Saturday, September 5, 2015

රොටී ද? තෝසේ ද?

විභාගයට සතියක් ඇති නමුත් විපිරියාස ලෝකේ සිදුවන දෑ දකින කල විභාගයට යකාටම පලයැයි කියා ලියන්නට ආවෙමිය..

රට වැස්සාගේ පහන් සංවේගයේ තරම දිනපතා ප්‍රවෘත්තිවලින් බේරෙනා හැටියට නම් ඒ පෙරෙන්නේ රෙද්ද පල්ලෙන් නොවන බව කිව මනාය.පඹයෙක් රජවූ කල ඔයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බව යථාකාලයේ තථා අයුරින්වත් මුන්දැලා තේරුම් ගන්නවා නම් හොඳය.ඒත් දැනට වී ඇති හරිය නිසාමද කොහිදෝ සමහරක් යහපාලන ටොයියන්ගේ මුකපූට්ටු වී ඇති බව පෙනී යන්නේය.කුම්බලා මාළු කා පාහරා ගත නොහෙන තැන උන් සමහරක්ට දැන් පක්ෂ දේශපාලනයක් නැත, එක්කෝ විකල්ප දේශපාලනයට ගොහිල්ලාය එහෙමත් නැතිනම් ජාතියේ ගුද සාක්ෂියට එකතුවෙලාය. ඒත් කරුමය වනාහී ඒ තරම් ගුද සාක්ෂිය සාක්ෂාත් කරවන්නට ගොහිල්ලාත් ජවිපේ ඡන්ද ගණන හා මන්ත්‍රීධූර ගණන ගැන විලාප නගන එකය.ඒ හින්දාමද කොහෙදෝ සිරිසේන ගොයියා විලාප අනුරගේ කටට සූප්පුවක් ගසා විපක්ෂ සංවිධායකකමක් දී ඇත්තේය.


හොඳයි, සිරිසේන ගොයියා ආවේ ඒකාධිපතියෙකුට විරුද්ධව උන්දැගේම ගෙදරින් රෑටත් කාලා පහුවදා බව දැන් පිළුන් වෙච්චි කතාවක්ය.උන්දෑගේ දේශපාලන පරිණතභාවය කොයිතරම්ද කියතොත් ඔය කපුකම කලදා සිට චන්ද්‍රිකා හාමුගේ කෙවිටේ ආනුභාවයෙන් දක්වන ලදුවවත් දිවුරුම් දෙන අස්සේ වන්ෂොට් ගොන්ජාගෙන් උපදෙස් ලැබවත් තවම උන්දැගේ කිසිම ප්‍රගතියක් නැතිබව විටෙන් විට ජාතිය අමතා කරන මොන්ගල් ප්‍රකාශයන්ගෙන්ද ගන්නා බහුභූත තීරණවලින්ද පෙනී යන්නේය.

ඒකාධිපතිවාදයට විරුද්ධව ආ උන්දෑ නීතිය බල්ලාට දැමීම ගැන බොහෝමයක් යහපාලිතයෝ බොක්කෙන්ම සතුටුවූ බවට කිසිම සැකක් නැත්තේය.ඒ නිසාම උන්දැ කල කී දේ පෙර ලියා තිබෙන බැවින් නැවත නොලියන්නෙමිය.ඒ නමුත්, උන්දැ පක්ෂයට කළ වින්නැහිය මැතිවරණයට පෙර සිටම අපි දුටුවෙමුය.මම පාරම්පරික ශ්‍රීලනිපකාරයෙක් නොවන නමුත් උන්දෑට පාරම්පරික ශ්‍රීලනිපකාරයන් දුන් දෙස් නම් ප්‍රේමදාස මහත්තයා වාගේ කන්‍යාවියන් ලව්වා කිරිකළවලින් නාලාවත් ඇරගන්නට බැරිවන දවසක් එනු ඇත්තේය.ශ්‍රීලනිපයේ නිල නොවන හිමිකාරත්වය ඇත්තේ බණ්ඩාරනායක පවුල ලඟය යන මතය ඈත්වූ කාලයක් තිබූ බව උන්දෑ නැවත නැවතත් පාක්ෂිකයන්ට මතක් කරවා දුන් හැටිය අපි දුටුවෙමුය.දැන් ශ්‍රීලනිපය යනු නැවත බණ්ඩාරනායක බූදලයක් බව හාමුගේ ගැත්තා වූ සිරිසේන ගොයියා මනාව සාක්ෂාත් කොරවූයේය.හිටපු ලේකමෝ මැතිවරණයට දින දෙකක් තිබියදී අයින් කරවා ගැති ලැදි දුමින්ද සහ වර්ණපාල පත්කරවාලීමද (ඔය ලේකමෝ පන්නන සීන්කෝන් එක නම් උගත්තේ රනිල්ගෙන්ම විය යුතුය ) මධ්‍යම කාරක සභාව රැස් කරවා සියළු බලතල උන්දෑට පවරා ගන්නට ගත් උත්සහයද හරි හුරතල්ය..හිච්චි එකා පව්ය.ඒකාධිපතිත්වයක් ගෑවිලාවත් නැති කිරිසප්පයෙක්ය.!

