට කහින්නවත් රටක් ඉතුරුවෙයිද? තමන්ට පෞර්ෂත්වයක් නැතිවුණාම තමන්ට වඩා එඩිතර මිනිස්සුන්ට ගරහන එක කැණහිලි වැඩක් කියන එක තේරුම් ගන්න තරම්වත් මොළයක් නැති තපුල්ලන බූරුවෝ!

      Delete
  5. යුද්දේ තිබුනා නම් ඕකුන් රැල මායිම් ගම්මානයකට ගෙනිහින් දාන්න ඕන. කොටින්ට කියලා මන්නා පහරක රස විඳවන්න

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..මකසි මුන් මායිම ගම්මාන කියන්නේ මොනවද කියලවත් දන්නවද දන්නේ නෑ..අවජාතක පුයර බබ්බු!

      Delete
  6. රැඩිකල් මතවාද දරමින් පියවර කිහිපයක් ඉදිරියෙන් සිටිමින් යහ අනාගතයක් කරා ජන මනස සංවේදී කරන්නාවූ බැඳීමකින් තොර නිදහස්ම නිදහස් නිවහල් චින්තන ධාරාවක් නියෝජනය කරන අලුත් පර.... ඵු..
    හිනා යනවා බං.. ඉතුරු ටික කියාගන්න බැරි උනාට සොරි.

    ReplyDelete
    Replies
    1. මේවට දෙකොණෙන හිනා යනවා! කොයිතරම් නිදහස්ද කියනවා නම් එතනෝල්, කුඩු වෙනුවෙන් අඬා වැටි වැටි කුඩු, ගංජා ගහනවා, තරුණ අසහනය විතරයැ නාකි අසහනය දුරු කොරන්නත් ඕනෑකම තියෙන උන්ට රෙදි උස්සනවා..පුදුම නිදහස් නිවහල් චින්තනයක් යකෝ..

      Delete
  7. දෙලොවක් අතර.. මොළයෙන් හා හදවතින්.. හැබැයි ඔය අලුත් පරපුර වගේ ගංජ කික් එකකින් නොවෙයි.. තුවාල අලුතෙන් පෑරෙනවට තියෙන නොකැමැත්ත නිසා.. මොළය පහුකරගෙන හදවත ඉස්සරහට එනවා උඹලා මේවා ලියනකොට..

    ReplyDelete
    Replies
    1. කමියා, මටත් ඔය දෙකම තියෙනවා..මොළෙන් හිතන්න ඕන දේවල් මොළෙනුත් හදවතින් හිතන්න ඕන ඒවා හදවතිනුත් මම තීරණය කරනවා..
      මේ අහපන්, උඹත් අපි ගරු කරන අපි වෙනුවෙන් මැරෙන්න ගිය වීරයෙක්..අපි කිව්වේ සිංහලයා විතරක් නෙවෙයි මුසල්මානුවත්, නිර්දෝෂි අහිංසක දමිළයත්, සුද්දන්ට මුල් ඇති ලංසියත්, මුළු මහත් රටත් වෙනුවෙන්..අද උඹේ දේශපාලන දර්ශනය මගෙන් වෙනස්..ඒ වුණත් උඹ එතැන හිටි එකෙක්..දේශපාලනය අමතක කරපන්..කරලා අවංකව කියපන් උඹලගේ පරිත්‍යාගවලට කොහේවත් යන නපුංසකයෝ ගරහද්දි උඹලට වේදනාවක් දැනෙන්නේ නැද්ද?උඹලට යුද්ධෙට ගියේ දෙමළ්ළු මරන්න නෙවෙයි, උඹල යුද්ධ කළේ 'ත්‍රස්තවාදයෙන්' රට බේරන්නයි..උඹලා එහෙ යුද්ධ කරන අතර දෙමල්ලු සමූලඝාතනය කරපියව් කිව්වේ නෑ නේද?වැල්ලවත්තට, වත්තලට මරාගෙන මැරෙන බෝම්බකාරයෝ, බස් බෝම්බ, පාර්සල් බෝම්බ එව්වේ නැහැ නේද? අන්න එතනයි මගේ ප්‍රශ්නය..එහෙම කරපු උන් කොටසකට වීරයෝ නම් උඹල අපර වීරයෝ නෙවෙයිද?ආපස්සට හැරිල බැලුවොත් උඹට ඒ කාලේ විඳ දුක් මතක් වෙන්නේම නැද්ද? උඹේ හොඳම යාලුවා මතක් වෙන්නේ නැද්ද? එතකොට ඒ කාලේ නොහොටි කාලකණ්ණි ටිකක් අද උඹලාට ගරහනකොට උඹලා නිසා ජීවත් වෙන හර්ද සාක්ෂියක් සහිත මිනිස්සුන්ට දැනෙන්නේ කොහොමද?

      Delete
    2. යුද්ධ ජයග්‍රහණය කොටසක් සමරණවා අනිත් උන්ට පොලු දානවා වගේ කියන මෝඩ ආතල් වලට තමයි බං මං විරුද්ද.. මේ අනවශ්‍ය උත්සව මිනිස්සු අතර හිත් නොහොඳ කම් වැඩි කරනව. සනීප වෙන තුවාලෙක කබොළු කඩනව වගේ ඒ වෙලාවට පොඩි ආතල් එකක් තිබුණට ඔය ජයග්‍රහණ 'සමරණ්න' ගියාම වෙන්නේ පැරදුනු එකා වියරු වැටෙන එක. අනික මේ සමරන්නේ යුද්දෙ කරපු එව්වොද? කොහෙවත් හිටපු වට පඩයෝ ටිකක් සුදු ඇඳගෙන ටයි කෝට් දාල ගිහින් ඇත්තටම යුද්දෙ කරපු එවුන්ව මහ අවුවේ දවස් ගනන් හිටවල තියල රිලා නැටුම් බලල අත්පුඩි ගහන පොඩි එවුන් වගේ උන් සතුටු වෙනව. හමුදාවේ උන්ට එදා දවසත් 'එක ස්පෙෂල් ඩියුටි' එකක් විතරයි.හමුදාවේ කී දෙනෙකුගේ එදාට නිවාඩු තහනම් වෙනවද කියල උඹ දන්නවද.. පෙරඩ් එකට බෑන්ඩ් එකට පුරුදු කරපු එකෙක් නම් ගෑනි මලත් නිවාඩුනම් යන්න බෑ පුතෝ. ඇයි VVIP ල පෙරේඩ් එක pull-up කරොත් මාර කේස් එකනේ.
      වැඩිය ඕනි නෑ. දැන් උඹත් ඇතුලුව මගේ පෝස්ට් කියව කමෙන්ට් කරන උන් ගොඩක් දෙනෙක් මට ප්‍රේස් කරල තියෙනවනේ උඹ මහ රණවිරුවා කියලා.. ඒත් ඔය පහුගිය අවුරුදු 6ටම කවුරුවත් මට කතා කරල වතුර උගුරක්වත් දීල නෑ. මේ අවුරුද්දෙත් එහෙමයි. වෙනසක් නෑ. මට ගාල්ලේ ඉඳලා බදුල්ලට පවුල අරන් යන්න උනේ ගාල්ලෙන් ඉස්කෝලයක් දීපු නැති නිසා. අඩුම තරමින් ගේ ලඟ ඉඳල මීටර් අටසීයකින් ගාලු පාරෙ තිබ්බ සිරිසුමන කනිස්ටෙටවත් ගත්තෙ නෑ මගේ ඡන්දෙ එහෙට රෙජිස්ටර් කරල තිබ්බේ නෑයි කියල අවුරුදු 5ක් තිස්සේ. දැන් මං කොලඹ ඉඳන් මාසෙකට දවස් දෙක තුනක් ගිහින් ගෑනු දරුවෝ බලල එනවා.. ගාල්ලේ හිටියනම් අඩුම තරමින් හදිසියකටවත් දුවල එන්න පුළුවන්කමක් තිබ්බා.. ඉතින් මං මොන අම්මගෙ රද්දෙ රනවිරුවෙක්ද බං? මොකක්ද මේ රටෙන් මට ආපහු දීල තියෙන්නේ මං මොකක් හරි කරල තියෙනවනම් ඒ වෙනුවට.. එතකොට යුද්දෙ වෙනුවෙන් මැරිච්ච එවුන්ගේ පවුල්වල කීදෙනෙක් අද නැතිබංගස්තාන වෙලා ඉන්නවද කියල උඹ දන්නවද? එහෙම එවුන් වැඩි දෙනෙක් අද ඔය උත්සව පෙන්නන වෙලාවට ටීවී ඕෆ් කරනව කියල දන්නවද?
      මොක්කු හරි කාලකන්නි ටිකක් යුද්දයක් පටන් ගත්තා.. උන්ටත් සාධාරණයි කියල හිතෙන හේතු තියෙන්න ඇති. ඒ කොහොම උනත් රටක් විදියට අභ්‍යන්තර ප්‍රශ්ණ විසඳ ගන්න ඒ ක්‍රමය නොගැලපෙන නිසා ආණ්ඩුවේ පඩි ලබන හමුදා දාල ඒ කැරලිකාරයෝ ටික විනාශ කරල දැම්මා. රට වෙනුවෙන් පඩියට හරි ඒ යුතුකම කරපු උන්ට කෘතගුණ සළකන ගමන් (මේ වගේ පඩ ශෝ දාල නෙවෙයි..) වැදගත්ම දේ වෙන්නේ ආයි ඒ වගේ අවාසනාවන්ත තත්වයක් ඇති නොවන්න කටයුතු කිරීම.. එහෙම නැතුව ගිනි ගන්න ඇරල ගිනි නිව නිව.. නිවන්න ගිහින් මැරිච්චි උන් හොඳා..යි කියල වැඩක් නෑ.
      අන්න ඒ වැඩේටයි මම කැමති නැත්තේ..

