Sunday, May 3, 2015

රැජිණිගේ මිණිපිරී!

කාලෙකට පස්සේ ගොඩවුණා මූණු පොතට..ඔහෙලට කියන්න ආයිබොංඩ ..ආයිබොංඩ නේන්නම් වටින්නේ..රැජිණක් පහළ වෙච්චි එක ලේසි පහසු කාර්යක්ද බොලව්..

රැජිණක්?? මොකෝ අර සැටලයිට් වහන්තරාවට රජකමවත් ලැබිලද??

චැහ්! ඒ මොන රැජිණක් ද බං..! එයා නෙවෙයි..! අපේ එළිසබෙත් නෝනා ඉන්නේ බං අර එළිසබෙත් නෝනා..අර මේස් දාන කොට සුදු නෝනා..

ඔව් ඔව්..ඔය කියන්නේ අපේ මේ එළිසබෙත් මහ රැජිණි නේ!! 

ඔව් බං...ආං එයැයිගේ පුතා ඉන්නේ චාර්ලිස්..

චාල්ස් චාල්ස්! චාර්ලිස් නෙවෙයි අනේ චාල්ස්! මොකද්ද අනේ පොෂ් විදියට කියන්නකෝ ගොඩයෙක් වගේ නැතුව..!

හරි හරි..ආං එයාගේ පුතා ඉන්නේ විලියොං..

ආයෙත් කියනවා..! විලියම් අනේ විලියොං නෙවෙයි..!

හරි හරී..විලියෙං ඇඹරෙන විලියොංට දුවක් ලැබිලා ලු නේ?

ඔව් ඉතින්?

දැන් ඉතින් ඔහේ යන්නෙ නැත දූ බලන්න?

මම? අර මොනාටද මම යන්නේ??

එහෙම කියන්න එපා හාමිනේ..ඔහෙත් යන්න ඕන..ඔය මූණුපොතේ සේරෝම ගෑණු කිරි අම්මලා වෙලා එහේ යන්ට සූජානම් වෙන එකේ..ඔය මක්කා හරි සබන් කෑල්ලක් ඇඳුමක් කැඩුමක් ලෑස්ති කොරන් ඔහෙත් ගිහින් එන්න ඕන නෙව...

පිස්සු අනේ ඔයාට..

ඉතිං ඕකනේ යෝදියේ බොලා එක්ක බැරි..! බලහන් දැන් ඔය මූණුපොතට අද මම එබිච්චි කම්මැලිකමක් හිතිලා..හැම එකීම බොහොම සන්තෝසෙන් පින්තූරූ පල කොරලා තියෙනවා..දැන් අපේ සිරී මහත්තයා ජාත්‍යන්තරෙත් එකසේසත් කොරපු වෙලාව වෙච්චි..ඔයි වගේ වැදගත් අවස්ථාවක් මග අරින එක හොඳ නෑ නෙව..! 

එයාලා ඉතින් ළිඳේ පැන්නා කියලා මම ළිඳේ පනින්න ඕනද අනේ..ඔයාටත් විකාර!

නෑ නෑ හාමිනේ එහෙම නෙවෙයි..ම්ම්..කලබල නොවී මේං මෙහෙන් ඈඳි ගනින්කෝ මම කාරණේ පහදලා දෙන්න...දැන් මෙහෙමනේ හාමිනේ..ලංකාව දැන් ඇවිත් ලෝකෙන් උතුම්ම රට වෙච්චි, මිනී මරගත්තු රටවල් සේරම අපේ හුටං සිරී මහත්තය එක්තැන් කොරා වෙච්චි, දූපත් මානසිකත්වයද මක්කද කියන එකෙන් අපි නිදහස් වෙච්චි, ඉතින් අපිට කියලත් යුතුකමක් තියෙනවා නෙව ඔය දූ සිඟිත්තට සුභ පතන්න...ආයේ නිකං කියලයැ..!ඒකිගේ ආච්චි එංගලන්තේ මහ රැජිණි වෙච්චි, අපේ සිරී මහත්තයට මේසුත් ගලවලා අත දුන්න ගෑණි වෙච්චි, ලේසි පහසු පවුලක්යැ හාමිනේ..උන්දැගේ මිණිපිරීට සුබ පතන එක අපටත් නම්බුවක් නෙව..! නැද්ද මං අහන්නේ...දැන් බලන්න හාමිනේ..ඔය ගෑණු කෙලීට නමකුත් යෝජනා කරලය කියන්නේ...