දැන් ජාතික ආණ්ඩු දීගයකට ගොස් හමාර නිසා උන්දෑ කා එක්ක මක්කා කොරනවාද කියන එක පහුවදාය දැනගන්නට ලැබෙන්නේය.ඉස්සෙල්ලාම උන්දෑ දත කෑවේ මහින්ද අගමැති වීම වලක්වන්නටය.ඉතිහාසයේ පළමුවතාවට ජනාධිපතිවරයෙක් තම පක්ෂයේ සාමාජිකයෙක් පරාදවන බව කීමට ජාතිය ඇමතුවේය.මහින්ද සමග තවමත් වෛරයෙන් පසුවන වෛර රැජිනවත් උන්දෑගේ පාලනකාලය තුළ ඔවැනි මෝල් කතාවක් නොකළ බව කිව යුතුය.ඉන්පසු මහින්දට අගමැතිකම නොදෙන බව සුපුරුදු අඬෝවැඬියාවෙන් පසු සපථ කර සිටියේය.එයිනුත් නොනැවතී මහින්දට පෙම් හසුන් ද ලියා යැව්වේය.ඡන්දෙන් පසුව ශ්‍රීලනිපය පැරදීම ගැන උන්දෑට කිසිදු කණගාටුවක් තිබුණාද කියා පාක්ෂිකයෝ හොඳහැටි දැක්කෝය.එච්චර ඩෙඟක් නටලාත් එපා වාහේ කොහොමින් කොහොම හෝ පාර්ලිමේන්තු අසුන රැක ගැනීමය උන්දෑට ඇතිවූ බරපතල ගැටළුව.! ඒ නිසා දත කෑවේ මහින්ද විපක්ෂනායක වීම වලක්වන්නටය.ඒ හීනෙත් එළිවූයේ සම්බන්ධන්ගේ උකුලේදී බව අපි පසුව දැනගත්තෙමුය.සම්බන්ධන් වේට්ටිය ගසා ඇඳගෙන ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත පාලනයකට යමු කීම සිරිසේන ගොයියාට නොඇසුණේ හීනේ රහ කරමින් මනෝ ගසාගෙන හිටි නිසා විය යුතුය.



සම්බන්ධන් විපක්ෂනායකවීම කෙරුණේ කාගේ උවමනාවටද කෙරුණේ කොහොමද යන්න පියවි සිහියෙන් උන් ජනතාව දකින්නට ඇත්තේය.අර කෑ එක රී ගන්නට බැරිවුන් කියන්නේ "කරුණා උපසභාපතිවීම ගැන"ය.කරුණා රජයට භාරවනවිට ඌට ඊළමක් පොරොන්දු වුණේ නැත්තේය.යහපාලන හවුල්කාරයෙකුවන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාම ඒ බව ප්‍රසිද්ධියේ පිළිගත්තේ දින කීපයකට උඩදීය.උන්දෑ කීවේ කරුණා සිටියේ නිවාස අඩස්සියක බවය.එතකොට සම්බන්ධන් ඉන්නේ විපක්ෂනායක පුටුවේය.ඒත් ඊලමට කැසකවමින් මිස ඒකීය ශ්‍රී ලංකාවකට කැස කවමින් නොවේය.සම්බන්ධන් එදත් අදත් හෙටත් ඉලංකෛ තමිල් අරසු කච්චි මිසක් ජාතික ආණ්ඩුවේවත් යූඇන්පීවත් ශ්‍රීලනිපෙවත් ජවිපෙවත් නොවේය.කෙසඟ ඇඟ තර කරගන්නට, පවුල රට යවන්නට, ළමයි එංගලන්තේ යවන්නට ගෙම්බන් මෙන් පනිනා සිංහල දේශපාලුවෝ මෙන් උන්දෑ වේට්ටිය කරට ගෙන කොහෙවත් වැටෙන් පැන්නේ නැත, පනින්නේත් නැත.උන්දෑ ඉන්නේ වැට පිට පොටට තියාගෙනය.ඒ වැට පස්සට ඇද හැකිතරම් ඊලම ලොකු කරවාගන්නට මිස වෙන ලබුගෙඩියකට නොවේය.