      Delete
    3. හ්ම්ම්..උඹ ලියලා තියෙන රචනාව ටිකෙන් ටික කියවන්න වුණා.
      මට උඹේ හිතේ තියෙන කලකිරීම තේරෙනවා මචං..උඹව මම දැනගත්තේ ලඟදි.ඒත් මචං මට නම් උඹ මොන දේශපාලන මතය දැරුවත් මේ රටේ සම්පතක්.උඹේ දිගෙන් දිගටම ඇදුණු කලකිරීම නිසා උඹ ඒක ප්‍රතික්ෂේප කලාට කමක් නෑ.හැබැයි උඹලා වෙනුවෙනුත් උඹලාගේ ආත්මාභිමානය වෙනුවෙනුත් මට කල හැකි උපරිමය හැකි ශක්ති ප්‍රමාණයෙන් මම කරනවා.ඒක උඹ ප්‍රතික්ෂේප කලාට මගේ උත්සහය නවතින්නේ නැහැ.මේක මේ ලොකුවට කියන කීමට කියන එකක් නෙවෙයි.මෙහෙම කියන්න සිද්ධ වුණේ ප්‍රසිද්ධියක් ගන්නත් නෙවෙයි අර සමහරු චෝදනා කරනවනේ මම උපන් ගමන් රණවිරු සිංහලයෙක් කියලා.උන්දැලා වෙන්නැති අම්මගේ බඩෙන් මාව අරන් ලේ, කක්කා හෝදලා අම්මා අතට දුන්නේ සමහරවිට.ඔය කට්ටිය නොදත් දේ තමයි ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ ගුවන් හමුදාවට එක්වීමේ තදබල උණකින් මම පෙලුණු බවත් ගෙදරින් ඒකට අවසරයක් නොලැබුණු බවත්.ඒ හීනය අතැරුණු එක ගැන නම් මම අදටත් සෑහෙන්න දුක්වෙනවා.අනික් අතට ලිංගභේදය බොහෝමයක් දේට ලංකාවේ තාමත් බාධක වෙලා තිබීමත් හේතුවක් වෙන්න ඇති.

      මොකක් වුණත්, මට ඕන නෑ මචං උඹලගේ පපට් ෂෝ තියල කට්ට කවෝලා සැලුට් ගස්සවන්න.මට ඕන උඹලට දිය යුතු ගෞරවයත්, උඹලාගේ යහපැවැත්මත් සාක්ෂාත් කරන්න.උඹලා සෝවාන් වෙලාද කියලා නම් මම දන්නේ නෑ.මම නම් වෙලා නෑ.පෘථග්ජන මනුස්සයෙක් හැටියට මම අගය කරන ගරු කරන දෙයක සත්‍යය යටපත් කරගෙන ගොම රිටි පිම්බෙන්න හදනකොට මට මල පනිනවා.ඒක නිසා තමයි මට ඔය පොන්න පරපුරේ අරමුණත් ක්‍රියාකලාපයත් දිරවන්නේ නැත්තේ.උඹලා සමහරුන්ට රිදුණා ඒකට, සමහරු ඒකයි රණවිරු සැමරුමයි පටලවා ගත්තා.මම කිව්වේ නැහැ උඹලා එදාට ජෝගියක් නටන්න ඕන කියලා.හැබැයි ඒ දවසේ වැදගත්කම "රටක් ලෙස" අපි සැමරුවාට ඇති වරදක් නැහැ.

      මේ අහපන්කෝ කමියෝ, බින් ලාඩන් මැරුව දවස කියලා ඇමරිකාවේ ඉන්න මුසල්මානුවන්ට ඒක සමරන්න ඉඩ දීලා තියෙනවද?උඹම දන්නවා ඇති නේද උඹේ ෆීල්ඩ් එකේ හැටියට 911 ප්‍රහාරයෙන් පස්සේ කොයිතරම් මුසල්මානුවෝ අඩන්තේට්ටම්වලට ලක්වුණාද කියලා එහෙදි.අද තවත් සමහරු බොහොම ඉහළින් කතා කරනවනේ යුරෝඑපිය සහබටහිර ක්‍රමෝපායන්, පාලන ක්‍රමවේදයන් ගැන.එතකොට අපිට අනික් සේරම හොඳයි හැබැයි කොටි සැමරුමේදි විතරක් ඒක අප්සෙට්.සමහරු අද දෙමළා සහ ත්‍රස්තවාදියා සමාන පද ලෙස අරන් කිරි අම්මාවරු වෙලා අඬාවැටෙනවා.මම පැහැදිලිවම විරුද්ධ ත්‍රස්තවාදයට.දෙමළාට නොවෙයි.හැබැයි ත්‍රස්තවාදය පිළිලයක් වෙලා තිබ්බ රටක ඒක පිළිලය විනාස කරලා දැම්ම එක සිවිල් වැසියෙක් ලෙස මට ලොකු සතුටක් සහ ඊට කැපවූ හැමදෙනා ගැනම මට තිබෙන්නේ විශාල ආඩම්බරයක්.ඒක උදුරගන්න සටන් කළ උඹලටවත් බැහැ උඹලා අකමැති වුණත්.

      අනික් අතට දැන් උඹලාගේම ෆීල්ඩ් මාෂල් කෙනෙකුත් ඉන්න එකේ ඔහුගේ භාර්යා තොමෝ රණවිරු සුභ සාධනය ගැන බලන එකේත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙනදා නොවුණු කටයුතු විධිමත් ලෙසත් කඩිනම් ලෙසත් කෙරේවි කියලා.ඔහු ගැන කණගාටු ඔහුගේම දරුවන් ලෙස අණ පිලිපදිමින් සටන් කළ පිරිසකගේ ආත්මාභිමානය සහ ආත්මගෞරවය වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකිවීම ගැනයි.මොකක් වුණත් උඹලාගේ කලකිරීම දුරලන්නට නිසි පියවර ගැනෙනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තුවෙන අතරම ඒ වෙනුවෙන් යමක කැල හැකි අවස්ථාවක් ලැබුණොත් හැකි උපරිමය කරන බවද කියන්න ඕන.

      පසු සටහන:
      බොටම එපා නම් රණවිරුවෙක් කියන්නට
      කට ඇර මම කියමි බොට ගැලපෙනම නම
      කමියා අන්කලෙකි පෙනුනට තරුණකම
      දැන් හරි නේද කමියෝ උඹේ රිදුණු හිත?

      Delete
    4. උපේක්ෂා: හරීඊඊඊඊම සන්තෝසයි අනේ..

      Delete
  8. මට හිතෙන්නෙ උං බාගෙට බරහිරකරණය වෙලා එහෙ තියෙන යම් යම් මතවාද බාගෙට ඔලුවට ගහල
    අනුකම්පා කටයුතුයි...
    විසේසෙන්ම අර මනුවර්ණ කියන එකාට
    ලංකාවෙ ඉපදුණාට ලැජ්ජ වුණ එකානෙ
    දැං ලැජ්ජ නැද්ද දන්නෑ

    ReplyDelete
    Replies
    1. මචන් සමහරු වෙන්න පොෂ් නිසාත් රැඩිකල් වෙලා ඉන්නවනේ..ඕනෑතරම් උදාහරණ උඹයි මමයි ඉන්න සයිබරයේම තියෙනවා..
      මුන්ට කොහිද බං ලැජ්ජාවක්..ඒවා බීටි ගාගා සල්ලිවලට කහිනකොට..!

      Delete
  9. දැන් අපේ කලා කරුවෝ රගපාන්නේ වේදිකා නාට්‍ය වල විතරක් නෙමෙයි හැම වේදිකාවකම රගපානවා... දේශපාලන වේදිකා කියලා කිසිම වෙනසක් නැතුව වැඩේ ගානට අරන් යනවා... මේවාට හරියට සෙනගත් ඉන්නවානේ.... නියමයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත..මම දන්න තරමින් උඹලත් යම්කිසි වෙනස් රැඩිකල් මත දරනවා..
      උඹලා මේවා අනුමත කරනවද?