නමක් යෝජනා කරලා?

නැතුව! ඔහේ දන්නේ නැත?? හයියෝ හාමිනේ! රැජිණිගේ මිණිපිරීට ඩයනා කියන්නෙයි කියලා ලොකු හා හූවක් යනවා ඔය මූණුපොතේ..

පිස්සු අනේ ඔයාට!

පිස්සු!! හහ්! පිස්සු නෙවෙයි හාමිනේ..කොල්ලෝ ඕං ඔය තැම්බ ගෙනෙන් මෙහෙට..ඕකේ ඔය මූණුපොත පෙරලල දියන් මේ හාමිනේට බලන්න..
මේ බලන්න හාමිනේ..මේ දැක්කයි..? දැක්කයි..?
ආන්න ඒක තමයි මම මේ කියන්නේ...ඔහේට යන්න බැරිනම් අඩුමගාණේ පින්තූරයක්වත් දාන්න ඕන නෙව..

දැන් ඔයාම නේද පහුගිය කාලේ කිව්වේ රජ පෙළපත් ඉවරය, දැන් රජුන් තනන්නේ නැතිය, අපි කාගේවත් වාල්ලු නෙවෙයිය කියලා?? ඔයාගෙත් විගඩං අනේ!

නෑ නෑ හාමිනේ...රජවරු මක්කටද ලංකාවට...එංගලන්තේ එහෙම නෙවෙයි නෙව..එහෙට රැජිණි කොරපු හරිය වෙන එක බල්ලෙක් කොරලා තියෙනවද මං අහන්නේ..ඔය ඔක්කෝටම වඩා අපි උන්දැලාගේ යටත් විජිත කාලේ..ඈ..වැරදි වැරදි හරි ඇටි කුකුල්ලු ගොළුබෙල්ලෝ කන්නා හේ ආයුධ උරුක් කොරන් කන්න කියලා දුන්නේ කවුද? මං අහන්නේ කවුද කියමුකො බලන්න...දැන් අපේ ඔය කෙරී උන්නැහේත් මෙහෙ ආව එකේ ඒ ගුණේටවත් ගොහිං එන්න වටිනවා හාමිනේ..මං කියනවට ඔහේ කල්පනා කොරලා බලන්ටකෝ...




පසු සටහන:
මූණුපොතට එබිච්චි ගමයා මං වෙච්චි..මුළු පොතේම මිඩ්ල්ටන් කෙල්ල රෝස කැටියෙක් තුරුලු කරගත්ත පින්තූරු වෙච්චි..අපේ සමහර අම්මණ්ඩිලා හෑශ් ටැග් එල්ලාගෙන ප්‍රීති සමරනවා වෙච්චි...ඒවා දැකලා මටම හිනා වෙච්චි..

කවුද බං කාලෙකට කලින් කාටද වහල්ලු කියපි! 
එහෙම එව්වොන්ගේ මෙව්ව දැකලා කිරි අප්පට බල්ලෝ පැනපි!
උන් ළමයි වදනකොට මෙහෙ උන්ට විලිරුදා ඇතිවෙච්චි..!
කමක් නෑ ඒ අපේ මහ රැජිණි වෙච්චි!

සාදු සාදු සාදු!!


විශේෂ:
ගමයාගේ චරිතයට ජෝ අබේවික්‍රමයන් මවාගන්න.මම කළේ එහෙමයි..අන්න නළුවෝ! 

හිනා යන්නේ වෙන මුකුත් හින්දා හෙම නෙවෙයි ආයිබොවං..රජවරුන්ට පට්ට පඳුරු යන්න බැණපු උන්දැලත් එංගලන්තේ මහරැජිණිට යන කඩේ යාම දැකලා..කවුරු මොනවා කිව්වත් මම බයියෙක් තමයි..හැබැයි මම කවදාවත් මහින්දට රජෙක් කිව්වේත් නෑ කියන්නෙත් නෑ..!! දූපත් මානසිකත්වය කියලා අනික් උන්ට හිනාවෙන උන්ගේ වාල්ගතිය දැකලා ඉස්මුරුත්තාවයි බං..

අනික් හිනා යන කාරණේ ලංකාවේ දුෂ්කර ජීවිතයක් ගෙවන දරුවෙක්ට පොතකින් පතකින්වත් පිහිට වෙන්න නොහිතන, වචනයකින්වත් කරුණාවක් නොදක්වන පොෂ් ඈයෝ (එයාලා එහෙමයි එයාල ගැන හිතන්නේ) කේට්ගේ දෝණි ගැන ඇතිකොරන් තියෙන දාරක ස්නේහය! අනේ වාසනාවන් මෙහෙම කිරි මව්වරු පියවරු! 