ඒවා එහෙම වෙද්දි වැටුප් ප්‍රශ්නයක් කතාකරන්නට සංදේශයක් භාර දෙන්නට ආ ආබාධිත රණවිරුවන්ට සැලකූ අපූරුවද අපි දැක ගත්තෙමුය.ඒ ආබාධිතයෝය, මැදිවියේ අපේ දෙමාපියන් මේ කියවන ඔබ වැනි මිනිසුන්ය, තුරුණු වියේදීම ඇස් අත් පා අහිමිවූවන්ය.ඔවුන් ආබාධිත වූයේ හොරපොල් කඩන්නට ගොස් ගසෙන් වැටීමෙන් නොවේය! මිත්‍රයාගේ අම්මා සමඟ තණ්හා රතී රඟා බලන්නට ගොස් පොරෝ පාරක් කෑමෙන් නොවේය.!විස්කි මැඩම්ගේ හවුලට හාල් මිටක් දමන්නට යන්නට ජනේලයෙන් පැනලා නොවේය! නපුංසක පරපුරේ උන්ටත් දේදුනු පායනවා බලන්නට, මලක් ගසා හඳට යන්නට රටක් රැකදෙන්නට ඕනා නිසා මිස කොහේවත් කසනවාට උන් යුද්ධයකට ගියේ නැත.ගෙදර අඹු දරුවන් තනිකර මහළු දෙමව්පියන් තනිකර ආතල් ගන්නට උන් යුද්ධයට ගියේ නැත.

එහෙව් මිනිසුන්ට පොලිස් වැටවල් දමාගෙන ජල ප්‍රහාරක වාහන රොක්කරවාගෙන වලක්වන්නට උන් පිස්සු බල්ලන් මෙන් හැසිරුන කැම්පස් කොල්ලො කෙල්ලන් නොවේය.දුවා ගන්න තබා ඇවිදගන්නට බැරි, සිරිසේන ගොයියාගේ මුහුණ තියා තම දරු මල්ලෙකුගේ මුහුණක් බලාගන්නට නෙත් නැති, අනේකවිධ සංකූලතාවන්ගෙන් පෙලෙන වයසක සිටින ඔවුන්ට එහෙව්කොට සලකද්දී ඊලම එකම අරමුණ කොටගත් සම්බන්ධන් උකුලේ හොවා කිරි පොවන පඹරාජයෙක් ලැබීම ශ්‍රී ලංකාවේ වාසනාවක් බව ජවිපේ+පාඨලී නිල දෛවඥ ඉන්දික තොටවත්ත කියනු ඇතිද දන්නේ නැතිය.

ඉතින් සිංහලුනේ ඔහොම යමල්ලාය!
පුලුවන් නම් තවත් කටුස්සෙක් සොයාගෙන කරේ රත්තරං එල්ලපල්ලාය!
තවත් රෙද්දක් එලාගෙන ඒකටත් බෙදියල්ලාය!
තව තව කැකුණ තලපල්ලාය! හබනුන්ට මඟුලුත් කතා කරපල්ලාය!