      Delete
  10. මුන් හිපියො වගෙ කොටසක්. මම දැක්ක බ්ලොග් එකක තියනව උන්ගෙ සිස්ටම් එකට රටේම ජනමනස හදන්න ඕනලු.රටේ ජනතාව පුනරුත්ථාපනය කරන්න ඕනලු. ජාතිවාදයෙන් අන්ධ වෙලාලු .ඔය වගෙ කතා ටිකක්.
    පැහැදිලිවම මුන් විකෘති මිනිස්සු ටිකක්. උන්ගෙ හැසිරීමෙනුත් ඒක පේනවා. සාර්ථක පවුල් ජීවිත ගත කරන බිම පය ගහල ඉන්න උන් නොවේ. ප්‍රශ්නෙ මුන්ගෙ විකෘතියට ගැලපෙන ලෙස රට වෙනස් කරන්න හදන එක.

    ආණ්ඩුව මේක තේරුම් ගත්තොත් හොදයි .නැත්නම් සමාජයට ආණ්ඩුව කල් කදුරු තිත්ත වෙයි. ඕනම සමාජයක් වෙනත් සංස්කෘතියක් ආදේශ කරන යන විට විරුද්ධ වෙනව.උන් බොහීමියන් කියන වචනෙන් හදුන්වන අසම්මත ජීවන රටාවක් අපට ආදේශකරන්න මුන් හදන විට සමාජය ප්‍රතික්ෂේප කරන්නෙ මුන් විතරක් නොවෙයි.මුන්ගෙ සහාය ලබන අනෙක් අයත් එක්කම ප්‍රතික්ශේප වෙනව.

    ReplyDelete
    Replies
    1. //පැහැදිලිවම මුන් විකෘති මිනිස්සු ටිකක්. උන්ගෙ හැසිරීමෙනුත් ඒක පේනවා. සාර්ථක පවුල් ජීවිත ගත කරන බිම පය ගහල ඉන්න උන් නොවේ. ප්‍රශ්නෙ මුන්ගෙ විකෘතියට ගැලපෙන ලෙස රට වෙනස් කරන්න හදන එක.//
      ජවිපෙ මහා විනාසයක් කළෙත් ඔය වගේ විකෘතියක් නිසානේ..මුන්දැලාගෙත් වෙනසක් නෑ නේද?

      //උන් බොහීමියන් කියන වචනෙන් හදුන්වන අසම්මත ජීවන රටාවක් අපට ආදේශකරන්න මුන් හදන විට සමාජය ප්‍රතික්ෂේප කරන්නෙ මුන් විතරක් නොවෙයි.මුන්ගෙ සහාය ලබන අනෙක් අයත් එක්කම ප්‍රතික්ශේප වෙනව.// +++++++++++++++

      Delete
  11. PRRA එකේ මිනී මරපු සන්නස්ගලත් ඔය අලුත් පාහරපුර එක්ක ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. සන්නස්ගල දින සීයට කළ කඩේ යෑම ජැකාගේ අවුරුදු 10ක යෑමට වඩා සුපිරියි!
      හුඟක් ඒ වාගේ නාකි මහල්ලෝත් අලුත් පරපුර එක්ක තිරිහන් වෙලාය කියන්නේ..

      Delete
  12. ඇත්තටම සැබෑ රණවිරුවා කියන්නේ කව්ද?? ත්‍රස්තවාදියා කියන්නේ කව්ද?? පොඩ්ඩක් තේරුං කරල දෙනවද?

    ReplyDelete
    Replies
    1. ඉහේ කෙස් පැහිලහ් බොලා ඉතින් බබාලා වෙන්න හදනවා ඔන්න..
      ත්‍රස්තවාදියෙක්ගේ සහ රණවිරුවෙකු අතර ඇත්තේ ප්‍රධානතම වශයෙන් ආකල්පමය වෙනසක්..ඔහුගේ ක්‍රියාවන් තීරණය වන්නේ ඒ ආකල්පයන් අනුවයි..

      Delete
    2. ඒ ආකල්ප ඇති වන්නේ කාගේ සිත තුලද? සිංහලයාගේ? දෙමලාගේ හෝ මනුෂ්‍යයාගේ???

      Delete
    3. ආකල්ප ඇතිවන්නේ මනුෂ්‍යා තුල.ත්‍රස්තවාදය ඇතිවන්නේ මනුෂ්‍යයන්ගේ විකෘති ආකල්පයන් මත.හැබැයි ත්‍රස්ත්වාදය තුළ මනුෂ්‍යයෙකු අමනුෂ්‍යයෙකු වනවා මිස අනික් පැත්ත වෙන්නේ නැහැ..මම මෙතන කතා කරන්නේ සිංහලයා හෝ දමිළාය කියා නොවෙන බව තේරුම් නොගත්තා නම් කරන්නට දෙයක් නැහැ.

      Delete
  13. ඕනෙම කෙනෙක්ට මතවාදයක් තියෙන්න පුළුවන්. ඒක දේශපාලනික වෙන්නත් නොවෙන්නත් පුළුවන්. නමුත් මතවාදයක් තියෙන එක අපරාධයක් නෙවෙයි. එහෙම මතවාදයක් එන්නට බලපාන කාරණා ගොඩයි.

    යුද්ධය ඇතිවුනේ කුමක් නිසාද?
    දේශපාලකයින්ගේ කාර්යභාරය කුමක්ද?
    ඒ සැමටම වඩා කලාකරුවාගේ කාර්යභාරය කුමක්ද?

    කලාකරුවා කියන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෙක් නම් ඔහුගේ කලාවෙන් ඇති පලක් තියේද? ඔහු කලයුත්තේ සන්හිදියාවට සාමාන්‍ය ජනතාවට පහුරක් වෙන එක. නමුත් මොකද්ද මේ අමු කැවිලා වගේ අපේ කලාකරුවෝ කරන්නේ?

    යුද්දෙන් දෙපැත්තෙන්ම මැරුණේ අපේ රටේ තරුණ ජිවිත. ඔවුන් ජීවත්වෙලා හිටියානම් රටක් කොතරම් ශක්තිමත් වෙනවද? එතරම් මිනිස්සු මැරෙනකල් ඉතිරි උන් ටික මොකද කලේ? උන් ටික කලේ එහා පැත්තේ එකාව මරපන් කියල උල්පන්දන් දෙන එක මිසක් සංහිදියාවක් ඇතිකරන්නද? එහෙම කළා නම් ජිවිත කොතරම් බේරෙනවද ? මොනවද මේ සමරන්නේ?
    අපේ හමුදාවට එහෙම මරන්න උනේ ඇයි ? සිවිල් වැසියෝ එකමුතු නැති නිසා. ඒකෙන් වාසි ගත්තේ කවුද? ප්‍රභාකරන් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, සංකල්පයක්. පුද්ගලයා මැරුව , නමුත් සංකල්පය ??? ඒක යටපත් කරන්න කරන්න, වෙන්නේ ඔඩුදුවන එක. මම දමිළ නම්, මට තේරෙයි ඒ පීඩනය. අවාසනාවට අනිත් අයගේ සපත්තුවට බැස බැලීමට වැඩිදෙනෙක්ට නොහැකියි.

    කෙනෙකුගේ බාහිර ස්වරුපය , කටහඬ එක්ක ඔහුගේ/ඇයගේ උතුම් අදහස් නොගැලපෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා බාහිර ස්වරුපයෙන් මනින්න එපා. වෙසඟනක් උනත් සමාජ සත්කාරයකදී අනෙකුත් දානපතියන් හා සමානයි. නැත්තම් අපි අම්රපාලි ගැන අදටත් කතාවෙන්නේ නැහැනේ?

    මතකයේ තියාගන්න.... අපි වීරයින් කියන අය , කෙනෙකුගේ සතුරන්. එය ඔබටත් , දමිළ අයෙකුටත් එකසේ බලපාන වැකියක්. දමිළ අය මගේ සතුරන් නෙවෙයි. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත. එය එසේ නොවේ නම් අදත් ජපානය කියන්නේ සුන්බුන් ගොඩක්. ඒ වගේම හිට්ලර්ගෙන් පසුව ඔහුගේ ජාතිය අතුගා දැමිය යුතුයි. එය එසේ වනවාද?

    අදහස් හුවමාරු කරමු. ක්‍රෝධයෙන් නෙවෙයි. මේ ක්‍රෝධය තමයි අපිව යුද්දයකට තල්ලු කලේ. ඒ බර අදින්න උනේ අපේ රටේ සොල්දාදුවන්ට. මේ මිනීමරුවා මදිද?

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදීන් කෙරෙහි වැගිරෙන අනන්ත දයානුකම්පාව, මහා මානුශික හිත වාදය,තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට, බස් එකේ අහලින් යන මගියාට, ඔෆිස් එකේ එකට වැඩ කරන ස්ටාෆ් මෙම්බර් ටත් ලැබේ නම් මේ ලංකාව ඇත්තෙන්ම සුර විමනකි.

      මේ බ්ලොග් ලියන බොහෝ දෙනෙකු අල්ලපු ගෙවල් සමග, එකට වැඩ කරන එකා/එකී සමග,ඇදගෙන ඇති කොකු ප්‍රමානය තම තමා දනිති.