38 comments:

  1. හපොයි දෙයියනේ උඩ පැනලා දුන්න කනේ පාරක් වගේ දැනිච්චි

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..වත්සලා මට කොටා කිව්වා නේද? :P

      Delete
  2. හපොයි දෙයියනේ උඩ පැනලා දුන්න කනේ පාරක් වගේ දැනිච්චි

    ReplyDelete
  3. "හ්ම්ම්ම්... කාගෙ උනත් දරුවෙක් නෙ.. මෙන්න මේ ශත විශිපා තියාගෙන්ඩ"
    '"සා".... හරි ශෝක්.. මම හෙටත් එන්නාං..'
    (දන්නෝ දනිති.)

    ReplyDelete
    Replies
    1. ශත විසිපහට හෙටත් එන එකක් නෑ බං දැන් හැදෙන එව්වෝ..උඹ අර ඉන්න මායිම් ගම්මානේ නම් ඕවා කරන්න යන්න එපා..:P :P

      Delete
  4. හුටන් තුමා ඔය පොඩ්ඩිව බලන්න ගියොත් පොඩ්ඩි තමන් ඇඳන් ඉන්න ඩයිපර් එක ගලවලා හුටන් ට අත දේවි නේද??


    මීට සර ස තුමා....

    ReplyDelete
    Replies
    1. හැහ්! නැතුව..එතකොට සිරී ඇවිත් අපිට කියයි බලන්න මම පුංචි කුමාරී බලන්න ගියාම ඩයපර් එක ගලවලා අතට දීල මාව පිළිගත්තේ..
      එතකොට සිරීගේ ජනමාජ්ජ කුක්කෝ කියයි ඩයපර් එකක් ගලවලා අතට දෙනවා කියන්නේ ඒ රටේ කරන්න පුළුවන් උපරිම ගෞරවය කියලා..:D

      Delete
  5. //හිනා යන්නේ වෙන මුකුත් හින්දා හෙම නෙවෙයි ආයිබොවං..රජවරුන්ට පට්ට පඳුරු යන්න බැණපු උන්දැලත් එංගලන්තේ මහරැජිණිට යන කඩේ යාම දැකලා..//

    ඒකත් හරියට අර පුත්තලම් සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පදින්චි, මනෝ කායෙන් කොලොම්බියන්ස් ලා වෙන්න උත්සාහ කරන, සින්හල බොග් අවකාසේ වෙන්ඩ පොශ් පොරවල් ලා ලබන මැතිවරනෙදී කොලඹ දිස්තික්කෙන් තරඟ කරන විමල් ට සහ ගම්මන්පිලට චන්දෙ දෙන්නේ නැහැ කියනවා වගේ කතාවක්....


    මීට සර ස තුමා....

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්..!
      එහෙමත් එකක්ද? :D :D :D

      Delete
  6. ඔය පොෂ් පැලැන්තිය හිතෙන් ජීවත් වෙන්නෙත් එංගලන්තේ. උන්ට උන්ගේ කලින් පරම්පරාවල අය අල බතල කාපු හැටි මතක් වෙනකොටත් හෙන ලැජ්ජාවක් ඇතිවෙනව.

    ReplyDelete
    Replies
    1. අජිත්.. උන් පොශ් නෙවෙයි... වෙන්ඩ පොශ්!!

      Delete
    2. Ajith +++++++++++++++++++++
      කියලා වැඩක් නෑ..ගම් වහරේ ඕකට හොඳ කතාවක් කියනවා..අලි පු*න් වැටිලා වගේ කියලා...ලොල්! :D

      Delete
    3. //ආයෙත් කියනවා..! විලියම් අනේ විලියොං නෙවෙයි..!//

      අද ටොයියන් යයි සිතන් ඉන්නේ කොච්චර ඩොටේ රැලක්ද කියා සිතේ.

      මම පත්තරේ ගන්න ගිය විට එතනට ඉතා අපිරිසිදු ඇඳුම් ඇඳි, මාස ගනනකින් මූන සෝදා නැති,දත් වත් මැද නොමැති පෙනුමක් ඇති අයෙක් පැමිණ, ලංකාදීප පත්තරේ රැගෙන, මුදලාලිට ( මුදලාලි යහපාලන පොයියෙකි ) මෙසේ කීවේය.'' අපෝ මේ බයියො හොරා කාලා,කාලා, තවත් එනවනේ. අපි වගේ ටොයියො ඉන්න කං ඕවා හරි යන්නෙ නැහැ.''