21 comments:

  1. ඇත්ත ඇති සැටියෙන් කියා පෑමට ගත් උත්සහය ගැන සතුටුයි. නමුත් මේ සියළු මූසල පෙර නිමිති සිංහල ජාතියේ මලගමට පාර පෙන්නන සොහොන් ලකුනු වෙන්න කලින් අපට ජාතියක් හැටියට සංවිධානය ව්න්න වෙනවා. ඇත්තෙන්ම චන්දෙට කලිනුත් මේ සංවිධානය ඇතිවෙලා තිබුණා යම් තාක් දුරට. චන්දෙදි සියළු වාසි තිබුණේ මහින්දගේ නමට හා සන්ධානයට. සන්ධානය දිනන බවට තමයි වැඩි සාක්ෂි තිබුණේ. විවිධ සමීක්ෂණ වලිනුත් පෙන්නුම් කර තිබුණේ සන්ධානයට ආසන117ක් 120ක් පමණ ලැබෙන බව. වෙනත් දෙයක් තියා ඒක Sඉරිසේන මහත්තයත් පිළිගෙන තිබුණා. ඒකයි අන්තිම මොහොතේ පක්ෂ ලේකම්ලා අයින් කරලා මහින්දට ලියුම් ලියලා පාක්ෂිකයන්ගේ හිත් කඩන්න උත්සහ කළේ. ඒත් එහෙම උන පමණින් චන්ද අඩු වුනේ නෑ. සුනන්ද දේශප්‍රිය කියන සිංහල කොටියගේ සහෝදරයා වන මහින්ද දේශප්‍රිය චන්ද කොමසාරිස් ලවා ප්‍රතිඵලය තමන්ට ඕන විදිහට වෙනස් කරල කියෙවෙඋවා සිරිසේන. රනිල් කලින්ම පොලීසියේ නිලධාරීන් මාරු කළා චන්ද හොරකම ලේසි වෙන්න. චන්ද රාජකාරි කරන්නත් යූඇන්පී කාරයො දාගත්තා හැකි තරම්. මේ ඔක්කොම හොර වැඩ කරල තමයි එක්සත් ජාතික පක්ෂය යන්තම් ඉස්සරහට ආවේ. මෙතන සිංහලයගේ වරදක් නැත්තේ නෑ. තියෙන ලොකුම දේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මෝඩයො මහින්දගෙන් පලිගන්න ප්‍රභාකරන් එක්ක උනත් එකතු වෙන්න කැමතිකම. අනෙක අපේ එවුන් දෙකට බෙදාගෙන මරාගන්නේ පුද්ගලික උවමනා එපාකම් අනුව. නමුත් සුළුතර ජාතිවාදීන් මහ පක්ෂ වලට හේත්තු වෙන්නේ උන්ගේ බෙදුම්වාදී අරමුනු ඉටු කරගන්න. මෙතැන් ඉඳන් අපට මුහුන දෙන්න වෙන්නේ තවත් භයානක තත්වයකට. රනිල් තමන්ගේ උපරිම බලය යොදලා රටේ ජාතිකත්වය දුර්වල කර විජාතික නඩය ශක්තිමත් කරයි. ජනමාධ්‍ය තනතුරු දේශපාලනේ නීතිය ඇතුළු සියල්ල විජාතිකකරනය කරයි. ඒවට මුහුනදෙන්න විකල්ප වැඩ පිළිවෙලක් ඕන වෙනවා. චන්දයේදි මහින්ද ප්‍රමුඛ සන්ධානයට හැප්පෙන්න උනේ එක්සත් ජාතික පක්ෂය එක්ක නෙවෙයි තමන්ගෙම පක්ෂේ සිරිසේනයි චන්ද කොමසාරිස් කොටි දේශප්‍රියයි එක්ක. නැතුව එක්සත් ජාතික පක්ෂෙට පුලුවන් දෙයක් තිබුණේ නෑ. දැන් බලය අතට අරන් ජාතිකත්වයට හැම විනාසයම කරනව. එක්සත් ජාතික පක්ෂය දැන් බලන්නේ ජාතිකත්වයක් නැති අනාගත පරපුරක් හදා ගන්නකල් බලයේ ඉන්න. ඊටපස්සේ ඒ පරම්පරාව හරහා තමන්ගේ අරමුණු ඉටු කරගන්න. අපි දුර දිග බලල ජයගන්න ඕනේ ඔන්න ඔය අභියෝහය.