      එබැවින් එවැනි මහා මානුශික හිතවාදී කොමෙන්ට්ස් දකින විට ....,කවුරුවත් විශේෂයෙන් සිහි නොකොට,( කැමැත්තෝ තොප්පි දමා ගනිත්වා )....

      සභාවේ තදින් සිනා.
      මගේ අත්පොලසන්...!

      Delete
    2. හ්ම්ම්..කමෙන්ටුවේ හැටියට ඔබතුමීත් ඔය දෙන්න පරපුරේම පුරුකක් බව පේනවා..
      නම උපේක්ෂා නේද? දහමට සම්බන්ධයි..හැබැයි මැඩම් උපේක්ෂාව සහ දීනත්වය කියන්නේ දෙකක්..උපේක්ෂාව සහ ඔලමොට්ටලකම කියන්නෙත් දෙකක්..

      ඔව් කලාකරුවා නලාකරුවෙක් වෙන්න ඕන නෑ..ඔබතුමී කියන එක හැම පක්ෂයක්ම, දර්ශනයක්ම වෙනුවෙන් වෙන්න ඕන..නැත්නම් කවුරුහරි තමන් රෙදි නොඇඳ අනිකාට රෙදි අඳින්න කියන එක විහිළුවක්..

      ඉතිට්‍රි ටික කියන්න කලින් මට ඔබතුමීගේ වයස පොඩ්ඩක් කියන්න..ඔබතුමී නොදන්නා ඉතිහාසය ඒ තුළ ජීවත්වූ වැඩිහිටියෙකුගෙන් අසා දැනගන්න..දෙමව්පියන්ගෙන් හරි කමක් නෑ ඔවුන් අළුත් පරපුරේ නොවෙයි නම්..

      //අපේ හමුදාවට එහෙම මරන්න උනේ ඇයි ?//
      හමුදාව ඔබතුමීලාගේ නිදහස්ම නිදහස් නිවහල් චින්තනයේ හැටියට අහුවෙන අහුවෙන එකා මරාගෙන ගිහින් නැහැ නේ..එතන වුණේ යුද්ධයක්..යුද්ධයකදි සාපේක්ෂව දෙපැත්තකින් ඝාතන වෙනවා..ඒකනේ යුද්ධයක් කියන්නේ..මොකද්ද ඔය පැති දෙකේ අරමුණ..එක පැත්තක අරමුණු දෙමළ නිජභූමියක් වෙනම රාජ්‍යයක්..දෙමළ ජාතික හැමෝම ඉල්ලලද? නෑ..සුළුතර අන්තවාදී කොටසක් පටන් ගත්ත දෙයක්..ටිකෙන් ටික ඔඩු දුවපු පිළිලයක්..ඒ පැති දෙක සමාන කරන්න බැහැ...හමුදාව රටක රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බැඳී සිටිනවා..ඔවුන්ගේ කාර්යභාරය රාජ්‍යයක ඒකීයත්වය, නිදහස රැකීම..ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය ඊලාම් කොටි එක්ක එකම තරාදියේ දාලා දෙපැත්ත සමාන වෙනකල් බලාගෙන කල්ප කාලයක් ඉන්න වේවි..ඒ වගේම ඒ තරමට මුග්ධ මානසිකත්වයකට වැටිලා නම් ඔබතුමීලා හදාගෙන ඇත්තේ අළුත් පරපුර නෙවෙයි පොන්න පරපුරක් බව අවිවාදිතයි..

      මෙතැන ඇත්තේ ත්‍රස්තවාදය සහ ඊට එරෙහි පාර්ශවක් අතර ඇති ගැටුමක් මිස ඔය ඊනිය පොන්න පරපුරවල් මවාගෙන සිටින දෙමළ ජනයා සමූලඝාතනය කිරීමක් හෝ සිංහල නිජභූමි සංකල්පයක් නොවෙයි..අනික, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය යුද්ධය අතරතුර වැල්ලවත්තේ හෝ වත්තල හෝ දෙමළ ජනයා වාසය කරන වෙනත් ප්‍රදේශවල මරාගෙන මැරෙන බෝම්බ, බස් බෝම්බ, පාර්සල් බෝම්බ පුපුරුවා තිබෙනවාද? ඊලම වෙනුවෙන් බිහිවූ වෙනම පරිපාලන පද්ධතියට බෝම්බ ලොරි යවා තිබෙනවාද?ත්‍රස්තවාදීන්ට හැමවිටම සහය දුන් දේශපාලඥයින් ඝාතනය කොට තිබෙනවාද? ගම් පිටින් කැති ගා තිබෙනවාද? හින්දු පූජකයින් සමූල ඝාතනය කර තිබෙනවාද?

      //වෙසඟනක් උනත් සමාජ සත්කාරයකදී අනෙකුත් දානපතියන් හා සමානයි//
      ෂා!! බොහොම බුද්ධිමත් තර්කයක්..!
      එහෙනම් උපේක්ෂා මැඩම්, ජිනා මැඩම් ඇතුළු ගණිකාවන් සහ ගණිකා වෘත්තිකයන් හෙට සමාජ සේවයේ යෙදුණොත් කට අරින්න එපා..ෂ්...බලන්න පිරිමින්ගේ මනදොළ පීඩනය අවම කිරීම වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ කැපකළ ජාතියේ ගොන් මව කියලා පාර්ලිමේන්තුවටත් යවන්න..අනික ඒ තර්කයේ හැටියට දුමින්ද කුඩු රජා කියලා තපුල්ලන හිරුණිකා ඇතුළු යහපාලනයට එකතුවුණ අයට ලොකු වැරදීමක් වෙලා නේද?මොකද ඉතින් කොච්චර කුඩු විකුණනවා කිව්වත් දුමින්දගේ සමාජ සත්කාරවලට කාටවත් නැහැ කියන්න බැහැ නේ..එතකොට එහෙනම් ඔහු සමාජයේ ප්‍රධාන තැනක සිටිය යුතුම කෙනෙක්..
      කොයිතරම් සර්ව සාධාරණ ද? නිදහස් ද නිවහල් ද? අහා..අනර්ඝ දර්ශනයක්!

      Delete
    3. //මතකයේ තියාගන්න.... අපි වීරයින් කියන අය , කෙනෙකුගේ සතුරන්. එය ඔබටත් , දමිළ අයෙකුටත් එකසේ බලපාන වැකියක්. දමිළ අය මගේ සතුරන් නෙවෙයි.//

      උපේක්ෂා ඔබත් මතකයේ තබාගන්න..පොන්නයන්ට කොහොම වුණත් මට එදත් අදත් හෙටත් රණවිරුවෝ වෙන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ රට වෙනුවෙන්, අද මෙහෙම ලියන මමත් එදා ආගිය අතක් නැතුව ඉඳ අද එළියට බැහැලා වීරයන් වෙන්න හදන පොන්නයනුත් යන හැමදෙනාම වෙනුවෙන් කිසිදි ආගමික හෝ වාර්ගික බෙදීමකින් තොරව දිවි පිදුව, ජීවිතයේ බොහෝ කැපකිරීම කළ පිරිසක්..උඩුගං බලා යෑම හෝ පවත්නා ක්‍රමවේදයට විරුද්ධවීම එකක්, කුහක ගුණමකුකම එකක්...තමන්ට කරන්න බැරිවුණ දෙයක් කෙනෙකු කළාම ඌට ගැරහීම නපුංසකකමක්..සහ ඒ දේ කළේ උන්ට නිකන් ඉන්න බැරිකමට නෙවෙයි..ඔබතුමීත් ඔය පරපුරත් වගේම උනුත් හැඟීම දැනීම් තියෙන මිනිස්සු, ලෙයින් මසින් හැදුණු මිනිස්සු, ආදරය කළ විඳ මිනිස්සු, දරු පවුල්, දෙමාපිය නැදෑ හිත මිතුරන් හිටි මිනිස්සු..උන්ට ගරහන්න එපා..! කොටි දෙමළ බහුතරයට අදත් වීරයෝ..ඒ වුණාට උන් වෙනුවෙනුත් සටන් කළ අපේ කොල්ලෝ කෙල්ලෝ සමරන එක උඹලගේ හිතට අමාරුවක්..! ඔය දැන් කෑ ගහන පොන්නයෝ යුද්ධේ කාලේ ඇයි හමුදාවට නොබැඳුනේ? සොරි උන්ගේ මතයේ හැටියට ඇයි කොටින්ට එකතු වෙලාවත් නොහිටියේ?
      හරි සටන් ඕනම නැත්නම් ඇ‍යි උන්ට බැරිවුණේ ඒ කාලේ ඔය සාම ඔස්තාදලා එක්ක උතුරට ගිහින් සහෝදරත්වය පටන් ගන්න..ඒ කාලේ කැණහිල්ලු වගේ රටින් පැනලා හැංගිලා ඉඳලා දැන් එනවා අහසින් බට වීරයෝ වෙන්න..