      Delete
    4. හැක් හැක් හැක්!
      ඇයි තව සැට් එකක් ඉන්නවා පොත්ත රතුවූ පළියට ටොයියෝය පොෂ් වන්නාහුය කියලා නවගුණ වැල අඹරන..:D :D

      Delete
  7. අනේ පව්................. මාර පවක් කරපු දරුවෙක්......... ඔය නරකාදියෙන් ගැලවෙන්න පිං ලැබේවා කියලා පතනවා.......

    ReplyDelete
    Replies
    1. ෂ්!!! අපොයි කුරුට්ටෝ ඔය කෙලී ගැන ඔහොම මක්කාවත් දොඩනවා නෙවෙයි ඕං..! ජාතියේ කිරිමව්වරු පියවරු උඹලව කෝටු මස් කොරාවි..:D

      Delete
  8. මටත් තියන ප්‍රශ්නයක් ඕක. මමනම් පොදුවෙ රජවරුන්ට විරුද්ධයි. නමුත් මෙහෙ රජාලට විරුද්ධ සමහර එවුන් එංගලන්තෙ වැඩවසම්වාදෙට මාර සරෙන්ඩර්. ඒව රෝයල් මැනස් ලු.
    ඇත්ත කතාව මුන් වහල්ලුන්ගෙත් වහල්ලු. එලිසබෙත් ලගෙ චාරලිස් ලගෙ විලියොන් ලගෙ වහල්ලුනෙ සුද්දො. ලංකාවෙ ඔය වෙන්ඩ පොෂ් එවුන් සුද්දන්ගෙත් වහල්ලු.
    ඒ කියන්නෙ වහල්ලුන්ගෙත් වහල්ලු.

    ReplyDelete
    Replies
    1. බුකියෙ යහපාලනේට කඩේ ගිය අය අළුත උපන් චාලට් කුමරියට දණ්ඩ නමස්කාර කරන හැටි දැකල අනේ අපොයි කියවුනා. මෙහෙමත් නීච වහල්ලු. යූඇන්පී අරහෙ යූඇන්පී මෙහෙ කිය කිය ප්‍රොෆයිල් වලින් මහින්දට ඒ කාලෙ බැන්නෙ මාර නූතනවාදීන් වගෙ. දැන් උන් චාලට් කුමරියට යාඥා කරන හැටි බුකියෙ ලස්සනට පේනව. චාලට් කුමරියගෙ හරිත වර්ණ බලුගැත්තන්ගෙ වර්ණනා අහනකොට අපට හිතෙන්නෙ දරු උපතක් මීට ඉස්සර වෙලාම නෑ වගෙ.

      අපේ ගම්වල ඉන්න , එලිසබෙත් වින්ඩ්සර් ගෙ යූඇන්පී බලුගැත්තො මාර භක්තියෙන් කතා කරන්නෙ. උන්ගෙ මූණු වල ඉදන් දෙපතුලටම දීන යටත්බව වැගිරෙනවා. අපේ මහරැජිනට මිණිපිරියක් කියල උන් ට සන්තෝසෙ ඉහවහ ගිහින්
      එංගලන්තෙ පැත්තට හැරිල නමස්කාරකරනව එක විජ්ජුම්බරයයි.

      Delete
    2. //ඇත්ත කතාව මුන් වහල්ලුන්ගෙත් වහල්ලු. එලිසබෙත් ලගෙ චාරලිස් ලගෙ විලියොන් ලගෙ වහල්ලුනෙ සුද්දො. ලංකාවෙ ඔය වෙන්ඩ පොෂ් එවුන් සුද්දන්ගෙත් වහල්ලු.
      ඒ කියන්නෙ වහල්ලුන්ගෙත් වහල්ලු.//++++++++++++++

      කියලා වැඩක් නෑ..මම හිතන්නේ ලෝකේ පළවෙනි වතාවට දරු උපතක් සිද්ධ වුණේ.ඒකනේ මේ එහෙයියෝ ටික මෙච්චර මැරෙන්න හදන්නේ..ඇයි තව සමහරු ඉන්නවා ලංකාවේ ඉතිහාසයේ එන රාජ වංශයත් හෙලා දකින නමුත් බ්‍රිතාන්‍ය කිරීටයට තාම දණ නවන..! වහල්ලු නෙවෙයි මුං මහා අන්ත බලු ගැත්තෝ ටිකක්..! කතාව දෝලාවෙන් ගමන පයින්!