    ReplyDelete
    Replies
    1. අජිත් : වචනයක් වචනයක් පාසා එකඟයි..++++++++++++++++

      Delete
  2. බ්ලොග් එකේ ගොඩක් පෝස්ට් කියෙව්වේය
    දැන් ලංකාවේ දේශපාලනය කියන කෙහෙම්මල ගැන කතා කරලා වැඩක් නැත්තේය.
    හැම එකාම කරන්නේ ජනතාවගේ නම විකුණාගෙන තමන්ගේ මල්ල පුරෝ ගැනිල්ලය.
    දැන් කරන්න තියෙන එකම එක වැල යන පැත්තට මැස්සක් ගහගෙන පාඩුවේ ඉදිල්ල විතරක් බව තේරෙන්නේය.
    ඉතින් ඔහොම යමල්ලාය!
    පුලුවන් නම් තවත් කටුස්සෙක් සොයාගෙන කරේ රත්තරං එල්ලපල්ලාය!
    තවත් රෙද්දක් එලාගෙන ඒකටත් බෙදියල්ලාය!
    තව තව කැකුණ තලපල්ලාය! හබනුන්ට මඟුලුත් කතා කරපල්ලාය!
    සංස්කෘතිය වලපල්ලට ගියාවේ සදාචාරේ මක බෑවිල ගියාවේ
    සිංහලයට කෙලවෙලාම ගියාවේ අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නම් ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ...ඇත්ත තේරුම් ගැනීම ගැන..

      Delete
  3. අපේ විපක්ෂනායක තුමා.... ජයවේවා

    ReplyDelete
  4. රටේ මිනිස්සු රටේ ප්‍රශ්න බලාගනීවි.

    අපට වෙන්නෙත් හැමෝටම වෙන දේනෙ.
    ඔහෙ ඕන මගුලක් ඕන දෙයක් වෙද්දෙන් කියල ඉන්න එකයි තියෙන්නෙ බන් .

    ReplyDelete
    Replies
    1. ++++++++++++
      ඒක තමා ම.ම.කෝ ඉතින් අපිට ඉන්න බෑ නේ කට පියන්.. :(

      Delete
  5. විබාගේ අනිද්දට.. එත් උඹේ පොස්ට් එකක් නොකියවා කොහොමෙයි බං..
    විබාගේ ඉවර වෙලා හෙම මේ ගැනත් පුලුවන්නම් ලියාන්.. මං නොදන්නා කමට අහන්නේ.. ඔය විපස්ස නායක කම සම්බන්දන්ට දීමෙන් රටට වෙන්න පුළුවන් බරපතල හානි මොනවයි? (ඌට ඒක අයිති වෙන්න බැරි එක නෙවෙයි.. කොහොම හරි දැන් දුන්නනේ.. දැන් මොකක්ද වෙන්න පුළුවන් බරපතල කරණා කියනෙක තමයි මට දන ගන්න ඕනි.)
    මට හිතෙන එක දෙයක් තමයි ඔය විදේශ රාජ්ජ නායකයෝ එහෙම ආවහම උන් එක්ක ඔෆිෂියලි කතා කරන්න. අනිත් රටවල තියෙන සමුළු එහෙම නියෝජනය කරන්න වැඩි අවස්ථාවක් ලැබෙයි කියලා.. හැබැයි ඉතින් ඒ හැම එකක්ම උන් ඕක නැතුවත් කරා නෙව? වෙන මොනවද අවුල්?

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා උඹ ඔය අනිද්දා ලියන්නේ සිස්සත්තෙද නැත්නම් නර්සරියට බඳවගන්න විභාගෙද? :P
      උඹ තාම ඉන්නේ යහපාලන වේශයෙන් නම් බොට තේරෙන එකක් නෑ තමා..අර තව එකෙක් ඉන්නේ කාල රී ගන්න බැරුව..
      උඹට දැනගන්නම ඕන නම් සතියක් ඉඳින් මම ලියන්නම්..නැතත් මේ වෙද්දි මට වඩා කෙරුමෝ ඕවා ලියලා තියෙනවා බුද්ධි මට්ටම බින්දුව නොවන ඕන එකෙක්ට (කිරිඇල්ල ස්ටයිල් එකට නම් ඕන ගොනෙකුට) තේරුම් ගන්න පුළුවන් හැටියට...සතියක් ඉවසපන්කෝ..