      Delete
    4. // ඒ වගේම හිට්ලර්ගෙන් පසුව ඔහුගේ ජාතිය අතුගා දැමිය යුතුයි. එය එසේ වනවාද?//
      මෙතන ජාතිය පිළිබඳව ගැටළුවක් නැහැ..ඇත්තේ ත්‍රස්තවාදය සහ ඊට උඩ ගෙඩි දීම සම්බන්ධ ප්‍රශ්නයක්..අන්ත්‍රාවයි,වලිගය පාගා ගැනීමෙන් වලකින්න..

      Delete
    5. ජර්මනියේ ඉඳපු ජාර්මන් ජාතිය වෙනුවෙන් පෙනී ඉඳපු අසහාය නායකයෙක් තමයි හිට්ලට්. ජර්මන් ජනයා වත් ඔහු සමරනවාද? කිසිසේත් නැත. හිට්ලර් නිසා ජර්මනියට විනාශයක් සිදුවූ බව අද ජර්මන් ජන මතයයි.යුධ පරාජයෙන් පසු එම හැංගීම හිට්ලර් ගැති අය තුල පවා ඇතිවී(ඇතිකර) ඇත. එසේම සත්‍යද එයයි. නමුත් මිත්‍ර හමුදා ජර්මනිය තුල හිට්ලර් සැමරීමට ඉඩ දුන්නේ නම් හිට්ලර් ජර්මන් විරුවෙක් වී නැවත මිත්‍ර හමුදා වලින් පලිගැනීමට නැවත හිට්ලර් කෙනෙක් බිහිවී ලෝක යුධයක් බිහිවීමයි.

      Delete
    6. මකසි +++++++++++++++++++++++

      Delete
    7. Jay Mmp:
      එකඟයි. But දයානුකම්පාව සඳහා කැටගරියක් තිබීම පුදුමයි නේද? මම පිළිපදින දර්ශනයේ නම් එහෙම කැටගරියක් නැහැ. හතුරෙක්ට උනත් විපතේදී වතුර උගුරක් දෙනවා. එහෙම නේද මිත්‍රය අපේ හමුදාවත් අවසන් මෙහෙයුමේදී දෙමළ ජනතාවට පිහිට උනේ? නැත්තම් උන්ට වෙඩිතියන්න එපෑ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්න කියල? එයාල පලිහක් විදියට යොදාගත්තේ 'බලෙන්මයි' කියල? මම හිතන්නේ නැහැ. එයාලත් කැමතියි උන්ට උදව් කරන්න. ඒ මොකද? අපි ළඟට වඩා 'උන්ගේ ත්‍රස්තවාදීන්' ළඟ උන්ට 'උන්ගේ කමක්' දැනෙන නිසා. මොහොතකට හිතුවද එහෙම එයාලට හිතෙන්නේ මොකක් හින්දද කියල?

      මම දන්නේ නැහැ ඔබට හමුවෙලා තියෙනවද කියල, මට නම් හමුවෙලා තියෙනවා හොඳට ඉගෙනගත්ත දමිළ තරුණ තරුණියන්. සමහරු ඉංජිනේරුවරු, සමහරු දොස්තරලා. ඒ සියල්ලෝම මගේ හොඳ යාලුවෝ. අපි බොහොම සහයෝගෙන් තමයි හිටියේ. ඔවුන් 'සමහරු' යන්තමිනුත් , තවත් සමහරු සුක්ෂම විදියටත් ඒ දවස්වල LTTE එකට සපෝර්ට්. එයාල යුද්දෙන් අවතැන්වෙලා කඳවුරු වල හිටපු අය. එයාල හැමෝටම තිබ්බේ සැකයක්. ඒ තමයි ඔවුන්ගේ සැබෑම තත්වය.

      Delete
    8. කනගාටුයි තරුවා.
      ඔබ මගේ නම මෙතැනට ඇදලා ගත්ත නිසා අකමැත්තෙන් උනත් උත්තරයක් දෙන්නම්. මගේ නමේ තේරුම ඔබ කියාදෙන්න කලින් මම දැනගෙන උන්නා. ඒ වගේමයි මගේ ජීවිතේට එය බද්දව තියෙන ගුණයක්. මම කිසිදේක අන්තෙට යන කෙනෙක් නෙවෙයි. ඒ ගැන මම හිතන්නේ මේ අවකාශයේ ලියා තිබෙන දේවල් ප්‍රමාණවත් වෙයි. මම ගැන පාරම්බාන්න මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. සංවාදයක් කරනවිටදී නහර ඉලිප්පිමෙන් සංවාදය අවසන්ව ගැටුමක් හටගන්නවා. එය ඔබ දන්නේ නැති බවයි මගේ හැඟීම.

      ඔබ මාව එක 'ගොඩකට' දමා කතාකිරීම ගැනත් කණගාටුයි. මම කොයි වෙලේකවත් ඔය කියන 'සෙට් එක' දරන්නේ මගේ මතයයි කියල කිව්වද? මම කිව්වේ ඕනේ කෙනෙක්ට තමන්ගේ මතය දරන්න සාධාරණ අයිතියක් තියෙනවා කියලා මිසක් උන් හරි කියලා නෙවෙයි. මතුපිටින් කියවන්න එපා. අනිත් එක යුද්ධයකට විරුද්ධ වෙන්න යුද්ධය තියෙන කාලේ ඉපදිලා යුද්ධයක් නිසා විනාසවෙලා තියෙන්නම ඕනෙද? මගේ කෙනෙක් මැරුණම විතරද දුක? මම නම් කියන්නේ හමුදාවෙන් කරපු මෙහෙයුම් වලට වැඩිපුරම පරාජය අරන් දුන්නේ දේශපාලනය. ඉතින් අපි තවත් දේශපාලකයින්ගෙන් විසඳුමක් අහන්නේ මොකද? මිත්‍රයා , අපි පහරදෙන්නේ අපේම රටේ මිනිස්සුන්ට. කති ගාන්න ඕනේ ආකල්ප මිසක් තවත් මනුස්සයෙක් නෙවෙයි.

      මෙහි පුද්ගලික පලිගැනීම්, සාපකිරීම්, පහරගැසිම් ආදිය යෙදීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මෙයි යොදා ඇති 'පොන්නයා' 'වෙසඟන' ආදී වචනවල තේරුම් ගැලපෙන්නේ ලිංගික අදහස් වලට නේද? මේ කියන ටොපික් එකට එහි ඇති සම්බන්ධය පොඩ්ඩක් අවුල් වගේ නේද? කෙනෙක්ට යමක් කියද්දී යෙදුම් වල තියෙන බරපතලකම සාර්ථක ලිපි ලියන කෙනෙක් විදියට ඔබ නොදන්නවා වෙන්න බැහැනේ. කමක් නැහැ. ඔබේ කැමැත්තනේ...

      ඔබ කියා තිබෙන හැම දේකටම උත්තර මම දෙන්න යන්නේ නැහැ. ඊට උත්තර දීමෙන් වෙන්නේ ඔබ මගේ නමින් නොනැවතී මගේ පවුලට සහ එකී මෙකි සියලු දෙනාවත් මීට හවුල් කරගෙන අමුතු සුප් එකක් ( කියන්නේ මොනවද හොයාගන්න බැරි) හදන්න පටන් ගන්න එකයි.

      වෙසඟන සමාජ සත්කාරයේදී සමාන බව මම නගපු තර්කයක් නෙවෙයි මම කිව්වේ. ඔබ කවදාවත් හිතල තියෙනවද රජතුමාගේ දාන ආරාධනාව , නගර සෝබනියකගේ ආරාධනාවෙන් ප්‍රතික්ෂේප කරපු බුදුරජානන් වහන්සේ ගැන? හිතල තියනවද ඒ ඇයි කියල? ඕනේ කෙනෙක්ට දානයක්/ සමාජ සත්කාරයක් කරන්න පුළුවන්. කවුරු කලත් එය හොඳයි. නමුත් පින වැඩි ධාර්මිකව හම්බකරපු දෙයකින් කරනකොට. සමහරු සමාජ සත්කාර කරන්නේ ප්‍රසිද්ධියට. සමහරු එහෙම නෙවෙයි. එය තමයි වෙනස.ජිනා මැඩම් නම් මම දන්නේ නැහැ, නමුත් මම ප්‍රයෝගික ධර්මය පරිහරණය කරන කෙනෙක් විදියට ගමේ ගොඩේ , හන්දි ගානේ තියෙන මතවාද පිළිගන්න කෙනෙක් නෙවෙයි එය සත්‍ය බව මට ප්‍රත්‍යක්ෂ වෙනතුරු.