      Delete
  9. කෝ බං අර අයදුම්පත් කැඳවාපු හින්දි පිචෑර් එක?

    ReplyDelete
    Replies
    1. කතා කොරලා වැඩක් නෑ බස්සියේ.... ඔක්කොම සල්ලි යටිමඩි ගහල..... හුහ්.... අපේ චරිත ටිකත් හොරකම් කරලා.... දැන් ළමයි ඉපදිච්ච එව්වා කියල අපිව නලවන්න එනවා.

      Delete
    2. හැක් කියලා වැඩක් නෑ.. මුං හොදයි පාර්ලිමේතු යවන්න..

      ඈ බොල.. කෝ මම කලින් දාපු කමෙන්ට් එක..

      Delete
    3. බස්සි..හිටුකෝ ඉවසලා ටිකක්..පිචෑර් හදන්න ලේසි පහසු යැ හිටං! :P

      Delete
    4. උපේක්ෂා: හහ්! නෑ බං දැන් යටිමඩි ගහන්නේ නෑ ඩිරෙක්ට් මහ බැංකුව හරහා ගහන්න ට්‍රයි කළා ඒක බැරිවෙච්චි නිසා පිචෑර් එක හදන්න ගන්නවා ලබන සතියේ විතර.. :P

      Delete
    5. දිනේෂ්: මොකද්ද බං කලින් කමෙන්ට් එක?එහෙම එකක් නෑ නේ! :O
      පාර්ලිමේන්තුව නම් මොකද්ද අනේ අපිට :P

      Delete
  10. ඒයි බයි තනිච්චි.. උඹ අපේ විලියම් සර්ගේ දෝණියැන්දට නේද මේ කඩප්පුලි කතා කියන්නේ. හිටු මං ටෝව අපේ එළිසබෙත් මැඩම්ට අල්ලලා දෙන්න.. මීට මීට කිං ජෝර්ජ් මුදියන්සේලාගේ කිරි ටොයියා. හැක්.

    ReplyDelete
    Replies
    1. හික් හික්!! පස්වාන් දාසකට බුදුවන්ඩ අවසර දේවයන්වහන්ස, ගැත්තාට කමා කොට මා එංගලන්තයට පිටුවාල් කළ මැන.උන්දෑගේ මේස් ලූ අත සිඹ පව් කමා කරවා ගන්ට! :P :P

      Delete
  11. //අනික් හිනා යන කාරණේ ලංකාවේ දුෂ්කර ජීවිතයක් ගෙවන දරුවෙක්ට පොතකින් පතකින්වත් පිහිට වෙන්න නොහිතන, වචනයකින්වත් කරුණාවක් නොදක්වන පොෂ් ඈයෝ (එයාලා එහෙමයි එයාල ගැන හිතන්නේ) කේට්ගේ දෝණි ගැන ඇතිකොරන් තියෙන දාරක ස්නේහය! අනේ වාසනාවන් මෙහෙම කිරි මව්වරු පියවරු! //

    එංගලන්තේ රැජිණ ගේ මී මිනිපිරී නේ. හපොයි, අපේ ලන්කාවෙ වෙන්ඩ පොශ් ටොයියිලාට කිරි එරන්ඩ ඕනේ. ලන්කාවෙ නාවර පිරිච්ච කලු කොල්ලෝ,කෙල්ලෝ වගේද?

    ReplyDelete
    Replies
    1. //එංගලන්තේ රැජිණ ගේ මී මිනිපිරී නේ. හපොයි, අපේ ලන්කාවෙ වෙන්ඩ පොශ් ටොයියිලාට කිරි එරන්ඩ ඕනේ. ලන්කාවෙ නාවර පිරිච්ච කලු කොල්ලෝ,කෙල්ලෝ වගේද?// +++++++++++++ :D :D :D

      Delete
  12. මාරයාගේ හෝරාවේ මා දැමූ කොමෙන්ටුව.
    //සාමාන්‍ය මධ්‍යම පන්තියෙන් බිහි වූවද ඒ පිළිබඳ ඇති අතෘප්තිය නිසා, තමන් පොශ් අය ලෙස පෙන්වා සිටීමට ඇති කැමැත්ත කරණ කොට ගෙන,තමන් පොශ් බව පෙන්වීම පිණීස, උත්සාහ කරන්නේ පහත සඳහන් කාරණා වලිනි.
    1. ශිෂ්‍යත්වෙන් සමත් වී ගිය අගනුවර පාසලේ නමේ එල්ලී පොශ් වීම.
    2.ලබා ගත් උපාධියෙ එල්ලී පොශ් වීම.
    3.අමාරුවෙන්බටහිර රටක පදිංචියට ගොස් එහි පම්පෝරිය ගසා පොශ් වීම.