      Delete
    2. තනියා.. ඊයේ කොටහක් ඉවර කරා හෙට අනිත් ටික.. (ඒක මේ කවදාහරි විල මැද මොන්ටිසෝරියට යන්න හිතාගෙන කරන එකක්.. හැක හැක... ) විනාස වීමේ ප්‍රතිපලෙත් කියෙව්වා ඔය අස්සෙම.. ඒක නම් 'සිංහල මූලික' ඔලුවේ තියන් ලියපු එකක්.. සම්භාන්ධන් කියන්නේ දෙමල දේශපාලකයෙක්ද නැත්නම් බෙදුම්වාදී ත්‍රස්තවාදියෙක්ද කියන ප්‍රශ්නේ තමයි මට ආවේ ඔලුවට ඒක කියෙව්වම.. කමක් නෑ.. උබත් ලියාන්කෝ බලන්න නිදහසේ..

      Delete
  6. බලං ඉන්න බැරි නම් අහක බලාගන්නවා අයිසෙ.. මෙතන වඳුරෙක් වගේ හැසිරෙන්නෙ අයිසෙ... මගෙ පොන්ට් ඔෆ් ඕඩර් වලදි බාධා බෑ අයිසෙ.. වාසුට මම බාදා කරපු එක අමතක කරහං අයිසෙ.. සිංහල කියලා ජාතියක් නෑ අයිසෙ.. මට උඩින් යන්න බෑ අයිසෙ.. අපේ පක්ෂ වල වගේම ප්‍රජාතන්ත්‍රවාදයක් රටතුලත් හදනවා අයිසෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹට තේරෙන ටික වෙන ලබ්බන්ට තේරෙන්නේ නෑ අයිසේ..+++++++++++

      Delete
  7. අට පාස්,නූගත්, නෝන්ජල්, ගම්මැදි අම්මන්ඩියක සේ හෑලි කියවන,හීනමානයෙන් පිරුණු, මෙලෝ පෞරුශත්වයක් නැති, විළිබිය සිඳ ගත්,බොරු කීමෙහි මෙලෝ ලැජ්ජාවක් නැති,ඔය පිලිකුල් සහගත ආප්පයා ගැන කීමට යුනිකෝඩ් නාස්ති නොකරන්න.

    මේ රටට වුනු වින්නැහිය අපට විතරක් පෙනෙන්නේ අපේ කරුමය හෝ ඔල්මාදය නිසාය.බහුතරය සැපෙන් ,සතුටින් ඉන්නා අයුරු ඉතා චිත්තාකර්ශනීය නොවෙද?

    මෙම පරයින්ට විරුද්ධව චන්දය දීමෙන් අපි අපට හැකි උපරිමය කළෙමු.වෙන කුමක් කරන්නද? මා දැන් පත්තර, රූපවාහිනී කිසිවක් බලන්නේ නැත. එතුලින් මම මගේ මානසික සන්තුශ්ඨිය පවත්වා ගනිමි.

    ඇස්,කන් පියා ගෙන,හිරි වැටී, ගල් වී, ශිශිර තාරක නින්දට යාමට අප සැමට,..... කාලයයි,දීපයයි,දේශයයි.

    ReplyDelete
    Replies
    1. //ඇස්,කන් පියා ගෙන,හිරි වැටී, ගල් වී, ශිශිර තාරක නින්දට යාමට අප සැමට,..... කාලයයි,දීපයයි,දේශයයි.// ++++++++++++++++++
      ගයත්‍රි..සමාවෙන්න කමෙන්ටුව මග ඇරිලා තිබිලා අදයි දැක්කේ..ඒක ඇත්ත...කටුස්සන්ගේ කරේ රත්තරන් බැඳලා දැන් ඉතින් ඌට පහරන්න කටවල් ඇරන් ඉන්න අපේ කාලේ ඇත්තෝ ඉන්න කොට හිටං අපි නින්දට යන එක හොඳා...:)

      Delete
  8. උඹලගේ රටේ ප්‍රශ්න නම් උඹ වරෙන් බං අපේ රටට :P

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ බං බොලාගේ රටේ සාගතේ..:P
      කමියා බොට කිව්වයි කියලා හිතාගං..! :P

      Delete