Monday, September 14, 2015

Coming Soon..

හරි එහෙනම් තනියා නැවතත් කරළියේ කිව්වලු.

අර කාලාන්තරේකට කලින් මම පිචෑර් එකක් කොරන්න පොරොන්දු වෙලා  අයදුම්පත්‍රත් කැඳෙව්වා කට්ටියට මතක ඇති නේ? ඒත් ඉතින් මැක්‍රෝ එන්වයර්මන්ට් එකේ කචල් නිසා වැඩේ කල් ගියා.දැන් ඉතින් මැක්‍රෝවට වඩා මයික්‍රෝව ලොකු කරගන්න ඕන කියලා හිතිච්ච එකේ මම හිතුව පිචෑර් එකේ වැඩ පටන් ගන්න.සුපුරුදු ලෙස මේක බොලිවුඩ් ස්ටයිල් වේවි.ගිය සැරේ දිල් පීචං ක්‍යා හේ වගේ එක සීරුවට ලියන්න නම් ඉඩක් ලැබේවිද කියන්න අමාරුයි.ඒත් පුළුවන් පුළුවන් විදියට මේකත් ලියන්නයි හිතන් ඉන්නේ. :)

කොහොමෙන් කොහොමහරි මේක ස්වතන්ත්‍ර නිර්මාණයකට වැඩිය හොලිවුඩ් පිචෑර් එකක් අනුසාරයෙන් කරන එකක් වෙයි.මොකද ගිය සැරේ ස්වතන්ත්‍ර එකක් කලාට සමහරුන්ට ඒක දැනුණේ එක එක ඒවයේ කොටස් අරන් කලා වගේද කියලා හිතුණ නිසා.දිල් පීචං ක්‍යාහේ හැබැයි වැඩිපුරම උපහාසයට බරව කෙරුව නිර්මාණයක්.(කවුද පළවෙනි එකෙන්ම ගොඩ යන්නේ නැද්ද මං අහන්නේ?) 

ඉතින් මේ හොලිවුඩ් පිචෑර් එක ඇවිල්ලා The Wedding Ringer කියන ප්‍රහසනය.මේක බලද්දි හිතට ආව අදහස් ටිකක් නිසා තමයි ඒකේ බොලිවුඩ් රිමේක් එකක් කරන්න කියල හිතුණේ.හැබැයි ලොකු අභියෝගයක් වෙයි යම් යම් දේවල් යම් සීමාවක ඉඳන් ලියන එක.(බලපු අය දන්නවා ඇතිනේ) :D සමහරවිට දැනටම එහෙම එකක් කෙරිලා තියෙන්නත් පුළුවන්.එහෙම වුණොත් නම් ඉතින් සොරි කියලා තමා කියන්න තියෙන්නේ මොකද ඉතින් මේවා ඇත්ත එව්වා වෙන්න බෑ නේ.

එහෙනම් ඉතින් බලමු නේ?





24 comments:

  1. පන්ති කට් කරලා මාතර-නිව් සිනමා එකෙන් අරකට්ටියට විතරයි ෆිල්ම් බලන කාලේ මටත් ෆිල්ම් එකක් කරන්න හිතුනා..
    රයිට් දැම්මම ට්කට් ටික බුක් කරලා තියාගන්නම්.. ලියමු එලකිරියටම...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොට ඉතින් වල් විදානේ කියලා තියෙන්නේ නිකමටද ඉතින්..:P :P
      එලස්! ඉක්මණට ලියන්නයි බලාපොරොත්තුව..
      ජය වේවා..!

      ප.ලි: එහෙම එකක් හරි කමක් නෑ දැන්වත් ලියලා අර බ්ලොගේ දැකුළු මල් කැඩුවා නම් විදානේ..;)

      Delete
    2. http://cvpsur.blogspot.com/2015/09/blog-post.html#comment-form

      මකුළුදැල් කඩා ඇත..

      Delete
    3. මග හැරුණු පෝස්ට් එකක් මචං..ඔන්න බැලුවා...:D

      Delete
  2. හොලිවුඩ් සීන් එකක් නම් ඉතිං නළුවා මම ඇර වෙන කවුද? හැක්....
    නංගි කිරි හට්ටියකුයි පනිමුලකුයි අරං ගෙවල් පැත්තේ එන්නද?... පිස්සුද අල්ලස් නෙවෙයි මේ හිත මිත්‍ර කමට ...
    ගුඩ් නයිට් මැඩම්.... (අපි හොඳ හැදිච්ච මිනිස්සු , ගරු නම්බු දීලා කතා කොරන්නේ අම්මප )

    ReplyDelete
    Replies
    1. මම කිරි පැණි කන්නේ නෑ බං කාලම එපා වෙලා..උඹ එනවා නම් අරන් වරෙන් ඩාක් චොක්ලට් කේක් එකක්..හික් හික්..අල්ලසේකට නෙවෙයි නිකන් අර උඹට අප්සට් නිසා හිස් අතින් එන්න..:P
      ඔව් ඔව් මේකේ ඉතින් ප්‍රධාන නළුවා උඹ තමා..අපි පොරොන්දු ඉටුකරන මිනිස්සු, සංවර්ධන වාසනාව වගේ..(හැබැයි කට් නොකර ෂූටිං වර!) :D