    එසේ පොශ් වූයෙම් යැයි ආත්ම තෘප්තියට පත්ව, අනතුරුව, එම පොශ් කම ප්‍රකාශයට පත් කෙරෙන ක්‍රම වේදය මෙසේය.අද වන විට සිංහල බ්ලොග්ලෝකය තමන්ගේ ප්‍රවේණි බූදලය ලෙස සලකමින්,කඩ ගසා ගෙන

    1. බුද්ධාගමට පහර ගැසීම
    2.දේශීයත්වයට පහර ගැසීම
    3. මෙරටේ සිටින්නවුන් ගෝත්‍රික යයි ගර්හා කිරීම
    5. යූ ඇන් පී ය පොශ් අයගේ පක්ශය යයි සිතා, තමනුත් යූ ඇන් පී බව කීම.

    මෙවන් පොශ් පොයියන් ගේ කිසිවෙකුත් හමුදාවට යන්නේ නැත.යුද්ධයක් ආවත්, නාවත් උන්ට කමක් නැත.
    ඉතින් මාරයෝ, එව්න් යුද්ධ කාලයක් යලි ආවත් මොකද?//

    ලංකාවේ අසරන දරුවන්ට එක කොපි පොතක් අරන් නොදෙන්න සිතීමත්,රැජිනගේ මී මිණිපිරී ට උඩ පැනලා සුබ පැතීමත් පොශ් භාවයේ සලකුණු බව එහි ලියන්නට අමතක වුණා.

    ReplyDelete
    Replies
    1. ගයාත්‍රී : සුපිරි!!
      ඔය සඳහා උදාහරණ සුලබයිනේ සයිබරේ..මට හිනා යනවා මේක කියවද්දි..නියම විග්‍රහයක්! :)

      Delete
  13. යකොඩෝ මෙන්න මුන්දට නහුතෙට නැගල.. බුකියෙ ඔව්වට වැඩිය දැක්කම ලේ නටන දේවල් කොයිතරම් තියනවද බං... ඔන්නොහෙ නිකං හිටහන්...

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ බං..තරහ නෙවෙයි උපහාසේ නහුතෙට නැගලා..ඔව් බං ලේ නම් නටන ඒවා පෙනිපෙනිත් ඇටිකෙහෙල් කෑ උගුඩුවෝ ඉන්නවා උඩ බලන්..මේක නම් පට්ට සාටර්..මොකද කිව්වොත් පහුගිය කාලේ දුටුගැමුණුටත් කතා කිව්ව උන් රැජිණිගේ මී මිණිපිරීව සෙලිබ්‍රේට් කරන හැටියේ තියෙන දීනගතිය නිසා...දකින එව්වට හිනාවෙලාම හිටං මම හිටං..:D

      Delete
  14. Replies
    1. ස්තූතියි අජිත් අයියේ :)

      Delete
  15. ඇයි බොල උඹට අමතක වුනාද ඩයනා මැරිච්ච වෙලාවේ තමුන්ගේ ගෑනි මැරුණා වගේ අඬපු එවුන් ඉන්න රටක්නේ බං මේක, ස්ටීව් ජොබ්ස් මළාම බාප්පා මලා වගේ හිටපු, මිනිස්සුනේ ඕයි මේකේ ඉන්නේ ...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං..ලුන්ට මූසුත් නෙවෙයි වෙන මොකද්ද..
      ලංකාවේ ඉතිහාසයට ගරහන උන් එංගලන්තේ ඉතිහාසයටයි අවලංගු කාසි වගේ ඉන්න රජ පවුලටයි දොහොත් මුදුන් දීල හතර ගාතේ දාලා වැටිලා වඳින්නේ හරියට ලෝකේ මැවුම්කාර දෙයියෝ උන් වගේ..දීන ගතිය මිසක් වෙන මොකද්ද..

      Delete