      හිට්ලර් ගැන මම කිව්වේ ඔහුත් ප්‍රභාකරන් හා සමාන මිනිමරුවෙක් නිසා. ඔහු වටේ උන්න සියලු දෙනාත් ඒ වගේම විකෘති අදහස් වලින් යුද්ධ කරපු නිසයි. නමුත් ඔබට සහතික වෙන්න පුලුවන්ද ඒ සියලු දෙනා ( හිට්ලර් විසින් කෘරකම් ඉගෙනගත්) අතුගා දැම්මා කියල? අහලා නැත්තම් කියවන්න එවන් අය විසින් රචිත පොත් තියනවා ඕනේ තරම්. ඔවුන්ට සහය දුන්න සියලු දෙනාම මැරුවද? එහෙනම් සහය පළකරපු අනිත් අය මොකද හිට්ලර් කරේ තියාගෙන සමරන්නේ නැත්තේ? එහෙම වෙන්නේ මිත්‍රයා..... ඔවුන්ට වැටහුනා ඔවුන් කල අපරාධය. එහෙම වැටහෙන විදියට සමාජය ( ඔවුන් විසින් ඝාතනය කරන ලද පවුල් වල සාමාජිකයින් පවා) ඔවුන්ට සතුරු විදියට නොසලකා ඉඳිල්ලෙන්ම තමයි ඒ පාඩම ලැබුනේ. ඊට සුදුසු පිළියම මර්ධනය නෙවෙයි. එතකොට ඔවුන් විසින්ම ඔවුන්ගේ සැබෑ සතුරන් හඳුනා ගන්නවා.

      ලංකාවේ අපි කරන්නේ මොකද්ද? දමිළ ජනයා තවමත් පිඩනයට පත්කරනවා. ( සැමරුම ගැන නෙවෙයි මම කියන්නේ) ඔවුන්ගේ හඬ යටපත්/මර්ධනය කරනවා. උන් සුළු ජාතියක් කියා මිසක් ලංකාවේ නොවන බව මතක් කරලා දෙනවා. රබර් බෝලයක් උනත් තදින් වතුරේ ඔබාගෙන ඉඳල අතහැරියම උඩට විසිවෙනවා නේද වේගෙන්? මර්ධනය විසඳුම නෙවෙයි. අනිත් එක ධර්මය දන්නා කෙනෙක් විදියට මම දන්නවා, මට සහතික වෙන්න බැහැ අපි කිසිම කෙනෙක් අපේ ඊළඟ උපතට ( සෝවාන් උනේ නැත්තම්) දමිළ වෙලා නුපදී කියල..

      මිට වඩා උත්තර දෙන්නේ නැහැ. මගේ පවුලේ අය සහ අනෙකුත් උදවිය ගැන ලියන්න මහන්සි වෙන්න එපා.

      Delete
    9. කනගාටුයි තනි තරුව... ඔබ ගැන.. ඔබ උපදින කොටත් සැබෑ රණවිරු සිංහලයෙක්..

      Delete
    10. උපේක්ෂාව උපේක්ෂා ස්වර්ණමාලිනී(පබා)ගේ ඉඳන්ම සියළු දෙනා තුළම අඩුවැඩි වශයෙන් තියෙන ගුණාංගයක් නේ?නමේ තේරුම ඔබ වැනො උගත් පඬිරුවනකට කියා දීමේ අවශ්‍යතාවක් මට කොහේත්ම නැහැ.උපේක්ෂාව හැමදෙයකටම ආදාළත් නැහැ.සමහරු කොහොමත් ඉන්නේ නහර උලුප්පාගෙන කියන එකත් මතක් කරගන්න.සමහරුන්ට නහර වැඩිවීම් අඩුවීම් තියෙන්නත් පුලුවන්.

      පිළිගත්තත් නැතත් ඔබට සෑහෙන්න රිදුණා නේද ඔය පරපුර විවේචනය කළාම?ඒකත් හරියට රණවිරුවන් මෙහේ සමරද්දි සුළු ජාතීන්ගේ හිත් රිදෙනවා වගේමයි.

      //අනිත් එක යුද්ධයකට විරුද්ධ වෙන්න යුද්ධය තියෙන කාලේ ඉපදිලා යුද්ධයක් නිසා විනාසවෙලා තියෙන්නම ඕනෙද? මගේ කෙනෙක් මැරුණම විතරද දුක?//
      ඔබගේ දැනගැන්ම උදෙසායි.එහෙම විය යුතු නැහැ.මොකද මම යුද්ධයෙන් විනාස වුණ කෙනෙක් නෙවෙයි.මගේ මාමා කෙනෙක් නැතිවුණේ යුද්ධය පටන් ගත්තු කාලේ.හැබැයි ඒ මම ඉපදෙන්නටත් පෙරයි.කෙනෙක් නැතිවූ නිසාම මම මේ වෙනුවෙන් පෙනී සිටිනවා කියා සිතෙනවා නම් එය වැරදීමක් බව කියන්න ඕන.මගේ ප්‍රශ්නය දමිළයා සමඟ නොවෙයි.ත්‍රස්තවාදය සමගයි.අපි වගේම හීන දැකපු, ආදරේ විඳ, ජීවත් විය යුතු කොටසක් මැරුණේ ජාති ආගම් බෙදීමකින් තොරව හැමදෙනාම ආරක්ෂා කරන්නට ගිය නිසයි.එවන් කොටසකට මිනීමරුවන් කියා ගරහන උන් තමන්ගේ ජාතක මව්පියන්ටත් ගරහනවා.හැබැයි ඒ වුණත් ද්‍රවිඩයන්ගේ බොහෝ දෙනෙක් ඒ අතින් ඉදිරියෙන්ම ඉන්නවා මොකද උන්ට තමන්ගේය කියන හැඟීමත්, වටිනාකම දිය යුත්තාට දීමත්, සමගියත් තිබෙනවා.ස්සු ජාතීනුත් එහෙමයි.සිංහලාය විතතරක් හැමදාම කාටහරි කුලියට කහින්න ගිහින් බෙදෙනවා.බෙදිලා තමන්ගේ ජාතියම වළට ගෙනියනවා.

      //මම නම් කියන්නේ හමුදාවෙන් කරපු මෙහෙයුම් වලට වැඩිපුරම පරාජය අරන් දුන්නේ දේශපාලනය. ඉතින් අපි තවත් දේශපාලකයින්ගෙන් විසඳුමක් අහන්නේ මොකද?//
      ඔව්.මම කොහේවත් කියලා තියෙනවද මේකේ දේශපාලනයක් ගැන?
      යුද්ධය අවුරුදු 30ක් ඇද්දේ දේශපාලකයෝම තමයි.අපේම සල්ලිවලින් කොටින්ට බෝම්බ හැදීමේ අමුද්‍රව්‍යවල ඉඳන් සැටලයිට් ෆෝන් ඇතුළු තාක්ෂණය දීමෙන් ඔවුන් පෝෂණය කළේ කවුද? ඔබද? මමද?

      Delete
    11. // කති ගාන්න ඕනේ ආකල්ප මිසක් තවත් මනුස්සයෙක් නෙවෙයි.//
      ආකල්ප කැති ගාන්න ඕන කැපකිරීම කළ රණවිරුවන්ව පාවලා දීල ද?ඔබ ඒක පිළිගන්නවද?ඔය මොකක් හරි පරපුරකින් එහෙනම් කළ යුත්තේ එයයි.උන් නොවෙයි අපියි වීරයෝ කියන එකවත්, රණවිරුවන්ට ගරහන එකවත් නොවෙයි.ඇයි උන්ට බැරිවුණේ දකුණෙනුත් උතුරෙනුත් සමාන්තරව ඒ ආකල්පමය වෙනස් ඇති කරන්න.එහෙම වුණා නම් මමත් එතැන ඉන්නවා අනිවාර්යෙන්ම.ඕනෑම දෙයකට ප්‍රවිෂ්ට වීමේ ක්‍රමවේදයක් තිබෙනවා.සත්‍ය ලෙසම ගෞරවයට පාත්‍ර වූ කොටසක් අබිබවා තමන් වීරයන් වෙන්ට තැතනීම මට නම් නපුංසකකමක්..එවන් නපුංසකයන් සමාජයේ විවිධ ස්ථරයන්ගේ සිටිනවා, විවිධ ස්වරූපයන්ගෙන්..අනික් අතට මම මෙතැන කියා නැහැ ඔය නපුංසක පරපුරවත් කැති ගාන්න කියලා.