      Delete
    2. /හොලිවුඩ් සීන් එකක් නම් ඉතිං නළුවා මම ඇර වෙන කවුද? /
      ඔව් මචෝ මං ඒ වගේ සීන් එකක් තියෙන එකක් කරනවා උඹ ගන්නං ප්‍රදාන මෙව්වා එකට ඡඡඡ

      Delete
    3. හා හා විදානේ...උඹට වගකියන්න වෙයි ඕවට ;) :D

      Delete
  3. මේකප් ආටිස්.. එතකොට අර කෑලි වල ඉන්න බඩියා වගේ ඒවා කව්දෑ කොරන්නෙ??
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නේ ගස් උඹ කැමති මේකප් ආටිස් වෙන්නද නැත්නම් රඟපාන්නද? මොකද මේකට සහය නලුවොම හතක් ඕනේ..

      Delete
  4. ඒ පිච්චර් එකත් බලලා මමත් එකක් හදන්නයි ඉන්නෙ. ඊට කලින් මාවත් ගංකො ඔය මොකක්කහරි කෑල්ලකට. නැත්නම් පික්චර් එක බලන්න එන එවුන්න් උසිගන්නලා පින්තූරෙ අල කරනවා හරිද?

    ReplyDelete
    Replies
    1. හෑ..ඔන්න ඔන්න උඹ ඉතින් පුදනකොටම කාපි යකා කියලා කොපි එහෙම ගහනවා නෙවේ "මහරජ අජාසත්"ට වුණා වගේ..සුනිල් ටීට නම් ලක්ෂ 100ක් තිබ්බලු පිචෑර් එක කරන්න මට නම් එහෙමත් නෑ..සහය නලු චරිතය දෙන්නම්? :P

      Delete
  5. මුං අපිට රඟපාන්න චෑන්ස් එකක් දෙනවා කියලා මාරු උනා කියලා හිතාගෙන හිටියේ.. හා හා බලමුකෝ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. චැහ්! එහෙම කැත වැඩ කරනවද අපි :D

      Delete
  6. ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. තාම නෑ..බණ්ඩා කැමති නම් ප්‍රොඩියුසර් වෙන්න පුළුවන්..මොකෝ කියන්නේ?

      Delete
  7. ඈ බොලේ....
    ඔන්න නමෝ විත්තියෙම්ම මම අලුත් මෝස්තරේට කොන්ඩෙත් කපාගත්තා එහෙනං ඈ... මම නේද ප්‍රධාන නිළිය??? හිටින්කෝ මම ආයෙමත් ෆේෂල් එකක් දාගෙනම ඇවිත් කොමෙන්ටුවක් ගහන්න!

    මේ.... දැන් කවද්ද වෙඩි තැබීම? ( shooting ?)

    ReplyDelete
    Replies
    1. අම්මට සිලි මේකිවනම් ප්‍රධාන් නිලියට ගන්න එපා. හම්මේ ..බුදු අම්මේ .....

      යකෝ මේ තනියගේ ෆිල්ම් එකත් හරියට සිරිපාල මාමගේ කැබිනෙට්ටුව වගේනේ , හැම එකාටම මොකක් හරි දෙනවා

      Delete
    2. උපේක්ෂා : එළ !! නොකිව්වත් උඹව තමා ගන්න හිටියේ..මං ඒත් බැලුවා උඹ කොහේ චුත වෙලාද කියලා..කොණ්ඩේත් කපන් ෆේෂල් එකත් දාං අනිද්දා උදේම වරෙං එහෙනම් :D

      Delete
    3. ඉවාන් පවුලූෂා හෙවත් ප්‍රධාන නළු බට්ටා:
      //යකෝ මේ තනියගේ ෆිල්ම් එකත් හරියට සිරිපාල මාමගේ කැබිනෙට්ටුව වගේනේ , හැම එකාටම මොකක් හරි දෙනවා// හහ්! නැතුව පුළුවන්ද යකෝ මේකේ බව්මික් අණ්ඩවාතේ මේන්ටේන් කොරන්න?? :P
      උඹ පැහෙන්නේ නැතුව දෙබස් ටික පාඩම් කරගං අපේ දෙබස් ලෑලි උස්සන කොලුවත් නැතිවෙච්චි එකේ..:P

      Delete
  8. මම පරක්කුද නෑ නේද ..දුවල දුවල එන්නම් අනේ මටත් චරිතයක් ඕන

    ReplyDelete
    Replies
    1. එළ...ෆිලුමේ ෂූටිං පටන් ගනිද්දි දෙන්නම්කෝ...

      Delete
  9. මටත් ඕනෙ කෑල්ලක්...අන්තිම එඩිට් එකේදි කැපිල යන් නැති!

    ReplyDelete
    Replies
    1. දෙන්නම් ඩ්‍රැකී..පිශ්ශුද මේ චිත්‍රපටිය බෝඩ් එකට දාන්නේ නෑ හොර පාරෙන් හෝල්ගත කෙරෙනවා..දැම්මත් අවුලක් නෑ බෝඩ් එකේ උන්ට කොක්ටේල් එකකට ඉන්වයිට් කලාම නිකන්ම පාස් වෙනවා..ඒ නිසා චරිතේ කැපෙන්නේ නෑ...

      Delete