      ඔව් ලිංගික සම්බන්ධයක් තිබෙනවා.පෞර්ෂත්වයට ලිංගිකත්වයේ සම්බන්ධයක් තිබෙනවා.වෙසඟන සහ පොන්නයා යන පද මගේ ලිපියක භාවිතා වුණ පළවෙනි අවස්ථාව මෙය නොවෙයි මම හිතන්නේ.හැබැයි ඒ සඳහන් කළ යුතුම අවස්ථාවක පමණයි.නැතුව සමහර බ්ලොගර්ස්ලා වගේ එන්න කන්න යන්න වැනි පද භාවිතයේ සාමාන්‍යයකින් මම කුණුහරුප ලියලා නැහැ.ඒ නිසාම ඒක දැනෙනවා වැඩිවෙන්නත් පුළුවන්.ඕවා කුණුහරුප නොවන බව බ්ලොග් අවකාශයේ සමහර ස්ථානවල සඳහන් වෙනවා.මට ඕන නම් මම කියනවා.මට අනවශ්‍ය යැයි හැඟුණොත් මම එය වෙනත් නිර්මාණාත්මක ආකරයකින් ලියනවා..
      //කෙනෙක්ට යමක් කියද්දී යෙදුම් වල තියෙන බරපතලකම සාර්ථක ලිපි ලියන කෙනෙක් විදියට ඔබ නොදන්නවා වෙන්න බැහැනේ//
      මගේ වචනය ගැන කණගාටුවෙන ඔබ ඔවැනි දේ ගලායන වතුරක් සේ ලියන උන්ට ගොහින් ඕවා නොකියන්නේ ඇයි?සාධාරණය නිසා වෙන්නැති නේද?විරුද්ධ මත දරණ දේශපාලඥයින්ට අමුඅමුවේ තිත්ත කුණුහරුප කියන පුද්ගලයන්ට විරුද්ධ නොවන්නේ ඔබත් ඒ මතයම දරණ නිසා නේද? නැත්නම් ශිෂ්ටභාවය, සභ්‍යත්වය ඒවාට අදාල නැතිද?

      //ඔබ කියා තිබෙන හැම දේකටම උත්තර මම දෙන්න යන්නේ නැහැ. ඊට උත්තර දීමෙන් වෙන්නේ ඔබ මගේ නමින් නොනැවතී මගේ පවුලට සහ එකී මෙකි සියලු දෙනාවත් මීට හවුල් කරගෙන අමුතු සුප් එකක් ( කියන්නේ මොනවද හොයාගන්න බැරි) හදන්න පටන් ගන්න එකයි.//
      අපොයි නැහැ.මට ඔබේ පවුල ආදාලත් නැහ.ඔබ අදාලත් නැහැ.මම නොදන්න ඔබ දන්න දේ වගේම ඔබ නොදන්න මම දන්න දේවලුත් තිබිය හැකියි.ඒත් ඔබතුමිය මට වඩා දැන ඉගත් පඬිරුවනක් වීම නිසා දෙවැන්න බොල් තර්කයක විය හැකියි.ඒ නිසායි මම කිව්වේ ඔබට දෙම්ව්පියන්ගෙන් හෝ ඉතිහාසය පිළිබඳ යම් දැනුමක් අපට වඩා ඇති වැඩිහිටියෙකුගෙන් අසා දැනගන්න කියා.ඔවුන් අළුත් පරපුරේ නොවෙයි නම් කියා කීවේ දෙම්ව්පියන්ට අපහාසයකට නොව, අළුත් පරපුරේ වැනි විකෘති අදහස්වලින් ඉතිහාසයක් විකෘති නොවිය යුතු නිසායි.එයින් ඔබට යම් සිත් රිදීමක් ඇතිවූවා නම් මට කණගාටුයි.

      //ජිනා මැඩම් නම් මම දන්නේ නැහැ, නමුත් මම ප්‍රයෝගික ධර්මය පරිහරණය කරන කෙනෙක් විදියට ගමේ ගොඩේ , හන්දි ගානේ තියෙන මතවාද පිළිගන්න කෙනෙක් නෙවෙයි එය සත්‍ය බව මට ප්‍රත්‍යක්ෂ වෙනතුරු.//
      ඔබගේ මූලික තර්කයේ සඳහන්ව තිබුණ දේට මම පිළිතුරු දුන්නා.එවෙලේ ඔබ ඔය විස්තරය කියා නැහැ.
      //වෙසඟනක් උනත් සමාජ සත්කාරයකදී අනෙකුත් දානපතියන් හා සමානයි. නැත්තම් අපි අම්රපාලි ගැන අදටත් කතාවෙන්නේ නැහැනේ? //
      ඔබ ධර්මය පරිහරණය කරන එක හොඳයි.නමුත් එහිම යම් ප්‍රායෝගික පැත්තක් තිබෙන බවත් තේරුම් ගත යුතුයි.ඔය තර්කය නිසා නොවෙයිද අද සමාජය මේ තත්වයට පත්ව ඇත්තේ?ගණිකාවක හෝ කුඩුකාරයෙකු හෝ එතනෝල් කාරයෙකු හෝ මිනීමරුවෙකු, පාතාලයෙකු හෝ දානපතීන් වූ පළියටම ඔවුනද සමාජයේ වැජඹෙනවා නේද?එතකොට ඒවා වෙනස් කරන්නට ඔබ වෙනස් දේශපාලන මතයක් දැරූබවත් මට මතකයි.

      හිට්ලර් සම්බන්ධව මකසි ඔබට පිළිතුරක් දී තිබෙනවා.
      හොඳ අදහසක්. අහලා නැති නිසා මම කියවන්නම්.ඔබත් දෙමළ නිජභූමි සංකල්පය, එහි මුල් සහ එහි වර්ධනය සම්බන්ධව කියවන්න අහලා නැත්නම්..

      Delete
    12. //ලංකාවේ අපි කරන්නේ මොකද්ද? දමිළ ජනයා තවමත් පිඩනයට පත්කරනවා. ( සැමරුම ගැන නෙවෙයි මම කියන්නේ) ඔවුන්ගේ හඬ යටපත්/මර්ධනය කරනවා. උන් සුළු ජාතියක් කියා මිසක් ලංකාවේ නොවන බව මතක් කරලා දෙනවා//
      මේක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.මටත් දමිළ මිත්‍රයන් සිටිනවා.ඔවුන් කෙලින්ම යාපනයට හා වෙනස් පළාත්වලට සම්බන්ධතා ඇති අය.නමුත් ඒ කිසිවෙකු මෙවන් පීඩවකට පත් වෙන්නේ නැහැ.අද සමාජයේ විවිධ ක්ෂේත්‍රවල සියෞම ජාතින් හා කරට කර ඔවුන් සිටිනවා.මේවා එන්ජිඕ ගොට්ටන් විසින් වර්ණපාල තියරියට කරපු කතාවල් ඔබ වැන්නෝ මෙසේ කීමෙන් තත්වය දරුණු වෙනවා.ඔබ නොදැනීම අන්තවාදී සුළු පිරිසකගේ ප්‍රචාරකයෙක් බවට පත්වෙනවා.හොඳට බලන්න ඔය පාට කණ්ණාඩි අයින් කරලා.දකුණේ සහ උතුරේ සමාන සංවර්ධනයක් වී තිබෙනවා.කොතරම් තදට යුද්ධය ඇවිලිණු කාලේ වුණත් ද්‍රවිඩ ජනතාවට කොළඹ සහ තදාසන්නයේ රැඳීම තහනම් වුණේ නැහැ.ඔවුන් සාමාන්‍ය ආකරයට අධ්‍යාපන සහ රැකියා කටයුතුවල යෙදුණා.මෙහේ ඔවුන් බල්ලන් බළලුන් සේ මරා දැමුණේ නැහැ.ඔබ කියන දෙය ඇත්ත නම් යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර අතැර දැමෙන්න ඕන වල් බිහිවෙලා, හාමත් වෙලා මැරෙන්නට.එහෙම වුණාද?අන්තවාදී ද්‍රවිඩ දේශපාලඥයිනුත් කොටි හිතවාදීනුත් ඩයස්පෝරාවත් එන්ජිඕවලින් ජීවත්වන උනුත් අද ගේන තර්කය ඕකයි.පදනමක් නැහ.එහි අරමුණ ඔබ වැනි මානව දයාවෙන් පිරිපුන් නමුත් රැවටෙන සුළු සිංහල සහ මුස්ලිම් කොටසකුත් ඒ මතය ප්‍රචාරණයට එක කරගැනීමයි.එයින් වාසිය ලැබෙන්නේ ඔවුන්ට.බලන්න අනෙකුත් ජාතීනුත් මෙය පිළිගන්නවා, අපර අසාධාරණයක් වෙනවා කියා ඔවුන්ට පහසුවෙන් තම ඉලක්කයට යන පාර හදා ගත හැකියි.

      ඔබ තදට වලිගය පාග ගත්ත තැන ඔතැන උපේක්ෂා.මම ජාතිවාදී සිංහලයෙක් නෙවෙයි.මට දමිළයා එක්ක බද්ධ වෛරයක් නැහැ.හැබැයි ත්‍රස්වාදය එක්ක තිබෙනවා.ඒ මායිම පැහැදිලියි කණ්ණාඩි නොදා බැලුවොත්.මගේ දේශපාලන ආකල්පය සහ සමාජ ආකල්පය එකක් නෙවෙයි.

      ඔබගේ පවුල ගැන ලිවීමෙන් අද රෑට මගේ කුස පිරෙයිද?

      Delete
    13. කණගාටුවෙන්න එපා දේශකයෝ.ඔබ තරම් වීරයෙක් නොවෙයි මම.
      අනික මම ඉපදෙනකොට බිළිඳියක්.ඔබ වැනි සම්පූර්ණයෙන් වැඩුණු අංග සම්පූර්ණ මිනිසෙක් හෝ සැබෑ රණවිරු සිංහලයෙක් නොවෙයි.

      Delete
    14. උපේක්ෂාගේ කොටි ආලය මට තේරුම් ගන්න අමාරුවුනා . ඇයට කොටින්ට හිතවත් යාලුවන් සිටිනවාලු. ඔවුන්ගෙ බලපෑමට ඇය ලක්ව තිබෙනවා විය හැකියි. දෙපිලක් බෙදී සටන් කරන විට එක් පිරිසක් පස්සට ගත්තොත් ඒ අය පරාද වෙනව. ඔවුන්ට තිබුනෙ එකම අරමුණක්. ඒ වෙනම රටක්.

      උපේක්ෂාව සහ ඔලමොට්ටලකම කියන්නෙ දෙකක්. මේ වගෙ උපේක්ෂාව තියන අය සේවය කරන්නෙ සතුරාට. මේක උපේක්ෂාව නොවෙයි ස්ථිර ප්‍රතිපත්තියක් නැති එක. කොටියෙක් හම්බවෙලා කතා කළොත් උගෙ පැත්තෙ . ඇත්ත ඇත්ත කියනව. ස්වාධීන මතයක් දරන්න පෞර්ෂයක් නැහැ .මඩේ හිටවපු ඉන්න වගෙ.
      උපේක්ෂා ඔබේ කොටි යාළුවනට කියල ඒ කාලෙ සිදුවුන එක අපරාධයක් වළක්වාගන්න ඔබට පුළුවන් වුනාද

      Delete
    15. //මේක උපේක්ෂාව නොවෙයි ස්ථිර ප්‍රතිපත්තියක් නැති එක.// +++++++++++++++++

      Delete
  14. Jap Mmp :
    //සභාවේ තදින් සිනා.
    මගේ අත්පොලසන්...!//

    මගෙන් කොක් හඬලා සිනහසීමක් සමග අත්පොලසන්..
    දැන් කාලේ වික්‍රමභාහුලා පැටව් ගහන්නේ නිකං මැස්සෝ වගේ...

    ReplyDelete
  15. අළුත් පරපුර... කතා කරලා වැඩක් නැත..

    ReplyDelete
    Replies
    1. ඔව් බං..මෙලෝ රහක් නැහැ..

      Delete
    2. // දේශක යාMay 20, 2015 at 11:19 AM

      කනගාටුයි තනි තරුව... ඔබ ගැන.. ඔබ උපදින කොටත් සැබෑ රණවිරු සිංහලයෙක්..
      //

      මචන් වෙන්ඩපොශ් දේශකයෝ....

      ඔය විකාර ටෝක් දීලා සින්හල සමාජ ජාලා වල පොරක් උනාට සැබෑ සිරි ලන්කාවේ ඔවැනි කතා ගොන් පාට් ගනයට වැටේ.

      ඔයාට පොරක් වෙන්නම ඔනෑ නම් ලබන සෙනසුරාදා කොලඹ රෝයල් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් එකට ඇවිත් රනිල්, දිනේශ්, ලොහාන්, කබීර්, සජිත්, සේනසිඤඤො, හර්ශා, රවී, මන්ගල, සාගල, මහින්දානන්ද, රුවන්, දිලුම්, රවුෆ්, ෆයිසර්, ස්වාමිනාතන්, ගයන්ත වැනි පොරවල් සමග උරෙනුර ගැටී බ්‍රැඩ්බි ශීල්ඩ් සෙකන්ඩ් ලෙග් එක නරඹා ප්‍රීතිවන්න....

      ක්ශනිකව ඔබ සිතූ පැතූ සම්පත වන පොරක් වෙන්න ඇහැකිය.

      Delete
    3. සරස:
      ++++++++++++++++++
      සියළු රෝග දූරිංභූත වනු ඇත.

      Delete
  16. මේ ජාතකයේ වැරද්දක් ඇති අයවළුන් (ජාතකේ වැරැද්ද ගැන ජාතකීට එරෙහිව රූපවාහිනියේ මොර දුන්නේ මුන් ය) ගැන මේ සුබ දවසේ කතා කරන්නේ ඇයි.

    ReplyDelete
    Replies
    1. කණිෂ්ක, තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා.
      ඒක කතා නොකර බැරිවුණා. නැත්නම් මෙවැන්නෝ ගැන කතා කරන්නටවත් වටින්නේ නැහැ..

      Delete
    2. මෙවැන්නන් ගැන ඔබ කතා කරන නිසා මේ ටික එකතු කරමි.

      අප අසා ඇති පරිදි මෙවැනි අදහස් ඇති පුද්ගලයන් ජනිත වන්නේ ඔවුන්ගේ දෙමව්පියන් එකිනෙකා හමු වී ගත කර තිබෙන්නේ මිනිත්තු 20-30 වැනි කෙටි කාලයක් පමණක් නිසයි. දෙමව්පියන් විසින් එකිනෙකා වෙතත්, දරුවන් වෙතත් ආදරය දක්වමින් සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව ඇති දැඩි කළ ළමා කාලයක් මෙවැනි අදහස් ඇති පුද්ගලයන්ට ලැබී නැත.

      විශේෂයෙන් තමන්ගේම ජාතකේට බනින උන් එසේ බනින්නට හේතුව (මේ බැනීම අවිඥානික ක්‍රියාවලියකි) ජාතක පියා විසින් අර මිනිත්තු 20-30 ටත් හිඟ මුදලක් ඉතුරු කර එය නොගෙවා සිටීම නිසා බව ඒ පිළිබඳ පරියේෂණ කළ විද්වත්හු කියත්.

      අප දකින'යුරින් මෙවැනි අයට සමාජයේ අනුකම්පාව හිමි විය යුතුය. එහෙත් සමාජයට බලපෑම් කළ නොහැකි මට්ටමේ තබා ගැනීම අනිවාර්යය. එසේ නැතහොත් වන්නේ සමාජ ව්‍යසනයකි. කිසියම් මානසික වෛද්‍ය ක්‍රමයකින් මෙවැන්නන් පුනරුත්ථාපනය කළ හැකිනම් ඒ මහත් පිංකමකි.

      Delete
    3. දෙමව්පියන්ට සමීපත්වයක්, ගෞරවයක්, ආදරයක් ඇති කිසිවෙකුත් තම ජාතකයට ගැරහීමක් හෝ ඔවුන්ට දෙස්දෙවොල් තිබීමක් කරතියි මට ද සිතිය නොහැකිය.ඒ ලෙසම රට දැය සමය පිළිබඳ මූලික ආදර්ශයන් ලැබෙන්නේද දරුවෙකුගේ විඥානය පෝෂණය ඇරඹෙන්නේ ද එතැනිනි.අවාසනාවකට (රටේ) බොහෝමයක් දරුවන්ට නිර්මාණශීලිත්වය උරුම වී ඇති නමුත් යථාර්තවාදීත්ව සහ දීනත්වය යන යෙදුමන්හි වෙනස අවබෝධකරවා නොමැති නිසා මෙවන් බුද්ධිහීන ආකල්පයන් කරළියට පැමිණෙනවා විය හැකියි.පුද්ගල පෞර්ෂය ලෙස මොවුන් අවබෝධ කොටගෙන ඇත්තේ පවත්නා ක්‍රමය හරි හෝ වැරදි වේවා ඊට විරුද්ධ වීම මිස කිරා මැන බලා, හොඳින් අධ්‍යයනය කොට අදහස් ප්‍රකාශ කිරීමක් නොවේ.එසේම අනෙකුන්ට මැදහත්නොවේයැයි අධි චෝදනා නගන මොවුන් බහුතරය ඔවුන්ගේ මතය ප්‍රචාරණය කරනු වස් අනුගමනය කරන්නා වූ ක්‍රියා පිළිවෙත් නිසා තම ආකල්පමය නිරුවත් මොනවට විදහා පාන්නෝය.

      Delete
  17. //Jay MmpMay 19, 2015 at 6:26 PM

    ත්‍රස්තවාදීන් කෙරෙහි වැගිරෙන අනන්ත දයානුකම්පාව, මහා මානුශික හිත වාදය,තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට, බස් එකේ අහලින් යන මගියාට, ඔෆිස් එකේ එකට වැඩ කරන ස්ටාෆ් මෙම්බර් ටත් ලැබේ නම් මේ ලංකාව ඇත්තෙන්ම සුර විමනකි.

    මේ බ්ලොග් ලියන බොහෝ දෙනෙකු අල්ලපු ගෙවල් සමග, එකට වැඩ කරන එකා/එකී සමග,ඇදගෙන ඇති කොකු ප්‍රමානය තම තමා දනිති.

    එබැවින් එවැනි මහා මානුශික හිතවාදී කොමෙන්ට්ස් දකින විට ....,කවුරුවත් විශේෂයෙන් සිහි නොකොට,( කැමැත්තෝ තොප්පි දමා ගනිත්වා )....

    සභාවේ තදින් සිනා.
    මගේ අත්පොලසන්...!
    //

    සීයට සීයක් සත්යය... ඔබේ අදහස් වලට හිස නමා ආචාර කරමි...

    ReplyDelete